ධර්මපාලතුමා හා ධර්මාශෝකයන් ! ( පැරණි පොතකි&#35

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
ධර්මපාලතුමා හා ධර්මාශෝකයන් ! ( පැරණි පොතකි&#35

නම් දෙකේ මුල් කොටස පමණක් නො ව මේ වීරයන් දෙදෙනා ගේ චරිතයේ හැම කොටසක් ම ද බොහෝ දුරට එක සමානය.ධර්මාශෝක රජ ධර්ම ප්‍රචාරකයෙකි.ධර්මපාල තුමාද ධර්ම ප්‍රචාරකයෙකි. ධර්මාශෝක රජු කොරියාවේ පටන් සිරියාව දක්වා ධර්ම දුතයන් යැවී.ධර්මපාල තුමා ලංකාවේ සිට යුරෝපය දක්වාත් ඇමරිකාව දක්වාත් ධර්ම දූතයන් යැවී.කරදාසි නො තිබුණු අතීත යුගයේ ධර්මාශෝක රජු ධර්ම ප්‍රචාරය සදහා ශිලා ලේඛන උපයෝගී කරගත්තේය,කඩදාසි තිබුන මේ කාලයේ ධර්මපාලතුමා පුවත්පතුත් දහම් පොතුත් උපයෝගී කරගත්තේය.....,ධර්මාශෝක රජු වෙහෙර දාගැබ් බැන්දවීය.පැළලුප් නුවර නිග්‍රෝධාරාමය බුදු දහමට තෝතැන්නක් විය.ධර්මපාලතුමාද එසේ කරවීය.බරණැස ඉසිපතනයේ මූලගන්ධකුටි විහාරය බුදු දහමට තපෝවනයක් වේ... ධර්මාශෝක රජු තම දුව හා පුතා මහණ කලේය.ධර්මපාලතුමාට එවන්නකු නොසිටි නිසා.ස්වකීය ජාතික සටන හා ශාසනික සටන අනාගත පරපුරට භාර දුන්නේය.ධර්මාශෝකරජු මුළුමහත් දඹදිවම බුදු සසුනට පුදා නිර්ධන විය,දම්පල්තුමාද මුළු බූදලයම බුදු සසුනට පුදා අවසන නිර්ධන විය... ධර්මාශෝක රජු මෙන්ම ධර්මපාලතුමාද පශ්චිම සමයේ මහණ වූවෝය...,අන්තිම මොහොතේ ධර්මාශෝක රජු අත තිබුනේ නෙල්ලි ගෙඩියකින් භාගයකි.දම්පල්තුමා අතේ තිබුනේ බේත් කෝප්පයකින් භාගයකි.ධර්මාශෝක රජු නෙල්ලි පළුව මහා සංඝයාට පුදා අවසන් හුස්ම හෙලීය.ධර්මපාලතුමා අට පතට සිදින ලද බේත් කෝප්පයේ බාගය දෙස බලා “බේත් වලට නිෂ්කාරණයේ වියදම් කරන මුදලත් බුදු සසුනට යොදපල්ලා“ කියා අවසන් හුස්ම හෙළුවේය.
(අවසාන ප්‍රකාසය ගැන වෙනත් කතාද තිබේ )
ධර්මාශෝක රජු හා ධර්මපාලතුමා යන 2නාම මළවුන් අතරය.නමුත් නම් දෙක මලේ නැති.නූතන පරපුරට හා අනාගත පරපුරට නව පණදෙමින් නම් දෙක ජීවතුන් අතරය.හේතුව කුමක්දැයි ඉතිහාසඥ එච්.ජී. වේල්ස් කියන හැටියට."රණ බලයෙන් ලොව වෙවුලවූ....අලෙක්සැන්ඩර්,නැපෝලි​යන්,සීසර් ආදීහු ලෝවට කුමක් කලාහුද ? ඔවුන් ඉතිහාසයට පිටු කීපයක් එකතු පමණකි.නමුත් ධර්මාශෝක නාමය සැමදා ලොව පවතින්නේ අවිහිංසා ධර්මයක් ලොව පැතිරවීම නිසාය".මෙය ධර්මපාලතුමාටද පොදු කියමනකි.
*ඇලෙක්සැන්ඩර් වීරයෙකි...ගැසුවේය,දිනුවේය,රැවු​ළ බෑවේය.රා බීවේය.උණ ගැනුනේය මලේය...ඔහු ලොවට කල සෙත කුමක්ද ? රැවුල බාන හැටි ඉගැන්වීමය..
*ජුලියස් සීසර්ද වීරයෙකි.ජය ගත්තේය.පරාජය නොදත්තේය.ක්ලියෝපැට්රා සමග හාද වී සිටියේය.හොදම මිතුරාගේ පිහි පාරින් එලෝ ගියේය...ඔහු ලොවට කල සෙත කුමක්ද ? බාල් නටන හැටි ඉගැන්වීමය.....
*නැපෝලියන්ද වීරයෙකි...නැංගේය, ඉදිමුණේය.රණ හඩ තැලීය..නටබුන් උනේය..සිරකරැවෙකු මෙන් මලේය. ඔහු කල සෙතක් ගැන එතරම් සදහනක් නැත....
එසේ වුවත් ධර්මාශෝක රජු මෙන්ම ධර්මපාලයන්ද දික් විජයෙන් වියෝවී දහම් විජයෙන් සැනසුනෝය...නම් 2ම අජරාමර වී ඇත්තේ එහෙයිනි....
අදටත් ඉන්දියාවේ රාජ්‍ය ලාංජනය ධර්මාශෝක රජු විසින් භාවිත කල ලකුණයි...ඉන්දියාවේ දියුණුව හා මෑත කාලීන කටයුතු වලදී ධර්මාශෝක රජුගේ කල කී දෑ අතිශයින් ප්‍රයෝජනවත් බව පෙනේ.... ධර්මපාලයන්ද අපේ ජාතික නිදහස් සටනේද නූතන ජාතික ප්‍රබෝධයෙහිද පුරෝගාමී වූ සිංහල වීරපුැෂයාය......! ඒ කල පින්කම් වලින්...නිවන ලැබිය නොහැක...එය ලැබිය යුත්තේ ස්වකීය කැපවීමෙනි...නමුත් ඒ කරන ලද පිංකම් හේතුවෙන් නිවන් මාර්ගය හා කරන සසර පුරා කරන කියන සියළු කටයුතු වලදී, ධර්මාශෝක රජුට හා ධර්මපාලතුමාට යහපතක්ම වේවා ! තුනුැවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !


:):):):)
 

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    1892518093.gif
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    බොහොම ස්තුති යාළුවා..
    වටිනා ලිපියක්...
    මෙහෙම වැදගත් ලිපි දිගටම දාන්න..
    රෙප්++
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේ පොත මම කියවලා තියනවා යාලු

    ඩේවිඩ් කරුණාරත්නයනෙගේ අනගාරික ධර්මපාල නැමති කෘතියෙන් නෙ යාලු

    හොඳ පොස්ට් එකක් යාලුවා,රෙප් දෙන්න බැයිලු