නංගියේ ! නුඹ චෞර රැජනක්‌ද?
වර්ෂ 2006 දී ග්‍රන්ථාරූඪ කළ චෞර රැජිනක් ගැන කියෑවෙන පොතකට මගේ පොත් මේසයේ සෑහෙන තැනක් තිබේ. පොතේ පිටකවරය සැරසී ඇත්තේ සමීප ඡායාරූපයකිනි. ඇයගේ සිනා සපිරි මුවමඬල දකින මෙරට බදු ගෙවන ජනතාවට හැඬුම් ඒම ස්‌වභාවිකය. ලියුම්කරුට ද එසේමය.
එහි පෙරවදන මෙසේ සඳහන්ය. "මා ජීවත්වන ශ්‍රී ලංකා රාජ්‍යය මට පෙනෙනුයේ ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ලෙස නොව, චෞර රාජ්‍යයක් ලෙසය. එම රාජ්‍යයේ රාජ්‍ය නායකයන්ද, අඩු වැඩි වශයෙන් චෞර ගති ලක්‍ෂණවලින් හෙබිය."
වර්ෂ 2006 දී පළ කළ මේ අනාවැකි දැන් සැබෑවක් බවට පත්වී තිබේ. කලකට පසු මේ පිළිබඳව විමසා බැලීමට මා සිත පෙළඹ වූ ප්‍රධාන හේතුව වන්නේ පසුගිය දින මෙරට පළ කෙරෙන සියලුම ජාතික පුවත්පත්වල වැදගත් ප්‍රවෘත්තියක් සේ මා දුටු එක්‌තරා සිදුවීමකි. හද කම්පා කරවන, හද සසල කරවන එම ප්‍රවෘත්තිය කියෑවීමෙන් මගේ හදවතේ ඇති වූ තැතිගැන්ම තවමත් එලෙසින්ම පවතී. දැඩි කම්පාවටත් කම්පනයටත් සිහි බුද්ධිය ඇති ඕනෑම අයෙක් පත්කරවන එම ප්‍රවෘත්තියට නිසි සාධාරණත්වය ඉටු කර තිබුණේ අපේ රටේ ප්‍රමුඛ පෙළේ ජාතික පුවත්පතක් වූ "දිවයින"ය. ජාතික පුවත්පතක කතුවරයකුට අනිවාර්යයෙන්ම තිබිය යුතු සංවේදී බවෙකින් හා මනා සංයමයකින් ඊයේ "දිවයින" පුවත්පතේ කතුවරයා එහි කතුවැකිය සරසා තිබිණි.
"දිවයිනේ" එම කතුවැකියට පාදක වූ සිද්ධිය වාර්තා වන්නේ කන්දඋඩරට ගම්පල නගරයෙන්ය. දෙවන වසරේ විශ්වවිද්‍යාල සිසුවියක උල් පිහියක් පෙන්වා කාන්තාවකගේ ගෙල බැඳි මාලය කඩාගෙන නගරය මැදින් දිවයැමත් පසුව ඇය පොලිසියේ සහ ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ ග්‍රහණයට හසුවීමත්ය. එහෙත් මෙම ප්‍රවෘත්තිය එතැනින් නතර වන්නේ නැත. ඉන් කියෑවෙන්නේ මෙම සරසවි සිසුවියගේ පවුල් පසුබිම සහ මෙම සහැසි ක්‍රියාවට හේතු පාදක වූ කරුණු කාරණාය.
ඉතා සියුම් ලෙස මේ පිළිබඳව විග්‍රහ කර බැලීමේදී අපට පෙනී යන්නේ ඉතා මෑතකදී යාපනයේ විශ්වවිද්‍යාල සිසුවියක සිය ඥතිවරියකගේ ළිඳකට පැන සියදිවි හානි කරගත් ප්‍රවෘත්තිය හා දකුණේ මාල කඩාගත් සරසවි දියණිය හා සස¹ බැලීමේදී දෙදෙනාටම ජීවිතය හා ජීවත්වීම අරඹයා පැනනැගී ඇති ශෝචනීය සමාජ පසුබිමය.
නන්දිකඩාල් කලපුව හරහා අනාථ කඳවුරක් වෙත යන ගමනේදී උතුරේ සරසවි දියණියට සිය මාපියන් අහිමි වූ අතර ඇය තනිවම අනාථ කඳවුරට වී ජීවිතය ජය ගැනීමේ එකම මාර්ගය සේ දුටු "සරසවි පිවිසුම" ජයගත්තේ දැඩි කැපවීම, කැපකිරීම හා අප්‍රතිහත ධෛර්යයෙන් අනාථ කඳවුරේදී පොතපත ඇසුරු කළ නිසාය. එහෙත් මේ ධෛර්යය සම්පන්න උතුරේ දියණියට ජීවිතය තවදුරටත් පවත්වාගෙන යැමේ තේරුමක් නැතිය යන සිතුවිල්ල පහළ වූයේ කුමක් නිසාදැයි පැහැදිලි නොකළ එම පුවතින් කියෑවූයේ එම සරසවි දියණිය ගැඹුරු ළිඳකට පැන සිය දිවි තොර කරගත් ප්‍රවෘත්තිය පමණි.
