ඔහු ශ්‍රී උදාර යෝගිතුමා නමින් බැතිමතුන් හඳුන්වයි.
ඔහු දක්වන අදහස් මෙසේය.
ඔබ දකින්න ඇති මා පිළිබඳව සමාජ මාධ්‍යවල ෆේස්බුක් ආදියේ නොයෙකුත් වැරැදි ප්‍රචාර යනවා. මා රෝගී බව, කොර වී එක්තැන් වී සිටින බව ඔවුන් කියනවා. එය වැරැදි මඩ ගැසීමක්. මම ඉතාමත් නිරෝගීව පසුවන බව ඔබට පෙනෙනවා ඇති. මට කිසිදු ආබාධයක් නැහැ. දැනට වසර පහක සිට මේ ස්ථානයේ නාග විමනේ පූජා පවත්වන්නේ මගේ මෙහෙයවීමෙන්. අපි මේ ස්ථානයේ නානුමුර පූජා පවත්වනවා.
මට දිවැස් බලයක් තියෙනවා. ඕනම කෙනකුගෙ විස්තරයක් කියන්න පුළුවන්. නාග දිව්‍ය රාජයා සමඟ ලොකු සම්බන්ධතාවක් මට තියෙනවා. මේක මගෙ සංසාරගත පුරුද්දක්. මම ඉපදුණේම යම් කිසි ආධ්‍යාත්මික බලයක් සහිතව. මේ පූජා සිදු කරද්දි මම නිතර මණිඅක්ඛිත නාරජ්ජුරුවන් සමඟ සම්බන්ධ වෙනවා. උන්වහන්සේ මට පැවැසුවා නාග ලෝකයේ තිබෙන නිර්මල සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් කිහිප නමක් කැලණි විහාරයට ලබා දෙන බව. මම ඒක නායක හාමුදුරුවන්ටත් දැනුම් දුන්නා. ඒ අනුව අපි විහාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක් සකස් කර අපේක්ෂාවෙන් සිටියා. නමුත් විවිධ බලවේග නිසා අපට නාග ලෝකයෙන් ලැබුණු දින වෙනස් වුණා. දැන් රුවන්මැලි මහා සෑය ආරක්ෂා කරන්නෙ මහා කාල නාරජු. සෝමාවතී චෛත්‍යය ආරක්ෂා කරන්නෙ ජයසේන නාරජු. සේරුවාවිල මංගල සෑය ආරක්ෂා කරන්නෙ සුමන නාරජු. කැලණි මහ වෙහෙර රකින්නෙ මණිඅක්ඛිත නාරජු, මිථ්‍යාදෘෂ්ටිත නාගයන් මේක වැළැක්වූවා. මම නාග ලෝකයත් මනුෂ්‍ය ලෝකයත් අතර අතරමැදියෙක්. මම කරන්නෙ ලෝක දෙක අතර පණිවුඩ හුවමාරු කිරීම.
සර්වඥ ධාතුන් වහන්සේලා අපට ලබාදෙන බවට ස්ථීර දැනුම්දීමක් ලැබුණේ 2019 නොවැම්බර් 9 දිනට අදාළවයි. ඒ සඳහා කැලණි නදියේ විශේෂ ස්ථානයක් සඳහන් කළා. මට පීනන්න බැහැ. නමුත් මණිඅක්ඛිත නාරජු කීවා කිසිදේකට බය වෙන්න එපා. ආරක්ෂා කරනවා කියලා. මට උන්වහන්සේ ගැන විශ්වාසයක් තිබුණා. මම කරඬුව ගන්න ගියා. අපි පූජා පවත්වා 9 වැනිදා රාත්‍රි 9.30ට විතර ගඟට ගියා. අප සමඟ 50ක් 60ක් විතර සිටියා. මගේ ආරක්ෂාවට තොටුපොළ භාරව සිටින ගයාන් මහතා සම්බන්ධ කර දුන්නේ කැලණිය පොලිසියේ ස්ථානාධිපතිතුමා. අප යන විටත් ඔහු එතැන සිටියා. එයත් අහඹු සිදුවීමක්. මගේ අතේ නාග වළලු දෙකත්. ඒ දෙක තොටුපොළේ සිටි දෙදෙනාට පැලඳුවා.
මට භාවනා කිරීමෙන් කුණ්ඩලිනී ශක්තිය ලැබෙනවා. මට සූක්ෂ්ම ශක්තියෙන් සිරුරෙන් බැහැර වෙන්න පුළුවන්. මනෝකාය එළියට ගන්න පුළුවන්. නමුත් ශරීරය සිහින් හුයකින් බැඳී පවතිනවා. මම මනෝකායෙන් නාග ලෝකෙට ගියා.
මණිඅක්ඛිත නාරජු 30,000ක් නාගයන් පිරිවරාගෙන හිටියේ. විශාල නාගයෙක් අපේ ආරක්ෂාවට එවල හිටිය. ඒ නයාගෙ වල්ගා කොටස ගඟ මැද ගලේ ඉද්දී ගයාන්ගේ කකුලෙ වැදිලා කෙණ්ඩ පෙරළුණා. මෙතුමා මාව අල්ලගෙන හිටියා. වතුර ඇතුළට ගියාම නාග ලෝකෙ ෙදාරටුව හමුවුණා. ෙදාරටුව භාරව හිටියේ රංවල දෙවියෝ. උන් වහන්සේ මට ෙදාරටුව ඇරලා දුන්නා.
ඒක නීල මාණික්‍යයෙන් කරපු විමානයක්. සූක්ෂ්ම කායෙන් යන නිසා හුස්ම ගන්න අපහසුවක් නැහැ. රත්රන් කණුවල එතුණු මැණික් කටින් ගත් නාගයන් ඉන්න මාවතක් තිබුණා. නාග කන්‍යාවන් වීණා වයමින් දෙපැත්තේ ඉන්නවා මම දැක්කා. ඉදිරියට යනකොට නීල මාණික්කයෙන් කරපු විශාල කරඬුවක් තිබුණා. එතැන සුදු සළු පැලඳි නාග පෙණ පහක ඔටුන්නක් පැලඳි කෙනෙක් හිටියා. එතුමා හැරිලා මා දිහා බැලුවා. ඇස්වලින් විදුලි පන්දමකින් වාගේ ආලා්ක ධාරා නිකුත් වුණා. මම උන්වහන්සේට වඳින්න හදන කොට ‘උඩට යන්න දරුවා” කිව්වා. මම උඩට එද්දි වතුර මට්ටම ඉහළ නැඟලා. මම කීව වහින්න පටන් ගනීවි කියලා. ඒ සමඟම අකුණු ගගහ වහින්න ගත්තා. ඒ වෙලාවෙ අපි තුන්දෙනාම එක කටට ගන්න පුළුවන් තරමේ රිදී පාට නාගයෙක් මතුවුණා. ඒක මුලින්ම දැක්කෙ තොටුපොළේ ගයාන්ගෙ ගෝලයා. ඒ සමඟ විශාල සුළියක් සමඟ ඇවිත් කරඬුව මගෙ අතට දී නොපෙනී ගියා. දැන් වෙලාව රෑ 12.00යි. මම කරඬුව මේ අයිය අතට දීලා සූක්ෂ්ම කයින් ඉවත් වුණා. අපි කරඬුවට පූජා පවත්වද්දී මිථ්‍යාදෘෂ්ටික නාගයෝ මතුවුණා 20ක් තිහක්. අපි බෝතලයක් විසි කළාම ඒ විශාල නාගයෙක් සිහින් වෙලා. ඒ තුළට ඇතුළු වුණා. එපමණයි වුණේ. පසුව ඒ නාගයාත් වතුරට දැම්මා.
ඒ කරඬුව දැන් තැන්පත් කර තියෙනවා. ඒක චීනෙන් ගෙන්නුවා කියලා තමයි මඩ ගහන්නේ. ඔබතුමාට ඒක බලන්න පුළුවන්. මේක ශාසනික දෙයක්. මෙතැන කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. මේක මණිඅක්ඛිත නාරජුගේ පණිවුඩය මත සිදුවීමක් පමණයි. මම ශාරීරිකව හොඳින් ඉන්නවා. වැරැදි මත දක්වන අයට ඉදිරියේ නාග ශාපය හිමිවේවි.
තොටුපොළ භාර ගයාන් සංජීව මහතා
එදා රාත්‍රි 9.30ට විතර නායක හාමුදුරුවන් ඇතුළු පිරිස ගඟ ළඟට ආවා. මම මේ ගැන මොනවත් දැන සිටියේ නැහැ. කැලණි පොලිසියේ ඕ. අයි. සී. මහතාත් ඒ අවස්ථාවේ ගඟ අසළට පැමිණියා. එතුමා ඉල්ලා සිටියා යෝගිතුමා පිහිනීමට නොදන්නා නිසා ඔහුට ආරක්‍ෂාව ලබාදෙන ලෙස. මාත් මගේ ගෝලයත් එහි සිටියා. අපේ පරම්පරා තුනක්ම තොටියෝ. අපි යෝගිතුමාත් සමඟ ගඟේ ගලක් මත සිටියා. පැය දෙකක් පමණ මම යෝගිතුමා අල්ලන් හිටියා. ඔහු වතුරේ මුහුණ ඔබාගෙන සිටිය දී මම අත නොහැර කඳවටා අත දාලා අල්ලන් සිටියා. ඒ අතර යටින් ලොකු රබර් එක වගේ දෙයක් වැදිලා කකුලේ කෙණ්ඩ පෙරළුණා. ඉක්මනින් ඒ අමාරුව නැතිව ගියා.
යෝගිතුමා දර දඬු වෙලා අත් ගසන්නට වුණා. එක පාරටම කරඬුවක් යෝගිතුමාගේ අතට ආවා. එය කලින් ගෙන ගියා වෙන්න කොහෙත්ම බැහැ. මම වගකීමෙන් කියනවා යෝගිතුමා අතේ කලින් කිසිවක් තිබුණේ නැහැ. නයි මතු වූ කතාව ඇත්ත. ගංගාව පතුලේ නාග විමානයක් පවතින බව දැන් මමත් විශ්වාස කරනවා. මේවා කිව්ව කියලා මට ප්‍රයෝජනයක් නැහැ. මට ලොකු ගෙවීමක් කළ බව කියනවා. ඒක බොරු. කවුරුත් ශත 5ක්වත් දුන්නෙ නැහැ. සමහරු නයා කියලා විහිළු කරනවා. මම කිව්වෙ ඇත්ත.
කැලණි රජමහ විහාර පරිශ්‍රයේ නිමවා ඇති මණි අක්ඛිත නාගරාජ දේව මන්දිරයේ පැවැත්වෙන නානු මුර මංගල්‍යයට අතිවිශාල ජනතාවක් සම්බන්ධ වෙති. එය කැලණි විහාරයට සුවිශේෂී වූ අංගයකි. සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවීම කිසියම් ගුප්ත ආශ්චර්යයක් තුළ සිදු වූ සංසිද්ධියක් බව සනාථ වන කරුණු රැසක් මෙම ගවේෂණයේදී පැහැදිලි විය.
බෞද්ධ දර්ශනය පිළිබඳ විශිෂ්ට දැනුමක් ඇති මහාචාර්යවරයකු වූ විහාරාධිපති හිමියන් ස්ථීරසාර විශ්වාසයකින් යුතුව සර්වඥ ධාතුන් වහන්සේ වැඩම වීම ගැන සඳහන් කරති. එය සැහැල්ලුවෙන් ගත නොහැකිය. අප කළ ගවේෂණයේදී හමු වූ බාහිර පුද්ගලයා තොටුපොළ හිමි ගයාන් සංජීවය. ඔහුට දේශපාලන හෝ වෙනත් අරමුණක් නැති බව පැහැදිලිය. දිය යට පිහිටි ගල් තලාව ගැන දන්නේ ඔහුය. උදාර යෝගිතුමා එය ඔස්සේ ගඟ මැදට කැටුව යන්නේ ඔහුය. යෝගිතුමා කිසිවක් රැගෙන නොගිය බවත් කරඬුව ඔහු අතට පහළ වන්නේ හදිසි නිශ්චිත නිමේෂයකදී බවත් ඔහු ඉඳුරාම පවසයි. තමාට කිසිදු වාසියක් මෙයින් නොලැබුණු බව ඔහු අප සමඟ සහතික විය.
විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ අප සමඟ පැවැසූ පරිදි කැලණි ධාතු මන්දිරය බොහෝ ප්‍රාතිහාර්ය සිදුවන ස්ථානයකි. එහි වූ ථෙරවාද සහ මහායාන බුද්ධ ප්‍රතිමා කිහිපයක්ම ධාතු මන්දිරය ඉදිකිරීමෙන් පසු විවිධ අවස්ථාවන්හිදී පහළ වූ ඒවා බවද උන්වහන්සේ පැවැසූහ.
නිසි සොයා බැලීමකින් තොරව ආවාට ගියාට හිතු හිතූ පරිදි විශ්වාසයන්ට පහර එල්ල කිරීම සහ විශ්වාසයක් හෙළා දකිමින් අවඥානයෙන් කතා කිරීම පුහු වීරත්වයක් බවට පත්ව තිබේ. ප්‍රඥාවන්තයන් පා තබන්නට බිය බිමෙහි මෝඩයෝ පිනුම් ගසනවා යැයි කතාවක් තිබේ. ඕනෑම සමාජ සංසිද්ධියක් පිළිබඳව අවසන් තීන්දුව දෙන්නේ බහු ජනයා මිස ඊනියා සමාජ මාධ්‍ය නොවේ. මිනිසුන්ගේ හෘද සක්ෂිය සෙල්ලමට ගන්නට ඔවුන්ට සදාචාරාත්මකව මෙන්ම පවතින නීතියෙන්ද ඉඩක් නැත.
නිසි අයුරින් වත්පිළිවෙත සිදු කෙරෙන පූජ්‍ය ස්ථානයන්හි හාස්කම් සිදුවනු දැකීම පුදුමය දනවන සිදුවීමක් නොවේ. බෞද්ධ සංස්කෘතික ඉතිහාසයේ එවැනි අවස්ථා උදාහරණ කොතෙකුත් තිබේ. කැලණි විහාරය ගත් විට එහි ඉතිහාසයේ මෙවැනි ප්‍රාතිහාර්යයන් අවස්ථා ගණනාවකදී විද්‍යමාන වී තිබේ. නායක හිමියන් පවසන පරිදි වර්තමාන ධාතු මන්දිරය තුළ වඩා හිඳුවා ඇති බුද්ධ ප්‍රතිමා සහ බෝධි සත්ව ප්‍රතිමා කිහිපයක්ම ප්‍රාතිහාර්යයෙන් පහළ වූ ඒවාය.
– මව්බිම