🛜 OnaHuptk Update - දැන් තමන්ගෙ google drive එකේ folders, file sizes ගැන idea එකක් ගන්න කැමති අයටත් cell එකක් 😍 GoogleOne Downgrade කරන අයට පහසුවක්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    හායි මචන්ලා, අද වැදගත් දෙයක්. 😊

    මේක ගැන කාලයක් තිස්සෙ idea එකක් තිබුණත්, විශේෂයෙන්ම දාන්න හිතුවෙ ගොඩක් අය tax සීන් එකත් එක්ක Google One subscription එක downgrade කරන්න පටන් ගන්න නිසා. එහෙම කරද්දි drive එකේ delete කරන්න ඕන මොනවද කියල ඉක්මනට idea එකක් ගන්න මේකෙන් පුළුවන්. 😍

    මේක ඉඳල හිටල කීප දෙනෙක්ම ඕන කියල කියපු දෙයක්. OnaHuptk නිතර පාවිච්චි කරන අයගෙ drive එක ඉබේම පිරෙන්න ගන්න බව දන්නවා අ‍ැතිනෙ. හැබැයි එහෙම වෙලා එක පාරටම folder වල sizes, files වල sizes එහෙම බලාගන්න ගියාට google drive UI එක වාත නිසා එ‍්ක එච්චර ලේසි නෑ. සමහරවිට උන් හිතලම එහෙම හදලා වෙන්නත් පුළුවන්.

    හැබැයි අලුත් Cell එක නිසා එ‍් ප්‍රශ්න මොනවත් නෑ. නිකම්ම default option එක්ක cell එක run කරොත් තමන්ගෙ drive එකේ තියෙන හැම folder එකක් ගැනම මුලින් brief විස්තරයි, ඊට පස්සෙ ලොකුම එකේ ඉඳල පොඩි එක වෙනකල් sub folders ගැන විස්තරයි බොහොම පිළිවෙළට list කරපු text file එකක් home folder එකේ හදා ගන්න පුළුවන්.

    කැමති නම් text file එක හැදෙන්න අවශ්‍ය තැන සහ නම, සම්පූර්ණ drive එකම නැතිව folder එකක් විතරක් ඕන නම් එ‍්කෙ path එක එහෙම දාල වැඩේ කරගන්න පුළුවන්. Cell එක තියෙන්නෙ උඩ ඉඳල බලාගෙන යද්දි 5 වෙනි තැන, link downloaders සෙට් එකට උඩින්.

    Drive එක පිරිලා තියෙන විදිහ බලා ගන්න වගේම One Drive subscription එක downgrade කරන්න අවශ්‍ය නම් ඉක්මනට අයින් කරන්න ලේසි ලොකු file, folder ටික ක්ෂණිකව බලා ගන්නත් මේකෙන් මාර පහසුවක් වෙයි.

    පහළින් දාල තියෙනවා cell එකේ සහ run කරාම එන text file එකක example එකක්. මේ වගේ තියෙන හැම දේම පිළිවෙළට list වෙලා එනවා. තමන්ටම බලා ගන්න වගේම text file එකක් නිසා ඕනම AI එකකට upload කරල හෝ copy paste කරලා කැමති විදිහෙ analysis එකක් කරගන්න වුණත් හරිම ලේසියි.

    එහෙනම් මේකෙනුත් කැමති අය ප්‍රයෝජනයක් ගන්න. තමන්ගෙම notebook තියාගෙන ඉන්න අය cell එක copy කරගෙන, අවශ්‍ය වෙනස්කම් කරලා පාවිච්චි කරගන්න. Good luck. 🍀

    මේක නම් තේරුම් ගන්න ගොඩක් අමාරු නැහැ කියල හිතෙනවා. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ☺️


    https://bit.ly/onahuptk
    bit ඩොට් ly ස්ලෑෂ්, ona hup tk, ඔක්කොම simple. ☺️

    IMG-20250713-065244.jpg

    IMG-20250713-065213.jpg


    Optional AI analysis example.

    Screenshot-2025-07-13-07-11-41-672-com-openai-chatgpt.jpg




     
    Last edited:

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,200
    3,169
    113
    Wait, oken google drive permission dunnama ubata balanna puluwanda ape files?

    Code eka read kale na mama.
     

    Similar threads