දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com

    01.PNG


    කොහොමද කට්ටිය. මම අද අරගෙන ආවේ , මම හදපු පොඩි software කෑල්ලක් ඔයාලත් එක්ක බෙදාගන්නයි.

    මුලින්ම කියන්න ඕනේ, මේක මම මගේ තනි පාවිච්චියට මටම කියල හදාගත්ත එකක් , ඉතින් මේක සුපිරි ගනයේ එකක් නෙමෙයි වගේම අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. එත් ඉතින් මම හිතුව මේකෙනුත් වැඩක් ගන්න පුළුවන් කට්ටිය ඇති කියල. එහෙනං ඉතින් බලමු මොනාද මේකෙන් කරගන්න පුළුවන් කියල

    හරි , මුලික වශයෙන් මම මේ software එක හැදුවේ , මගේ එදිනෙදා යන වියදම් සහ එන අදායම් සටහන් කරගන්නයි , එකෙන් දල අදහසක් ගන්නයි මාසෙකට මගේ අදායම සහ වියදම මොන විදිහටද වෙලා තියෙන්නේ කියන එක.

    මේ software එක ගැන කියනවා නම්, මම මේක හැදුව Java වලින් database එක විදිහට access file එකක් තමයි manage කරන්නේ. හරි දැන් බලමු මේකේ තියෙන දේවල් මොනාද සහ ඒවායින් මොනාද කරන්න පුළුවන් කියල.


    මෙතැනදී අපිට පුළුවන් වෙනවා අපේ මාසික වියදම අංශ කීපයකට කඩන්න. ඒවා තමයි,

    • Home - ගෙදරට දෙන මුදල්, මම තනිකඩයා නිසා මාසෙට ගානක් වගේම , ගෙදර ය කීයක් හරි ඉල්ලුවහම දෙන මුදලුත් මේකට තමයි වැටෙන්නේ.
    • Transport - ගමන් බිමන් වියදම්. මේකත් තව අංශ කීපයකට කැඩෙනවා.මෙතැනදී අපිට වාහනයක් තියෙනවා නම් , ඒකට යන වියදම් විදිහට [Fuel , Service & Repairs , Legal (insurance , eco test , permit , traffic fines ) ] , එහෙම නැත්තන් පොදු ප්‍රවාහන / taxi වියදම් [ commuting ]
    • Fashion - ඇදුම් පැළදුම්, කොන්ඩ කපන්න යන වියදම් වගේ අපේ self hygiene වලට යන වියදම් තමයි මේ.මේකෙත් අංශ කීපයකට කැඩෙනවා.
    • Miscellaneous - මෙතැනදී උඩ තියෙන ප්‍රධාන වියදම් වලට අමතරව යන අනෙකුත් වියදම් තමයි මේ. මේකත් අංශ කීපයකට කැඩෙනවා.

    මීට අමතරව අපිට පුළුවන් අපි මාසෙකට කරන ඉතිරි කිරීමුත් සටහන් කරගන්න. ඒ වගේම අපි credit card වලින් කරන ගනු දෙනු සහ card එකේ balance එකත් සටහන් කරගන්න පුළුවන්.

    දැන් බලමු මේ දේවල් කරන්නේ කොහොමද කියලා.