දකුණේ සරසවි දියණිය ජීවත්වීම උතුම් කොට සැලකූ එකියක වූවාය. ඇයට බැංකුවට සින්නවීමට යන ගෙයක් ඉඩමක් බේරා ගැනීමට රුපියල් ලක්‍ෂ නමයක් ඕනෑ වී තිබිණි. ඊට රුපියල් 50,000 ක මුදලක් හිඟ වී ඇති නිසා මේ මුදල කඩිනමින් සොයා ගැනීමට ඇය භාවිත කළ ක්‍රමවේදය වනාහී වර්තමානයේ බෙහෙවින් සුලභ සහ ජනප්‍රිය ක්‍රමයකි.
මෙහිදී ලියුම්කරුට සිsහිපත් වන්නේ මෑතකදී ඉතාලියේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙක් නිවාඩුවට සිය බිරිය හා දරුවන් ද සමඟ ලංකාවට පැමිණ සිටි කාලය ඇතුළත රන් මාල 17 ක් කොල්ලකෑ පුවතය. මේ මිනිසා ඒ අයුරින් රන් මාල කොල්ලකෑවේ ඉතා පහසුවෙන් නිවාඩුව ගතකොට ආපසු ඉතාලියට යැමේ ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමටදැයි ලියුම්කරුට නොතේරේ.
ඒ එසේ වුවත් අපේ මේ සරසවි දියණිය සිය උගත්කම, තරුණකම, සමාජ තත්ත්වය සහ කොටින්ම තම අනාගතයම පරදුවට තබා උල් පිහියක් අතට ගත්තේ ඇයිද යන්න අපි අපේ පපුවට ගසාගෙන ඇසිය යුතු ජාතික ප්‍රශ්නයකි. පෑන ඇසුරු කළ සරසවි සිසුවිය පිහිය අතට ගැනීම දක්‌වා ඔඩු දිවූ මේ විෂම සමාජ චක්‍රය දිනෙන් දිනම මිනිසුන්, නොමිනිසුන් බව පත්කරමින් සිටී.
පුරා තිස් වසරක් ශාපලත් යුද්ධය නිසා මේ රටේ ජනතාව අනේකවිධ දුක්‌ඛ දෝමනස්‌සයනට ගොදුරුව ජීවත් වූහ. බඩු මිල ඉහළ දමන පාලකයෝ ඒ කාලයේදී යුද වියදම් පෙන්වා ජනතාවගේ කෙඳිරිය සුසුමක් බවට හරවා නිහඬ කරවීය.
දැන් යුද්ධය නිමා වී වසර තුනකට ආසන්න වී ඇත. එහෙත් ජනතාවගේ දුප්පත්කම, අසරණකම තාමත් එහෙම්මමය. දිනෙන් දිනම ජීවත්වීම අසීරු වන පොදු මහජනතාවට සිය දුක කියන්නට කෙනෙක් අද නැත. ජනතා හඬට කන් දෙන කෙනෙක් ඊනියා ජනතා නායකයන් අතර දක්‌නට නැත.
මේ රටේ යුද්ධය ඉතා දැඩි ලෙස පැවැති එසමයෙ දිනකට රුපියල් මිලියන සිය දහස් ගණනේ අපි උණ්‌ඩ මූනිස්‌සම්වලට වැය කළෙමු. ටී 56 උණ්‌ඩ කොපමණ සංඛ්‍යාවක් දිනකට මුදාහරින්නට ඇත්ද? මල්ටිබැරල් උණ්‌ඩ (රුපියල් ලක්‍ෂ ගණන් වටිනා) කොපමණ සංඛ්‍යාවක් අහසේ පියාඹා යන්නට ඇත්ද? මේ සියලු විය හියදම් දැරුවේ අන් කවුරුවත් නොවේ, මේ රටේ බදු ගෙවන ජනතාවය. අර උල් පිහිය අතට ගත් සරසවි දියණියන්, උතුරේ ළිඳකට පැන සිය දිවි නසාගත් සරසවි දියණියන් සේම ලියුම්කරු ද එදා මෙදාතුර කඩයකින් මිලදී ගන්නා පරිප්පු ටිකෙන්, තේ කොළ පැකට්‌ටුවෙන්, සීනි, භූමිතෙල්වලින් රජයට බදු ගෙවා ඇත්තේ ඒ සියලු විය හියදම් පියවා ගැනීමටය.
මේ සියලු දේ තුළින් අප බලාපොරොත්තු වන්නේ එකම දෙයක්‌ය. සාධාරණ සමාජයක නිදහස් පුරවැසියන් සේ ජීවත්වීමය. දරාගත හැකි ප්‍රමාණයකට ජීවන බර අඩු කර ගැනීමටය. අඩු තරමේ දෙවේලක් හෝ බඩකට පුරා කෑමටය. දරුවන් පාසල් යවා නැණ නුවණ පහදා දීමටය. ජනතාව ඉල්ලා සිටින යුද්ධයේ ප්‍රතිලාභ මේවාය.
එහෙත් අපට ලැබී ඇත්තේ හම්බන්තොට වරායකි. හම්බන්තොට සුපිරි ක්‍රිකට් ක්‍රීඩාංගණයකි. දකුණේ අධිවේගී මාර්ගයකි. සැබැවින්ම මේවා හොඳය. එහෙත් ජාතික ප්‍රමුඛතාව රුවිතෙට වැටිලාය. ජනතාව කබලෙන් ළිපට වැටිලාය.
ජීවන බර ජනතාව මතට උපරිමව පැටවෙද්දී මුළු රටේම අඩු වැඩි වශයෙන් රජ කරන්නේ අල්ලස හා දූෂණයයි. රටේම මැති ඇමැතිවරුන් ගණනාවකටම අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වී ඇති බව කියෑවෙන්නේද රජය පැත්තෙන්මය.
මේ අයුරින් මහා පරිමාණයෙන් ජනතා දේපළ මිල මුදල් කොල්ලකමින් පවතින කල මේ චෞරයින් අල්ලා නීතිය ක්‍රියාත්මක කිරීමට කම්මැලි තුසීනකමක් දක්‌වන අප රටේ නීතිය හා යුක්‌තිය රජ කරවීමේ නිසි බලධාරීන්, මව අහිමි, පූර්ණ ආබාධිත පියකු සහ පාසල් යන තම සහෝදර සහෝදරියන් රකිමින් සිය අධ්‍යාපන කටයුතු ද කරගෙන අධිෂ්ඨාන පූර්වකව ජීවිතය ජය ගැනීමේ මාවතකට පිළිපන් සරසවි දියණියක, තමන්ට සෙවන දෙන තම ඥතිවරිය මහ පාරට වැටීම වැළැක්‌වීම උදෙසා පිහියක් අතට ගැනීම, මාලයක් කැඩීම ගැන ක්‍රියා කිරීමට කෙතරම් උනන්දු වන්නේද? උද්යෝගිමත් වන්නේද?
අපේ රටේ ජාතික ධනය සූරාකන මහා පරිමාණ සොර දෙටුවන් අතළොස්‌සකගේ සුඛවිහරණය සඳහා බහුතරයක් මහජනතාව මේ තරම් අසරණභාවයට පත්වීම අප සාධාරණීකරණය කරන්නේ කෙසේද?
රු. 2500 කින් ජීවත්වීමට කියා දෙන ඇමැතිවරයෙක් දිනපතා බීමට ගන්නා පිරිසිදු පානීය ජලය සඳහා තම පවුලට ඒ මෙන් දස ගුණයකටත් වඩා මුදලක් මසකට වැය නොකරන්නේදැයි කාට නම් කිව හැකිද?
ජීවන වියදම අඩු යෑයි කීමට ජීවන වියදම් නිර්ණායක මල්ලේ අඩංගු දෑ අඩු කරමින් ජනතාවට මැජික් පෙන්නන බලධාරීන්ට අපට කීමට සිදුවී ඇත්තේ අප කන හැටි ලිපා දනීය කියාය.
සල්ලි කඳු ගැසීමේ ධන තණ්‌හාව පසෙකලා ජනතා අපේක්‍ෂාවන් මුදුන්පත්කරවීම පිණිස අවංකව තම යුතුකම හා වගකීම ඉටුකිරීමට දැන්වත් කල්පනා කිරීම ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූවන්ගේ සැබෑ ජාතික වගකීමය.
බලයට සහ ධනයට අපව රක්‍ෂා කළ හැක්‌කේ ඉතාම කෙටි කාලයකට පමණක් බවට පසුගියදා අප සියලු දෙනාටම ස්‌වභාවධර්මයෙන් අපූරු පණිවුඩයක් ලැබුණේය. එය සැබැවින්ම පණිවුඩයකට වඩා අනතුරු හැඟවීමකි.
මේ මහ පොළව එක දිගට විනාඩි තුන හතරක් සෙලවුණ කල, අප මහත් සේ විශ්වාසය තැබූ "බලයට" සහ ධනයට අප වෙනුවෙන් කළ හැකිවන්නේ කුමක්‌ද?
අසාරේ සාරමතිනෝ
සාරේ වාසාරදස්‌සිනෝ
තේ සාරං නාධිගච්ඡන්තී
මිච්ඡා සංකල්ප ගෝචරා
(ධම්මපද යමක වර්ගය ගාථා 11
වැරදි අදහස් ඇත්තෝ නිසරු දෙය සරු වශයෙන් ද සරු දෙය නිසරු වශයෙන් ද දකිත්, ඔවුහු සරු දේ මොනවාදැයි අවබෝධ කර නොගනිත්.
ජයන්ත විඡේසිංහ