Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෝන මේරියා බ්රාස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෝන මේරියා බ්රාස්

කුණු ඇහිඳින්නියකගේ ජීවිතය: දෝන මේරියා බ්රාස්

පන්නරය

බෙලෝ හොරයිසොන්ටේ යනු බ්රසීලයේ 6 වැනි විශාලතම නගරයයි. 1947 වසරේදී මෙහි මුඩුක්කුවක උපත ලැබූ දෝන මේරියා බ්රාස්ට 6 වන ශ්රේණියේදී සිය අධ්යාපනය අතහරින්නට සිදුවූයේ පවුලේ අගහිඟකම් උග්ර වූ නිසාය. නගරය කෙළවර පිහිටි කුණුකන්ද වෙත ගොස් ප්රතිචක්රීයකරණය කළ හැකි දේවල් එතැනින් අහුලාගෙන, එවැනි බඩු භාණ්ඩ මිලදී ගන්නා කඩවලට ඒවා අලෙවි කිරීම ඇගේ පියාගේ ජීවනෝපාය විය. කුඩුකාරයන්, බේබද්දන් හා අපරාධකාරයන්ගෙන් ගහණ මුඩුක්කු පරිසරයක සිට පාසල වෙත පැමිණීම සහ ඇගේ පියාගේ කුණු ඇහිඳින රැකියාව අනෙක් ළමුන්ගේ සමච්චලයට බඳුන් වීම නිසා මේරියාට තම පන්ති කාමරය ප්රියජනක තැනක් නොවීය.

කුණු ඇහිඳින්නන් සිය ගණනක් බිලිගනිමින් දිනෙක කුණු කන්ද නායගිය අතර ඊට යටවුණු පියාගේ මිනියවත් සොයා ගැනීමට මේරියා ඇතුළු පවුලේ අයට හැකියාවක් නොලැබුණි. එදා ඇයට යාන්තම් වයස අවුරුදු 12 සම්පූර්ණ වූවා පමණි. නංගිලා මල්ලිලා හතරදෙනෙකු හා රැකියාවක් නොකරන මෑණියන් රක්ෂා කිරීම පිණිස පාසල් ගමනට සමු දුන් මේරියා, එතැන් පටන් කුණු රැස් කිරීම සිය ජීවිකාව කර ගත්තාය.

නිවැරදි දැක්ම

අධ්යාපනය ලැබුවේ 6 වැනි ශ්රේණිය දක්වා පමණක් වුවද, සහජයෙන් ලද ප්රඥාවක් මේරියා තුළ තිබිණි. කුණු රැස්කොට සෙවූ මුදලින් සිය සහෝදර සහෝදරියන්ට මූලික අධ්යාපනය කෙසේ හෝ පිරිනැමූ ඇය ඉනික්බිති ඔවුන් රජයෙන් අධ්යාපනික ශිෂ්යත්ව ලබාදෙන ආධුනිකත්ව පුහුණු පාසල් වෙත යොමු කළාය. එක් එක් අයගේ රුචිකත්වය මත කරණවෑමි, හෝටල් සේවය, පෙදරේරු වෘත්තිය හා පාවහන් නිෂ්පාදනය යනාදි වෘත්තීන් වෙත මේරියා තම නංගිලා මල්ලිලා තල්ලු කළේ මොවුන් සමාජ විරෝධී වැඩවලින් මුදාගෙන යහපත් පුරවැසියන් කිරීමේ අභිලාෂයෙනි. බ්රසීල රජයෙන් මාසිකව ලැබෙන ශිෂ්යත්ව අරමුදල් සකසුරුවම්කමින් පාවිච්චි කරන ආකාරයද මේරියා ඔවුන්ට කියා දුන්නාය. දෙවැනි වතාවටත් නාය යෑමට පෙර නගරයේ කුණුකන්ද එතැනින් ඉවත් කළ යුතුයැයි බෙලෝ හොරයිසොන්ටේ නගර සභාව තීරණය කළ දවසේ දෝන මේරියා බ්රාස් සිය මිතුරියකගේ මාර්ගයෙන් කොන්ටෝගෝ නගරයෙහි කුණු එකතු කරන්නියක ලෙස රැකියාවක් සොයා ගත්තාය. බස් දෙකකින් පැයක කාලයක් ගමන් කිරීමට සිදුවුවත් කොන්ටෝගෝ නගර සභාව කුණු අදින අයට හොඳින් සලකන බව ඇය අසා තිබුණි.

ඇගේ දෛනික රාජකාරිය වූයේ ඇයට නියම කළ නාගරික කලාපයේ විවිධ නිවෙස් හා ව්යාපාරික ස්ථානවල තිබෙන කසළ අත් කරත්තයට එකතු කොට, ඒවා නිසි පරිදි වෙන්කොට (කුණු මැන එතැනදීම මුදල් ගෙවන) කුණු ඩිපෝවට භාරදීමයි. මෙම කුණු ඩිපෝව කළමනාකරණය කළේ නගර සභාවේ කොන්ත්රත්කාර පුද්ගලික මුදලාලි කෙනෙකු විසිනි. දිනකට බ්රසීල් රියාස් 15ක් පමණ (රුපියල් 1200) ලැබුණු මේ රැකියාවට මේරියා බෙහෙවින් ඇලුම් කළාය.

පාලම යට

කුණු එකතු කරන අත් කරත්තය තමන් සතුකර ගැනීමට නම් මුදලාලිට ඒ වෙනුවෙන් මාසික වාරිකයක් ගෙවිය යුතු විය. කෑම වියදම්, බස් ගාස්තු හා කරත්ත වාරිකය යනාදිය ගෙවන්නට ගියහොත් අතේ ඉතුරුවක් නැතිවන වග වටහාගත් මේරියා, කුණු ඩිපෝව අසල ඇති පාලම යට රාත්රී කාලය ගෙවීමට අදිටන් කරගත්තාය. ඈත මුඩුක්කුවල සිට බස්රථවලින් කොන්ටෝගෝ නුවරට එන කුණු අදින කාන්තාවන් හත්දෙනෙකු මේ වැඩපිළිවෙළට එකඟත්වය පළ කළ හෙයින් පාලම යට ගෙවෙන රාත්රියේ ආරක්ෂාව පිළිබඳ ප්රශ්නය ඇය විසඳා ගත්තාය. එහෙත් පාලම යට රැය පහන් කරන මේ කාන්තාවන් අටදෙනාට කොන්ටෝගෝ පොලිසිය වරින් වර පැමිණ කරදර කරන්නට විය. මේරියා තමන් කුණු එකතු කිරීමට යන එන විශාල නිවෙස් දෙකක වෙසෙන කාරුණික කාන්තාවන් දෙපළක් වන ෆාතිමා ආබෲට සහ සෝනියා ඩයස්ට ඇගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාය. රජයේ සේවයෙන් විශ්රාම ගත් උසස් සිවිල් නිලධාරිනියක වූ ෆාතිමා සහ සමාජ විද්යා මහාචාර්යවරියක වූ සෝනියා මීට මැදිහත් වූ වහාම පොලිසියේ කරදරය නිමාවට පත්විය. එකතු කරන කුණු මුදලාලිට නොදී ඒවා ඍජුවම ප්රතිචක්රීයකරණ මධ්යස්ථානයකට භාරදුනහොත් දැනට වඩා ඉහළ දෛනික ආදායමක් උපයා ගත හැකි වග දැනගත් මේරියා, ෆාතිමා හා සෝනියාගේ මගපෙන්වීම යටතේ සාමාජිකයන් 20කගෙන් යුත් ‘අස්මරේ’ නම් කුණු එකතු කරන්නන්ගේ සමුපකාර සමිතිය 1993දී ස්ථාපිත කළාය. මේ වනවිට 46 වැනි වියේ පසුවූ මේරියාට පළමු විවාහයෙන් දරුවන් 5ක්ද, දෙවැනි විවාහයෙන් දරුවන් 4ක්ද සිටි අතර, ඊට අමතරව මව්පියන් හැර දමා ගිය ළමයින් තිදෙනකුටද ඈ රැකවරණය සැපයූවාය. බෙලෝ හොරයිසොන්ටේ නගරයෙන් පර්චස් 8ක ඉඩමක් ගෙන හොඳ තත්ත්වයේ කාමර 4ක නිවසක්ද එහි තැනුවේ කෙසේදැයි සමහරු මේරියාගෙන් විමසන විට, ඇය සිනහමුසු මුහුණින් කීවේ කොන්ටෝගෝහි (ඇය කුණු එකතු කරන නිවෙස්වල වෙසෙන) ධනවතුන් ඇයට අදහාගත නොහැකි අන්දමේ ‘සන්තෝසම්’ පිරිනමන බවයි.

සමුපකාරයේ නැගීම

භක්තිමත් කතෝලිකයකු වූ මේරියාට තම සමුපකාරය ස්ථාපිත කිරීම පිණිස රජයට අයත් ඉඩමක් නොමිලේ සපයා දුන්නේ කොන්ටෝගෝ පල්ලියේ කන්යා සොහොයුරියන් පිරිසක් විසිනි. සමුපකාර ගොඩනැගිල්ල එහි ඉදිකර දීමට ඉංජිනේරු සරසවිය ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය. අස්මරේ සමුපකාරයට අතහිත දීමට සරසවි මහාචාර්යවරුන්, නීතිඥයන්, ව්යාපාරිකයන් හා නගර සභා බලධාරීන් එකට අත්වැල් බැඳගත්තේ, දෝන මේරියා බ්රාස් නම් දිරිය ගැහැනිය මැයෙන් මහාචාර්ය සෝනියා ඩයස් බ්රසීලයේ ජාතික පුවත්පතකට ලියූ ලිපිය ප්රසිද්ධියට පත්වීමෙන් පසුවය. වර්ෂ 2003 වන විට අස්මරේහි සාමාජිකත්වය 100 ඉක්මවීය. අත්කරත්ත වෙනුවට ට්රැක්ටර් සහ ට්රක් රථ අස්මරේ සමූපයට ප්රදානය කිරීමට බ්රසීල මධ්යම රජය මැදිහත් විය. 2004 වන විට කසළ රැස්කිරීම, වෙන් කිරීම සහ ප්රතිචක්රීයකරණය කිරීම පමණක් නොව ප්ලාස්ටික් පෙල්ට්වලින් භාණ්ඩ නිපදවීමටද අස්මරේ සමත් විය. ප්ලාස්ටික්, කඩදාසි සහ යකඩ නියමානුකූලව කිරා බැලීමට අවශ්ය විශාල තරාදි, කුණු එකතු කරන්නන් හා වෙන් කරන්නන් සඳහා හිස්වැසුම්, බූට්, අත්වැසුම් හා නිල ඇඳුම් මෙන්ම ඩිපෝව තුළ කුණු එහා මෙහා ගෙනයෑමට අවශ්ය ෆෝක් ලිෆ්ට් රථ යනාදි මෙකීනොකී සියල්ල වර්ෂ 2005 වනවිට සිය සාමාජිකයන්ට නොඅඩුව සපයාදීමට තරම් අස්මරේ සමූපය ආර්ථික වශයෙන් ශක්තිමත් වී තිබුණි.

සේවක සුබසාධනය

ඝන අපද්රව්ය කොම්පෝස්ට් පොහොර බවටත්, ඉවත දමන කරදහි පල්ප් බවට පත් කොට නැවත ලිපිද්රව්ය බවටත් ප්රතිචක්රීයකරණය කොට ඍජුවම වෙළෙඳපොළට යැවීම ඔස්සේ අස්මරේ සමුපකාර සමිතිය, රියාස් මිලියන ගණනින් ලාභ ලැබීමට සමත් විය. සමිතියේ මානව සම්පත් කළමනාකරණය සහ ගිණුම් තැබීම, අදාළ විෂයයන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සහිත සමාගමකට (ගාස්තුවකට යටත්ව) භාරකෙරුණු අතර, ශුද්ධ ලාභය සාමාජිකයන් අතරේ බෙදාහැරිණි. පඩි නොලබා ස්වේච්ඡාවෙන් සේවය කරන කසළ කළමනාකරණය ගැන හසළ දැනුමක් ඇති විශ්වවිද්යාල ආචාර්යවරුන්ගෙන් හා දෝන මේරියා බ්රාස් ඇතුළු සමුපයේ සාමාජිකයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත වූ පාලක මණ්ඩලය විසින් අස්මරේහි කෙටිකාලීන හා දිගුකාලීන මෙහෙයුම් පිළිබඳ තීන්දු, තීරණ ගනු ලැබිණි. 2006 වනවිට කුණු ඩිපෝව අසල තිබූ විශාල ඉඩම මිලට ගත් සමිතිය, එහි සිය සාමාජිකයන් සඳහා අංගසම්පූර්ණ සුපිරි නේවාසිකාගාරයක් සහ ළමා සුරැකුම් මධ්යස්ථානයක් ගොඩ නැගීය. කුණු එකතු කරන අත් කරත්ත නිෂ්පාදනය කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ වැඩපළක් අස්මරේ ආරම්භයේදීම කුණු ඩිපෝවට මඳක් ඔබ්බෙන් ආරම්භ කෙරුණේ මේරියාගේ අදහසක් අනුවය. සමිතියට ට්රැක්ටර් හා ට්රක් රථ 30ක් ලැබුණු පසු මෙය දැවැන්ත මෝටර් ගරාජයක් බවට පරිවර්තනය කිරීමට ඇය මාර්ගෝපදේශකත්වය සැපයූවාය. නගරයේ විවිධ ස්ථානවල තබන කුණු දමන දැවැන්ත ප්ලාස්ටික් හා යකඩ කුණු බඳුන් නිපැයුම හරහාද අස්මරේ ඉහළ ලාභයක් ඉපැයීය. 2011 වන විට අස්මරේහි සාමාජික සංඛ්යාව 300 ඉක්මවීය. සමිතියේ ලාභාංශ යොදවා සියලු සාමාජිකයන්ට සුවසේ විසිය හැකි මහල් නිවාස සංකීර්ණයක් 2011 අවසානයේදී ඉදිකොට ඒවා තම සගයන්ට සින්නක්කරව පවරාදීමට මේරියා සමත් විය. නිවාස හිමියන් වීමට ප්රථම අස්මරේ සාමාජිකයන් බොහොමයක් මෝටර් රථ හා මෝටර් සයිකල් හිමිකරුවන් බවට පත්ව තිබුණේ සමිතියේ ඉහළ ලාභාංශවල බලමහිමයෙනි. සමාජයේ අවඥාවට ලක්වුණු රැකියාවක්, ඉතා ගරු ගම්භීර වෘත්තියක් බවට පත් කළ මේරියා වෙත යුනිසෙබ් හා ගයිග්හාඞ් සරසවි විසින් 2011දී ගෞරව උපාධි පිරිනැමුණු අතර මහාචාර්ය සෝනියා ඩයස් ඇතුළු විද්වතුන් ඇය හැඳින්වූයේ කසංකදට් හෙවත් කසළ කළමනාකරණ විශේෂඥවරිය (Garbologist) ලෙසය. බෙලෝ හොරයිසොන්ටේහි පිහිටි සරසවි විසි එක විසින්ම කසළ කළමනාකරණය ගැන දේශන පැවැත්වීම පිණිස ඇය වරින්වර ගෙන්වා ගනු ලැබිණි. 2012 මාර්තු මාසයේදී හදිසි හෘදයාබාධයකින් ඇය මියයන විට බ්රසීල සමාජය තුළ යහපත් වෙනස්වීම් සමුදායක් සිදුකළ විශිෂ්ට කාන්තාවක ලෙස ඇගේ නාමය රන් අකුරින් ලියැවී තිබුණි. මීතොටමුල්ල ව්යසනයෙන් හොම්බ බිම ඇනගත් ශ්රී ලංකාවේ පාලකයන්ට, අවශ්ය නම් කසළ කළමනාකරණය ගැන බොහෝ පාඩම් මේරියාගෙන් උගත හැකිය

Sunday,4 Jun 2017 රාවය

[QUOTE="banda065, post: 21794886, member: 27834"] [b]දෝන මේරියා බ්රාස්[/b] [SIZE="4"][COLOR="Black"]කුණු ඇහිඳින්නියකගේ ජීවිතය: දෝන මේරියා බ්රාස් [IMG]http://ravaya.lk/wp-content/uploads/2017/06/panaraya.gif[/IMG] පන්නරය බෙලෝ හොරයිසොන්ටේ යනු බ්රසීලයේ 6 වැනි විශාලතම නගරයයි. 1947 වසරේදී මෙහි මුඩුක්කුවක උපත ලැබූ දෝන මේරියා බ්රාස්ට 6 වන ශ්රේණියේදී සිය අධ්යාපනය අතහරින්නට සිදුවූයේ පවුලේ අගහිඟකම් උග්ර වූ නිසාය. නගරය කෙළවර පිහිටි කුණුකන්ද වෙත ගොස් ප්රතිචක්රීයකරණය කළ හැකි දේවල් එතැනින් අහුලාගෙන, එවැනි බඩු භාණ්ඩ මිලදී ගන්නා කඩවලට ඒවා අලෙවි කිරීම ඇගේ පියාගේ ජීවනෝපාය විය. කුඩුකාරයන්, බේබද්දන් හා අපරාධකාරයන්ගෙන් ගහණ මුඩුක්කු පරිසරයක සිට පාසල වෙත පැමිණීම සහ ඇගේ පියාගේ කුණු ඇහිඳින රැකියාව අනෙක් ළමුන්ගේ සමච්චලයට බඳුන් වීම නිසා මේරියාට තම පන්ති කාමරය ප්රියජනක තැනක් නොවීය. කුණු ඇහිඳින්නන් සිය ගණනක් බිලිගනිමින් දිනෙක කුණු කන්ද නායගිය අතර ඊට යටවුණු පියාගේ මිනියවත් සොයා ගැනීමට මේරියා ඇතුළු පවුලේ අයට හැකියාවක් නොලැබුණි. එදා ඇයට යාන්තම් වයස අවුරුදු 12 සම්පූර්ණ වූවා පමණි. නංගිලා මල්ලිලා හතරදෙනෙකු හා රැකියාවක් නොකරන මෑණියන් රක්ෂා කිරීම පිණිස පාසල් ගමනට සමු දුන් මේරියා, එතැන් පටන් කුණු රැස් කිරීම සිය ජීවිකාව කර ගත්තාය. නිවැරදි දැක්ම අධ්යාපනය ලැබුවේ 6 වැනි ශ්රේණිය දක්වා පමණක් වුවද, සහජයෙන් ලද ප්රඥාවක් මේරියා තුළ තිබිණි. කුණු රැස්කොට සෙවූ මුදලින් සිය සහෝදර සහෝදරියන්ට මූලික අධ්යාපනය කෙසේ හෝ පිරිනැමූ ඇය ඉනික්බිති ඔවුන් රජයෙන් අධ්යාපනික ශිෂ්යත්ව ලබාදෙන ආධුනිකත්ව පුහුණු පාසල් වෙත යොමු කළාය. එක් එක් අයගේ රුචිකත්වය මත කරණවෑමි, හෝටල් සේවය, පෙදරේරු වෘත්තිය හා පාවහන් නිෂ්පාදනය යනාදි වෘත්තීන් වෙත මේරියා තම නංගිලා මල්ලිලා තල්ලු කළේ මොවුන් සමාජ විරෝධී වැඩවලින් මුදාගෙන යහපත් පුරවැසියන් කිරීමේ අභිලාෂයෙනි. බ්රසීල රජයෙන් මාසිකව ලැබෙන ශිෂ්යත්ව අරමුදල් සකසුරුවම්කමින් පාවිච්චි කරන ආකාරයද මේරියා ඔවුන්ට කියා දුන්නාය. දෙවැනි වතාවටත් නාය යෑමට පෙර නගරයේ කුණුකන්ද එතැනින් ඉවත් කළ යුතුයැයි බෙලෝ හොරයිසොන්ටේ නගර සභාව තීරණය කළ දවසේ දෝන මේරියා බ්රාස් සිය