නඩු දාලා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113


    අපි මෙහෙ 2කට බෙදිලා ඇරගනිද්දී අරහේ උන් නියමෙට වැඩේ දෙනවා ඔහොම යන් සිංහලු

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය සහ එවකට සිටි ත‍්‍රිවිධ හමුදාපතිවරුන් වන සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ සහ රොශාන් ගුණතිලක යන හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව සමූලඝාතන චෝදනා මත නඩු ගොනු කිරීමේ මෙහෙයුමක් කොටි ඩයස්පෝරාවේ නීතිවේදිනී සිවානි ත්‍යාගරාජා ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය ඇමරිකානු නීතිවේදීන් පිරිසක් විසින් දියත් කර ඇත.

    මෙම මෙහෙයුම ලන්ඩන් පාර්ලිමේන්තුවේ ශාලාවක පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබේ. 2019 ජනවාරි මස මේ නඩු බි‍්‍රතාන්‍ය අධිකරණයේදී ගොනු කෙරේ.

    ශ‍්‍රී ලංකා රජය අතුරුදන්වූවන්ගේ පනත සම්මත කර ඇති නිසා ඔවුන්ට එරෙහිව නඩු ගොනු කිරීමේ මාර්ගය විවෘත වී ඇති බව එම ඩයස්පෝරා නීතිවේදීන් ප‍්‍රකාශ කර ඇත.

    එසේම ලබන මාර්තු මස ජිනීවා නුවර පවත්වන 40 වැනි මානව හිමිකම් සමුළුව හමුවේ ද ඉහත කී පිරිසට වෙන වෙනම සමූලඝාතන චෝදනා ඉදිරිපත් කිරීමට ද කොටි ඩයස්පෝරාව තීන්දු කර තිබේ.

    බි‍්‍රතාන්‍යයේ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ ලේකම් නීතිවේදී ජයරාජ් පලිහවඩන මහතා මේ මෙහෙයුමට අදාළ තොරතුරු ‘ඉරිදා දිවයින’ට හෙළි කළේය.

    ඊට අමතරව හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙතද යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
     
    Last edited: