දොස්තර_අඬයි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ලෙඩා මළාට දොස්තර අඬයි

තමන් ප‍්‍රතිකාර කරමින් සිටි 19 හැවිරිදි රෝගියෙකු මියගිය පුවත අසා රෝහලින් පිටතට පැමිණ හඬමින් තමන්ගේ දුක තුනී කරගැනීමට උත්සාහ කරන වෛද්‍යවරයෙකුගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කෙරී තිබේ.
මෙම ඡායාරූපයන් ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ රෝහලකින් අන්තර්ජාලයට එක්කර තිබෙන බව සඳහන් වන අතර එම ඡායාරූපයන් ගනු ලැබූ පුද්ගලයා මෙම වෛද්‍යවරයා යටතේ ඔහුගේ කණ්ඩායමේ සේවය කරන්නෙකු බව පැවසේ.
වෛද්‍යවරයා ප‍්‍රතිකාර කරමින් සිටි රෝගියා නොසිතූ පරිදි මියගිය විට එය තමන් ඇතුලූ මුලූ කණ්ඩායමටම කම්පනයක්වූ නමුත් එය වැඩියෙන්ම බලපෑවේ ප‍්‍රධාන වෛද්‍යවරයාට බව මෙම ඡායාරූපයන් එක්කර තිබෙන පුද්ගලයා සඳහන් කර තිබේ.
‘එයාට ඒක ලොකු කම්පනයක් වුනා.රෝහලෙන් පිටවෙලා ගිය එයා පස්සෙන් මමත් ගියා.ඔහු රථගාල පැත්තේ වැඩිය පෙනෙන්නේ නැති තැනකට ගිහිල්ලා හඬා වැලපුනා‘ යැයි එම පුද්ගලයා පවසා ඇත.
නොසිතූ පරිදි මෙම ඡායාරූපයන්ට ඉහළ ප‍්‍රසිද්ධියක් හිමිව තිබෙන අතර ඒවාට අදහස් පළ කර තිබෙන බොහෝ දෙනා පවසා ඇත්තේ වරදක්වූ විට චෝදනා කිරීමට මිස වෛද්‍යවරුන්ගේ සේවය අගය කිරීමට දැන් සමාජය කටයුතු කරන්නේ නැති බවයි.
එක් පුද්ගලයෙකු රෝහලේදී තමන්ගේ පියා මියගිය අවස්ථාව ගැන ඔහුගේ අත්දැකීම හුවමාරු කරගෙන තිබුණු අතර පියාට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරු කණ්ඩායම වසර ගණනාවක් යන තෙක්ම තමන් අමතමින් පවුලේ වැඩකටයුතු ආදිය විමසූ බව ඔහු සඳහන් කර තිබුණි.
රෝගියෙකු හදිසියේ මරණයට පත්වූවාය අසා එම රෝගියාට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයා නොසැළි සිටිනු දැකගත හැකිවුවද ඇතුලින් ඔවුන් විදිනා දුක දන්නේ ඔවුන් පමණක්ම යැයි මෙම ඡායාරූපයන් ගැන අදහස් පළ කර තිබූ තවත් අයෙක් පවසා තිබුණි.
 
  • Like
Reactions: mcwolfe

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    onna umbe thread eka balala, mama hoyala demma machan. tfs!
    http://www.nydailynews.com/life-style/health/photo-crying-er-doctor-offers-rare-emotional-glimpse-article-1.2156692
    gOkfUDg.jpg
     
    Last edited:

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    dr kularatne kiyala neurosurgeon kenek machan channeling salli return kala forcefully ban. apith ekka 10 mins walata wada katha kala. man baluwa cashier eken salli apahu nogena doctor ta apahu denna puluwanda balanna. gathema na ban. ehema doctorslath innawa :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොකක්ද බං මේ o_O
    ඩොක්කුන්ට මරණ කියන්නෙ එදිනෙදා අත්දකින තවත් එක සාමාන්‍යය සිදුවීමක් විතරනෙ.. :oo:
    ඔහොම ලෙඩෙක් මලා කියල අඬන්න අනේ මන්ද බං.. :oo:
    එක්කො මැරුණු එකාට ඩොකා ලව් කලාද දල්ලෑ..
    නැතුවනං ඔහොම අඬන එක අසාමාන්‍යයි..
    එහෙම බැලුවොත් බං icu එකේ ඩොක්කුන්ට අඬනව ඇරෙන්න වැඩ නෑනෙ බං.. පැයෙන් පැයට ටයිම් ටේබල් ගහගෙනනෙ ඒක ඇතුලෙ උන් මැරෙන්නෙ :baffled: