01
යථාපි මූලේ අනූපද්දවේ දළේහ
ජින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති
ඒවම්පි තණ්හානුසයේ අනුහතෙ
නිබ්බන්තති දුක්ඛමිදං පුනප්පුනං
හොඳ මුලක් ඇති ගසක් – වැනසී ම පහසු නෑ
ඒ ලෙසම තණ්හාව වැනසුමත් පහසු නෑ
තණ්හාව - ටිකෙන් ටික අඩු කළොත්
සැනසීම ටිකෙන් ටික –ඔබ වෙතට එන්නේ ය.
02
යස්ස ඡත්තිංසති සොතා - මනාපස්සවනා භුසා
වහා වහන්ති දුද්දිට්ඨි – සංකප්පා රාගනිස්සිතා
තණ්හාව තිස් හයක – ආකාරයෙන් ගළයි. එහි සිටින සරාගී -ඔබ දුගතියට යැවෙයි.
රාග සිත – හසුරුවා ගත යුතු ය – නැතහොත් ඔබ නිසැකවම –දුගතියට යන්නේය.
03
සවන්ති සබ්බධි සොතා - ලතා උබ්භිජ්ජ තිට්ඨති
තඤ්ච දිස්වා ලතං ජාතං - මූලං පඤ්ඤාය ජින්දථ
පසිඳුරන් හා වෙලී - සෑම අතින් ගලායන – තණ්හාව නුවණැසින් – නසාලිය යුත්තේය. තණ්හාව - මෙල්ල කළ යුත්තේ ය- නැතහොත් ඉන් ජීවිතය – නැසී යනු නිසැකමය.
04
සරිතානි සිනෙහිතානි ච
සෝමනස්සානි භවත්ති ජන්තුනො
තේ සාතසිතා සුඛෙසිනො
තෙ වේ ඡාතිජරූපගා නරා
පසිඳුරන්ගෙන් ලැබෙන – සතුට නැවත ද පතන – නිසාවෙන් මේ සසර – තව තවත් දික් කෙරෙයි.
තණ්හාව -හොඳම මිතුරකු නොවේ.
නුවණැසින් තණ්හාව - ඇසුරු කළ යුත්තේ ය.
ගත්තේ -http://www.lakehouse.lk/budusarana/2012/03/15/tmp.asp?ID=fea03
Last edited:

