දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්..⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්


    දේශීය ආදායම් නිලධාරින් ‍ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    එලෙස මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

    එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අදාළ සිද්ධීන් පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ එලෙස අයකරනු ලබන කිසිදු මුදලකට තමන් විසින් වග නොකියක බවයි.

    දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මගින් පරිපාලනය කරන සියලුම බදු වර්ගයන්ට අදාළව හිඟ බදු අයකිරීමේ කටයුතු නිසි පරිදි ලිඛිතව දැනුම් දී නීත්‍යානුකූලව පමණක් සිදු කරන බව සියලුම බදු ‍ගෙවන්නන් වෙත ඔහු දැනුම් දී තිබේ.

    එමෙන්ම බදු ගෙවීම් පිළිබඳ හෝ වෙනත් යම් ගැටලුවක් වෙතොත් ළඟම ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය ට හෝ ප්‍රධාන කාර්යාලයට පැමිණ එම ගැටලු නිරාකරණය කරගන්නා ලෙසට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

    https://sinhala.adaderana.lk/news/199822