නරක් වූ බිත්තර හදුනා ගන්නේ කෙසේද?

DJAshik

Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    නරක් වූ බිත්තර හදුනා ගන්නේ කෙසේද?

    දෙෙනික ජීවිතයේදී අාහාර පිසීම අනිවාර්ය අංගයකි. මුළුතැන් ගෙය තුළ අප නොදන්නා බොහෝ දේ අැත. විශේෂයෙන් අාහාර පිසීමේදී හා ගබඩා කිරීමේදී භාවිතා කළ හැකි සරල ක්‍රම විශාල ප්‍රමාණයක් අැත. අප කවුරුත් දැන ගත යුතු ඉතා වටිනා කරුණු කිහපයක් පහත දක්වා ඇත.

    1) අයිස් වතුර බදුනකට බිත්තර දැමූ විට අයිස් ජලයේ පාවේ නම්, ඒවා නරක් වූ බිත්තර වේ.

    2) උම්බලකඩ පහසුවෙන් කුඩු කර ගැනීමට නම් කඩදාසි කොළවල ඔතා ශීතකරණයේ තබන්න.

    3) කරවිල පිසීමේදී තිත්ත අඩු කර ගැනීමට නම් පළමුව පොල් වතුරෙන් තම්බා ගන්න.

    4) හොද්දක් කැටි ගැසීම වලක්වා ගැනීමට නම් ලිපෙන් බිමට බා ගත් පසු විනාඩියක් පමණවත් හැදි ගාන්න.

    5) අැස්වලින් කදුළු ගලන්නේ නැතිව ළූණු සුද්ද කිරීමට නම් ශීතකරණයේ තබා පසුව සුද්ද කරන්න.

    6) ශීතකරණයේ දමා තිබූ මස් ඉක්මනින් මෘදු කර ගැනීමට විනාකිරි හෝ පොල් වතුරේ බහා තබන්න.

    7) අර්තාපල් නොපැලී තම්බා ගැනීමට නම් ඒවා තම්බන වතුරට විනාකිරි බිංදු කිහිපයක් දමන්න.

    8) තැළුණ තක්කාලි ලුණු ස්වල්පයක් මිශ්‍ර කර සිසිල් ජලයේ රැයක් පුරා තැබීමෙන් නැවත හොදින් සවි වේ.

    9) බණ්ඩක්කා මෝරලා නම් සියඹලා ටිකක් දමා බදින්න. බණ්ඩක්කාවල අැති කූරු ගතිය අඩු වේ.

    10) හොද්දට ලුණු වැඩි වූ විට අල පෙත්තක් හෝ අැපල් කැබැල්ලක් දමන්න. ඒ්වාට ලුණු උරා ගැනීමෙන් පසුව ඉවත් කරන්න.

    11) බණ්ඩක්කාවල අැති සෙවල ගතිය නැති කිරීමට ගොරක කැබැල්ලක් දමා පිස ගන්න.

    12) කොහිල, කහ මිශ්‍ර ජලයෙන් සෝදා ගැනීමෙන් කහට ස්වභාවය නැති වේ.

    13) බිත්තර ඔම්ලට් සාදන විට ඊට පාන් පිටි ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් ඔම්ලට් හොදින් පිපෙයි.

    14) බිත්තර තම්බන විට වතුරට ලුණු ස්වල්පයක් දැමීමෙන් බිත්තරය පුපුරන්නේ නැතිව තම්බා ගත හැකි ය.

    15) දෙහි සහ අමු මිරිස් මිශ්‍ර කර ගබඩා කර තැබීමෙන් අමු මිරිස් ඉක්මනින් නරක් වේ.

    16) කට්ලට්වල පොත්ත තුනී වූ විට රසය වැඩි වේ. ඒ සදහා බිත්තර සාරු තුළ කට්ලට් හොදින් දවටන්න.

    17) අාහාර පිසීමේදී ව්‍යංජනවලට ගම්මිරිස් කුඩු වශයෙන් දමනවාට වඩා කැබලි වශයෙන් මිශ්‍ර කිරීම රසය වැඩි වීමට හේතු වේ.

    18) බිත්තරයේ කටුවට පොල් තෙල් අාලේප කර තැබීමෙන් බිත්තර නරක් නොවී කල් තබා ගත හැකි ය.

    19) ශීතකරණයේ පිළුණු ගද ඉවත් තිරීමට ශීතකරණය අැතුලේ අගුරු කැබලි දෙකක් තබන්න. මාස තුනකට වරක් අගුරු කැබලි මාරු කරන්න.

    20) රතු ළූණු කපා වැඩි වේලාවක් තැබීමෙන් ඒවායෙහි ඔෟෂධීය ගුණය වැඩි වේ.

    උපුටා ගැනීම sinhalahealth.com
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    No 20 is Wrong.....

    If you keep the onions in the refrigerator the quality goes down (ගුණත්වය හානි වේ)
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ
    1) අයිස් වතුර බදුනකට බිත්තර දැමූ විට අයිස් ජලයේ පාවේ නම්, ඒවා නරක් වූ බිත්තර වේ.
    අයිස් නම් කොහොමත් වතුරෙ පාවෙනව​

    4) හොද්දක් කැටි ගැසීම වලක්වා ගැනීමට නම් ලිපෙන් බිමට බා ගත් පසු විනාඩියක් පමණවත් හැදි ගාන්න.
    ලිපේ තියෙද්දිම කූරු ගාන්න ඕනා. සමහර වෙලාවත ලිපෙන් බාන කොට පරක්කු වැදියි

    7) අර්තාපල් නොපැලී තම්බා ගැනීමට නම් ඒවා තම්බන වතුරට විනාකිරි බිංදු කිහිපයක් දමන්න.
    අර්තාපල් තම්බන කොට තාම අල පැලෙන seen එකක් set වෙලා නෑ

    8) තැළුණ තක්කාලි ලුණු ස්වල්පයක් මිශ්‍ර කර සිසිල් ජලයේ රැයක් පුරා තැබීමෙන් නැවත හොදින් සවි වේ.
    ලුනු ඕනම නෑ

    13) බිත්තර ඔම්ලට් සාදන විට ඊට පාන් පිටි ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් ඔම්ලට් හොදින් පිපෙයි.
    beat කරා නම් වදා හොඳයි

    14) බිත්තර තම්බන විට වතුරට ලුණු ස්වල්පයක් දැමීමෙන් බිත්තරය පුපුරන්නේ නැතිව තම්බා ගත හැකි ය.
    ලුනු දැම්මත් පුපුරනව​. ලුනු දැම්මොත් බිත්තර කට්ට ගලවන්න ලේසියි

    20) රතු ළූණු කපා වැඩි වේලාවක් තැබීමෙන් ඒවායෙහි ඔෟෂධීය ගුණය වැඩි වේ.
    බොරු වෙන්නැති