    01-01.png


    මම මේකේ තියෙන නම්බර පිළිවෙලට පැහැදිලි කරන්නම්

    1. Overall - මේ pie chart එකෙන් පෙන්නන්නේ, අපි මේ system එක පටන් ගත්ත දවසේ ඉදල උන අදායම් සහ වියදම් වල ප්‍රමාණය.
    2. Savings - මේ pie chart එකෙන් පෙන්නන්නේ, අපේ ඉතුරු කිරීම් වල මුළු වටිනාකම
    3. Home - මේ pie chart එකෙන් පෙන්නන්නේ, ගෙදරට ලබාදීල තියෙන මුළු වටිනාකම
    4. Miscellaneous - මේ pie chart එකෙන් පෙන්නන්නේ, විවිද වියදම් සදහා වැය කරලා තියෙන සහ ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුළු වටිනාකම
    5. Fashion - මේ pie chart එකෙන් පෙන්නන්නේ, ඇදුම් පැළදුම් වගේම විලාසිතා සදහා වැය කරලා තියෙන සහ ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුළු වටිනාකම
    6. Transport - මේ pie chart එකෙන් පෙන්නන්නේ, ගමන් බිමන් සදහා වැය කරලා තියෙන සහ ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුළු වටිනාකම
    7. Add Income - මෙතනින් තමයි අපිට ලැබෙන අදායම් ඇතුලත් කරගන්නේ
    8. Add Expense - මෙතනින් තමයි දෛනික වියදම් ඇතුලත් කරගන්නේ
    9. Transfer - මෙතනින් තමයි අපේ එක දෙයක් සදහා වෙන් කරගත්ත මුදල් ප්‍රමාණය තවත් වියදමක් සදහා මාරු කරගන්නේ ( ඒ කියන්නේ අපිට transport වලට allocate කරපු ප්‍රමාණය මදි උනොත් , අපිට පුළුවන් fashion / misc එකෙන් ප්‍රමාණයක් transport එකට transfer කරගන්න)
    10. Overall Details - මෙතනින් බලාගන්න පුළුවන් සම්පුර්ණ අදායම් සහ වියදම් වල විස්තර
    11. Savings Details - මෙතනින් බලාගන්න පුළුවන් , ඉතිරිකිරීම් වල විස්තර
    12. Home Use Details - මෙතනින් බලාගන්න පුළුවන් ගෙදරට දීල තියෙන ප්‍රමාණයන් ගැන විස්තර
    13. Transport Expenses - මෙතනින් බලාගන්න පුළුවන් , ගමන් බිමන් / වාහන සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් ගැන විස්තර
    14. Fashion Expenses - මෙතනින් බලාගන්න පුළුවන් , විලාසිතා සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් ගැන විස්තර
    15. Miscellaneous Expenses - මෙතනින් බලාගන්න පුළුවන් , විවිද වියදම් සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් ගැන විස්තර
    16. Credit Card Details - මෙතනින් බලාගන්න පුළුවන් අපි ඇතුලත් කරලා තියෙන credit card එකේ ශේෂය සහ එයින් කරපු වියදම් ගැන විස්තර
    17. Backup Database - මේ line එක click කරලා database එක backup කරගන්න පුළුවන්
    18. Cash in Hand - මෙතනින් අපිට බලාගන්න පුළුවන් , අපේ අතේ ඉතුරු වෙලා තියෙන මුදල් ප්‍රමාණය


    දැන් අපි බලමු කොහොමද මේකෙන් වැඩ කරගන්නේ කියල.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    Adding Credit Card/s

    මුලින්ම අපි බලමු කොහොමද අපි system එකට credit card එක add කරගන්නේ කියන එක.

    16 - 16.png


    (16) credit card details කියන එක උඩ right click කරපුවහම උඩ තියෙන window එක open වෙනවා. එකේ,


    1. Card එකේ limit එක type කරන්න ඕනේ , මෙතැනදී cards එකකට වඩා තියෙනවා නම් ඒ cards කීපයේම එකතුව මෙතන type කරන්න
    2. card එකේ දැනට තියෙන ශේෂය මෙතන type කරන්න ඕනේ, මෙතැනදීත් cards එකකට වඩා තියෙනවා නම් ඒ cards කීපයේම ශේෂයන්ගේ එකතුව මෙතන type කරන්න
    3. save button එක click කරලා, card එක system එකට insert කරන්න

    Adding Vehicle Details

    දැන් බලමු අපිට මොකක්හරි වහනයක් හරි වාහන කීපයක් හරි තියෙනවා නම්, ඒවත් system එකට add කරගන්නේ කොහොමද කියල.

    09 - 09.png


    (13) Transport Details කියන එක උඩ right click කරපුවහම උඩ තියෙන window එක open වෙනවා. එකේ,

    1. මෙතනින් වාහන වර්ගය select කරන්න ඕනේ
    2. මෙතනින් වාහනේ Brand name එක type කරන්න
    3. මෙතන වාහනයේ model එක type කරන්න
    4. මෙතන වාහනයේ registration number එක type කරන්න
    5. දැන් විස්තර ටික system එකට save කරන්න.


    ------ Post added on Aug 26, 2022 at 4:32 PM

    Add Income


    02 - 02.png



    අපේ අතට කීයක හරි අදායමක්/මුදලක් ලැබුනහම අපිට පුළුවන් මේ option එක මගින් system එකට ඒ වටිනාකම add කරගන්න වගේම මෙතනදීම ඒ මුදල් ප්‍රමාණය මොන මොන categories වලට කොපමණ ප්‍රමාණයන්ගෙන් allocate කරනවද කියන එකත් කරගන්න පුළුවන් .

    1. මුදල අපිට ලැබුන දිනය select කරගන්න ඕනේ
    2. ලැබුන මුදල් ප්‍රමාණය ( මෙතැනදී සත ගණන්/ අකුරු / දශම දාන්න අවශ්‍ය නැහැ)
    3. එම මුදල මොන ආකාරයේ මුදලක්ද කියල select කරන්න
    4. එම මුදල මොන categories වලටද , කොපමණ ප්‍රමනයන්ගෙන්ද වෙන් කරගන්නේ කියල මෙතැනදී කරගන්න පුළුවන්
    5. එම අදාළ category එකේ tick එක select කර එයට එදිරිව ඇති field එකේ මුදල් ප්‍රමාණය සටහන් කරන්න. එතකොට උඩ balance කියන තැන unallocated amount එක පෙන්නනවා. මොනම වෙලාවක වත් unallocated amount එකක් තියන්න එපා. balance එක 0 වෙනකන් මුළු මුදලම categories වලට allocate කරන්න
    6. එම දත්ත system එකට ඇතුලත් කරගන්න


    ------ Post added on Aug 26, 2022 at 4:33 PM

    Add Expenses


    03 - 03.png



    අපිට දෛනික වියදමක් උනහම ඒ වියදම system එකට ඇතුලත් කරගන්න පුළුවන් මේ option එකෙන්.මෙතැනදී සිද්දවෙන සියලුම කුඩාම වියදමක් උනත් අපි ඒ අදාළ දවසෙම සටහන් කරගන්නවා නම් අපිට ලේසි. නැත්තන් ටික දවසක් යද්දී අපිට අමතක වෙන්න පුළුවන් සල්ලි මොනවටද වියදම් උනේ කියන එක.

    1. මුදල වියදම් උන දිනය select කරගන්න ඕනේ
    2. වියදම උනේ මොන අංශය යටතේද කියල select කරන්න ඕනේ , මෙතැනදී ඒ main category එක select කරපු ගමන් ඒකට අපි allocate කරලා තියෙන balance amount එක පෙන්නවා , ඒ amount වකට වැඩි value එකක වියදමක් අපිට add කරන්න බැහැ , එහෙම කරන්න ඕනේ නම් අපිට වෙනවා වෙන main category එකකින් amount එකක් මේ category එකට transfer කරගන්න. ඒක ගැන ඉස්සරහට පෙන්නලා දෙන්නම්
    3. කලින් select කරපු category එකේ sub category එක select කරන්න ඕනේ, මෙතැනදී transport කියන main category එක select කරලා sub category එක select කරපුවහම අපි register කරලා තියෙන වාහනයේ registration number එක select කරන්න එනවා
    4. මෙතන වියදම් උන මුදල් ප්‍රමාණය ට්ය්පේ කරන්න ඕනේ, (ශත/දශම/අකුරු නැතුව )
    5. ඒ වියදම කුමක් සදහාද කියල remark එකක් type කරන්න, කලින් ඒ ජාතියේම වියදමක් කරලා තියෙනවා නම් මෙතැනදී drop down එකෙන් select කරගන්න පුළුවන්
    6. ඒ වියදමට අදාළ දත්ත system එකට ඇතුලත් කරගන්න

    ------ Post added on Aug 26, 2022 at 4:34 PM
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    Transfer Amount

    04 - 04.png


    කලින් කිව්වා වගේ , මේකෙන් පුළුවන් වෙනවා අපිට එක category එකකින් යම් මුදල් ප්‍රමාණයක් තවත් category එකකට transfer කරගන්න. එහෙම කරගන්න වෙන අවස්ථා තමයි,

    • එක category එකක වෙච්ච වියදමට වැඩිය අඩු ප්‍රමාණයක් ඒ category එකට allocate කර තිබීම ( උදා :- Transport එකට රුපියල් 1500ක් allocate කරලා තිබ්බා/ allocate කරපු ප්‍රමාණයෙන් ඉතුරු වෙලා තියෙන්නේ කියල හිතන්න, ඒ උනාට refuel කරද්දී රුපියල් 1800ක් වියදම් උනා. එතකොට 1500ක් balance එක තියෙන තැනකින් 1800ක් වියදම් කරන්න බැහැනේ, එතකොට වෙනවා වෙන category එකකින් amount එකක් Transport කියන category එකට transfer කරගෙන balance එක හදාගන්න)
    • Credit Card එකෙන් payment එකක් කරහම. ( උදා :- වාහනේ refuel කරේ credit card එකෙන් කියල හිතන්න එතකොට අපිට වෙනවා credit card එකෙන් ඒ value එක Transport කියන category එකට transfer කරලා ඊට පස්සේ add expense option එක හරහා transport එකෙන් ඒ වියදම add කරන්න)
    • Credit Card එකට payment එකක් කරන එක (card එක refill කරනවානම්)


    1. මුදල transfer උන/කරන දිනය select කරගන්න ඕනේ
    2. මොන category එකෙන්ද transfer එක කරන්නේ කියල select කරන්න ඕනේ , මෙතනදීත් ඒ category එකේ balance එකට වැඩිය වටිනාකමක් transfer කරන්න බැහැ
    3. Transfer කරන amount එක type කරන්න ඕනේ ( ශත,දශම,අකුරු නැතුව)
    4. Transfer එක වෙන්න ඕනේ category එක select කරන්න ඕනේ
    5. Transfer එක කරන හේතුව remark එකක් විදිහට type කරන්න
    6. Transfer එක system එකට add කරන්න



    Overall Details


    05 - 05.png


    මෙතනින් අපිට පුළුවන් වෙනවා බලාගන්න categories සියල්ලගේම සිදු වෙලා තියෙන වියදම් සහ ඒවාට allocate කරලා තියෙන මුදල් ප්‍රමාණයන් ගැන සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.

    1. මෙම option එක select කරහම අපිට අවශ්‍ය මාසය තුලදී සිද්ද වුනු transactions බලාගන්න පුළුවන් (අවශ්‍ය මාසය සහ අවුරුද්ද select කරලා search button එක click කිරීම මගින් )
    2. මෙම option එක select කරහම අපිට අවශ්‍ය transactions වර්ග බලාගන්න පුළුවන් (දැනගැනීමට අවශ්‍ය transaction එකේ තිබිය හැකි phrase එකක් search bar (3) එකේ type කරලා search button එක click කිරීම මගින් )
    3. මෙම option එක select කිරීම මගින් ඉහත option 1 සහ 2 හි combination search එකක් කරගන්න පුළුවන් ( අවශ්‍ය මාසයේදී අවශ්‍ය transaction වර්ගය filter කරලා ගන්න පුළුවන්)
    4. මෙම button එක click කිරීම මගින් සිදුවී ඇති සියලුම transaction ටික ලබා ගන්න පුළුවන්
    5. මෙය click කිරීම මගින් සියලුම categories වල සම්පුර්ණ තත්ත්ව විස්තරයක් ලබාගන්න පුළුවන්

