දොස්‌තරවරුන්ට පමණයි

signshop

Well-known member
  • May 30, 2011
    12,199
    8,933
    113
    Dubai
    දොස්‌තරවරුන්ට පමණයි

    මෙය ඉතාමත්ම සංවේදී කතාවකි. බණ්‌ඩාර මැණිකේ ගමේ වියපත් කාන්තාවකි. ඇය අසනීපයකට බෙහෙත් ගැනීමට එප්පාවල රෝහලට ගියාය. දෙවරක්‌ම බෙහෙත් ගත් නමුත් පලක්‌ නොවීය. ඉන් පසු ඇය අනුරාධපුරයේ ශික්‍ෂණ රෝහලේ බාහිර අංශයෙන් වරක්‌ බේත් ගත්තාය. ගුණයක්‌ නැත. පසුව විශේෂඥ වෛද්‍යවරයකුගේ චිකිත්සාගාරයකට ඇතුළුවීමට උත්සාහ කළ නමුත් රෑපාන පෝලිමට යා නොහැකිවීම නිසා දෙවරක්‌ම උදය අටට පමණ ගොස්‌ චිකිත්සාගාරයට ඇතුළුවීමට ගියත් ඒ වන විට දවසට දෙන තුණ්‌ඩු දහය ඉවරවීම නිසා ඇයට බෙහෙත් ගැනීමට නොහැකි විය. පසුව ඇය ගෙදර කෑමට තියාගෙන සිටි වී බුසල් තුනක්‌ විකුණා රුපියල් 1500 ක්‌ ලබාගෙන අනුරාධපුරයේ දොස්‌තර කඩයකට (චැනල් සෙන්ටර්) ගොස්‌ අදාළ විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට මුදල් බැන්දේය.

    දොස්‌තර කඩයේ ගාස්‌තුව රුපියල් 800 ක්‌ විය. බණ්‌ඩාර මැණිකේට ලැබුණේ 48 වෙනි නොම්මරයයි. අනුරාධපුර රජයේ රෝහලේදී රෝගීන් දහ දෙනකු පරීක්‍ෂා කරන විට හති වැටී බැරි ගැහෙන විශේෂඥ වෛද්‍යවරයා දොස්‌තර කඩේදී රෝගීන් 48 ක්‌ පරීක්‍ෂා කරන්නේ කෙසේදැයි බණ්‌ඩාර මැණිකේට සිතුනි. තමන්ගේ වාරය එනතුරු පැය ගණන් ලැගගෙන සිටි බණ්‌ඩාර මැණිකේට වෛද්‍යවරයා හමුවීමට හැකි වූයේ රාත්‍රි 10 ට පමණය. ඒ වෙලාවට ගොස්‌ ඇය වෛද්‍යවරයා හමුවිය. ඇයගේ රෝග විස්‌තරය කියූ පසු... ලේ ගමන, මුත්‍රා රුධිරය ආදිය පරීක්‍ෂා කොට වාර්තා රැගෙන එන ලෙස විශේෂඥ වෛද්‍යවරයා ඇයට දැන්වීය. ඇයගේ රුපියල් අටසීයටම ලැබුණ ප්‍රතිඵලය එපමණකි.

    දැන් හොඳටම රෑ බෝවී ඇත. ආපසු ගමට යැමට බස්‌ නැත. ඇය පැමිණ සිටියේ වයස අවුරුදු 12 ක්‌ පමණ වන මිනිබිරිය සමගය. එදින යාගත නොහැකිව දොස්‌තර කඩයේම බංකුවකට වී මිනිබිරිය සමග රෑ දවස ගත කළාය.

    පසුදින උදය රුධිරය පරීක්‍ෂා කරවා ගැනීමටට අදාළ ස්‌ථානයකට ගොස්‌ වෛද්‍යවරයා දුන් රුධිර පරීක්‍ෂණ ලිපිය දීමෙන් පසු ඔවුන් පරීක්‍ෂණයකට රුධිරය ලබාගෙන රුපියල් 2900 ක බිල්පතක්‌ දුන්නේය. ඒ වන විට බණ්‌ඩාර මැණිකේ අත තිබුණේ රුපියල් 500 ක්‌ පමණි. එA මුදල අත්තිකාරමක්‌ ලෙස ඔවුන්ට දී වාර්තාව ගැනීමට එන විට ඉතිරි මුදල දෙන බව කියා එතැනින් පිටවී උගස්‌ කඩයකට ගියාය. එහිදී කණේ තිබූ අරුංගල් දෙක ගලවා උගසට තැබූ බණ්‌ඩාර මැණිකේ රුපියල් තුන්දාහක්‌ රැගෙන ආපසු රුධිර රසායනාගාරයට ගොස්‌ ඉතිරි මුදල වූ රුපියල් 2400 ගෙවා වාර්තාව ලබා ගත්තාය.

    එදින විශේෂඥ වෛද්‍යවරයා පැමිණියේ සවස හතරයි තිහටය. ඒ වන තුරුම දොස්‌තර කඩයට වී සිටි බණ්‌ඩාර මැණිකේ සවස පහට පමණ වෛද්‍යවරයාට රුධිර වාර්තාව පෙන්නුවාය. රුධිර වාර්තාව පරීක්‍ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා මාසයකට බෙහෙත් නියම කොට මාසයක්‌ බෙහෙත් පාවිච්චි කොට නැවතත් රුධිර පරීක්‍ෂණයකට පැමිණිය යුතු බව දැන්වීය.

    බණ්‌ඩාර මැණිකේ බෙහෙත් තුණ්‌ඩුව රැගෙන ෆාමසියකට ගියාය. ඊයේ සිට අද වනතුරු දෙදෙනාගේ කෑම වියදම් ගෙවූ පසු ඒ වන විට අත ඉතිරිව තිබුණේ රුපියල් 550 ක්‌ පමණි. ෆාමසියට බෙහෙත් තුණ්‌ඩුව දුන් පසු බෙහෙත්වලට රුපියල් 1800 ක්‌ වන බව ෆාමසියෙන් කියන ලදී. එහෙනං මට සතියකට විතරක්‌ බෙහෙත් දෙන්නකො... බණ්‌ඩාර මැණිකේ සතියක බෙහෙත් වට්‌ටෝරුවට රුපියල් 420 ක්‌ ගෙවා බෙහෙත් ලබාගෙන බස්‌ කුලිය අතේ තියාගෙන පාරට බැස්‌සාය.

    බණ්‌ඩාර මැණිකේ ගෙදර පැමිණ දින 5 ක්‌ බේත් ගත්තේය. ඒත් අමුතු ගුණයක්‌ නොවීය. කොයි එකටත් ඉතිරි බෙහෙත් ටිකත් මාසයක්‌ බීල බලනව. බණ්‌ඩාර මැණිකේ කෑමට තිබූ තවත් වී බුසල් තුනක්‌ ගමේ කඩයට විකුණා ඉතිරි බෙහෙත් ටික ගැනීමට රුපියල් 1500 ක්‌ අතේ තියාගෙන අනුරාධපුරයේ ෆාමසියට ගියාය. දෙවැනි වර ගෙන එන ලද බෙහෙත්වලට තවමත් ගුණයක්‌ නැත. මේ බේත් ටිකත් බීල බලල ගුණයක්‌ නැත්තං... අපේ ගමේ ගුණේ වෙදරාළ ළඟට ගිහිං කසාය තුන හතරක්‌ බීල බලනවා. අනුරාධපුරයේදී ලෙඩක්‌ හැදෙනවට වඩා හොඳයි එකපාර මැරිල යන එක බණ්‌ඩාර මැණිකේ අවසාන වශයෙන් කීවාය.
    :sorry:

    අද දිවයින පත්තරෙන්...
    http://www.divaina.com/2013/11/27/provin09.html
     
    • Like
    Reactions: Iron Monger

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    oowa ohoma tami bang nidahas adyapanaya mahimaya ratata labena hati. mama danna vp kenek innawa mulinnma ahanne salli kocchara bank account ekee tiyanawada kiyala.
    owata kata karanna gjhin mata deparakma punishment transer hitan kaala tiyanawa.