නංගියා...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    නංගියා මෙන්න මගෙ
    ඒටිඑම් කාඩ් එක...
    පින් එකත් ඕනෙ නම්
    මට දෙන්නෙ මොනවාද...

    අනෙ අයියෙ ඇයි මෙහෙම
    මං ගැන ම හිතන්නේ...
    ආදරේ කරන්නට
    මට ඉතින් නෑ හිතක්...

    කෝකටත් දෙන්නකෝ
    පරෙස්සම් කරල මං...
    තියාගන්නම් දිනක
    ඔයා යළි ගන්න තුරු...

    කමක් නැහැ මං ඉතින්
    පින් එකත් කියන්නම්...
    ඔයා කැමතිම දෙයක්
    අරන් මට යළි දෙන්න...

    දින තුනක් ගතවුනා
    කෝ නංගි කාඩ් එක...
    මට ඕනෙ වෙනවා අද
    ඒකමයි ඉල්ලන්නෙ...

    දෙයියනේ කෝ නංගි
    මේකෙ තිබු සල්ලි ගොඩ...
    ඔක්කෝම ඔයා හිස්
    කෙරුවෙ ඇයි නොකියාම...

    ඇයි ඉතින් දුන්නෙ මට
    ඒකමයි ගත්තෙ මං...
    වද දිදී ආවොතින්
    මං කියමි ඔක්කොටම...

    2306171922 2306180135
    #upahasa
    #spn
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    එස්පීන් මල්ලියා අදත් විෂ දමා
    නංගියා කාඩ් එක උස්සලා
    සල්ලි ටික නංගියා අරගෙන දීලා
    කාටද? අනික් කොල්ලට දණ නමා
     
    • Haha
    Reactions: s.p.n