ධර්මසේන පතිරාජ සමුගනී

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ධර්මසේන පතිරාජ සමුගනී

    ධර්මසේන පතිරාජ සමුගනී

    සිරංගිකා ලොකුකරවිට
    ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ අභාවප්‍රාප්ත වූයේය.
    1943 මාර්තු 28 වැනි දින මහනුරව දී උපත ලැබූ හෙතෙම මහනුවර පුද්ගලික රෝහලක දී මියයන විට 74 වැනි වියේ පසුවිය. මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ධර්මසේන පතිරාජයන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය.
    1970 දී සතුරෝ නම් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරමින් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා 1974 වර්ෂයේ දී අහස් ගව්ව නිර්මාණය කරමින් ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ සිය සළකුණ තැබීම ආරම්භ කළේය. එයා දැන් ලොකු ළමයෙක් (1977) පොන්මනී, දෙමළ චිත්‍රපටය (1977) බඹරු ඇවිත් (1978), පාරදිගේ (1980) සොල්දාදු උන්නැහේ (1981) , වාසුලි ( 1994, මෙතෙක් තිරගත වී නොමැත) මතුයම් දවස (2001) සක්කාරං (2016) ඔහුගේ විශිෂ්ට සිනමා නිර්මාණයන්ය.
    මායා මන්දිර, සුභ අනාගතයක්, කඩුල්ල, වන්නි හාමිනේ වැනි ටෙලි නාට්‍ය කිහිපයක් ද ඒ මහතා අධ්‍යක්ෂණය කර තිබේ. සිනමාව, වේදිකාව මෙන්ම පරිවර්තන සාහිත්‍යයෙහි ද ධර්මසේන පතිරාජ විශිෂ්ඨයකු වූයේය. 2013 රාජ්‍ය සාහිත්‍ය උත්සව සම්මාන උළෙලේ දී පෙද්රෝ පරාමෝ පරිවර්ථනය සඳහා ආචාර්ය ධර්මසේන පතිරාජ, හොඳම පරිවර්තිත නවකතාවට හිමි සම්මානය දිනා ගැනීමෙන් ඒ බව සනාථ විය.
    අවසන් කටයුතු මහනුවරදී පැවැත්වීමට නියමිතය.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    නලා කරුවෙක් නොවූ කලාකරුවනි ඔබට සුභ ගමන්