නම නොදත් ශිෂ්‍යාව

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,570
    2,396
    113
    1000060654.jpg


    කළු පාට ඇඳුමෙන් මුළු ඇඟම වහගෙන… ඒ මදිවට බිල්ලෝ වගේ ඔළුවත් වහගෙන කාන්තාවකට ජීවත්වෙන්න සිදුවෙන්නෙ මොනවගේ සංස්කෘතියක් ඇතුලෙද.? තරුණියකගෙ හිසකෙස් දැක්කොත් .. කාන්තාවකගේ කකුල් දෙක දැක්කොත් ඒ සංස්කෘතියේ පිරිමියාගේ හිරි ඔතප් බිඳෙනවානම්? පාලනය කරගන්න බැරි ලිංගික ආශාවන්වලින් ඒ රටේ පිරිමින්ගෙ හිත් පිරීයනවා නම් ඒ මොනවගේ රටක් ..සංස්ක්‍රෘතියක් වියයුතුද?
    මේකද විසි එක්වෙනි ශතවර්ශයේ ශිෂ්ඨත්වය කියන්නෙ.?

    හිස් ආවරණය .. එහෙමත් නැත්තං හිජාබය නිවැරදිව පැලඳගෙන නොහිටියොත් අවුරුදු දහයක් දක්වා හිරේ විලංගුවේ දාන්න පුළුවන් නීති තියන රටක.... පොලීසියට වඩා සංස්කෘතික පොලීසියට බලතල ඇති රටක... හමුදාවට වඩා විප්ලවය සුරැකීමේ හමුදාවට බලය තියන රටක... ඡන්දෙන් පත්වූ නායකයාට වඩා අධ්‍යාත්මික ආගමික නායකයාට බලය තියෙන රටක ජීවිතය කොයිවගේද.?
    ඒ වගේ රටක කාන්තාවකගේ .. ගැහැණියකගේ ජීවිතය කොයිවගේද..?

    මේ පිංතූරයේ දකින්න ඉන්න තරුණිය ටෙහෙරානයේ අසාඩ් විශ්ව විද්‍යලයේ ( Islamic Azad University IAU- Teheran Iran) විද්‍යා විශයයන් හදාරන ඉරානයේ උපන් තරුණියක්.

    කළු ඇඳගෙන බිල්ලො වගේ ජීවත්විය යුතු රටක ඇයි මේ ශිෂ්‍යාව යට ඇඳුම් පිටින් ප්‍රසිද්ධියේ විශ්ව විද්‍යාල භූමියේ සැරිසරන්නෙ. ?
    ඊට හේතුවෙන සිද්ධිය වාර්ථාවෙන්නෙ දවසකට කලින්. හිජාබය හෙවත් හිස් ආවරණය නිවැරදිව පැලඳගෙන නොසිටීමේ වරදට ඉරාන සංස්කෘතික පොලීසිය විසින් මේ තරුණිය අත් අඩංගුවට ගන්නවා වගේම ඇයට හිංසා පීඩා කරන්නෙ දෙනෝදාහක් මැද්දෙ ටෙහෙරාන් වීදියකදී.
    එකම වරද හිස් ආවරණය හරහා හිසකෙස් ප්‍රදර්ශණය වීම. මේ හිසකෙස් දුටු පමණින් සංස්කෘතික පොලීසියේ නිලධාරීන්ගේ ලිංගික ආශාවන් වර්ධනය වෙනවද? ඒ වෙනම සාකච්ඡා කලයුතු ප්‍රශ්ණයක්.

    මේ අසාධාරණය... මේ පීඩාව.. මේ හිංසාව දරාගන්න විද්‍යා විශයයන් හදාරන තරුණියක් සමත්වෙන්නෙ කොහොමද.?
    ඇය කරන්නෙ පහුගිය සෙනසුරාදා විශ්ව විද්‍යාලය භූමියේදී තමන්ගෙ ඇඳුම් උනා දමා යට ඇඳුම් පිටින් තමන්ගෙ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉදිරියේ පෙනී සිටීම.

    හොසෙයින් රොගානි ( Hosein Rghani) නම් මාධ්‍යවේදියා තම ට්වීටර් ගිණුමේ සටහන් කරන්නෙ ඇය ඇතුලත් වීඩියෝව ඉතා ඉක්මනින් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශණය වූ බවත් සංස්කෘතික පොලීසිය විසින් ඇයව අත් අඩංගුවට ගත් බවත්.
    ඉන්පසු සිදුවන කිසිවක් තවමත් මාධ්‍යයේ වාර්ථාවෙන්නෙ නැහැ.

    හිජාබ් කතංදරේ නිසා මාශා අමීනීට ජීවිතේ අහිමි වෙන්නෙ සංස්කෘතික පොලීසියෙන් පහරදීම මත.
    ලෝක කණිශ්ඨ චෙස් ශූරිය වූ දොරේසා රොක්ස්න්ජානි ඉරානයෙන් පලායන්නෙ චෙස් ක්‍රීඩා කරන අවස්ථාවේ හිජාබය පැලඳීම ප්‍රථික්ශේපකිරීම නිසා.
    මේ අපි දන්න චරිත. මේ වගේ නොදන්න අප්‍රසිද්ධ දැරිවියන්.. ශිෂ්‍යාවන්.. තරුණියන්.. කාන්තාවන් දහස් ගාණක් තවමත් ඉරාන හිරගෙවල් ඇතුලෙ හිරවෙලා.
    ඔවුන්ගේ අරගලය මර්ධනය කලේ අවි බලයෙන්.. පැහැර ගැනීම් හා ඝාතනවලින්.

    පර්සියාව කියන්නෙ ආභ්‍රහමික් ආගම් බිහිවෙන්න ශතවර්ශ ගණනාවකට කලින් බිහිවූ දක්ශයන්ගෙ ..විශිෂ්ඨයන්ගෙ.. කවියන්ගෙ..කලාකාරයන්ගෙ රටක්. ඔවුන් ලොවට දායාද කල දැනුම අති විශිෂ්ඨයි.
    නමුත් ආගමික ලේබලය අලවාගත් කුඩා මොලයක් ඇති පූජකයා හා පාලකයා මේ රාජ්‍ය විනාශය කරා රැගෙන යන අකාරය දුක්ඛිතයි.
    ආගමෙන්.. ඊරිසියාවෙන්.. ලිංගික කුහකත්වයෙන් හැමදාම ජනතාව හිරකරලා තබන්න බැහැ.
    දශක ගණනාවකට කලින් හිපාශියා වැනි අති දක්ශ කාන්තාවන් මර්ධනය කරන්නත් මේ මිනිස්සුන් යොදාගත්තෙ සාමකාමී ප්‍රේමණීය ආගම. මොන නීති දැම්මත් මොන විකාර ආගම් සංකල්ප හඳුන්වා දුන්නත් මේ මිනිස්සු කවදා හෝ තමන්ගෙ නිදහස යොයාගෙන යනවාමයි.

    කලිසම.. සාරිය... බුරිය අල්ලගෙන කාන්තා පක්ශය තමන්ට අවශ්‍ය ආකාරයට අන්දවන පලඳවන රටවල් නැතුවාම නෙවෙයි. නමුත් මේ අන්ධ ආගමික රටවලට වඩා එවැනි ජාතීන් ඉන්නෙ ගවු ගණනක් ඉදිරියෙන්.
    විශේෂත්වය මේ ජාතීන් සංස්කෘතීන් හැම එකකම තමන්ගෙ අයිතිය වෙනුවෙන් සටන් කරන තරුණියන්.. කාන්තවාන් අදටත් දකින්න ලැබීමයි.
    අද අපි ඒ කාන්තාවන් හෙලාදැක්කත්... අද අපි ඒ අයට අඬ තේට්‍ටම් කරත්.. අනාගතේ දවසකදි.. ඒ අය ජීවතුන් අතර නැති දවසකදි අපි ඔවුන් වෙනුවෙන් පිලිරූ .. සමරු ඵලක ගොඩනගනවා සැකයක් නෑ.

    නම නොදත් පර්සියානු තරුණිය වෙනුවෙන් සටහනක් තබන්න දෙවරක් හිතන්නෙ නෑ. විකාර ආගම් හා සංස්කෘතික නීති ගැන පච්ච වර්ණනා හා කතංදර ලියමින් සම්මාන ලබනවාට වඩා ජීවිත කාලෙටම අන්ධ ආගමික භූමියක සංචාරය කිරීම තහණම් වීම වඩා හොඳයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,743
    2
    49,102
    113

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,439
    7
    34,007
    113
    Some media names her as Ahoo Daryaei, a mother of two has mental issues. But they forgot to mention that all mullas have mental issues. :ROFLMAO:
     
    • Haha
    Reactions: MrFrog and Smartm