ධර්ම සංගායනාවක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    තියන්න පුළුවං කෙනෙක්ට ඡන්දෙ දෙනවා කියල කවුරුවත් කියල නැති උනත් මේ තියෙන්නේ වැඩිය අපි නොදන්නා 6 වැනි ධර්ම සංගායනාව ගැන විස්තර


    බෞද්ධ වැඩි දෙනෙක් නොදන්න හයවන මහා ධර්ම සංගායනාව.


    1954 බුරුමයේ යැන්ගුන් නුවර.
    ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායේ හතරවැනි ධර්ම සංගායනාව විදියට සැලකෙන්නේ මාතලේ අළු විහාරයේ දී පැවැත්වුණු ධර්ම සංගායනාව. පස් වැනි ධර්ම සංගායනාව විදිහට සැලකෙන්නේ බුරුමයේ මින්ඩොන් රජතුමාගේ අනුග්‍රහයෙන් ව්‍යවහාර වර්ෂයෙන් 1871දී පැවැත්වුණු ධර්ම සංගායනාව. හයවැනි ධර්ම සංගායනාව ආරම්භ වෙන්නේ 1954 මැයි 17 වැනි වෙසක් පෝය දා බුරුමයේ යැන්ගුන් නගරයේදී. ධර්ම සංගායනාව ආරම්භ කිරීමෙන් වසර දෙකක් ගත වී 1956 මැයි මස 24 වැනිදාට යෙදෙන 2500 වැනි සම්බුද්ධත්ව ජයන්තිය යෙදෙන දින සංගායනාව නිමා විය.
    හයවැනි ධර්ම සංගායනාව සඳහා ප්‍රධාන දායකත්වය දරන ලද්දේ එවකට බුරුමයේ අගමැතිවරයා වූ ‘ඌ නූ’ විසින්. භක්තිමත් බෞද්ධයකු වූ ඔහු විසින් බුරුමය තුළ බුද්ධාගම නගා සිටුවීමට විශාල කාර්යභාරයක් සිදු කරනු ලැබුවා. පළමු වතාවට බුරුමය තුළ බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කරන ලද්දේ ඔහු විසිනී.

    ✦පැවැත්වුණු ස්ථානය,
    පළමු ධර්ම සංගායනාව පැවැත්වුණු රජගහනුවර සප්ත පර්ණි ගුහාව සිහිපත් කරමින් මහාපාෂාණ ගුහා නාමයෙන් ආරාම සංකීර්ණයක් ගොඩනඟනු ලැබුවා. පසුව ධර්ම සංගායනාව පැවැත්වෙන ස්ථානයේ “කබා ආයේ” නම් දාගැබක් සහ විහාර සංකීර්ණයකුත් ඉදි කරනු ලැබුවා.

    ✦සහභාගී වූ භික්ෂූන් වහන්සේලා,
    මෙම ධර්ම සංගායනාව සඳහා ථෙරවාද බෞද්ධ රටවල් අටක් නියෝජනය කරමින් වියත්ධර භික්ෂූන් වහන්සේලා රාශියක් වැඩම කළා. බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය සහ ඉන්දියාව මෙම රටවලුයි. ජපානයෙන් ද භික්ෂූන් වහන්සේලා කීප නමක් මෙම ධර්ම සංගායනාව සඳහා වැඩම කර ඇත.

    ✦ප්‍රධානත්වය ගත් භික්ෂූන් වහන්සේලා,
    පළමු ධර්ම සංඝායනාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් සිදු කරන ලද කාර්යය වූ එම සංගායනාවේ මූලාසනය ගැනීම සිද්ධ කරන ලද්දේ එවකට බුරුමයේ වැඩ වාසය කළ සිල්වත් සහ ධර්මධර භික්ෂූන්වහන්සේ නමක් වූ මහාසි ශයාඩෝ මහා ස්ථවිරයාණන් වහන්සේ විසින්.

    ✦ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා,
    මෙම ධර්ම සංගායනාව සඳහා ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා කීප නමක් අතර බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක ස්වාමීන් වහන්සේ ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. එසේම මෙම ධර්ම සංගායනාව සඳහා සහභාගී වූ පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ට බුරුම රජය මඟින් අග්ගමහා පණ්ඩිත උපාධිය ද පිරිනමනු ලැබුවා. මෙම ධර්ම සංගායනාව සඳහා සහභාගී වී, ඇතැම් බුරුම හිමිවරුන්ගේ වැරදි මත දුරු කිරීමට තුඩාවේ අරියවංශ හිමියන් ක්‍රියා කරනු ලැබුවා.

    ✦සංගායනාවේ ප්‍රතිඵල,
    සංගායනාව අවසානයේදී සියලුම භික්ෂූන් වහන්සේලා එකඟ වූ පිටපත් මුද්‍රණය කරනු ලැබුවා. එමෙන්ම ඒ පිටපත් ලෝකය පුරා බෙදා හැරීමට ද කටයුතු කළා. වර්ෂ 1999දී තායිලන්තයේ ධර්ම සමාජ නම් අරමුදල මගින් හයවැනි සංගායනාවේ පිටපත්වල තිබූ මුද්‍රණ දෝෂ ආදිය ඉවත් කරමින් නැවත මුද්‍රණය කිරීමක් ආරම්භ කොට 2007 දී නිම කරනු ලැබුවා. එම පිටපත් ද ලෝකය පුරා බෙදා හැරීමට පියවර ගත්තා. මෙම ක්‍රියාවලිය සඳහා තායිලන්ත රජ පවුලේ සහ විවිධ දානපතියන්ගේ ආධාර උපකාර ලැබී තිබුණා.
    බුදු දහමේ චිර පැවැත්ම සඳහා සිදු කෙරුණ විවිධ ක්‍රියාකාරකම් අතර ධර්ම සංගායනා ප්‍රමුඛ ස්ථානයක් ගනියි. ධර්ම සංගායනාවක් යනු “බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා එක් වී සංගායනය කිරීම” යැයි සරල ව අර්ථකථනය කළ හැකි ය.
    ඉන් අදහස් වන්නේ ශාසනාභිවෘද්ධිකාමී මහ තෙරවරුන් විසින් බුද්ධ වචනය ඒකරාශි කොට වැරැදි අදහස් ඇතුළත් වී ඇත්නම් ඒවා නිවැරැදි කොට ඇති වන ගැටලූ ධර්ම විනයට අනුව විසඳමින්, ශාසන ශෝධනයක් ඇති කරලීම අරමුණු කොට ගෙන සිදු කරන ක්‍රියාවලියකි.
    මේ උතුම් අරමුණ පෙරදැරි ව සිදු කළ සංගායනා පිළිබඳ ව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එ් අනුව ථේරවාදී බෞද්ධ සම්ප‍්‍රදාය මගින් පැවැත්වූ සංගායනා හයකි. ඉන් පළමු වැන්න බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගිය තැන මගධ රාජ්‍යයේ රජගහ නුවර දී ද, දෙවැන්න බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගිය තැන විශාලා මහනුවර දී ද, තෙවැන්න බුදුරදුන් පිරිනිවන් පා වසර 236 ක් ගිය තැන පැළලූප් නුවර දී ද පවත්වා ඇත. හතර වන ධර්ම සංගායනාව ක‍්‍රි.පූ. පළමු වැනි සියවසේ ලංකාවේ මාතලේ අලූවිහාරයේ දී ද, පස් වන හා හය වන සංගායනාව මියැන්මාරයේ දී (බුරුමය) ද පවත්වා ඇත. මීට අමතරව භාරතයේ ම පැවති හතර වන ධර්ම සංගායනාවක් ගැන ද ඉතිහාසයේ සඳහන් වෙයි. එය ථේරවාදී සම්ප‍්‍රදායට අයත් නොවෙයි.



    https://sridaladamaligawa.lk/හයවන-මහා-ධර්ම-සංගායනාව/

    ලාගදීම තිබ්බ එකක් නිසා ඕනි කමක් තියෙනවා නං ඒ කරුණු රිෆර් කරල වෙනසක් කරගන්න පුළුවන්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    1466396683_2853002_hirunews_namal.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    8 වෙනි එක තියන්න කාලෙ හරි. හාන්දුරුවො කීයක් ඉතුරු වෙයිද පන්සල් කීයක් වැහෙයිද දැන් කාලෙ එකක් තිබ්බොත්.
    සමහර විට කවුරු හරි කියයි එහෙම එකක් තියන්න මාව පත් කරන්න කියල.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    හත් වැනි ධර්ම සංගායනාව තියන්න කොන්දක් තියෙන්නේ අනුර කුමාරට විතරයි..සිස්ටම් චේන්ජ් නම් එකම විසඳුම.. 👇 👇 👇

    Anura_Kumara_Dissanayake_2023.jpg
     
    • Haha
    Reactions: THE_RAIN

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    සමහර විට කවුරු හරි කියයි එහෙම එකක් තියන්න මාව පත් කරන්න කියල.
    තිබ්බොත් හොඳයි බං දුසිල්වත් සාධුල නිසා බුද්ධාගමට තියෙන පැහැදීම ගෞරවය නැති වෙලා තියෙන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    හත් වැනි ධර්ම සංගායනාව තියන්න කොන්දක් තියෙන්නේ අනුර කුමාරට විතරයි..සිස්ටම් චේන්ජ් නම් එකම විසඳුම.. 👇 👇 👇

    Anura_Kumara_Dissanayake_2023.jpg
    🙄

    තිබ්බොත් හොඳයි බං දුසිල්වත් සාධුල නිසා බුද්ධාගමට තියෙන පැහැදීම ගෞරවය නැති වෙලා තියෙන්නෙ
    ඔය වයිරල් වෙන තරම්ම නං අවුල් නෑ. එත් සංගදීකරණ ටික හරියට ක්‍රියාත්මක උනා නං ගොඩක් අවුල් විසඳෙයි.
    ------ Post added on Jul 8, 2023 at 7:53 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,725
    1
    57,902
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකත් හරියට ලංකාවේ පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කියල ඉල්ලනවා වගේ. මන්ත්‍රීල කැමති නෑ තමන්ගේ බලය වරප්‍රසාද දශමයකින්වත් විහින් අඩුකරගන්න. රජයේ සේවකයන් කැමති වෙන්නෙත් නෑ වෙනසක් වෙනවට.

    හරියට ධර්ම සංගායනාවක් කරොත් ඔය මහනායක, අනුනායක, විහාරාධිපති තනතුරු නැතිව යන්න ඕන. ඒවා සුද්දන්ගේ කාලේ ඇතිවෙච්ච දේවල්.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හොඳ ත්‍රෙඩ් එකක්. මෙම ධර්ම සංඝායනාවේදී පුච්චක තනතුර දැරූ මහාසී ස්වාමීන් වහන්සේ කියන්නෙ අපේ කාලයේ ශ්‍රේෂ්ඨතම යතිවරයක්.

    බුදුරදුන් කැට කුරුලු උපමාවෙන් භික්ශූන්ට කියනවා මහණෙනි තෙපිට මම සතර සතිපට්ඨාන පිය උරුමය කොට වදාලනවා කියලා. ඒ කියන්නේ බුදුපියාණන් තම සංඝපුත්‍රයන්ට දුන්න දායාදය, ධනය තමා සතරසතිපට්ඨානය.

    අතීතයේ සතරසතිපට්ඨානය බෞද්ධයන් අතර ප්‍රචලිතව තිබුනත්, මෑත අතීතය වන විට විවිධ දේශපාලනික ආර්ථික හේතු මත ලංකාවෙන් (ලෝකයෙන්ම පාහේ) සතරසතිපට්ඨානය පිලිබඳ පුහුණුව සංඝයාගෙන් ගිලිහී ගිහින් තිබුනා. එහෙම අරාජිකව පැවති ලාංකික බුදුදහමට, මහා සී හිමියන්ගේ කැපවීම නිසා නැවතත් සතර සතිපට්ඨානය, එහෙමත් නැතිනම් බුදුරදුන්ගේ පිය උරුමය හඳුනාගන්න අවස්ථාව උදාවුනා.

    මහාසී හිමියන් ගැන කතා දෙකතුනක් දන්නවා. වෙන රිප්ලයි එකකින් ලියන්නම් මෙතනට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මේකත් හරියට ලංකාවේ පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කියල ඉල්ලනවා වගේ. මන්ත්‍රීල කැමති නෑ තමන්ගේ බලය වරප්‍රසාද දශමයකින්වත් විහින් අඩුකරගන්න. රජයේ සේවකයන් කැමති වෙන්නෙත් නෑ වෙනසක් වෙනවට.

    හරියට ධර්ම සංගායනාවක් කරොත් ඔය මහනායක, අනුනායක, විහාරාධිපති තනතුරු නැතිව යන්න ඕන. ඒවා සුද්දන්ගේ කාලේ ඇතිවෙච්ච දේවල්.
    සඟරාජ තමා තනතුර. ඒක දෙන්න බයයි නිකාය බේදය නිසා

    හොඳ ත්‍රෙඩ් එකක්. මෙම ධර්ම සංඝායනාවේදී පුච්චක තනතුර දැරූ මහාසී ස්වාමීන් වහන්සේ කියන්නෙ අපේ කාලයේ ශ්‍රේෂ්ඨතම යතිවරයක්.

    බුදුරදුන් කැට කුරුලු උපමාවෙන් භික්ශූන්ට කියනවා මහණෙනි තෙපිට මම සතර සතිපට්ඨාන පිය උරුමය කොට වදාලනවා කියලා. ඒ කියන්නේ බුදුපියාණන් තම සංඝපුත්‍රයන්ට දුන්න දායාදය, ධනය තමා සතරසතිපට්ඨානය.

    අතීතයේ සතරසතිපට්ඨානය බෞද්ධයන් අතර ප්‍රචලිතව තිබුනත්, මෑත අතීතය වන විට විවිධ දේශපාලනික ආර්ථික හේතු මත ලංකාවෙන් (ලෝකයෙන්ම පාහේ) සතරසතිපට්ඨානය පිලිබඳ පුහුණුව සංඝයාගෙන් ගිලිහී ගිහින් තිබුනා. එහෙම අරාජිකව පැවති ලාංකික බුදුදහමට, මහා සී හිමියන්ගේ කැපවීම නිසා නැවතත් සතර සතිපට්ඨානය, එහෙමත් නැතිනම් බුදුරදුන්ගේ පිය උරුමය හඳුනාගන්න අවස්ථාව උදාවුනා.

    මහාසී හිමියන් ගැන කතා දෙකතුනක් දන්නවා. වෙන රිප්ලයි එකකින් ලියන්නම් මෙතනට.
    දැනගෙන හිටියෙ නෑ කලින්
    ------ Post added on Jul 8, 2023 at 8:34 AM
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව් ශ්‍රී ලාංකික බෞද්ධ අපි ඒ බුරුම භික්ෂූන්ට ණය ගැතියි.
    ඒවගේම අවලාද මැද ඒවා දියුණු කරපු ගල්දූව/කදුබොඩ/මීතිරිගල ගුරුකුල තුනේ ගුරු පරපුරටත්. බෞද්ධයෙකු නොවුනත් බෞද්ධාගම තවමත් පවතිනවා කියල මම දැනටත් පිලිගන්නෙ මේ ස්වාමීන්වහන්සේලා නිසා. සැබෑ බෞද්ධ භික්ෂූන්. :yes:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට යමක් කමක් තේරෙන්න පටන්ගත්ත කාලේ ඉඳන් තිබුණ ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි ආයේ මෙහෙම දෙයක් කරලා බුද්ධ ශාසනය විනාස වෙන එක නවත්තන්න කාටවත් ඕනිකමක් නැත්තෙ කියලා. හැබැයි ඒකට උත්තරෙත් මල්වතු අස්ගිරි රූකඩ දැක්කාම තේරුණා.
     

    Similar threads