ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    තෙරුවන් සරණයි !..
    ලිපිය කියවන්න
    ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම
    _____________________________________________
    ධාතු වන්දනාවන්ට නිග්‍රහ කිරීමේ බරපතළ බව යමෙකු දන්නේ නම් කිසිදිනෙක උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් නිධන් කළ සෑයකට කරන ලද පුණ්‍යකර්මයක් අනුමෝදන් වනු විනා නින්දා අපහාස උසුළු විසුළු කවට වදන් නො කියන්නේ ම ය. බොහෝ පිරිසකට දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් උරුම කරදෙන එවන් පිනකට ගරහන්නෝ අඳ බාලයෝ ම වෙති. පිනෙන් බැහැර වූවෝ වෙති.
    “ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද?” කියමින් එලෙස භාග්‍යවතුන් වහන්සේගේ ධාතු වන්දනාවකට අපහාස කළ ප්‍රේතයෙකු විඳින මාරාන්තික බලගතු දුක් වේදනාවන් ගැන කියවෙන මෙම ධාතු විවණ්ණික ප්‍රේත වස්තුව අප සැමට වචනයෙන් සිදුවන පාපකර්මයෙන් ගැලවීම කොතරම් යහපත් ද යන්නට මහඟු උදාහරණයක් සපයයි.
    කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් වනයෙහි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසු ඒ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණ කොට බෙදා දෙන ලදී. අජාසත් රජතුමා තමාට ලැබුණු එම ධාතූන් වහන්සේලා මහත් ආදරයෙන් අවුරුදු සතකුත් මාස සතකුත් සත් දිනක් මුළුල්ලෙහි අනන්ත බුදුගුණ සිහි කරමින් මහත් වූ පුද පූජා පැවැත්වී ය.
    එම ධාතු වන්දනාවෙහි දී පින් රැස්කර ගත් අප්‍රමාණ වූ ලක්ෂ ගණන් මිනිස්සු දිව්‍ය ලෝකයන්හි උපත ලැබීමට වාසනාවන්ත වූහ. අසූහය දහසක් පමණ මිනිස්සු බොහෝ කාලයක් තිස්සේ පුරුදු කරන ලද අශ්‍රද්ධාව සහ මිථ්‍යා දෘෂ්ටිය සහිත බැවින් පැහැදිය යුතු තැන පැහැදීමකින් තොරව තමන්ගේ සිත දූෂිත කරගෙන ප්‍රේත ලෝකයෙහි උපත ලැබීමට තරම් අවාසනාවන්ත වූහ.
    එකල රජගහනුවර බොහෝ ධන සම්පත් ඇති මිනිසෙක් විය. ඔහුගේ බිරිඳ, දියණිය සහ ඇගේ යෙහෙළිය ධාතු වන්දනාව සඳහා මල් සුවඳ දුම් ආදිය ගෙන ගමනට සූදානම් වූහ. එය දුටු එම මිනිසා “ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද?” කියමින් ඔවුන්ට නින්දා කොට ධාතූ පූජාවේ නුගුණ කීවේ ය. ඔහුගේ කීම ගණනකට නොගත් ඔවුන් තිදෙනා ධාතු පූජා ස්ථානයට ගොස් ධාතූන් වහන්සේලාට පුද පූජා පවත්වා ආපසු පැමිණියහ.
    පසු කලෙක රෝගයක් වැළඳීම හේතුවෙන් මරණයට පත් වූ එම ස්ත්‍රීන් තිදෙන දෙව්ලොව උපත ලැබූහ. ධාතු වන්දනාවට නින්දා කළ පාපයෙන් එම ක්‍රෝධයෙන් යුතු පුරුෂයා මරණයට පත්ව ප්‍රේත ලෝකයෙහි උපත ලැබී ය.
    එක් දිනක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මිනිසුන් කෙරෙහි උපන් කරුණාවෙන් මිනිසුන් හට ප්‍රේතයන් හා දෙවියන් දැකගත හැකි වන අයුරින් ඍද්ධි සංස්කාරයක් කළ සේක. එසේ ප්‍රේතයන් සහ දෙවිවරුන් මිනිසුන් හට දක්නට ලැබූ පසු උන්වහන්සේ එම ප්‍රේතයන්ගෙන් ප්‍රශ්න විමසන්නට වූහ.
    “එම්බල ප්‍රේතය, කුණු ගඳින් යුතු නුඹ අහසෙහි හාත්පස දුර්ගන්ධය පතුරුවන්නේ ය. කුණු ගඳ හමා යන නුඹගේ මුඛය සිසාරා පණුවෝ කති. නුඹ පෙර භවයේ කුමන අකුසල කර්මයක් කර ගත්තේ ද? ඒ දුගඳ හමන නුඹගේ මුඛය කර්මය හේතුවෙන් උපන් සත්වයන් තියුණු මුවහත් ආයුධ ගෙන නැවත නැවත කපයි. කැපූ කැපූ ක්‍ෂණයෙන් නැවත ලුණු වතුර ඉසිමින් නැවත නැවත කපයි. නුඹ විසින් පෙර කරන ලද කුමන අකුසල කර්මයක විපාකය හේතුවෙන් ද මෙවැනි දරුණු දුකකට පැමිණියේ?” මහරහතන් වහන්සේ ප්‍රේතයාගෙන් විමසා සිටි සේක.
    “නිදුකාණන් වහන්ස, මම ඉතා අලංකාර වූ ගිරිවජ්‍ර නම් රජගහනුවර බොහෝ ධන ධාන්‍ය සහිතව වාසය කළ මහා ධනවතෙක් වෙමි. දැන් දෙවි ව අහසේ සිටින ඇය මාගේ පෙර අත්බවයේ භාර්යාව යි. අනෙක් දිව්‍යාංගනාවන් දෙදෙන මාගේ දියණිය සහ ඇගේ යෙහෙළිය යි. ඔවුන් මල් සුවඳ විලවුන් ගෙන ධාතු වන්දනාවට නික්ම යන කල මම එම ධාතු වන්දනාවට නිග්‍රහ කර ඔවුන් වැළැක්වීමි. මා විසින් එම ධාතු පූජාවේ නුගුණ කීමේ පාප කර්මය කරන ලදී. මා ඇතුළු අසූහය දහසක් පමණ වූ පිරිසක් ධාතු වන්දනාවට දොස් කියා මැරී ගොස් බලවත් දුක් ඇති ප්‍රේත ලෝකයෙහි ඉපදී වෙන වෙනම තමා විසින් කළ පාපකර්මයන්ගේ මහත් දුක් වේදනා විඳින්නෙමු. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යය උදෙසා පූජා පවත්වන කල්හි මා සේ ම යම් කෙනෙක් දොස් කියන්නේ ද ඒ පුද්ගලයා පිනෙන් බැහැර යැයි දැනගනු මැනවි. එමෙන් ම ඔහු මහත් පිරිහීමට පැමිණෙයි.
    දිව්‍යමය වූ මල්මාලා පැලඳ සැරසුණා වූ දිව්‍ය සම්පතින් බබළන දෙව් පිරිවර ද සහිතව චෛත්‍ය වන්දනාව උදෙසා කළ මල් පූජාවේ විපාක විඳිමින් අහසින් පැමිණෙන මේ දිව්‍ය ස්ත්‍රීන් දෙස බලනු මැනවි. ස්වාමීනී, මහා කාශ්‍යපයන් වහන්ස, ඒ ඉතා සුළු පූජා කුසලයක ආශ්චර්ය අද්භූත වූ ලොමුදැහැ ගන්වන්නා වූ මහත් කුසල් විපාකයන් දැක ප්‍රඥාවන්තයෝ අති උත්තම පින්කෙතක් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේ වන්දනා කරති. එය එසේ ම යි, මහරහතන් වහන්ස, මම ද මෙයින් චුතව මිනිසත් බව ලබා නොපමා වෙමින් නැවත නැවත චෛත්‍ය පූජා කරන්නෙමි.” කලකිරුණු සිත් ඇති ප්‍රේතයා පැවසී ය.
    මෙසේ ප්‍රේතයා පැවසූ පසු අග්‍ර ධුතාංගධාරී මහාකස්සප මහරහත් මුනිඳුන් එම කාරණය අර්ථය ලෙස ගෙන පැමිණ සිටි පිරිසට දහම් දෙසූ සේක.
    ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය
    තෙරුවන් සරණයි
    ☸️
    🙏

    මෙම උතුම් දහම් කරුණු සියලු දෙනා අතර බෙදාහැර ධර්ම දානයට දායක වන්න .
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    වන්දනා කරපු උන්ට සෙතකුත් නෑ ඉතින් , ඉස්සර කතා වලනම් දුප්පත් මිනිස්සු හාමුදුරුවන්ට දානෙ දීල ගෙදර යද්දි දෙවිවරු වස්තුව ගෙනත් දාල ගේ පිරෙන්න.
    ඒත් දැං එහෙම නෑනෙ

    මට තේරුණ විදියට ඔය දන්ත ධාතු කියල වදින්නෙ ඇත්දල වලින් කපපු එකකට
    ඒ වගේම අපි දාන දෙන්න හාමුදුරුවරු දුෂ්ෂීලයි.
    ඒ හින්ද තමයි ප්රතිඵල නැත්තෙ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ඕවා වැඩක් නෑ පාප්තුමා නැති වෙලා ඒකට මුල් තැන දීපන්
     
    • Like
    Reactions: Rankwitz

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    වන්දනා කරපු උන්ට සෙතකුත් නෑ ඉතින් , ඉස්සර කතා වලනම් දුප්පත් මිනිස්සු හාමුදුරුවන්ට දානෙ දීල ගෙදර යද්දි දෙවිවරු වස්තුව ගෙනත් දාල ගේ පිරෙන්න.
    ඒත් දැං එහෙම නෑනෙ

    මට තේරුණ විදියට ඔය දන්ත ධාතු කියල වදින්නෙ ඇත්දල වලින් කපපු එකකට
    ඒ වගේම අපි දාන දෙන්න හාමුදුරුවරු දුෂ්ෂීලයි.
    ඒ හින්ද තමයි ප්රතිඵල නැත්තෙ.
    අම්මටසිරි එහෙමද..?
    උදාහරනයක් දෙකක් කියපන්කො බලන්න..
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,839
    2,489
    113
    wadaa wadagath wannee bauthika dewal pasupasa yaama noya, deeshanaa karanalada buddha darshanaya nana pamanin awaboda kara ganeemayi
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    ඕවා වැඩක් නෑ පාප්තුමා නැති වෙලා ඒකට මුල් තැන දීපන්
    ඊට කලින් අවතාරෙ මාරු කරපන්. දැන් දාපන් වෙන්ඩ පාප්, මැල්කම් රංජිත්ගෙ පොටෝ එකක්..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    අම්මටසිරි එහෙමද..?
    උදාහරනයක් දෙකක් කියපන්කො බලන්න..
    සීවලී හාමුදුරුවො එනකොට එක සිටු වරයෙක් කැවුම් බැද බැද හිටියා. කැවුම් දුන්නෙ නැති නිසා හදන කැවුම් ටික සේරම ගල් කැවුම් වුණා. 🤷‍♂️
     
    • Dislike
    Reactions: Rasika212

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    සීවලී හාමුදුරුවො එනකොට එක සිටු වරයෙක් කැවුම් බැද බැද හිටියා. කැවුම් දුන්නෙ නැති නිසා හදන කැවුම් ටික සේරම ගල් කැවුම් වුණා. 🤷‍♂️
    මුගලන් මහා රහතන් වහන්සේ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    “ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද?”

    no offense මචන්..
    ඒත් එක ආගමක් තියෙනවා x, අනිත් ආගම y
    x ආගමේ පොතක ඔය කතාව ඔය විදිහටම තිවෙනවා, y ආගමෙත් තියෙනවා

    දැන් පින් හම්බෙන්නේ x ආගමේ දන්ත දාතුන් වහන්සේට වැන්දොත්ද නැත්තම් y ආගමේ දන්ත දාතුන් වහන්සේට වැන්දොත්ද?

    වැරදි ආගමේ එකට වැන්දොත් පව්ද හම්බෙන්නේ?

    පින්/ පව් කොහොමද හම්බෙන්නේ?
    ඒ කියන්නේ මන් දැන් x සහ y ආගමේ දන්ත දාතුන් වදින්න යන පෝලින් දිහා බලන් "ඇ... පූජා කිරීමෙන් කවර.." කිව්වොත් මට පව්ද සිද්ද වෙන්නේ?
    මන් පෙරේතයෙක් වෙයිද?
     
    • Like
    Reactions: Candid-B

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    චැට් gpt පිළිතුර ...

    That’s the big question — is the tooth real? And the answer depends on what you mean by “real”:


    🔬 Historically/Scientifically?


    • There’s no solid scientific proof that the tooth actually belonged to Gautama Buddha, who lived around the 5th–6th century BCE.
    • The relic hasn't been subjected to modern forensic analysis (like carbon dating), mostly out of respect for religious beliefs.
    • Some scholars argue the relic is too large to be a human tooth — more like a buffalo’s or elephant’s molar — but again, there’s no definitive testing.

    🙏 Religiously/Culturally?


    • To millions of Buddhists, especially in Sri Lanka, the relic is deeply sacred, regardless of scientific proof.
    • Its power lies in its symbolism — it represents the Buddha, his teachings, and continuity of the Buddhist tradition.

    🏛️ Politically/Historically?​


    • Whether or not it’s truly Buddha’s tooth, it has played a huge role in Sri Lanka’s history, used by kings to legitimize their rule for centuries.
    • It’s been moved, stolen, hidden, and recovered — so even its journey has a kind of legendary status.

    So basically: "Is it really the Buddha’s tooth?" — We can't say for sure. But its importance goes way beyond physical authenticity. It’s more about what it represents to the people who believe in it.


    Would you want it to be real? Or are you more on the history/science side of things?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    no offense මචන්..
    ඒත් එක ආගමක් තියෙනවා x, අනිත් ආගම y
    x ආගමේ පොතක ඔය කතාව ඔය විදිහටම තිවෙනවා, y ආගමෙත් තියෙනවා

    දැන් පින් හම්බෙන්නේ x ආගමේ දන්ත දාතුන් වහන්සේට වැන්දොත්ද නැත්තම් y ආගමේ දන්ත දාතුන් වහන්සේට වැන්දොත්ද?

    වැරදි ආගමේ එකට වැන්දොත් පව්ද හම්බෙන්නේ?

    පින්/ පව් කොහොමද හම්බෙන්නේ?
    ඒ කියන්නේ මන් දැන් x සහ y ආගමේ දන්ත දාතුන් වදින්න යන පෝලින් දිහා බලන් "ඇ... පූජා කිරීමෙන් කවර.." කිව්වොත් මට පව්ද සිද්ද වෙන්නේ?
    මන් පෙරේතයෙක් වෙයිද?
    paradox
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සීවලී හාමුදුරුවො එනකොට එක සිටු වරයෙක් කැවුම් බැද බැද හිටියා. කැවුම් දුන්නෙ නැති නිසා හදන කැවුම් ටික සේරම ගල් කැවුම් වුණා. 🤷‍♂️
    ඒ සිටුවරයෙක්නේ බන්.. මූ කියන්නෙ එහෙම එකක් නෙවෙයි.
    "ඉස්සර කතා වලනම් දුප්පත් මිනිස්සු හාමුදුරුවන්ට දානෙ දීල ගෙදර යද්දි දෙවිවරු වස්තුව ගෙනත් දාල ගේ පිරෙන්න".
    පරතෙරට මේක දන්නවා වගේ පෙන්නන නිසා ඇහුවෙ, මොන අට්ඨකතාවෙද එහෙම තිබ්බෙ කියලා දැන ගන්න.
    ගොඩක් ඔය කෑ ගහන එවුන් පයියෙනුත් 1/4ක් දෙයියන්ට දීපු උන් බන්... :ROFLMAO::ROFLMAO:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    ඒ සිටුවරයෙක්නේ බන්.. මූ කියන්නෙ එහෙම එකක් නෙවෙයි.
    "ඉස්සර කතා වලනම් දුප්පත් මිනිස්සු හාමුදුරුවන්ට දානෙ දීල ගෙදර යද්දි දෙවිවරු වස්තුව ගෙනත් දාල ගේ පිරෙන්න".
    පරතෙරට මේක දන්නවා වගේ පෙන්නන නිසා ඇහුවෙ, මොන අට්ඨකතාවෙද එහෙම තිබ්බෙ කියලා දැන ගන්න.
    ගොඩක් ඔය කෑ ගහන එවුන් පයියෙනුත් 1/4ක් දෙයියන්ට දීපු උන් බන්... :ROFLMAO::ROFLMAO:
    අර කියපු ගොන් තඩියම තමයි දන්නෙ. 🤷‍♂️ @Wadakaru