මිතුරියකගේ මාර්ගයෙන් කොන්ටෝගෝ නගරයෙහි කුණු එකතු කරන්නියක ලෙස රැකියාවක් සොයා ගත්තාය. බස් දෙකකින් පැයක කාලයක් ගමන් කිරීමට සිදුවුවත් කොන්ටෝගෝ නගර සභාව කුණු අදින අයට හොඳින් සලකන බව ඇය අසා තිබුණි. ඇගේ දෛනික රාජකාරිය වූයේ ඇයට නියම කළ නාගරික කලාපයේ විවිධ නිවෙස් හා ව්යාපාරික ස්ථානවල තිබෙන කසළ අත් කරත්තයට එකතු කොට, ඒවා නිසි පරිදි වෙන්කොට (කුණු මැන එතැනදීම මුදල් ගෙවන) කුණු ඩිපෝවට භාරදීමයි. මෙම කුණු ඩිපෝව කළමනාකරණය කළේ නගර සභාවේ කොන්ත්රත්කාර පුද්ගලික මුදලාලි කෙනෙකු විසිනි. දිනකට බ්රසීල් රියාස් 15ක් පමණ (රුපියල් 1200) ලැබුණු මේ රැකියාවට මේරියා බෙහෙවින් ඇලුම් කළාය. පාලම යට කුණු එකතු කරන අත් කරත්තය තමන් සතුකර ගැනීමට නම් මුදලාලිට ඒ වෙනුවෙන් මාසික වාරිකයක් ගෙවිය යුතු විය. කෑම වියදම්, බස් ගාස්තු හා කරත්ත වාරිකය යනාදිය ගෙවන්නට ගියහොත් අතේ ඉතුරුවක් නැතිවන වග වටහාගත් මේරියා, කුණු ඩිපෝව අසල ඇති පාලම යට රාත්රී කාලය ගෙවීමට අදිටන් කරගත්තාය. ඈත මුඩුක්කුවල සිට බස්රථවලින් කොන්ටෝගෝ නුවරට එන කුණු අදින කාන්තාවන් හත්දෙනෙකු මේ වැඩපිළිවෙළට එකඟත්වය පළ කළ හෙයින් පාලම යට ගෙවෙන රාත්රියේ ආරක්ෂාව පිළිබඳ ප්රශ්නය ඇය විසඳා ගත්තාය. එහෙත් පාලම යට රැය පහන් කරන මේ කාන්තාවන් අටදෙනාට කොන්ටෝගෝ පොලිසිය වරින් වර පැමිණ කරදර කරන්නට විය. මේරියා තමන් කුණු එකතු කිරීමට යන එන විශාල නිවෙස් දෙකක වෙසෙන කාරුණික කාන්තාවන් දෙපළක් වන ෆාතිමා ආබෲට සහ සෝනියා ඩයස්ට ඇගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාය. රජයේ සේවයෙන් විශ්රාම ගත් උසස් සිවිල් නිලධාරිනියක වූ ෆාතිමා සහ සමාජ විද්යා මහාචාර්යවරියක වූ සෝනියා මීට මැදිහත් වූ වහාම පොලිසියේ කරදරය නිමාවට පත්විය. එකතු කරන කුණු මුදලාලිට නොදී ඒවා ඍජුවම ප්රතිචක්රීයකරණ මධ්යස්ථානයකට භාරදුනහොත් දැනට වඩා ඉහළ දෛනික ආදායමක් උපයා ගත හැකි වග දැනගත් මේරියා, ෆාතිමා හා සෝනියාගේ මගපෙන්වීම යටතේ සාමාජිකයන් 20කගෙන් යුත් ‘අස්මරේ’ නම් කුණු එකතු කරන්නන්ගේ සමුපකාර සමිතිය 1993දී ස්ථාපිත කළාය. මේ වනවිට 46 වැනි වියේ පසුවූ මේරියාට පළමු විවාහයෙන් දරුවන් 5ක්ද, දෙවැනි විවාහයෙන් දරුවන් 4ක්ද සිටි අතර, ඊට අමතරව මව්පියන් හැර දමා ගිය ළමයින් තිදෙනකුටද ඈ රැකවරණය සැපයූවාය. බෙලෝ හොරයිසොන්ටේ නගරයෙන් පර්චස් 8ක ඉඩමක් ගෙන හොඳ තත්ත්වයේ කාමර 4ක නිවසක්ද එහි තැනුවේ කෙසේදැයි සමහරු මේරියාගෙන් විමසන විට, ඇය සිනහමුසු මුහුණින් කීවේ කොන්ටෝගෝහි (ඇය කුණු එකතු කරන නිවෙස්වල වෙසෙන) ධනවතුන් ඇයට අදහාගත නොහැකි අන්දමේ ‘සන්තෝසම්’ පිරිනමන බවයි. සමුපකාරයේ නැගීම භක්තිමත් කතෝලිකයකු වූ මේරියාට තම සමුපකාරය ස්ථාපිත කිරීම පිණිස රජයට අයත් ඉඩමක් නොමිලේ සපයා දුන්නේ කොන්ටෝගෝ පල්ලියේ කන්යා සොහොයුරියන් පිරිසක් විසිනි. සමුපකාර ගොඩනැගිල්ල එහි ඉදිකර දීමට ඉංජිනේරු සරසවිය ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය. අස්මරේ සමුපකාරයට අතහිත දීමට සරසවි මහාචාර්යවරුන්, නීතිඥයන්, ව්යාපාරිකයන් හා නගර සභා බලධාරීන් එකට අත්වැල් බැඳගත්තේ, දෝන මේරියා බ්රාස් නම් දිරිය ගැහැනිය මැයෙන් මහාචාර්ය සෝනියා ඩයස් බ්රසීලයේ ජාතික පුවත්පතකට ලියූ ලිපිය ප්රසිද්ධියට පත්වීමෙන් පසුවය. වර්ෂ 2003 වන විට අස්මරේහි සාමාජිකත්වය 100 ඉක්මවීය. අත්කරත්ත වෙනුවට ට්රැක්ටර් සහ ට්රක් රථ අස්මරේ සමූපයට ප්රදානය කිරීමට බ්රසීල මධ්යම රජය මැදිහත් විය. 2004 වන විට කසළ රැස්කිරීම, වෙන් කිරීම සහ ප්රතිචක්රීයකරණය කිරීම පමණක් නොව ප්ලාස්ටික් පෙල්ට්වලින් භාණ්ඩ නිපදවීමටද අස්මරේ සමත් විය. ප්ලාස්ටික්, කඩදාසි සහ යකඩ නියමානුකූලව කිරා බැලීමට අවශ්ය විශාල තරාදි, කුණු එකතු කරන්නන් හා වෙන් කරන්නන් සඳහා හිස්වැසුම්, බූට්, අත්වැසුම් හා නිල ඇඳුම් මෙන්ම ඩිපෝව තුළ කුණු එහා මෙහා ගෙනයෑමට අවශ්ය ෆෝක් ලිෆ්ට් රථ යනාදි මෙකීනොකී සියල්ල වර්ෂ 2005 වනවිට සිය සාමාජිකයන්ට නොඅඩුව සපයාදීමට තරම් අස්මරේ සමූපය ආර්ථික වශයෙන් ශක්තිමත් වී තිබුණි. සේවක සුබසාධනය ඝන අපද්රව්ය කොම්පෝස්ට් පොහොර බවටත්, ඉවත දමන කරදහි පල්ප් බවට පත් කොට නැවත ලිපිද්රව්ය බවටත් ප්රතිචක්රීයකරණය කොට ඍජුවම වෙළෙඳපොළට යැවීම ඔස්සේ අස්මරේ සමුපකාර සමිතිය, රියාස් මිලියන ගණනින් ලාභ ලැබීමට සමත් විය. සමිතියේ මානව සම්පත් කළමනාකරණය සහ ගිණුම් තැබීම, අදාළ විෂයයන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සහිත සමාගමකට (ගාස්තුවකට යටත්ව) භාරකෙරුණු අතර, ශුද්ධ ලාභය සාමාජිකයන් අතරේ බෙදාහැරිණි. පඩි නොලබා ස්වේච්ඡාවෙන් සේවය කරන කසළ කළමනාකරණය ගැන හසළ දැනුමක් ඇති විශ්වවිද්යාල ආචාර්යවරුන්ගෙන් හා දෝන මේරියා බ්රාස් ඇතුළු සමුපයේ සාමාජිකයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත වූ පාලක මණ්ඩලය විසින් අස්මරේහි කෙටිකාලීන හා දිගුකාලීන මෙහෙයුම් පිළිබඳ තීන්දු, තීරණ ගනු ලැබිණි. 