නමෝ_බුද්ධාය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නමෝ බුද්ධාය
    බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා



    ජීවිතේ තවත් මොහොතකින් වියපත් වෙලා….
    දිනෙන් දින මොහොතින් මොහොත නොනැවතී අප ගමන් කරමින් සිටින්නේ..
    ලෙඩ වීමටයි…. වයසට යාමටයි…. මරණයට පත්වීමටයි.


    images


    රෝහලක ඇඳක් අප වෙනුවෙන් සුදානම් කරල තියෙන. පැත්තක සේලයින්, පැත්තක ඔක්සිජන්, පැත්තක නාසයට දමන බට ඇති ඒ ඇඳ වෙතටයි.

    ඒකාන්තයෙන්ම අප දරුණු ලෙස රෝගාතුර වන දිනයක් ලඟ එනවා.
    නමුත් ආරෝග්ය මදයෙන් මත්වී සිටින අපට ඒක වැටහෙන්නේ නෑ.





     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    තව නොබෝ දිනකින් අප හැරමිටියේ වාරුවෙන් ඇවිදින, දරුවන්ගේ උපකාරයෙන් කන-බොන, වැසිකිලි-කැසිකිලි කරන්නට ඔසවාගෙන යන මහල්ලන් බවට පත් වෙනවා.
    දිනෙන් දින මොහොතින් මොහොත නොනැවතී අප ගමන් කරමින් සිටින්නේ ඒ මහලු ජීවිතය වෙතයි.



    images
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අප වෙනුවෙන් ලස්සනට තීන්ත කරපු, වටේ මල් සැරසිලි අහුරපු පෙට්ටියක් සූදානම් කරලයි තියෙන්නේ.
    අකමැත්තෙන් වුවත් බඩවැල් බොකු අයින් කරගෙන අපට ඒ පෙට්ටියේ වැතිරෙන්න වෙනවා.
    දිනෙන් දින මොහොතින් මොහොත අප ගමන් කරමින් සිටින්නේ ඒ පෙට්ටිය වෙතයි.


    1499.jpg
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අපගේ ජීවිත තුල පවතින මේ ස්වාභාවයන් අපට පෙන්වා දෙන්නේ
    ඒ භාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනි.


    අපගේ සැබෑ ප්රශ්නය නම් මේ ලෙඩ වීමයි…. වයසට යාමයි…. මරණයට පත්වීමයි.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මිනිස් ලොව බුද්ධිමත් මිනිසෙකු ලෙස ඉපදීමේ භාග්ය ඔබට උදාවී ඇත.

    බෞද්ධ මවකගේ කුසේ පිලිසිඳ ගත් නිසා උපතින්ම බෞද්ධයෙකු වීමේ භාග්ය ද ඔබට උදාවී ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කල නිර්මල පිවිතුරු චතුරාර්ය සත්ය ධර්මය ඒ අයුරින්ම ලෝකයට දේශනා කරන කළ්යාණ මිත්ර සම්පත්තියත් ඔබට හිමි වෙලා.

    භාග්යවතුන් වහන්සේ වදාළ ධර්මය පුරුදු කරගැනීම පිණිස අප තුළ උනන්දුවක්, කැමැත්තක් ඇති විය යුතු යි. ඒ කැමැත්ත ඇතිවීම පිණිස අප තුළ සසර කෙරෙහි බිය ඉපදිය යුතු යි.

    සසර දුක් සහිත යි කියල අපිට තේරෙන්ට ඕනැ. සසර කෙරෙහි බිය උපදින කොට, සසරෙහි දුක් ස්වභාවය ගැන වැටහීමක් ඇති වෙනකොට, ඒ සසර කෙරෙහි කළකිරීම උපදිනවා. මේ සසර ගමන හිස් දෙයක්, අර්ථ රහිත දෙයක් කියල වැටහීම ඇතිවෙනකොට, ඒ වැටහීම තුළින් කැමැත්තක් උපදිනවා මේ අර්ථ ශූන්ය වූ, අර්ථ රහිත වූ සසර ගමනින් නිදහස් වෙන්ට ඕනෑ කියල. අන්න එයා කැමති යි පරිපූර්ණ වශයෙන් ම නිදහස් බව උපදවාගන්න.

    මෙසේ සසර ගමනින් නිදහස් වෙන්ට ඕනෑ කියල කැමැත්තක් ඉපදුනොත්, එයාට මේ ගමන නතර කිරීමට වුවමනා කරන පුහුණුව ඇතිකර ගන්ට පුළුවන්කම තිබෙනවා. අපිට මේ දීර්ඝ සංසාර ගමන පුරාවට ම බැරිවුනේ මොකක් ද? මේ සසර කෙරෙහි කළකිරීම උපදවා ගන්න. එසේ සසර කෙරෙහි කළකිරීම උපදවාගන්න පුළුවන් වුනා නම්, නිදහස් වීමට වුවමනා වැඩපිළිවෙලට අපි එනවා. එහෙනම් අපි නිදහස් වෙලා.
    අපි මේ සංසාරෙ පුරාවට ම දීර්ඝ කාලයක් නොයෙකුත් ආත්මවල ඉපදුනා, සමහරවිට අපි ධර්මය ඇහුව, සමහර විට පැවිදිවෙලා ඉන්ටත් ඇති. උපාසක පිරිස් විදිහට ඉන්ට ඇති. නමුත් අපිට මේ සසර කෙරෙහි කළකිරීම උපදවගන්ට බැරිවුනා. ඒ නිසා සසර කෙරෙහි කළකිරීම උපදවා ගන්න අපිට පුළුවන් වුනොත්, මේ ධර්මය පුරුදු කරන්න අපි පෙළඹෙනවා.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ කළණ මිතුරන් ඇසුරු කර බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ඔබේ ජීවිතයට එකතු කරගතහොත් මෙලොව ජීවිතයද සැපවත් කරගෙන මතු මත්තේ උපදින ජීවිත ප්රනීත සැපවත් ජීවිත බවට පත් කරගත හැකියි.

    ලෝකයේ අතිශයින්ම දුර්ලභ කළණ මිතුරු ඇසුර ඔබට හිමි වී,
    නිවී සැනහුන ජීවිතයක් වෙනුවෙන් දහම් ඇස පහළ වේවා….!

     
    Last edited: