ධනවාදය සමාජවාදය සහ පැතුම්ගේ මතවාදය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ පලවෙනි පිටුවෙම තියෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා. 1977 දී ජේආර් ජනරජ ව්‍යවස්ථාව හදන කොටම එහෙම දැම්මේ ඇයි කියලා හිතුව ද?

    මේ කාලේ තමයි ලෝක සමාජ වාදයේ ලොකුම පීක් එක. 1971 දී සිරිමා හදන නිදහස් පක්ෂය සහ සමසමාජ පක්ෂය මූලික වෙච්චි ආණ්ඩුව කාලේ රටට දැඩි සමාජවාදී බලපෑමක් එල්ල කලා. සෝවියට් රුසියාව හඳටත් ගියා, වියට්නාමය ඇමෙරිකාව පරාජය කලා. දැවැන්ත කොමියුනිස්ට් රැල්ලක් ගෝලීය නැගෙනහිර පැතිරෙමින් තිබුනා.
    71 ආණ්ඩුවත් මේ රැල්ල ඇතුලට ගත්තා, සමාගම් ජනසතු කලා. සාපේක්ෂව වැසුණු ආර්ථිකයකට ගියා. ඒක අසාර්ථක වෙන කොට කඩන් වැටුනා. සිරිමා පරාද වෙලා ජේ ආර් ආවා. රටේ තිබුන වාමාංශික මානසිකත්වය ඒ වෙනකොට මුල් බැහැලා. රාජ්‍ය වාමාංශික වෙලා. සමාජවාදයට පෙම් කරන්නෝ වැඩියි. ඒ නිසා ජනරජ ව්‍යවස්ථාවට ඒකත් එබුවා.

    ඒත් එක්කම වැසුණු අසාර්ථක ආර්ථිකයට ඊළඟට ප්‍රතික්‍රියාව උනේ විවෘත ආර්ථිකය ගේන එක. ආර්ථිකය විවෘත කලා 1977 දී. ගෝලීය වෙළඳපොළ සමග මුහු කරන්න. හැබැයි දේශීය වෙළඳපොළ තරඟකාරීත්වය සහ ඵ්ලදායීතාවය සකස් කර ගෙන තිබුනේ නෑ. ඒ නිසා විවෘත වෙළඳපොළ තුල අපි පරාජිතයෝ උනා. අපේ කර්මාන්ත බිඳ වැටුනා.

    ලෝකයත් එක්ක තරඟ කරන්න බැරි නම්, අලුත් වෙන්න බැරිනම්, ඒකට ගැලපෙන්න මිනිසුන්ව දියුණු කර ගන්නබැරි නම් අපිට ලෝක වෙළඳපොළ තුල සාර්ථක වෙන්න බෑ. ඉතිං පාලකයෝ වෙළඳපොළ විවෘත කලාට ඒ විවෘත භාවයට ගැලපෙන්න රටේ ආර්ථිකය හැඩ ගැන්නුවේ නෑ.

    ඒ වගේම අර ජනසතු කරපු මහා ව්‍යාපාර ගොඩක් එක්ක රාජ්‍ය දැවැන්ත වෙලා තිබුනේ. ඒවා වෙළඳපොළට නිකුත් කලේ නෑ. සමාගම් හා ව්‍යවසායකත්වය රජයට තියා ගෙන රටේ සම්පත් කියලා කියෙව්වා. ඒවා දියුණු කරන්න, ලෝකය එක්ක තරඟකරන්න අසාර්ථක රාජ්‍ය ව්‍යවසායකත්වය තුලින් බැරි උනා. ඒවා කඩා වැටුනා, වැසුනා, අලාභ ලබන ඒවා බවට පත් උනා, වංචා දූෂණ වල තෝතැනි බවට පත් උනා. රජය මෙච්චර කර්මාන්ත කරන නිසා මිනිස්සු රජයෙන්ම රැකියා බලාපොරොත්තු උනා. රජය කර්මාන්ත කරනවා නම්, ලාභය උපයනවා නම් ඒවායින් සාධාරණව මිනිස්සුන්ට ලැබෙන දෙයක් දෙනකං බලා ගෙන හිටියා.

    රජයෙන්ම දෙන අධ්‍යාපනයෙන් ලැබෙන උපාධියක් අරගෙන , ඒකට ගැලපෙන්න රජයෙන්ම රැකියාවක් බලාපොරොත්තු උනා. මොකද රටේ කර්මාන්ත ටික රජය සතු නම්, රැකියා බිහි වෙන්නත් ඕනේ ඒවායින් නම්, එහෙම බලාපොරොත්තුවක් ඇති වෙන්න ඇති.

    ඔය විදියට ලංකාවේ රජය දිගටම පැවතුණේ සාමප්‍රදායික නොදියුණු වාමාංශික ක්‍රමයකට. ආපු පාලකයෝ ඒවාවෙනස් කරන්න ගියේනෑ. එකක් ඒ අයට ඡන්දයට වැඩ කරන අයට රස්සා දෙන්න, සහ එම කර්මාන්ත වලින් හොරකම් කරන්න ඒවා රජය යටතේ තියෙන එක වාසියි. අනිත් පැත්තෙන් සේවකයෝ කැමතියි ඒවා රජය යටතේ තියෙන කොට. ලොකු වැඩක් නැතුව ලාබ ප්‍රයෝජන ගන්න පුළුවන්. පාඩු උනත් කමක් නෑ. වෘත්තීය සමිති ඒවා කරගෙන යන්න දන්නවා.

    රටේ සම්පත් විකීණීම් ගැන දේශපාලන වේදිකාවල උඩ පැන පැන කතා කරනවා. අර වෘත්තීය සමිති එක්ක වර්ජන වලට යන වාමාංශික පක්ෂත් කැමතියි ලොකු රාජ්‍යයක් පවතිනවට.

    ඔය විදියට මේ ඔක්කොම වාමාංශිකත්වය පිළිබඳව ඇති ගැටලු තියෙන්නේ.

    කාර්‍යක්ෂම වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරන්න ඒ වාමාංශික දේශපාලන අදහස් එක්ක බෑ. ලෝකේට මුහුණ දෙන්න අපි අලුත් වෙන්න ඕනේ. ලෝකේ එක්ක වෙනස් වෙන්න ඕනේ.

    ඒ නිසා වාමාංශික පක්ෂ රට හදයි කියලා කවුරු හරි හිතනවා නම්, ඒ අය සමග සාකච්ඡා කරන්න මම කැමතියි.

    විවෘතයි !

    පැතුම් කර්නර්
     
    • Dislike
    Reactions: SLK_sri