ධර්මයෙන් සතුටු වෙන කෙනෙක් වෙමු
බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප‍්‍රයෝජනයක් ලබන්ට නම්, ධර්මයෙන් පිහිට පිළිසරණ ලබන්ට නම්, ඒ ධර්මයේ තිබෙන විශ්මිතබව අපිට තේරෙන්ට ඕනැ. මේ ධර්මය විස්මිතයි, අපූරුයි, පුදුමයි, අද්භූතයි කියල අපිට තේරෙනවා නම්, අන්න එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. එයාට අලූත් ජීවිතයක් ඉපදෙනව. යමෙක් තුළ විශ්මය උපදින්නේ, ඊට කලින් නොදුටු දෙයක්, ඊට කලින් නොඇසූ දෙයක්, ඊට කලින් නොදත් දෙයක් දැක්කහම, ඇසුවහම, දැනගත්තහම. එතකොට අපි ධර්මයක් ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා නම්, ” මේක හරි විශ්මිත දෙයක්, අපි නොදුටු දෙයක් දැක්කා, අපි නොඇසූ දෙයක් ඇසුවා, අපි නොදත් දෙයක් දැනගත්තා” කියල එයා විශ්මයට පත්වෙනව. එයා තුළ මහත් වූ ප‍්‍රමුදිත බව, ප‍්‍රබෝධය හටගන්නව. ඒ මොහොතේ පටන් එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. ඇයි එයා සතුටු සිතින් ඒ ධර්මය පිළිගත්ත.
ඒ ආකාරයෙන් ධර්මය පිළිගත්තොත්, එයාගෙ සිත තුළ ඒ ධර්මයට ලොකු ඉඩක් තියෙනව. එතකොට සිත තුළ ධර්මයට ඉඩකඩ වැඩිවෙන්ට, වැඩිවෙන්ට අකුසලයට ඉඩකඩ අඩුයි. සාමාන්‍යයෙන් ධර්මයට හිත තුළ ඉඩකඩ අඩුයි. එතකොට ඒ හිත තුළ ඉඩකඩ තියෙන්නෙ අකුසලයට. කාපු දේවල් වේවා, බීපු දේවල් වේවා, ඇඳපු දේවල් වේවා, මේවා කල්පනාකර කර, කාමයන් ගැන හිත හිත ඉන්න ස්වභාවයක් තමයි සාමාන්‍ය අයගේ හිත් තුළ තිබෙන්නේ. මේ ආදී ස්වභාවයන්ට තමයි හිතේ ගොඩාක් ඉඩ තියෙන්නෙ. ධර්මයකට තියෙන්නෙ පුංචි ඉඩක්. අපි ඒ ඉඩ පළල් කරගන්ට ඕනැ. මේ හිත තුළ වැඩි ඉඩක් ධර්මයට ලබාදෙන්ට ඕනැ. එබඳු ලොකු ඉඩක් හිත තුළ ධර්මයට ලැබෙන්නේ, ඒ අහන ධර්මය වේවා, කියන ධර්මය ගැන වේවා, මහත් වූ සතුටක් අපි තුළ ඉපදෙනවා නම් පමණයි....
To read the full article, pls Visit::::http://wp.me/p2rbwC-mH

Last edited: