ධර්මපාල තුමාට පහරදුන් අසත්පුරුෂයින් -1
ධර්මපාල තුමාට පහරදුන් අසත්පුරුෂයින්ට සමුද්‍ර වෙත්තසිංහ මහතාගෙන් පිළිතුරු ලිපි පෙළක්..! – පළමු වන ලිපිය
ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී වන එක්තරා සමලිංගික කණ්ඩායමක් පසුගිය සමයේ ප්‍රචාරය කරමින් සිටියේ අනගාරික ධර්මපාලතුමන්ද තම වර්ගයේ කෙනෙකු බවයි. මම මේ ගැන ධර්මපාලතුමන් පිළිබඳ ගැඹුරින් ගවේෂණය කළ විද්වතෙකු වන ආචාර්ය සරත් අමුණුගමට කියා සිටියෙමි. ඔහු මට කීවේ ‘කවදාවත් ඔවැනි අපරාධ කතා පත්තරේ නම් දාන්න එපාය’ කියාය. අනගාරික ධර්මපාලතුමා සම්බන්ධයෙන් කැලෑ පත්තරයක් බඳු පොත් පිංචක් එතුමන් ධරමාණ සමයේදීම පළ විය. මේ පොත් පිංචෙන් ප්‍රශ්න කෙරුණේ ධර්මපාලතුමා කළ සම්මාදම්වලට කුමක් වෙනවාද යනුයි.
අනගාරික ධර්මපාල යනු සිටු පුත්‍රයෙකු තරම් ධනවතෙකි. එතුමන් බෞද්ධ කටයුතු සඳහා සම්මාදම් කළ බව සැබැවි. ඒ සම්මාදම් මුදල් ගසා කන්ට තරම් අහේනියක් ධර්මපාලතුමන්ට නොතිබුණු බව හේවාවිතාරණ බූදලය ගැන දන්නෝ දනිති.
එතුමන්ගේ පියා වන මහමුදලි දොන් කරෝලිස් හේවාවිතාරණ සිය පුත්‍රයාගේ ශාසනික කටයුතු සඳහා මාසිකව විශාල මුදලක් වෙන් කර තිබූ බව ධර්මපාල චරිතය හදාරන විට පෙනේ. ‘මගේ පියාගේ ධනය නිසා කුඩා කල සිට නිර්භය සිතක් මා තුළ පහළ විය’ යනුවෙන් ධර්මපාලතුමා ප්‍රකශ කර ඇත්තේ එහෙයිනි.
සුනිල් සරත් පෙරේරා, සුනිල් එදිරිසිංහ වෙනුවෙන් ලියූ ‘අම්මෙ පෙම්බරා’ ගීයෙහි එක් තැනෙක මෙසේ දැක්වෙයි.
හීන දීන ගැත්තන් හට
උපහාසෙන් සරදම් කළ
යළි උපදින්නේ කවදද
හිමි දම්පල් අනගාරික
මෙය අධිරාජ්‍ය ගැත්තන්ට කනේ පාරක් ගසන ගීයකි. එහෙත් මෙහි අනගාරික ධර්මපාල නම සඳහන් වීම පිළිබඳ ඇතැම්හු කිපුණහ.
අපගේ විශිෂ්ටතම ගීත විචාරක මහාචාර්ය සුචරිත ගම්ලත් මෙසේ ලියූහ.
‘ධර්මපාල ඉංග්‍රීසි පාලනයට එරෙහිව බොරු කෙඳිරියක් නැගූ බව සැබවි. ගාන්ධි ඉන්දියාවේ කළ අරගලයේ අහල ගම් හතකටවත් කිට්ටු විය හැකි දෙයක් ඔහු නොකළේය. ඔහු සිංහල, දෙමළ හා මුස්ලිම් ජනවර්ග අතර වෛරය අවුළුවා ඔවුන් බෙදාලීමට දරුණු ලෙස වෙර දැරුවේය.’
මෙය අනගාරික ධර්මපාල නම් විශිෂ්ට ලංකා පුත්‍රයා පිළිබඳ සාපරාධී ප්‍රකාශයක් නොවේද? ධර්මපාලතුමාගේ ස්වරයෙහි එකල කිසියම් ජාතිවාදී බවක් තිබූ බව මමද පිළිගනිමි. එය අපේ ස්වාධීනත්වය නැත්තටම නැති වී ගිය යුගයක එතුමා අප ඇමතූ ආකාරයයි. එකල එතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන මටද බොහෝ ගැටලු තිබේ. එසේ වුවද ධර්මපාලතුමා යටත්විජිත වැසියකු වශයෙන් කළ මෙහෙවර අද්විතීය ය. මේ බව සුචරිත ගම්ලත් වැනි ට්‍රොට්ස්කිවාදීන්ට තේරුම් ගැනීට බැරි වුවද මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි ගීත රචකයකුට පුළුවන් විය. සුනිල් ආරියරත්නයෝ, නන්දා මාලිනියගේ ‘අඬහැරය’ ගීතාවලියට මෙසේ ලියූහ.
අනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන්න
තෙරුවන් වැඳ උදේ හවස පිං අනුමෝදන් කරන්න
සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදාණෝය
සුද්දන්ගේ පාහරකම් මැඬලූ සිහරදාණෝය
සංකර සිරිතට එරෙහිව හඬ දුන් කථිකයාණෝය
මතු මතු සිරිලක ඉපදිය යුතු යුගපුරුෂයාණෝය
ධර්මපාලතුමාගේ සම්මාදම් මුදල් ගැන ප්‍රශ්න කරමින් ‘අනගාරික අර්බුදය’ නම් පොතක් ලියා තිබුණේ සර් ඩී. බී. ජයතිලක බව අනාවරණය වී තිබේ. සර් ඩී. බී. මෙවැන්නකට පෙළමුණේ ධර්මපාලතුමාගේ වාග් ප්‍රහාර නිසා නොමනාප වීමෙන් පසුවය. එහෙත් ඒ ප්‍රහාරය එල්ල වී තිබුණේ සර් ඩී. බී. ට නොව ඔහු එවකට සේවය කරමින් සිටි පරම විඥානාර්ථ සමාගමටය. දැන් ඉතිං ක්‍රිෂ්ණමූර්ති සහ ඕෂෝ ගැන මගේ ස්ථාවරය කීමට තවත් ලිපියක් ලිවිය යුතුය. මේ දෙදෙනාගෙන් මා වඩා ප්‍රිය කරන්නේ ක්රිෂ්ණමූර්තිතුමාය. එතුමා පිළිබඳ හැදැරීමට ළාබාල වියේදීම මා පොළඹවාලූයේ අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණෝය. උන්වහන්සේ අනූ වියැතිව බත්තරමුල්ල, චිත්තවිවේකාශ්රමයේ වැඩ වසන සමයේ මම නිතර එහි ගොස් අචාර්ය ඊ. ඩබ්. අදිකාරම් ගැනත්, ක්‍රිෂ්ණමූර්තිතුමා ගැනත් සාකච්ඡා කළෙමි. මේ දෙදෙනා ගැන මා සතු බොහෝ පොතපත ආනන්ද මෛත්‍රෙය නාහිමිගෙන් තිළිණ ලෙස ලද ඒවාය.
වර්තමාන ලෝකයට නව අභ්‍යන්තර දැක්මක් සහ ප්‍රතිභාන්විත ඉගැන්වීමක් ඉදිරිපත් කළ ක්රිෂ්ණමූර්තින්ගේ දර්ශනයත්, භගවාන් රජනීෂ් ඕෂෝගේ දර්ශනයත් අප වාද විවාද කොට හඳුනා ගත යුතුව තිබේ. ගවේෂකයකු කළ යුත්තේ එබඳු ප්රබුද්ධ සංවාදයක් නිර්මාණය කිරීම විනා ඉතිහාසයේ කුණු කූඩ ඇවිස්සීම නොවේ.
(සමුද්‍ර වෙත්තසිංහ මහතාගේ ‘දැදුරු කළ සියපත’ ග්රන්ථයෙනි)
https://srisadaham.wordpress.com/