දොස්තරලට දුරකතන වලට කෝටි සියයක්

kaputo

Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    දොස්තරලට දුරකතන වලට කෝටි සියයක්

    අවුරුද්දටම වෙන් කළ කෝටි 8 මාසෙකටත් මදි
    දොස්‌තර දුරකථන දීමනාව පළාත් සභාවලට බරක්‌!

    අජිත් අලහකෝන්

    සියලුම වෛද්‍යවරුන්ට මසකට රුපියල් හයදහසක උපරිමයකට යටත්ව දුරකථන දීමනා ලබා දෙන්නැයි නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පළාත් සභා වෙත නිකුත් කර ඇති චක්‍රලේඛයක්‌ නිසා පළාත් සභා දැඩි ගැටලුවකට මුහුණදී ඇත.

    දිවයින පුරා වෛද්‍යවරු 16000 ක්‌ පමණ සිටින අතර රුපියල් හයදහස බැගින් දුරකථන ගාස්‌තු ගෙවන්නේ නම් එක්‌ මසකට රුපියල් නවකෝටි හැටලක්‍ෂයක මුදලක්‌ අවශ්‍ය වේ. මධ්‍යම රජය සෞඛ්‍ය අමාත්‍යාංශයට දුරකථන වියදම් සඳහා වසරකට වෙන් කර තිබෙන්නේ ද රුපියල් කෝටි අටක මුදලක්‌ බව ද එවන් තත්ත්වයක්‌ තුළ වෛද්‍යවරුන්ගේ දුරකථන ගාස්‌තු ලෙස මසකට නවකෝටි හැටලක්‍ෂයක්‌ වියදම් කිරීම පළාත් සභා අවුලෙන් අවුලට පත්කරවන්නක්‌ යෑයි ද මේ පිළිබඳ විමසූ විට පළාත් කිහිපයක ජ්‍යෙෂ්ඨයන් "දිවයින ඉරිදා සංග්‍රහයට" ප්‍රකාශ කළහ.

    මෙම මුදල පළාත් සභාවලට අමතර වියදමක්‌ බව ද එම නිසා පළාත් සභා පරිපාලනය දැඩි අවුලකට පත්විය හැකි බව ද පසුගියදා ප්‍රධාන ඇමැතිවරු කිහිපදෙනෙක්‌ සෞඛ්‍ය ඇමැතිවරයාට ප්‍රකාශ කළ බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

    වෛද්‍යවරුන් කිහිපදෙනකු විසින් මාස දෙකකට අදාළ දුරකථන බිල්පත් පළාත් සභා කිහිපයකට ඉදිරිපත් කර මුදල් ඉල්ලා ඇති බව ද ඉහත පළාත් සභා ජ්‍යෙෂ්ඨයන් පවසන ලදී.

    මෙම චක්‍රලේඛය පළාත් සභාවලට යවා ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරයාගේවත්, මහාභාණ්‌ඩාගාරයේ හෝ කැබිනට්‌ මණ්‌ඩලයේවත් අනුමැතියකින් තොරව බව ද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.