Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාතු විස්තරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනීයත්වයට ලක් වූ දන්ත ධාතුන් වහන්සේ අපමණ ගැහැට හා නොයෙක් බාධකවලට ලක් වූ බව වංශ කතා පරිශීලනය කිරීමේදී හෙළිදරව් වේ. ඒ අනුව පළමුවෙන් අපට දකින්නට ලැබෙන සිදුවීම නම් ගුහසීව රජු දවස පැළලුප් නුවර විසූ පණ්ඩු රජුගේ නියමයෙන් එහි ගෙනයන ලද දන්ත ධාතුන් වහන්සේ පරීක්ෂණය සඳහා නොයෙක් අතවරයන්ට භාජනය කරනු ලැබූ බවත් පසුව ඔහු බුදුගුණයෙහි පැහැදි මිසදිටුවන් පළවා හැර දළදා වහන්සේ ආරක්ෂා කර ගත් බවත් යන සිදුවීමයි.

එම සිදුවීම නම් පණ්ඩු රජු හා වීරධාර රජු අතර ඇති වූ යුද්ධය නිසා තර්ජනයක් දන්ත ධාතුන් වහන්සේටද, ඇතිවිය. එයද දන්ත ධාතුන් වහන්සේට විඳින්නට සිදුවූ බලවත් ගැහැටක් බව අපට කීමට පුළුවන. තවද එක් අවස්ථාවක ඉන්දියාවෙන් පැමිණි සතුරන් කීපවරක්ම මේ ධාතුන් වහන්සේ පැහැරගෙන ගිය බවක් ද සඳහන් වේ. එසේ වුවද භක්තිමත් සිංහල රජ දරුවෝ නැවත මෙරටට වඩමවා ගෙනවුත් සුදුසු පරිදි රාජ ගෞරවයෙන් පිදූහ.

ලංකාද්විපය නොයෙක් ජාතිකයින්ගේ ආක්රමණවලට ලක් වූ බවත්, එවැනි අවස්ථාවල අප රටේ උතුම් පූජනීය වස්තූ®න්ද ඔවුන්ගේ් තාඩන, පීඩනවලට ලක් වූ බව නිසැකයෙන් කීමට පුළුවන. ඒ අතර පෘතුගිසීන්ගේ පැමිණීම ලක්වැසියාට හා රටේ පූජනීය වස්තුන් වලට ඉතා වියවුල් කාලයක් උදා වූ කාලයක් විය. ඒ අතර දන්ත ධාතුන් වහන්සේටත් බාධක උදා වූ අතර, ධාතුන් වහන්සේ භාරකාර අයටද එය රැකීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. එසේ ජීවිත කැපවීමෙන් දන්ත ධාතුන් වහන්සේ රැක ගැනීම නිසා වර්තමාන ජනතාවට පවා වන්දනා මාන කිරීමට ශක්තියක් ලැබී ඇත. මේ තොරතුරු අනුව කිත්සිරි මෙවන් රජුතෙක් ඉතිහාසය ඇතුළත්ව දිවයන බව අනාවරණය වේ.

ඉන්දියාවේ සිට හේමමාලා සහ දන්ත කුමාරයා දන්ත ධාතුන් වහන්සේ රැගෙන එද්දි මඟදී නාගයින් ඔවුන්ට අවහිර කළ බැව් දාඨා වංශයෙහි සඳහන් වේ. මේ නිසා ඔවුන් දළදා වහන්සේ වැල්ලෙහි සඟවා තැබුයේ කෘෂ්ණ නදී තීරයෙහි දින්නෙයි නම් ස්ථානයෙහි බව කුමාරස්වාමි මහතා කරුණු ඉදිරිපත් කරයි. ‘දින්නේ’ යනු තෙළිගු භාෂාවෙන් වැලි ඉවුර යන අර්ථය වේ.

මෙහි නාගයින් යන නාමයෙන් හඳුන්වනු ලද්දේ ඉන්දියාවේ එක් පෙදෙසක විසූ මනුෂ්ය කොට්ඨාසයක් බව කුමාරස්වාමී මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරයි. අමරාවතී ස්ථූප ගැන චීනයෙන් හා ඉන්දියාවෙන් බ්රාහ්මණයන්ගෙන් ලබාගත් තොරතුරු අනුව ෆර්ගියුසන් මහතා මෙසේ ලියා තිබේ. ‘දළදාව කළිගුරට උදයගිරිය සමීපයෙහි වූ දන්ත පුරයෙහි වර්ෂ 800 ක් පමණ කල් සුරක්ෂිතව පැවතිණි’. මේ තොරතුරු අනුවද දළදා වහන්සේට ලැබුනු ආරක්ෂාව හා ගෞරවය ඉතා ඉහළ බව කීමට පුළුවන.

දළදා වහන්සේ පිළිබඳ කරුණු පරීක්ෂාකර බැලීමේදී ඒ පිළිබඳ කරුණු මුලින්ම අපට සඳහන් වන්නේ ඛුද්ධක නිකායේ - ඛුද්ධ වංශයෙහිය. සකල ලෝක වාසීන්ගේ ආමිස පූජාවට පාත්ර වූ දළදා වහන්සේ ගැන කරුණු නොයෙක් කෘතිවල ඉදිරිපත් කොට ඇත. ‘දළදා සිරිත, දාඨා වංශය, පූජාවලිය, අත්තනගලු වංශය’ ආදි වංශ කතාද බෞද්ධ සාහිත්ය කෘති, සන්නස්, කතිකාවත්, සෙල්ලිපි, ලේඛන, සංදේශ කාව්ය ආදියත් නූතන පර්යේෂණාත්මක ග්රන්ථත් මීට අන්තර්ගත වේ. මෙම කෘති පරිශීලනය කිරීම තුළින් අපටත් මෙම දහම් දිවයිනටත් උරුම වු ගෞතම බුද්ධ සංකේතය දාඨාධාතුව ගොඩනගා ඇති ඉතිහාසය බෞද්ධ සංස්කෘතිය බුද්ධ ශාසන ඉතිහාසය සමඟ මැනවින් ප්රදර්ශනය වේ.

දළදා වහන්සේ නිසාම බිහි වූ දෙයක් නම් දළදා මන්දිරයයි. ඒවාද ඉතා අලංකාරව පැරණි රජවරු නිර්මාණය කර ඇත. පොළොන්නරුව, අනුරාධපුරය වැනි ඓතිහාසික පසුබිම ගැන අවධානය යොමු කිරීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. බ්රිතාන්ය රජයේ කොමසාරිස් ව සිටි ජෝන් ඩොයිලි මහතාගේ දින පොතේ 1815 වර්ෂයේ මුල් භාගයේ සටහන් අනුව රජ මැදුරේ හා දළදා මැදුරේ වටිනා භාණ්ඩ පැහැර ගැනීමේ සිදුවීමක් සඳහන් වේ. මේ අනුව දළදා වහන්සේ හා දළදා මැදුරට ඇති වූ ගැහැට පිළිබඳ තොරතුරු අනාවරණය වේ.

ලෝකේත නාථ වදනං භ්රජරාජ

හංසං වෙනෙය්යකො මුදවනං කිරජෝති යන්තං

අද්ධින්දු කාර චරරූප විරාජ

මානං වන්දාමි සාදු මමලං ජින දන්ත ධාතුං

යන බුදුරජාණන් වහන්සේගේ ශ්රී මුඛයෙන් දෙසූ ගාථා ධර්මය සිහිපත් කරමින් සකල ලෝකවාසී බෞද්ධ ජනයා නමස්කාර කරන්නේ දළදා වහන්සේට ඇති ගෞරවය ආදරය භක්තිය නිසාය. මහ නුවර දළදා මන්දිරය තුළ වැජඹෙන ශ්රී දන්ත ධාතුන් වහන්සේ සකල බෞද්ධයින්ටම ආශිර්වාදයක් ව පවතී. මේ අනුව සලකා බැලීමේදී ලක්දිවට වැඩම කරන ලද දළදා වහන්සේ පැරණි රාජ පරම්පරාවන් විසින් ජීවිත කැපකරමින් තමන්ගේ ජීවිතය මෙන් ආරක්ෂා කර ගන්නා ලද බව පෙනෙයි.

http://www.lakehouse.lk/budusarana/2009/10/25/tmp.asp?ID=fea02

[QUOTE="uocanu, post: 7331471, member: 2457"] බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනීයත්වයට ලක් වූ දන්ත ධාතුන් වහන්සේ අපමණ ගැහැට හා නොයෙක් බාධකවලට ලක් වූ බව වංශ කතා පරිශීලනය කිරීමේදී හෙළිදරව් වේ. ඒ අනුව පළමුවෙන් අපට දකින්නට ලැබෙන සිදුවීම නම් ගුහසීව රජු දවස පැළලුප් නුවර විසූ පණ්ඩු රජුගේ නියමයෙන් එහි ගෙනයන ලද දන්ත ධාතුන් වහන්සේ පරීක්ෂණය සඳහා නොයෙක් අතවරයන්ට භාජනය කරනු ලැබූ බවත් පසුව ඔහු බුදුගුණයෙහි පැහැදි මිසදිටුවන් පළවා හැර දළදා වහන්සේ ආරක්ෂා කර ගත් බවත් යන සිදුවීමයි. එම සිදුවීම නම් පණ්ඩු රජු හා වීරධාර රජු අතර ඇති වූ යුද්ධය නිසා තර්ජනයක් දන්ත ධාතුන් වහන්සේටද, ඇතිවිය. එයද දන්ත ධාතුන් වහන්සේට විඳින්නට සිදුවූ බලවත් ගැහැටක් බව අපට කීමට පුළුවන. තවද එක් අවස්ථාවක ඉන්දියාවෙන් පැමිණි සතුරන් කීපවරක්ම මේ ධාතුන් වහන්සේ පැහැරගෙන ගිය බවක් ද සඳහන් වේ. එසේ වුවද භක්තිමත් සිංහල රජ දරුවෝ නැවත මෙරටට වඩමවා ගෙනවුත් සුදුසු පරිදි රාජ ගෞරවයෙන් පිදූහ. ලංකාද්විපය නොයෙක් ජාතිකයින්ගේ ආක්රමණවලට ලක් වූ බවත්, එවැනි අවස්ථාවල අප රටේ උතුම් පූජනීය වස්තූ®න්ද ඔවුන්ගේ් තාඩන, පීඩනවලට ලක් වූ බව නිසැකයෙන් කීමට පුළුවන. ඒ අතර පෘතුගිසීන්ගේ පැමිණීම ලක්වැසියාට හා රටේ පූජනීය වස්තුන් වලට ඉතා වියවුල් කාලයක් උදා වූ කාලයක් විය. ඒ අතර දන්ත ධාතුන් වහන්සේටත් බාධක උදා වූ අතර, ධාතුන් වහන්සේ භාරකාර අයටද එය රැකීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. එසේ ජීවිත කැපවීමෙන් දන්ත ධාතුන් වහන්සේ රැක ගැනීම නිසා වර්තමාන ජනතාවට පවා වන්දනා මාන කිරීමට ශක්තියක් ලැබී ඇත. මේ තොරතුරු අනුව කිත්සිරි මෙවන් රජුතෙක් ඉතිහාසය ඇතුළත්ව දිවයන බව අනාවරණය වේ. ඉන්දියාවේ සිට හේමමාලා සහ දන්ත කුමාරයා දන්ත ධාතුන් වහන්සේ රැගෙන එද්දි මඟදී නාගයින් ඔවුන්ට අවහිර කළ බැව් දාඨා වංශයෙහි සඳහන් වේ. මේ නිසා ඔවුන් දළදා වහන්සේ වැල්ලෙහි සඟවා තැබුයේ කෘෂ්ණ නදී තීරයෙහි දින්නෙයි නම් ස්ථානයෙහි බව කුමාරස්වාමි මහතා කරුණු ඉදිරිපත් කරයි. ‘දින්නේ’ යනු තෙළිගු භාෂාවෙන් වැලි ඉවුර යන අර්ථය වේ. මෙහි නාගයින් යන නාමයෙන් හඳුන්වනු ලද්දේ ඉන්දියාවේ එක් පෙදෙසක විසූ මනුෂ්ය කොට්ඨාසයක් බව කුමාරස්වාමී මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරයි. අමරාවතී ස්ථූප ගැන චීනයෙන් හා ඉන්දියාවෙන් බ්රාහ්මණයන්ගෙන් ලබාගත් තොරතුරු අනුව ෆර්ගියුසන් මහතා මෙසේ ලියා තිබේ. ‘දළදාව කළිගුරට උදයගිරිය සමීපයෙහි වූ දන්ත පුරයෙහි වර්ෂ 800 ක් පමණ කල් සුරක්ෂිතව පැවතිණි’. මේ තොරතුරු අනුවද දළදා වහන්සේට ලැබුනු ආරක්ෂාව හා ගෞරවය ඉතා ඉහළ බව කීමට පුළුවන. දළදා වහන්සේ පිළිබඳ කරුණු පරීක්ෂාකර බැලීමේදී ඒ පිළිබඳ කරුණු මුලින්ම අපට සඳහන් වන්නේ ඛුද්ධක නිකායේ - ඛුද්ධ වංශයෙහිය. සකල ලෝක වාසීන්ගේ ආමිස පූජාවට පාත්ර වූ දළදා වහන්සේ ගැන කරුණු නොයෙක් කෘතිවල ඉදිරිපත් කොට ඇත. ‘දළදා සිරිත, දාඨා වංශය, පූජාවලිය, අත්තනගලු වංශය’ ආදි වංශ කතාද බෞද්ධ සාහිත්ය කෘති, සන්නස්, කතිකාවත්, සෙල්ලිපි, ලේඛන, සංදේශ කාව්ය ආදියත් නූතන පර්යේෂණාත්මක ග්රන්ථත් මීට අන්තර්ගත වේ. මෙම කෘති පරිශීලනය කිරීම තුළින් අපටත් මෙම දහම් දිවයිනටත් උරුම වු ගෞතම බුද්ධ සංකේතය දාඨාධාතුව ගොඩනගා ඇති ඉතිහාසය බෞද්ධ සංස්කෘතිය බුද්ධ ශාසන ඉතිහාසය සමඟ මැනවින් ප්රදර්ශනය වේ. දළදා වහන්සේ නිසාම බිහි වූ දෙයක් නම් දළදා මන්දිරයයි. ඒවාද ඉතා අලංකාරව පැරණි රජවරු නිර්මාණය කර ඇත. පොළොන්නරුව, අනුරාධපුරය වැනි ඓතිහාසික පසුබිම ගැන අවධානය යොමු කිරීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. බ්රිතාන්ය රජයේ කොමසාරිස් ව සිටි ජෝන් ඩොයිලි මහතාගේ දින පොතේ 1815 වර්ෂයේ මුල් භාගයේ සටහන් අනුව රජ මැදුරේ හා දළදා මැදුරේ වටිනා භාණ්ඩ පැහැර ගැනීමේ සිදුවීමක් සඳහන් වේ. මේ අනුව දළදා වහන්සේ හා දළදා මැදුරට ඇති වූ ගැහැට පිළිබඳ තොරතුරු අනාවරණය වේ. ලෝකේත නාථ වදනං භ්රජරාජ හංසං වෙනෙය්යකො මුදවනං කිරජෝති යන්තං අද්ධින්දු කාර චරරූප විරාජ මානං වන්දාමි සාදු මමලං ජින දන්ත ධාතුං යන බුදුරජාණන් වහන්සේගේ ශ්රී මුඛයෙන් දෙසූ ගාථා ධර්මය සිහිපත් කරමින් සකල ලෝකවාසී බෞද්ධ ජනයා නමස්කාර කරන්නේ දළදා වහන්සේට ඇති ගෞරවය ආදරය භක්තිය නිසාය. මහ නුවර දළදා මන්දිරය තුළ වැජඹෙන ශ්රී දන්ත ධාතුන් වහන්සේ සකල බෞද්ධයින්ටම ආශිර්වාදයක් ව පවතී. මේ අනුව සලකා බැලීමේදී ලක්දිවට වැඩම කරන ලද දළදා වහන්සේ පැරණි රාජ පරම්පරාවන් විසින් ජීවිත කැපකරමින් තමන්ගේ ජීවිතය මෙන් ආරක්ෂා කර ගන්නා ලද බව පෙනෙයි. [url]http://www.lakehouse.lk/budusarana/2009/10/25/tmp.asp?ID=fea02[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom