ධම්මික යනු කුමක්ද?

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    ධම්මික යනු අන් කිසිවක් නොව ඔබම නියෝජනය වූ ඔබටම එපාවූ රාජපක්ෂවාදයේ අලුත් version එක

    යැයි දේශපාලන විචාරක වරුණ රාජපක්ෂ පවසයි. ඒ ඔහු සිය මුහුණු පොතේ සටහනක් තබමින් "ධම්මික යනු කුමක්ද?" යන්න පැහැදිලි කරමිනි.

    ⚠️️ ධම්මික පෙරේරා
    පාසල් අධ්‍යාපනය නිමාකල සැනින් කුඩා මුදල් ආයෝජනයකින් ව්‍යාපාරයක් ආරම්භකර, කෙටිකලකින් ලංකාවේ අංක එක වූ වැඩ්ඩෙක්, සාමාන්‍ය පවුලකින් ඇවිත් ටැලන්ට් එකෙන් ගේම ගහපු අපේ කාලෙ හොදම success story එක. ඒ කවුරුත් දන්න ධම්මික පෙරේරා.


    ⚠️️ පැනි ධම්මික
    පැනි ධම්මික කියන්නෙ ඛේදවාචකයක ගිලිල ඉන්න සමාජෙකට මිත්‍යාව විකුනල ගානක් හොයා ගත්තු තක්කඩියෙක්. එයා තක්කඩිකමට පමනක් ඒක කලාද, ඇත්තටම මිත්‍යාව විශ්වාස කලාද විවාදයක් උනත්, ඒ ගේම් එක සාර්ථකව play උනේ සමාජෙ ඒ මිත්‍යාව පිලිගත්ත නිසා.


    ධම්මිකගෙ කින්ස්බරි එක ඉස්සරහ මල් පාත්තිය රතුපාට මල් වලින් පිරිල තියෙන්නෙ, එයාගෙ ටයි,සපත්තු සහ කොම්පැනි ලෝගෝ සේරම රතු වෙන්නෙ එයාගෙ වාසනාවන්තම පාට රතු කියල එයා විශ්වාස කරන නිසා, රාහුකාලෙට පෝන් එකවත් නොගන්න, අසුභ ඉලක්කම් සහිත මගීන් ගානක් යන වාහනේක නොයන ධම්මික පෙරේරා කියන්නෙ පැනි ධම්මිකල , ඥානඅක්කල වපුරන මිත්‍යාව ඉහමුදුනින් විශ්වාස කරන බයියෙක්.


    ⚠️️කුණු ධම්මික

    ජැක්පොට් ව්‍යාපාරය යොදාගෙන විවෘත ආර්ථිකයත් එක්ක මිනිස්සුන්ගෙ සාක්කුවලට ආපු අතිරික්ත මුදල් ලේසියෙන් තමන්ගෙ සාක්කුවට දාගත්ත ධම්මික ඒ මුදල් යෙදෙව්වෙ මූල්‍යව්‍යාපාරයෙ සහ සමාජයට ශාරීරිකව අනතුරුදායක නිසා වෙනත් රටවල් නොකරන ව්‍යාපාර වලට, මේවයෙන් ලැබෙන ලාභ ප්‍රතිශතය වැඩියි.


    ⚠️️ලුම්පන් ධම්මික

    උපාලි විජයවර්ධන කියන්නෙ යටත්විජිත පාලකයන්ට සේවා සැපයීමෙන් (ක්‍රොප්‍රදෝරු ධනේශ්වරය) සිය පියමුතු පරම්පරා උපයාගත් ධනය විවෘත ආර්ථිකය පැමිනීමත් සමග නිශ්පාදන ආර්ථිකය තුල ආයෝජනය කල අයෙක්, රසකැවිලි කර්මාන්තය, මෝටර්‍රථ එකලස් කිරීම, රේඩියෝ නිශ්පාදනය ආදී දේශීය නිශ්පාදන සහ අගය එකතුකිරීමේ කර්මාන්ත සමග ඉදිරියට ආ ඔහු එක්තරා දුරකට ජාතික ධනේශ්වරයක නැගීමක් ලෙස පෙන්විය හැකි දුර්ලභ සලකුනක්.

    මූල්‍ය වෙලද පොල ව්‍යාපාර කියන්නෙ විවෘත ආර්ථිකයේ නැගීමට අත්‍යාවශ්‍ය සේවාවක් වුවත්, ලංකාව වගේ රටවල ඒක සමපේක්ෂණය මත අනතුරු දැරීමෙන් නොව රාජ්‍ය සහ නිලධාරී තන්ත්‍ර සමග ඩීල් කර අධික ලාභ ලැබිය හැකි මාෆියාවක්.

    ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් රසායනිකව හානිකර නිසා සමහර කර්මාන්ත වෙනත් රටවල ස්ථාන ගතකරනව. ග්ලවුස්, කොන්ඩම්, අගුරු මේවගේ කර්මාන්ත වලින් අධික ලාභ ලබන්න පුලුවන්.

    මූල්‍ය වෙලදපොල වගේම මේ මිනිසුන්ට සහ පරිසරයට හානිකර ව්‍යාපාරවලින් ලාභ ලබන්න ඕනෙ වෙන්නෙ වෙනම ටැලන්ට් එකක්. ඒ ඩීල් කරන්න, මිනිස් ජීවිත ගැන ආචාරධාර්මික නොවී කටයුතු කරන්න තියන හැකියාව. ලුම්පන් ධනේශ්වරයේ සාර්ථකත්වයේ රහස තියෙන්නෙ එතන.


    ⚠️️ටෙක්නෝක්‍රටික් ධම්මික.

    මේ විදිහට උපය ගන්න ධනය සංචාරක, ගුවන්සේවා, අධ්‍යාපන වගේ සේවා සම්ප්‍රදායික ආනයන අපනයන් කර්මාන්ත විශාල ප්‍රමානයක එකවර යෙදීමෙන් මෙවන් ව්‍යාපාරිකයන් අනෙක් ව්‍යාපාරිකයන් නොලබන විශේෂ ලාභයක් ලබනව. ඒ එක් ව්‍යාපාරයක අපනයන අනෙක් ව්‍යාපාරයේ ආනයන සමග ගලපමින් නීත්‍යානුකූල ලෙස උන්ඩියල් කිරීමෙන්.

    මේක ජාවාරමක් ලෙස කියල හදුන්වන්නත් පුලුවන් දක්ෂතාවය කියල හදුන්වන්නත් පුලුවන්.

    ඉලක්කම් සූදුවක් කියල කියන්නත් පුලුවන්, අල්ගොරිදම් ගැන තියන සෙන්ස් එක කියල කියන්නත් පුලුවන්
    කොහොම උනත් ධම්මික පහුගිය කාලෙ කතා කලේ
    Algorithm
    Artificial intelligence
    Oracle data base
    ගැන. ඒ නිසා එයා ටෙක්නෝක්‍රැටික් කෙනක් කියල පිලිගැනීමක් ඇති උනා.


    ⚠️️ටෙක්නෝක්‍රැටික් බයියෙක්

    සාම්ප්‍රදායික බයියෙක් (ජාතිකවාදී, ආගම්වාදී) වන චම්පික පහුගිය කාලෙ තමා අංශක 180කින් වෙනස්වී ඇතැයි පවසමින් ලංකාවේ දේශපාලන කථිකාව තුලට ටෙක්නෝක්‍රැටික් කථිකාවක් රැගෙන ආව. ඒ ඉදිරි ජාතික නායකත්වයට ඇති සුදුසුකම , සැලසුම් කරනය , කලමනාකරනය වැනි ක්ශේත්‍ර තුලින් පෙන්වමින්. චම්පික ඉලක්කම් සෙල්ලමට කෙතරම් දක්ෂවුවද ඔහුට කඩාබිද දැමිය නොහැකි වැට කඩොලු ඉතා පහසුවෙන් කඩා බිද දැමීමට ධම්මිකට පුලුවන. ඒ ඔහු අයත් වන ලුම්පන් ධනේශ්වරයට නැතිවෙන්නට ඉතිහාසයක් නැති බැවින් සහ රකින්නට සදාචාරයක් නැති බැවිනි. එනිසා ධම්මික සාදකය විසින් ඉදිරියේදී චම්පිකට විශාල අභියෝගයක් කරනු ඇත.


    ⚠️️සාම්ප්‍රදායික බයි කදවුර

    රාජපක්ෂලා ධම්මික කැදවන්නේ night watchman කෙනෙකු ලෙසිනි. එනම් මෙතෙක් විවිධ ඩීල් දමමින් බැසිල් ගෙවාගෙන ගිය නෙලුම් මාවත පේරෝල් එක ඉදිරිකාලයට ගෙවීම, එලබෙන අමාරු මැතිවරණ වියදම් දැරීම සහ විසිරීයන පොහොට්ටු බලවේග රදවා ගැනීම වෙනුවෙනි.

    ධම්මික මේ කුනාටු සමය තුල හැපී, තැලී, කැඩි, බිදී යන අතර විවේකීව සිය පවුලේ කටයුතු නිමකර, අමාරුකාලය අඩු වියදමින්, අඩු වෙහෙසින් ගෙවා, ඊලග අධියරට අලුත් සටන්පාඨයක් සමග ඊලග රාජපක්ෂ වරයා රැගෙන ඒමට හැකිවෙතැයි රාජපක්ෂලා සිතයි.
    එහෙත් රාජපක්ෂ කදවුරේ සිටි සෙසු ලුම්පන් ව්‍යාපාරික ජාලය එවන් විවේක කාලයකට සූදානම්ද, ඔවුන්ට ඇති හොදම තේරීම අපේ එකෙක් වන ධම්මික නොවේද? එවැනි එකතුවකින් රාජපක්ෂලා යයි පැමිනීමේ දොරටුව සම්පූර්ණයෙන්ම වැසීයාමටද ඉඩ ඇත.


    ⚠️️කහ පාටද රතුපාටද

    කුනු තැවරුනු රතු පාට පරණ පොහොට්ටුව වෙනුවට ඒ නටුවෙන්ම කහ පාට අලුත් පොහොට්ටවක් පිබිදවීමට යත්න දරන අයටද ධම්මික අභියෝගයක් වනු ඇත්තේ ඔහුගේ ගැඹුරු සාක්කුවල පරිත්‍යාගශීලීභාවයට බොහෝ අය ආශක්තවිය හැකි බැවිනි.


    ⚠️️ ධම්මික යනු අපය.

    ධම්මික මේ හැමෝටම වඩා බලපාන්නේ අපටය. ඒ විවෘත ආර්ථිකය තුල ඉපදුන, එහි ඇති ඉනිමං දිගේ නැග ජයකොඩිය එසවීමේ ලලාසාවෙන් පෙලෙන, නිර්ප්‍රභූ social climbers ලාගේ සැගවුනු ආශාව ඔහුය. එසේවීමය , ඔහුට වැරදුන වීඩියෝව share කර හිනාවෙන අතර ඔහුගේ ව්‍යාපාරික සාර්ථකත්වය ගැන youtube දේශනවල reach එක අහස උසට නංවන්නට රහසින් දායකවන අපේ පරම්පරාවේ රහසිගත ආශාව, අපේ නම ඉදිරියෙන් ලියාහැනීමට බලාපොත්තුවන success story එක එය බැවින්,
    ධම්මික යනු අන් කිසිවක් නොව
    ඔබම නියෝජනයවූ
    ඔබටම එපාවූ
    රාජපක්ෂවාදයේ
    අලුත් version එක බව
    ඔබේ මිතුරාට වටහා දෙන්න
    ඔබට අමතක වනවිට
    ඔහු එය ඔබට මතක් කරදෙනු ඇත.


    warunaවරුණ රාජපක්ෂ
    දේශපාලන විචාරක
    [email protected]