උප්පැන්නේ තමන්ගේ නම තියෙන තීරුවේ තියෙන්නෙ first name middle name surname විතරයිනෙ සාමාන්‍යෙන්. ඒක එහෙම උනාට NIC එක හදනකොට පියාගෙ පෙලපත් නාමය ගෙඩිය පිටින් නමට ඉස්සරහින් ඔබලා නේද අන්තිමට සම්පූර්ණ නම එන්නෙ.කාගෙත් එහෙම වෙන්න ඇති කියලා හිතනවා. NIC එකට first name , middle name , surname ටික විතරක් තියාගෙන ඉස්සරහින් තියෙන ඔක්කොම අයින් කරගන්න ඕන. අයින් කරන්නෙ ඒ ටික දිග වැඩියි ගොඩක්. දැනටත් දිවුරුම් ප්‍රකාශයක් නිතර තියාගෙන ඉන්නෙ ඒක ගොඩක් අය වරද්දන එක නිතර ම වෙන දෙයක් නිසා. නමේ කොටස් 3ක් විතරක් පාවිච්චි කරන්න පුලුවන් විදියට හදාගන්න හිතුවේ. මයිග්‍රේට් කරන්න කලින් මෙහෙම කරලා තියෙන්නෙ කවුද?