    ------ Post added on Aug 26, 2022 at 4:36 PM

    Overall Statistics

    06 - 06.png


    මේ window එකෙන් අපිට බලාගන්න පුළුවන් සියලුම ආදායම්,වියදම්,ඉතුරුම් ගැන විස්තරයක්.මාසයට අදාලව සිදු වුනු වියදම් සහ ආදායම් වගේම සම්පුර්ණ වියදම් ප්‍රමාණය, මාසයකට යන සාමාන්‍ය වියදම වගේ සරල විස්තරයක් දැනගන්න පුළුවන්. එමගින් අපිට පුළුවන් වෙනවා අපේ වියදම් ක්‍රමය අදුරගන්න වගේම ඒවා පාලනය කරගන්න විදිහක් වගේම ඉස්සරහට plan කරගැනීමක් වගේ දේවල් කරගන්න පුළුවන් මේ විස්තර ටිකෙන්.


    ------ Post added on Aug 26, 2022 at 4:36 PM

    Savings Details

    07.PNG


    මෙතනින් අපිට පුළුවන් වෙනවා බලාගන්න අපේ ඉතුරු කිරීම් වලට අදාළ විස්තර සහ ඒවාට allocate කරලා තියෙන මුදල් ප්‍රමාණයන් ගැන සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.


    ------ Post added on Aug 26, 2022 at 4:37 PM
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    Home Use Details

    08.PNG


    මෙතනින් අපිට පුළුවන් වෙනවා බලාගන්න අපේ ගෙදරට ලබා දීල තියෙන මුදල් ප්‍රමාණයන් ගැන සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.

     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    Transportation Expenses

    10 - 10.png


    මෙතනින් අපිට පුළුවන් වෙනවා බලාගන්න අපේ ගමන් බිමන් / වාහන සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් වල සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.


    1. මෙම option එක select කරහම අපිට අවශ්‍ය මාසය තුලදී සිද්ද වුනු transactions බලාගන්න පුළුවන් (අවශ්‍ය මාසය සහ අවුරුද්ද select කරලා search button එක click කිරීම මගින් )
    2. මෙම option එක select කරහම අපිට අවශ්‍ය transactions වර්ග බලාගන්න පුළුවන් (දැනගැනීමට අවශ්‍ය transaction එකේ තිබිය හැකි phrase එකක් search bar (3) එකේ type කරලා search button එක click කිරීම මගින් )
    3. මෙම option එක select කිරීම මගින් ඉහත option 1 සහ 2 හි combination search එකක් කරගන්න පුළුවන් ( අවශ්‍ය මාසයේදී අවශ්‍ය transaction වර්ගය filter කරලා ගන්න පුළුවන්)
    4. මෙම button එක click කිරීම මගින් සිදුවී ඇති සියලුම transaction ටික ලබා ගන්න පුළුවන්
    5. මෙය click කිරීම මගින් සියලුම Transportation Expenses වල සම්පුර්ණ තත්ත්ව විස්තරයක් ලබාගන්න පුළුවන්


    Transportation Expenses Statistics

    11.PNG


    මේ window එකෙන් අපිට බලාගන්න පුළුවන් සියලුම Transportation Expenses ගැන විස්තරයක්.මාසයට අදාලව සිදු වුනු වියදම් සහ ආදායම් වගේම සම්පුර්ණ වියදම් ප්‍රමාණය, මාසයකට යන සාමාන්‍ය වියදම වගේ සරල විස්තරයක් දැනගන්න පුළුවන්. එමගින් අපිට පුළුවන් වෙනවා අපේ වියදම් ක්‍රමය අදුරගන්න වගේම ඒවා පාලනය කරගන්න විදිහක් වගේම ඉස්සරහට plan කරගැනීමක් වගේ දේවල් කරගන්න පුළුවන් මේ විස්තර ටිකෙන්.

    ------ Post added on Aug 26, 2022 at 4:40 PM

    Fashion Expenses

    12 - 12.png


    මෙතනින් අපිට පුළුවන් වෙනවා බලාගන්න අපේ විලාසිතා සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් වල සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.


    1. මෙම option එක select කරහම අපිට අවශ්‍ය මාසය තුලදී සිද්ද වුනු transactions බලාගන්න පුළුවන් (අවශ්‍ය මාසය සහ අවුරුද්ද select කරලා search button එක click කිරීම මගින් )
    2. මෙම option එක select කරහම අපිට අවශ්‍ය transactions වර්ග බලාගන්න පුළුවන් (දැනගැනීමට අවශ්‍ය transaction එකේ තිබිය හැකි phrase එකක් search bar (3) එකේ type කරලා search button එක click කිරීම මගින් )
    3. මෙම option එක select කිරීම මගින් ඉහත option 1 සහ 2 හි combination search එකක් කරගන්න පුළුවන් ( අවශ්‍ය මාසයේදී අවශ්‍ය transaction වර්ගය filter කරලා ගන්න පුළුවන්)
    4. මෙම button එක click කිරීම මගින් සිදුවී ඇති සියලුම transaction ටික ලබා ගන්න පුළුවන්
    5. මෙය click කිරීම මගින් සියලුම Fashion Expenses වල සම්පුර්ණ තත්ත්ව විස්තරයක් ලබාගන්න පුළුවන්

    ------ Post added on Aug 26, 2022 at 4:41 PM
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    Fashion Expenses Statistics

    13 - 13.png


    මේ window එකෙන් අපිට බලාගන්න පුළුවන් සියලුම Fashion Expenses ගැන විස්තරයක්.මාසයට අදාලව සිදු වුනු වියදම් සහ ආදායම් වගේම සම්පුර්ණ වියදම් ප්‍රමාණය, මාසයකට යන සාමාන්‍ය වියදම වගේ සරල විස්තරයක් දැනගන්න පුළුවන්. එමගින් අපිට පුළුවන් වෙනවා අපේ වියදම් ක්‍රමය අදුරගන්න වගේම ඒවා පාලනය කරගන්න විදිහක් වගේම ඉස්සරහට plan කරගැනීමක් වගේ දේවල් කරගන්න පුළුවන් මේ විස්තර ටිකෙන්.



    Miscellaneous Expenses

    14 - 14.png


    මෙතනින් බලාගන්න පුළුවන් , විවිද වියදම් සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් වල සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.


    1. මෙම option එක select කරහම අපිට අවශ්‍ය මාසය තුලදී සිද්ද වුනු transactions බලාගන්න පුළුවන් (අවශ්‍ය මාසය සහ අවුරුද්ද select කරලා search button එක click කිරීම මගින් )
    2. මෙම option එක select කරහම අපිට අවශ්‍ය transactions වර්ග බලාගන්න පුළුවන් (දැනගැනීමට අවශ්‍ය transaction එකේ තිබිය හැකි phrase එකක් search bar (3) එකේ type කරලා search button එක click කිරීම මගින් )
    3. මෙම option එක select කිරීම මගින් ඉහත option 1 සහ 2 හි combination search එකක් කරගන්න පුළුවන් ( අවශ්‍ය මාසයේදී අවශ්‍ය transaction වර්ගය filter කරලා ගන්න පුළුවන්)
    4. මෙම button එක click කිරීම මගින් සිදුවී ඇති සියලුම transaction ටික ලබා ගන්න පුළුවන්
    5. මෙය click කිරීම මගින් සියලුම Miscellaneous Expenses වල සම්පුර්ණ තත්ත්ව විස්තරයක් ලබාගන්න පුළුවන්

    ------ Post added on Aug 26, 2022 at 4:43 PM

    Miscellaneous Expenses Statistics

    15 - 15.png


    මේ window එකෙන් අපිට බලාගන්න පුළුවන් සියලුම Miscellaneous Expenses ගැන විස්තරයක්.මාසයට අදාලව සිදු වුනු වියදම් සහ ආදායම් වගේම සම්පුර්ණ වියදම් ප්‍රමාණය, මාසයකට යන සාමාන්‍ය වියදම වගේ සරල විස්තරයක් දැනගන්න පුළුවන්. එමගින් අපිට පුළුවන් වෙනවා අපේ වියදම් ක්‍රමය අදුරගන්න වගේම ඒවා පාලනය කරගන්න විදිහක් වගේම ඉස්සරහට plan කරගැනීමක් වගේ දේවල් කරගන්න පුළුවන් මේ විස්තර ටිකෙන්.

    ------ Post added on Aug 26, 2022 at 4:43 PM

    Credit Card Details

    17 - 17.png


    මෙතනින් බලාගන්න පුළුවන් අපි ඇතුලත් කරලා තියෙන credit card එකේ ශේෂය සහ එයින් කරපු වියදම් ගැන සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.

    1. මෙම option එක select කරහම අපිට අවශ්‍ය මාසය තුලදී සිද්ද වුනු transactions බලාගන්න පුළුවන් (අවශ්‍ය මාසය සහ අවුරුද්ද select කරලා search button එක click කිරීම මගින් )
    2. මෙම button එක click කිරීම මගින් සිදුවී ඇති සියලුම transaction ටික ලබා ගන්න පුළුවන්
    3. බැංකුවෙන් card එකට charge කරන monthly interest වගේ වියදම් system එකට add කරන්න මේ button එක click කරන්න ඕනේ.

    ------ Post added on Aug 26, 2022 at 4:44 PM


    සරලවම මෙන්න මේ ටික තමයි මේ software එකෙන් කරන්න පුළුවන්. මේකේ ගොඩක් අඩු පාඩු තියෙන්න පුළුවන් මොකද මම hobby එකක් විදිහට coding කරාට , courses , degree කරලා ඉගෙන ගත්ත දේවල් නෙමෙයි. මේ ඔක්කොම මම youtube , google කරලා ඉගෙන ගත්ත දේවල් වලින් කරපුව. ඊට අමතරව ගොඩ දුරට මේ software එක එක එක monitors වලට පෙන විදිහ අවුල් වෙන්න පුළුවන් size ලොකු/පොඩි වෙන්න පුළුවන්, මොකද මම මේක design කරේ null layout වලින් මගේ monitor සිළෙ එකට ගැලපෙන්න. මොකද මම මගේ තනි පාවිච්චියට හැදුව එකක් නිසා.මගේ මොනිටෝර් resolution එක ඉතින් 1600 x 900. මේකෙන් වැඩක් ගන්න පුළුවන් කියල හිතෙන කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න මම software එක දෙන්නම්, install කිරිලි මොකුත් නැහැ මේක JRE install (Java Runtime Environment ) කරලා තියෙන්න ඕනේ එච්චරයි. folder එක drive එකට කොපි කරලා run කරන්න විතරයි තියෙන්නේ
    ------ Post added on Aug 26, 2022 at 4:45 PM
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    :love2::love2::love2::love2:

    good luck
    තැන්ක්ස් මචෝ

    Very good.

    Dan meke mobile version ekak hadala store Danna.

    Flutter walin haduwa nan lesiy

    එච්චර දෙයක් කරන්න තරම් මම ඉගෙන ගෙන නැහැ බන් , දන්නා ටිකෙන් තම මේ ඔක්කොම කරන්නේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එච්චර දෙයක් කරන්න තරම් මම ඉගෙන ගෙන නැහැ බන් , දන්නා ටිකෙන් තම මේ ඔක්කොම කරන්නේ

    Ithin domain eka samanay.

    Aluth language ekak witharay igana ganna thiyenne.

    Syntax witharane wenas wenne 🌞