නම සහ පෙනුම ඇහැට හුරුකරගමු!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    නෝනාවරුනි මහත්වරුනි,
    පිළිගන්න අන්න පොන්තරේ වතුර නාන සංදර්ශන ඕගනයිස් කිරීම මෙන්ම, කැම්පස් ඇතුළෙ පරපීඩක නවකවදය/තෙල ගැසීම් මෙහෙයවන, තවත් වසර කිහිපයකට ආතල් දෙන්න එන එන මීළඟ සිස්ණ විරු පිස්සුත්තා,
    මදුෂාන් චන්ද්‍රජිත්!



    SaU3x8N.png


    OTCWdt6.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    අරූ වගේම ගුටි කන මූනක් තියෙන්නෙ. කලින් එකා ඩිග්‍රිය ඉවර කරලලුද?
    කලින් එකා හිරෙ ගියානේ. වැඩ බලන්නද කොහෙද මූව දාලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: rumesh.fbi

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මට සාධාරණ සැකයක් තියනවා මේවටම පුහුණු කරලා මුන්ව කොහෙන්හරි plant කරනවා කියලා බං.
     
    • Wow
    Reactions: Heshan Daminda

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    :lol:

    අන්තරේට නව කැඳවුම්කරුවෙක් : 'තොරතුරු අසත්‍යයි' - වසන්ත මුදලිගේ




    WM_23520.jpg

    අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයෙන් තමන් ඉවත්වී නව කැඳවුම්කරුවකු පත්වීමට නියමිත බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පලවී ඇති තොරතුරු මුළුමනින්ම අසත්‍ය බව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කර සිටියි.



    ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'අනිද්දා' ජාතික පුවත්පත කළ විමසීමකදීය.

    එම සමාජ මාධ්‍යවල හා වෙබ් පිටු වල තිබු තොරතුරු අතර මැයි 24 ඉරිදා පැවති අන්තරේ සැසිවාරයේදී වසන්ත මුදලිගේ විසින් මෙම තීරණය දන්වා ඇති බවද ඒ අනුව මැයි 20 කැලණි විශ්ව විද්‍යාලයේ දී මෙම නව පත්වීම අවස්ථාව සිදු කිරීමට සූදානම් කොට ඇති බවද පළවී තිබිණි.

    එමෙන්ම මෙම ඡන්ද විමසීම සඳහා සබරගමුව, රුහුණ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇති බවත්, එයට හේතු වූයේ පසුගිය කාලයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත් දේශපාලන ක්‍රියාමාර්ග වලට එම සරසවි එකඟ නොවීම බවත් සඳහන්ව තිබිණි.

    තවද එම තොරතුරුවල දක්වා තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනිත් ජනජය හෝ විවෘත විශ්වවිද්‍යාලයේ මොහොමඩ් රිෆාත් (Rifath sparrow -බයිරා) යන ශිෂ්‍ය නායකයින් ගෙන් අයෙකු නව කැඳවුම්කරු වීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග විසින් පවසන බවයි.



    මේ ආකාරයට පළවී ඇති සියලු තොරතුරු කිසිදු පදනමකින් තොර බවත්, අන්තරයේ අභ්‍යන්තරව සංවිධාන තොරතුරු කිසිදු ආකාරයකින් මාධ්‍යවලට දැනුම්දීමක් ඔවුන් නොකරන බවත් වසන්ත මුදලිගේ 'අනිද්දා' පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

    ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ එවන් දැනුම් දීමක් ඇත්තන් මාධ්‍යවෙත ඉදිරියේදී නිල ආකාරයෙන් දැනුම් දෙන බවයි.



    - https://www.theleader.lk/news/17154-2023-05-20-10-00-08

    9ienEog.jpg