ධම්මපදයෙන් අපේ දිවියට - 5

kumarasiri

Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    ධම්මපදයෙන් අපේ දිවියට - 5



    ෴ පුප්ඵ වග්ගය ෴
    පිරිනිවි රහතුන්ගේ ගමන් මඟ මරු නොදනී
    ගෝධික තෙරුන් වහන්සේ (ගාථා අංකය 57)

    ෴෴

    5.jpg

    කෙළෙස්වලින් මිදුණු රහතුන් පිරිනිවීම් වශයෙන් වැඩි මග මරු නොදකී.

    ෴෴


    තෙසං සම්පන්නසීලානං
    අප්පමාද විහාරිනං
    සම්මදඤ්ඤා විමුත්තානං
    මාරො මග්ගං න වින්දතී


    ෴෴

    අදහස : සපිරුනු සිල් ඇති, එළඹ සිටි මනා සිහියෙන් කල් යවන සිව්සස් දහම් දැන කෙලෙසුන්ගෙන් මිදුනු උතුමන් වැඩි මග මරු නොදනී.

    ෴෴

    නිධාන කථාව :
    ඹ්දිව ඉසිගිලි පව්ව පසෙක තැනුණු කළුගල නම් ඉතා මනරම් වෙහෙර සියල්ලෙන් පොබයන තැනකි. එහි කලින් කල ගෝධික තෙරුන් වහන්සේ වැඩ වෙසෙති. ධ්‍යාන භාවනා කිරීමෙහි නොපසුබට වූහ. වෑයමෙන් නොපමාව භාවනා කොට ධ්‍යාන උපදවාගත් පමණ මුත් කෙලෙස් නැස්මට සමත් නොවූහ. පිළිවෙලින් සවරක්ම උපදවාගත් දැහැනයෙන් පිරිහීමට පැමිණියෝය. සත්වන වාරයෙහි මම සවරක්ම භාවනා කොට ඉපැදවූ ධ්‍යානයෙන් පිරිහුණෙමි. ධ්‍යානයෙන් පිරිහුණවුන්ගේ ගති අනියම්ය. මේ සත්වන වරත් පිරිහුණෙම් නම් නපුරුය. නපුරු සිත් සිත සිතා හිඳීමට වඩා මිය යාම යහපත. බෙල්ල කපාගෙන මිය යෙමි'යි සිතුවෝය.

    ඒ සිතුවිල්ලෙහි වෙනසක් නොවීය. හිසකේ සිඳින දැළිපිහිය හැරගෙන බොටුව කපන්නට අඳට ගොස් සැතපී දැළිපිහිය ගෙළ තබා කපා කල්හි කැපුණ පමනින් හටගැනුණු වේදනා විඳිමිනුත් විදසුන් වැඩුම මදකුදු අඩු නොකළෝය. විදසුන් වැඩුමෙහි දැඩි සේ බැඳුනු සිතැති හෙයින් පියවි දැළිපිහියෙන් සිය බොටුවත් රහත් මඟ නැණ නමැති පිහියෙන් කෙලෙස් බොටුවත් කපා පූහ. රහත් වීමත් බොටුව කපා නිමවීමත් සිදුවූයේ එක විටමය. බුදුරදහු භික්ෂූන් සමග ගෝධික තෙරුන් පිරිනිවි තැනට වැඩ සිරුර දැවීම් - පිදීම් කරවූ සේක.

    වසවත් මරු ඒ තෙර පිළිබඳ සිදුවූ සියල්ල දැන සිටියේය. තෙරුන්ගෙන් පිළිබඳ සිතක් නැති නියාව තමා නොදත් හෙයින් පිළිසිඳි සිත පිහිටි තැන් සොයා වෙහෙසී නොදත හැකිව කුඩා ළමා වෙසක් මවාගෙන වීණාවක් අතින් ගෙන බුදුරදුන් වෙත ගොස් 'ගෝධික තෙරුන් කොයිදැ' යි විමසුයේය. බුදුරදහු වසවත් මරු බව දැන ඒ තෙරුන් රහත්ව පිරිනිවි බැව් පවසා 'පිරිපුන් පිරිසිදු සිල් ඇති පමාව විසීමෙක් නැති සිවුසස් දැනුම් ඇති සියල් කෙලෙසුන් කෙරෙන් මිදුණු රහතුන් වැඩි මග (උපන් තැන) ඔබ වැන්නන්ට දැනගත නොහෙති'යි වදාළ සේක.



    ෴෴