2006 වනවිට කුණු ඩිපෝව අසල තිබූ විශාල ඉඩම මිලට ගත් සමිතිය, එහි සිය සාමාජිකයන් සඳහා අංගසම්පූර්ණ සුපිරි නේවාසිකාගාරයක් සහ ළමා සුරැකුම් මධ්යස්ථානයක් ගොඩ නැගීය. කුණු එකතු කරන අත් කරත්ත නිෂ්පාදනය කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ වැඩපළක් අස්මරේ ආරම්භයේදීම කුණු ඩිපෝවට මඳක් ඔබ්බෙන් ආරම්භ කෙරුණේ මේරියාගේ අදහසක් අනුවය. සමිතියට ට්රැක්ටර් හා ට්රක් රථ 30ක් ලැබුණු පසු මෙය දැවැන්ත මෝටර් ගරාජයක් බවට පරිවර්තනය කිරීමට ඇය මාර්ගෝපදේශකත්වය සැපයූවාය. නගරයේ විවිධ ස්ථානවල තබන කුණු දමන දැවැන්ත ප්ලාස්ටික් හා යකඩ කුණු බඳුන් නිපැයුම හරහාද අස්මරේ ඉහළ ලාභයක් ඉපැයීය. 2011 වන විට අස්මරේහි සාමාජික සංඛ්යාව 300 ඉක්මවීය. සමිතියේ ලාභාංශ යොදවා සියලු සාමාජිකයන්ට සුවසේ විසිය හැකි මහල් නිවාස සංකීර්ණයක් 2011 අවසානයේදී ඉදිකොට ඒවා තම සගයන්ට සින්නක්කරව පවරාදීමට මේරියා සමත් විය. නිවාස හිමියන් වීමට ප්රථම අස්මරේ සාමාජිකයන් බොහොමයක් මෝටර් රථ හා මෝටර් සයිකල් හිමිකරුවන් බවට පත්ව තිබුණේ සමිතියේ ඉහළ ලාභාංශවල බලමහිමයෙනි. සමාජයේ අවඥාවට ලක්වුණු රැකියාවක්, ඉතා ගරු ගම්භීර වෘත්තියක් බවට පත් කළ මේරියා වෙත යුනිසෙබ් හා ගයිග්හාඞ් සරසවි විසින් 2011දී ගෞරව උපාධි පිරිනැමුණු අතර මහාචාර්ය සෝනියා ඩයස් ඇතුළු විද්වතුන් ඇය හැඳින්වූයේ කසංකදට් හෙවත් කසළ කළමනාකරණ විශේෂඥවරිය (Garbologist) ලෙසය. බෙලෝ හොරයිසොන්ටේහි පිහිටි සරසවි විසි එක විසින්ම කසළ කළමනාකරණය ගැන දේශන පැවැත්වීම පිණිස ඇය වරින්වර ගෙන්වා ගනු ලැබිණි. 2012 මාර්තු මාසයේදී හදිසි හෘදයාබාධයකින් ඇය මියයන විට බ්රසීල සමාජය තුළ යහපත් වෙනස්වීම් සමුදායක් සිදුකළ විශිෂ්ට කාන්තාවක ලෙස ඇගේ නාමය රන් අකුරින් ලියැවී තිබුණි. මීතොටමුල්ල ව්යසනයෙන් හොම්බ බිම ඇනගත් ශ්රී ලංකාවේ පාලකයන්ට, අවශ්ය නම් කසළ කළමනාකරණය ගැන බොහෝ පාඩම් මේරියාගෙන් උගත හැකිය Sunday,4 Jun 2017 රාවය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom