ධර්මය

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මුලින්ම කියන්න ඕනේ මේ මට ලැබුනු ඊමේල් එකක්. මේදේවල් මම එලකිරියට දාන්නෙ අපි අද පුරුදුවෙලා ඉන්න වැරදි දේවල් වලින් මිදෙන්න යම් උපකාරයක් වෙයි කියල හිතුන නිසා. මොකද බෞද්ධ ආගම බලෙන්කාටවත් උගන්වන්න පුලුවන් දෙයක් නෙවෙයි. කැමැත්තෙන්ම ඇදහිය යුතු ආගමකි.ඉතින් පිං ඇති අය බලා යමක් හිතට ගත්තානම් ඒ හොදටම ඇති.

    භාග්‍යවතුන් වහන්සේගේ විශ්මිත අවබෝධය ගැන සතුටුවෙමු


    අපේ හිත නිතරම කැරකිලා අමාරුවේ වැටෙන පැත්තට යන ස්වභාවයක් තියෙනව. හිත සුමගට ගන්නා තෙක් ඉන්නෙ නොමග. එතකොට සුමගට මේ හිත වැටෙන්නෙ කවදද? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අල්ප වූ ශ්‍රද්ධාවක් හෝ යම් කෙනෙක් තුළ හටගන්නව නම් ඒ මොහොතේ පටන් එයාගෙ හිත සුමගට යොමුවෙනව. එතනමයි තැන. වෙන තැනක් නෑ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් හටගන්නෙ යම් අවස්ථාවකද, යම් දවසකද එතැන් පටන් එයාගෙ හිත සුමගට යොමුවෙනව.

    දැන් ඔබගේ හිත නොමග ගිය එකක්ද? සුමග ගිය එකක්ද? නොමග ගිය එකක්. නොමගයි මේ හිත බොහෝ කලක් තිබුනෙ. ඉතින් ඒක සුමගට ගන්ට ඕනැ. ඉතින් ඒක සුමගට ගන්නෙ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීමෙන් පමණමයි. වෙන ක්‍රමයකින් නෙවෙයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකරගත්තොත් නොමග ගිය හිත සුමගට ගන්ට පුළුවන්. ඒක ඒකාන්ත වශයෙන් සිද්ධවෙන එකක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකරගත්තොත් ඒ හිත නොමගට ඇදල දාන්න කාටවත් බෑ. එතකොට භාග්‍යවතුන් කෙරෙහි පැහැදීම ඇතිකරගැනීම තමයි විසින් කළ යුත්තෙ.

    ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකරගන්නෙ කොහොමද? ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ තිබුන විස්මිත අවබෝධය තේරුම් ගැනීමෙන්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත අවබෝධය අපි තේරුම් ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදිනවා කියන එක වලක්වන්ට කාටවත් බෑ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිවුනොත් නොමග ගිය සිත සුමගට එනවා කියන එක වලක්වන්න කාටවත් බෑ.

    එතකොට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අපි තේරුම් ගන්න තියෙන්නේ කුමක් මුල් කරගෙනද? ආර්ය සත්‍යය ගැන භාග්‍යවතුන් වහන්සේ කළ විස්තර ඉගෙන ගැනීමෙන්. ආර්ය සත්‍යය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විවිධ විදිහට විස්තර කරනව. ඒ විස්තර ඉගෙන ගැනීමෙන්ම පමණයි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අපිට තේරුම් ගන්න තිබෙන්නේ. වෙන ක්‍රමයකින් බෑ. ඉතින් අපි ඒ ධර්මය විනය ඉගෙන ගැනීමේදී අපි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සතුටු වෙන්ට ඕනැ. ඒ සතුටුවීම පිණිස අපි ඉගෙන ගන්ට ඕනැ.

    අන්න ඒ විදිහට අපි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සතුටු වෙමින් ඉගෙන ගත්තොත් ඒ මොහොතක් මොහොතක් පාසා අපි බුද්ධානුස්සතියක් තුළමයි වාසය කරන්නෙ. ඒ අය සතුටින් ඒ ධර්මය විනය ඉගෙන ගන්නව. ඒ විදිහට ඉගෙන ගන්ට ඉගෙන ගන්ට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒ අය තුළ ගෞරවයක් උපදිනව. ඒ අය ඒ ධර්මය විනය කිසි දවසක තමා වැජඹීම පිණිස, තමාට තත්වයක් ඇතිකරගැනීම පිණිස පාවිච්චි කරන්නෙ නෑ. එයා බයයි. එයා කිසි කලෙක එහෙම කල්පනා කරන්නෙ නෑ. එයා කල්පනා කරන්නෙ මේ හීන ජීවිතය පිරිසිදු කරගන්න ඕනැ කියල.

    එනිසා ඔබ ඒ ධර්මය විනය ඉගෙන ගැනීමේදී ඒ විදිහට ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සතුටු වීම පිණිස සතුටු වෙමින් මේ විශ්මිත වූ ධර්මය ඉගෙන ගන්න. එතකොට ඔබ අතිශය වාසනාවන්තයින් බවට පත්වෙයි. අපි කාටත් සෙත් පතනව ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන මහත් සේ සතුටුවෙමින් ප්‍රීති සොම්නසට පත්වෙමින් ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදීම උපදවගෙන ඒ පැහැදීම ස්ථිර කරගන්න මේ සියළු දෙනාටම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා! කියල.

    සියලු දෙනාටම තෙරුවන් සරණයි!​
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    නියමයි මචන්.. පියවරෙන් පියවර ගලපල දීපු හොඳ උපදේශයක්.
    පින් සිද්ද වේවා.
    තෙරුවන් සරණයි
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    චගු;10564662 said:
    නියමයි මචන්.. පියවරෙන් පියවර ගලපල දීපු හොඳ උපදේශයක්.
    පින් සිද්ද වේවා.
    තෙරුවන් සරණයි

    බොහෝම ස්තූතියි මචන්. දෙයක් හිතට ගත්තනම් ඒ හොදටම ඇති.