ධීවරයෝ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    "අපි ජීවත් වුණේ මරණය පෙනි පෙනී"
    සූදුරුයි බතුයි කාලා මඩ වතුර බිව්වා

    පිහිට ඉල්ලා කෑගසද්දී
    ස්‌පාඤ්ඤ නාවික භටයෝ අප බේරා ගත්තා
    - සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස ලබා පැමිණි ධීවරයෝ කියති

    ශිරාන් රණසිංහ

    pa478.jpg


    ස්‌පාඤ්ඤ නාවික යාත්‍රාව, අප සිටි බෝට්‌ටුවට ළංවුණා. සෝමාලියානු කොල්ලකරුවන් ඔවුන් අතේ තිබුණු ආයුධ බිමට දාලා අපිට කිව්වා බෝට්‌ටුවේ දිගා වෙන්න කියලා. අපි වෙන දෙයක්‌ වෙයන් කියලා ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා කියලා අත ඔසවලා කෑ ගැහුවා. ඊට පස්‌සේ තමයි ඒ නැව අපි හිටිය බෝට්‌ටුව ළඟට ළංවෙලා අපිව කොල්ලකරුවන්ගෙන් බේරගත්තේ."

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරී යළි මෙරටට පැමිණි ධීවරයින් හයදෙනා කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිටදී "දිවයින"ට එසේ කියා සිටියහ. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්ව මාස හතක්‌ තිස්‌සේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව ජීවිත අපේක්‍ෂාව ඉවත දමා සිටි ධීවරයින් හයදෙනා ඊයේ (26 වැනිදා) කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පය තබන විට මොවුන්ගේ දරුවන් බිරින්දැවරුන් ඇතුළු ඥතීන් හඬා වැළපෙමින් ඔවුන්ව වැළඳගනිමින් පිළිගන්නා අයුරු අපට දක්‌නට ලැබිණි.

    2011 සැප්තැම්බර් මස 17 වැනිදා "නිමේෂා දුව" ධීවර බෝට්‌ටුවේ නැගී මුහුදු ගිය මෙම ධීවරයින් හයදෙනා 18 වැනිදා අලුයම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් දාහත් දෙනකු විසින් අල්ලාගනු ලැබීය.

    මාස හතක්‌ තිස්‌සේ මොවුන් කෑමට, බීමට පවා යමක්‌ නොමැතිව ජීවිතය කොයි මොහොතක අවසන් වේදැයි සිතමින් සිටින විට ස්‌පාඤ්ඤ නාවික යාත්‍රාවක්‌ විසින් පසුගිය අප්‍රේල් මස 18 වැනිදා කොල්ලකරුවන්ගෙන් මුදාගෙන ටැන්සානියාවේ නිව් අප්‍රිකා හි පිහිටි හෝටලයක්‌ වෙත රැගෙන ආ බව නිදහස ලැබූ ධීවරයෝ පැවසූහ.

    ස්‌පාඤ්ඤ නාවික යාත්‍රාවේ අණදෙන නිලධාරි ඩෙනිස්‌ රියාන් මහතා මෙම හයදෙනාට හෝටලයක සුවපහසු කාමර ලබාදී පසුව කෙන්යාවේ, නයිරෝබි ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය හරහා ශ්‍රී ලංකාවට එවීමට පියවර ගත් බවද මෙම ධීවර පිරිස "දිවයින"ට පැවසූහ.

    ශ්‍රී ලංකාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවට මෙම නිමේෂා දුව ධීවර යාත්‍රාව ගසාගෙන ගිය පසු සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අත්අඩංගුවට ගත් බව ඊයේ (26 වැනිදා) කටුනායක ගුවන්තොටුපළට පැමිණි ධීවර කාර්මික දිනේෂ් සුසන්ත (25) මහතා කියා සිටියේය. මේ ඒ මහතා අප සමඟ කී කතාවය.

    "අපි මහ දුකක්‌ වින්දා. කොල්ලකරුවන් අපිව අත්අඩංගුවට ගත්ත දවසෙ ඉඳන් අපි මැරි මැරී ඉපදුණා. කන්න දුන්නේ දවසට දෙපාරයි. බතුයි, සූදුරුයි තමයි කෑමට ලැබුණේ. බොන්න දුන්නේ මඩ වතුර. කොල්ලකාරයෝ අපෙන් ඉල්ලුවේ ඩොලර්. අපි කිව්වා අපි අහිංසක දුප්පත් ධීවරයෝ කියලා. ඊට පස්‌සේ ඒ අය අපිව අරගෙන මුහුදු සැතපුම් දහස්‌ ගණනක්‌ ඈතට ගියා. මේ අය අපේ බෝට්‌ටුව වට කරලා මුලින් වෙඩි තිබ්බා. අපි හිතුවේ දැන් දැන් අපිව මරයි කියලා. නමුත් දෙවියෝ අපිව බේරුවා. සල්ලි නෑ කියලා අපි කිව්වහම අපේ සමහරුන්ගේ ඇඟට උනු වතුර ගැහුවා.

    එක දවසක්‌ අපිව ගොඩබිමට අරගෙන ගිහින් වධදුන්නා. අපිව මුහුදේ තමයි රඳවලා තිබ්බේ. අපි දෙවියන්ට දුක කිව්වා. මේ අතරෙදි තමයි ස්‌පාඤ්ඤ නාවික යාත්‍රාව ආවේ. ඒ නාවික යාත්‍රාවක්‌ කියලා තේරුම් ගත්ත කොල්ලකරුවෝ අතේ තිබුණු ආයුධ මුහුදට වීසි කළා. ඊට පස්‌සේ නැව අපි හිටපු බෝට්‌ටුව ළඟට කිට්‌ටු කළා. අපිට බෝට්‌ටුවේ දිගාවෙන්න කියලා අණ කළා. නැව ළඟට ආපසු අපි කෑ ගහලා කිව්වා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා කියලා. ඊට ප්සසේ තමයි ස්‌පාඤ්ඤ නාවික යාත්‍රාවේ අය අපිව බේර ගත්තේ. අපේ කන්නලව්ව අසන්ත දේවදූතයෝ ආවේ ස්‌පාඤ්ඤ නෞකාවෙන්.

    මම අද ජීවිතයේ සතුටුම වන දවස. මගෙ බිරිඳ, දරුවෝ දකිනකන්a මම මැරි මැරී ඉපදුණා. දැන් බලන්න මට ලෝකයම ලැබුණා වගේ. මගේ බිරිඳ, දරුවෝ මට ආයෙ ලැබුණා. දෙවියෝ නොවන්න අපිට ආයේ මේ රටට එන්න ලැබෙන්නේ නෑ. ඇමැතිවරුන් නිලධාරීන් නොවෙයි අපිව බේරගත්තේ.

    කළුතර එස්‌. කේ. වීරසේන මහතා - කොල්ලකාරයො ඉල්ලුවේ රුපියල් කෝටි හැටක්‌. කෝටි හැටක්‌ නෙවෙයි පොඩි මුදලක්‌ දුන්න නම් අපිට බේරිලා එන්න තිබුණා. අපි කොච්චර ඉල්ලීම් කළාද? අපේ දරුවෝ, නෑයෝ, පල්ලියේ පියතුමන්ලා කිව්වා.

    අපි අනුන්ගේ රටවල මාළු අල්ලන්න නෙවෙයි ගියේ. අපි ගියේ අපේ බඩවියත රැක ගන්න මාළු අල්ලන්න. මේවා මේ අයට කියලා වැඩක්‌ නෑ.

    අපිව බේරගත්තේ ස්‌පාඤ්ඤ නාවික යාත්‍රාවේ නිලධාරීන්. ඒ අය මැදිහත් නොවන්න අපිට දරු මල්ලෝ බලන්න ලංකාවට එන එකත් සිහිනයක්‌ වෙන්න ඉඩ තිබ්බා.

    "අපිව බේරගන්න රජය පැත්තෙන් ලැබුණු සහය ගැන සතුටු වෙන්න බැහැ. සූදුරුයි බතුයි දවසට දෙපාරක්‌ කාලා මඩ වතුර ටිකක්‌ බීලා අපි මාස හතක්‌ දහදුක්‌ වින්දා. ස්‌පාඤ්ඤ නාවික යාත්‍රාවේ නිලධාරීන් දේවදූතයෝ වෙලා අපිට පිහිට වුණා. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිට නිදහස්‌ව ඊයේ (26 වැනිදා) කටුනායක ගුවන් තොටුපළට පැමිණි ධීවර කාර්මික එස්‌. කේ. වීරසේන මහතා කියා සිටියේය.

    පසුව ධීවර කාර්මිකයින් හා පැමිණ සිටි ඥතීන් මීගමුවේ දෙව් මැදුරකට ගොස්‌ දේව ආශිර්වාදය ලබා ගත්හ.


    http://www.divaina.com/2012/04/27/news01.html