Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙරුවන් සරණයි !..

ලිපිය කියවන්න

ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම

ධාතු වන්දනාවන්ට නිග්‍රහ කිරීමේ බරපතළ බව යමෙකු දන්නේ නම් කිසිදිනෙක උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් නිධන් කළ සෑයකට කරන ලද පුණ්‍යකර්මයක් අනුමෝදන් වනු විනා නින්දා අපහාස උසුළු විසුළු කවට වදන් නො කියන්නේ ම ය. බොහෝ පිරිසකට දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් උරුම කරදෙන එවන් පිනකට ගරහන්නෝ අඳ බාලයෝ ම වෙති. පිනෙන් බැහැර වූවෝ වෙති.

“ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද?” කියමින් එලෙස භාග්‍යවතුන් වහන්සේගේ ධාතු වන්දනාවකට අපහාස කළ ප්‍රේතයෙකු විඳින මාරාන්තික බලගතු දුක් වේදනාවන් ගැන කියවෙන මෙම ධාතු විවණ්ණික ප්‍රේත වස්තුව අප සැමට වචනයෙන් සිදුවන පාපකර්මයෙන් ගැලවීම කොතරම් යහපත් ද යන්නට මහඟු උදාහරණයක් සපයයි.

කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් වනයෙහි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසු ඒ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණ කොට බෙදා දෙන ලදී. අජාසත් රජතුමා තමාට ලැබුණු එම ධාතූන් වහන්සේලා මහත් ආදරයෙන් අවුරුදු සතකුත් මාස සතකුත් සත් දිනක් මුළුල්ලෙහි අනන්ත බුදුගුණ සිහි කරමින් මහත් වූ පුද පූජා පැවැත්වී ය.

එම ධාතු වන්දනාවෙහි දී පින් රැස්කර ගත් අප්‍රමාණ වූ ලක්ෂ ගණන් මිනිස්සු දිව්‍ය ලෝකයන්හි උපත ලැබීමට වාසනාවන්ත වූහ. අසූහය දහසක් පමණ මිනිස්සු බොහෝ කාලයක් තිස්සේ පුරුදු කරන ලද අශ්රද්ධාව සහ මිථ්‍යා දෘෂ්ටිය සහිත බැවින් පැහැදිය යුතු තැන පැහැදීමකින් තොරව තමන්ගේ සිත දූෂිත කරගෙන ප්‍රේත ලෝකයෙහි උපත ලැබීමට තරම් අවාසනාවන්ත වූහ.

එකල රජගහනුවර බොහෝ ධන සම්පත් ඇති මිනිසෙක් විය. ඔහුගේ බිරිඳ, දියණිය සහ ඇගේ යෙහෙළිය ධාතු වන්දනාව සඳහා මල් සුවඳ දුම් ආදිය ගෙන ගමනට සූදානම් වූහ. එය දුටු එම මිනිසා “ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද?” කියමින් ඔවුන්ට නින්දා කොට ධාතූ පූජාවේ නුගුණ කීවේ ය. ඔහුගේ කීම ගණනකට නොගත් ඔවුන් තිදෙනා ධාතු පූජා ස්ථානයට ගොස් ධාතූන් වහන්සේලාට පුද පූජා පවත්වා ආපසු පැමිණියහ.

පසු කලෙක රෝගයක් වැළඳීම හේතුවෙන් මරණයට පත් වූ එම ස්ත්‍රීන් තිදෙන දෙව්ලොව උපත ලැබූහ. ධාතු වන්දනාවට නින්දා කළ පාපයෙන් එම ක්‍රෝධයෙන් යුතු පුරුෂයා මරණයට පත්ව ප්‍රේත ලෝකයෙහි උපත ලැබී ය.

එක් දිනක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මිනිසුන් කෙරෙහි උපන් කරුණාවෙන් මිනිසුන් හට ප්‍රේතයන් හා දෙවියන් දැකගත හැකි වන අයුරින් ඍද්ධි සංස්කාරයක් කළ සේක. එසේ ප්‍රේතයන් සහ දෙවිවරුන් මිනිසුන් හට දක්නට ලැබූ පසු උන්වහන්සේ එම ප්‍රේතයන්ගෙන් ප්‍රශ්න විමසන්නට වූහ.

“එම්බල ප්‍රේතය, කුණු ගඳින් යුතු නුඹ අහසෙහි හාත්පස දුර්ගන්ධය පතුරුවන්නේ ය. කුණු ගඳ හමා යන නුඹගේ මුඛය සිසාරා පණුවෝ කති. නුඹ පෙර භවයේ කුමන අකුසල කර්මයක් කර ගත්තේ ද? ඒ දුගඳ හමන නුඹගේ මුඛය කර්මය හේතුවෙන් උපන් සත්වයන් තියුණු මුවහත් ආයුධ ගෙන නැවත නැවත කපයි. කැපූ කැපූ ක්ෂණයෙන් නැවත ලුණු වතුර ඉසිමින් නැවත නැවත කපයි. නුඹ විසින් පෙර කරන ලද කුමන අකුසල කර්මයක විපාකය හේතුවෙන් ද මෙවැනි දරුණු දුකකට පැමිණියේ?” මහරහතන් වහන්සේ ප්‍රේතයාගෙන් විමසා සිටි සේක.

“නිදුකාණන් වහන්ස, මම ඉතා අලංකාර වූ ගිරිවජ්ර නම් රජගහනුවර බොහෝ ධන ධාන්‍ය සහිතව වාසය කළ මහා ධනවතෙක් වෙමි. දැන් දෙවි ව අහසේ සිටින ඇය මාගේ පෙර අත්බවයේ භාර්යාව යි. අනෙක් දිව්‍යාංගනාවන් දෙදෙන මාගේ දියණිය සහ ඇගේ යෙහෙළිය යි. ඔවුන් මල් සුවඳ විලවුන් ගෙන ධාතු වන්දනාවට නික්ම යන කල මම එම ධාතු වන්දනාවට නිග්‍රහ කර ඔවුන් වැළැක්වීමි. මා විසින් එම ධාතු පූජාවේ නුගුණ කීමේ පාප කර්මය කරන ලදී. මා ඇතුළු අසූහය දහසක් පමණ වූ පිරිසක් ධාතු වන්දනාවට දොස් කියා මැරී ගොස් බලවත් දුක් ඇති ප්‍රේත ලෝකයෙහි ඉපදී වෙන වෙනම තමා විසින් කළ පාපකර්මයන්ගේ මහත් දුක් වේදනා විඳින්නෙමු. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යය උදෙසා පූජා පවත්වන කල්හි මා සේ ම යම් කෙනෙක් දොස් කියන්නේ ද ඒ පුද්ගලයා පිනෙන් බැහැර යැයි දැනගනු මැනවි. එමෙන් ම ඔහු මහත් පිරිහීමට පැමිණෙයි.

දිව්‍යමය වූ මල්මාලා පැලඳ සැරසුණා වූ දිව්‍ය සම්පතින් බබළන දෙව් පිරිවර ද සහිතව චෛත්‍ය වන්දනාව උදෙසා කළ මල් පූජාවේ විපාක විඳිමින් අහසින් පැමිණෙන මේ දිව්‍ය ස්ත්‍රීන් දෙස බලනු මැනවි. ස්වාමීනී, මහා කාශ්‍යපයන් වහන්ස, ඒ ඉතා සුළු පූජා කුසලයක ආශ්චර්ය අද්භූත වූ ලොමුදැහැ ගන්වන්නා වූ මහත් කුසල් විපාකයන් දැක ප්‍රඥාවන්තයෝ අති උත්තම පින්කෙතක් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේ වන්දනා කරති. එය එසේ ම යි, මහරහතන් වහන්ස, මම ද මෙයින් චුතව මිනිසත් බව ලබා නොපමා වෙමින් නැවත නැවත චෛත්‍ය පූජා කරන්නෙමි.” කලකිරුණු සිත් ඇති ප්‍රේතයා පැවසී ය.

මෙසේ ප්‍රේතයා පැවසූ පසු අග්‍ර ධුතාංගධාරී මහාකස්සප මහරහත් මුනිඳුන් එම කාරණය අර්ථය ලෙස ගෙන පැමිණ සිටි පිරිසට දහම් දෙසූ සේක.

ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය

තෙරුවන් සරණයි

මෙම උතුම් දහම් කරුණු සියලු දෙනා අතර බෙදාහැර ධර්ම දානයට දායක වන්න .

[QUOTE="demee, post: 30669102, member: 371755"] තෙරුවන් සරණයි !.. ලිපිය කියවන්න ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම _____________________________________________ ධාතු වන්දනාවන්ට නිග්‍රහ කිරීමේ බරපතළ බව යමෙකු දන්නේ නම් කිසිදිනෙක උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් නිධන් කළ සෑයකට කරන ලද පුණ්‍යකර්මයක් අනුමෝදන් වනු විනා නින්දා අපහාස උසුළු විසුළු කවට වදන් නො කියන්නේ ම ය. බොහෝ පිරිසකට දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් උරුම කරදෙන එවන් පිනකට ගරහන්නෝ අඳ බාලයෝ ම වෙති. පිනෙන් බැහැර වූවෝ වෙති. “ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද?” කියමින් එලෙස භාග්‍යවතුන් වහන්සේගේ ධාතු වන්දනාවකට අපහාස කළ ප්‍රේතයෙකු විඳින මාරාන්තික බලගතු දුක් වේදනාවන් ගැන කියවෙන මෙම ධාතු විවණ්ණික ප්‍රේත වස්තුව අප සැමට වචනයෙන් සිදුවන පාපකර්මයෙන් ගැලවීම කොතරම් යහපත් ද යන්නට මහඟු උදාහරණයක් සපයයි. කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් වනයෙහි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසු ඒ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණ කොට බෙදා දෙන ලදී. අජාසත් රජතුමා තමාට ලැබුණු එම ධාතූන් වහන්සේලා මහත් ආදරයෙන් අවුරුදු සතකුත් මාස සතකුත් සත් දිනක් මුළුල්ලෙහි අනන්ත බුදුගුණ සිහි කරමින් මහත් වූ පුද පූජා පැවැත්වී ය. එම ධාතු වන්දනාවෙහි දී පින් රැස්කර ගත් අප්‍රමාණ වූ ලක්ෂ ගණන් මිනිස්සු දිව්‍ය ලෝකයන්හි උපත ලැබීමට වාසනාවන්ත වූහ. අසූහය දහසක් පමණ මිනිස්සු බොහෝ කාලයක් තිස්සේ පුරුදු කරන ලද අශ්රද්ධාව සහ මිථ්‍යා දෘෂ්ටිය සහිත බැවින් පැහැදිය යුතු තැන පැහැදීමකින් තොරව තමන්ගේ සිත දූෂිත කරගෙන ප්‍රේත ලෝකයෙහි උපත ලැබීමට තරම් අවාසනාවන්ත වූහ. එකල රජගහනුවර බොහෝ ධන සම්පත් ඇති මිනිසෙක් විය. ඔහුගේ බිරිඳ, දියණිය සහ ඇගේ යෙහෙළිය ධාතු වන්දනාව සඳහා මල් සුවඳ දුම් ආදිය ගෙන ගමනට සූදානම් වූහ. එය දුටු එම මිනිසා “ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද?” කියමින් ඔවුන්ට නින්දා කොට ධාතූ පූජාවේ නුගුණ කීවේ ය. ඔහුගේ කීම ගණනකට නොගත් ඔවුන් තිදෙනා ධාතු පූජා ස්ථානයට ගොස් ධාතූන් වහන්සේලාට පුද පූජා පවත්වා ආපසු පැමිණියහ. පසු කලෙක රෝගයක් වැළඳීම හේතුවෙන් මරණයට පත් වූ එම ස්ත්‍රීන් තිදෙන දෙව්ලොව උපත ලැබූහ. ධාතු වන්දනාවට නින්දා කළ පාපයෙන් එම ක්‍රෝධයෙන් යුතු පුරුෂයා මරණයට පත්ව ප්‍රේත ලෝකයෙහි උපත ලැබී ය. එක් දිනක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මිනිසුන් කෙරෙහි උපන් කරුණාවෙන් මිනිසුන් හට ප්‍රේතයන් හා දෙවියන් දැකගත හැකි වන අයුරින් ඍද්ධි සංස්කාරයක් කළ සේක. එසේ ප්‍රේතයන් සහ දෙවිවරුන් මිනිසුන් හට දක්නට ලැබූ පසු උන්වහන්සේ එම ප්‍රේතයන්ගෙන් ප්‍රශ්න විමසන්නට වූහ. “එම්බල ප්‍රේතය, කුණු ගඳින් යුතු නුඹ අහසෙහි හාත්පස දුර්ගන්ධය පතුරුවන්නේ ය. කුණු ගඳ හමා යන නුඹගේ මුඛය සිසාරා පණුවෝ කති. නුඹ පෙර භවයේ කුමන අකුසල කර්මයක් කර ගත්තේ ද? ඒ දුගඳ හමන නුඹගේ මුඛය කර්මය හේතුවෙන් උපන් සත්වයන් තියුණු මුවහත් ආයුධ ගෙන නැවත නැවත කපයි. කැපූ කැපූ ක්ෂණයෙන් නැවත ලුණු වතුර ඉසිමින් නැවත නැවත කපයි. නුඹ විසින් පෙර කරන ලද කුමන අකුසල කර්මයක විපාකය හේතුවෙන් ද මෙවැනි දරුණු දුකකට පැමිණියේ?” මහරහතන් වහන්සේ ප්‍රේතයාගෙන් විමසා සිටි සේක. “නිදුකාණන් වහන්ස, මම ඉතා අලංකාර වූ ගිරිවජ්ර නම් රජගහනුවර බොහෝ ධන ධාන්‍ය සහිතව වාසය කළ මහා ධනවතෙක් වෙමි. දැන් දෙවි ව අහසේ සිටින ඇය මාගේ පෙර අත්බවයේ භාර්යාව යි. අනෙක් දිව්‍යාංගනාවන් දෙදෙන මාගේ දියණිය සහ ඇගේ යෙහෙළිය යි. ඔවුන් මල් සුවඳ විලවුන් ගෙන ධාතු වන්දනාවට නික්ම යන කල මම එම ධාතු වන්දනාවට නිග්‍රහ කර ඔවුන් වැළැක්වීමි. මා විසින් එම ධාතු පූජාවේ නුගුණ කීමේ පාප කර්මය කරන ලදී. මා ඇතුළු අසූහය දහසක් පමණ වූ පිරිසක් ධාතු වන්දනාවට දොස් කියා මැරී ගොස් බලවත් දුක් ඇති ප්‍රේත ලෝකයෙහි ඉපදී වෙන වෙනම තමා විසින් කළ පාපකර්මයන්ගේ මහත් දුක් වේදනා විඳින්නෙමු. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යය උදෙසා පූජා පවත්වන කල්හි මා සේ ම යම් කෙනෙක් දොස් කියන්නේ ද ඒ පුද්ගලයා පිනෙන් බැහැර යැයි දැනගනු මැනවි. එමෙන් ම ඔහු මහත් පිරිහීමට පැමිණෙයි. දිව්‍යමය වූ මල්මාලා පැලඳ සැරසුණා වූ දිව්‍ය සම්පතින් බබළන දෙව් පිරිවර ද සහිතව චෛත්‍ය වන්දනාව උදෙසා කළ මල් පූජාවේ විපාක විඳිමින් අහසින් පැමිණෙන මේ දිව්‍ය ස්ත්‍රීන් දෙස බලනු මැනවි. ස්වාමීනී, මහා කාශ්‍යපයන් වහන්ස, ඒ ඉතා සුළු පූජා කුසලයක ආශ්චර්ය අද්භූත වූ ලොමුදැහැ ගන්වන්නා වූ මහත් කුසල් විපාකයන් දැක ප්‍රඥාවන්තයෝ අති උත්තම පින්කෙතක් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේ වන්දනා කරති. එය එසේ ම යි, මහරහතන් වහන්ස, මම ද මෙයින් චුතව මිනිසත් බව ලබා නොපමා වෙමින් නැවත නැවත චෛත්‍ය පූජා කරන්නෙමි.” කලකිරුණු සිත් ඇති ප්‍රේතයා පැවසී ය. මෙසේ ප්‍රේතයා පැවසූ පසු අග්‍ර ධුතාංගධාරී මහාකස්සප මහරහත් මුනිඳුන් එම කාරණය අර්ථය ලෙස ගෙන පැමිණ සිටි පිරිසට දහම් දෙසූ සේක. ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය තෙරුවන් සරණයි[IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/2638.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] මෙම උතුම් දහම් කරුණු සියලු දෙනා අතර බෙදාහැර ධර්ම දානයට දායක වන්න . [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom