නරකයේ පිහිටීම -1(සඤ්ජීව නරකය)

shameen2009

Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    නරකයේ පිහිටීම -1(සඤ්ජීව නරකය)

    සඤ්ජීව නරකය

    ගුරුළුගෝමී පඩිතුමා ධර්මප්‍රදීපිකාවෙහි සංජීව නරකය ගැන තියෙන විස්තරය මෙසේයි කියලා මම කියවන්නට යෙදුන දහම් ලිපියක තිබුණා.
    "යමපලුන් විසින් ගිනිහෙන දිලිසෙන ලද මුගුරින් කඩුයෙන්, සැනින් කඩ කඩ කෙරෙන සතුන් කර්මය ඇතිතාක් දුක් විඳිනා නරකය සංජීවයයි"
    ඉතින්... සඤ්ජීව නිරයේ ඔබට ඉපදෙන්නට වුනොත් ඔබට අත්දකින්නට සිද්ධ වෙන්නේ ඔබගේ සිරුරු නැවත නැවත කැබැලිවලට කපනවා වගෙයි. ඒ වුණාට එලෙස කැපි කැපී යන හැම මොහොතකම ඔබට නැවත නැවත පණ ලබන්නට තමයි හේතු යෙදිලා තියෙන්නේ.
    ඉතින් අකුසල්වල විපාක වල බරපතලකම අන්න ඒ වගෙයි... කැපි කැපී තව තවත් විඳවන්නට වෙනවා මිසක් මරණයක් සිද්ධ වෙලා ගැලවීමක් ලැබෙන්නේ නම් නෑ කල්ප ගණනකට. "සඤ්ජීව" යන්නෙහි තේරුමත් "නැවත නැවත පණ ලැබීම" යි කියලා තමයි සඳහන් වෙන්නේ.
    hell1_700x487.jpg



    http://www.nirvanadhamma.com/lk/dam...ra-apayata-yanawada/niraya/sanjeewa-narakaya/