නරි බෑනා (දයානන්ද ගුණවර්ධන)

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    නරි බෑනා (දයානන්ද ගුණවර්ධන)

    DSC_0352.JPG


    දයානන්ද ගුණවර්ධනයන් නරි බෑනා ගැන

    සිංහලයට හුරු නාට්‍ය සම්ප්‍රදායක් බිහි කරලීම සඳහා
    අපේ ජන ශෛලිය හාරා අවුස්සා
    ඉන් නාටයෝචිත අංග සොයා යොදා ගැනීමට
    මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා විසින් මුල පුරන ලදී.

    මනමේ නාටකයෙන් පසු
    අවුරුදු පහක් හයක් යන තෙක්ම
    නිෂ්පාදනවල බෙහෙවින් කැපී පෙනුනේ
    ඒවා ඉදිරිපත් කරන ශෛලියයන්ය.
    හැම කෙනෙක්ම අළුත් අළුත් ශෛලීන්
    ඉදිරිපත් කිරීමට වෙරදැරූහ.
    මින් සිංහල නාට්‍යයට
    ඉමහත් සේවයක් සැලසුන බව කිව යුතුය.

    DSC_0001.jpg


    නරිබෑනා ද එවැනි ප්‍රයත්නයකි. රබන් පද, බම්බු කෝලම්
    නරිබෑනා ශෛලියට ආධාර වී ඇත.
    නරිබෑනා නාටකය රචනාකොට ඇත්තේ
    ජනප්‍රිය ජනකතා දෙකක් ඇසුරු කොට ගෙනය.
    මින් ´´සිවලා හා ගම දියණිය´´ නැමති කතාව අනුව,
    ගම මහගේ දුව නරියෙකුට දෙන බව කියා
    බණින්නේ ගම ගෙදරදීය.
    මේ අතර ගම ගෙදර අසල පඳූරක උන්
    නරියෙකුට එය ඇසින.
    ´´ඒ වචන ඇසීමෙන් නරියා ලත් ප්‍රීතිය
    විඳදරා ගැනීමට තරම්
    උගේ සිරුර ප්‍රමාණවත් නොවීයැයි´´
    ජන කතාකරු පවසයි.


    z.jpg


    නරියා ප්‍රීතියෙන් කළ කෑකෝ ගැසීම් අසා
    ගම හාමිනේද බිය වූවාය.
    පසු දිනක ගම දුව විවාහ කරදෙන
    මංගල උත්සවයක් විය.
    මනමාලයා පැමිණ මනමාලිය සමඟ
    පෝරුව මත නැගෙන වේලෙහි
    නරියා ඔවුන් අතරට විත්
    ඔහුගේ අයිතිවාසිකම් කියා සිටියේය.
    කාරණය අවබෝධකර ගත් ගමරාල,
    මනමාලයා පෝරුවෙන් බස්සවා
    එතැන නරියාට දී කටයුතු නිම කළේය.
    මනමාලයාගේ ඉවසීම ගැන
    කවුරුත් ප්‍රසංශා කළහ.
    අග හිඟකම් ඇති වු පසු කලක
    ගම දෙමහල්ලෝ නරිබෑනා බැලීමට ගියහ.
    එහිදී නරියා සිතු පැතු කෑම ලැබෙන පෙට්ටියක්
    නැන්ද මාමාට තෑගි කෙළෙන්,
    දුව නරියෙකුට පාවාදීම ගැන
    ඔවුන් කණගාටු නොවූහ.

    කැලයේදී නපුරු සතෙකුගේ
    උගුලකට අසුවුණු ගමරාල කෙනෙක්
    නරියෙකුගේ උපකාරයෙන් බේරී
    ඔහුට එ´ පැටවුන් දෙදෙනකු
    තෑගි දීමට පොරොන්දු වෙයි.
    නමුත් ගමරාල මල්ලක් තුළට දමා
    නරියාට තෑගි කරන්නේ
    ගම බල්ලන් දෙදෙනෙකි.
    මේ දෙවැනි ජනකතාවයි.
    මේ ජන කතා දෙකේ සම්බන්ධයෙන්
    නරිබෑනා නාටකය රචනා කොට ඇත.


    DSC_0070.jpg



    රබන් පද -
    නරිබෑනා නාටකයේ ගී හා
    ඇතැම් සංවාද කොටස් රබන් පද ශෛලීයෙන්
    ගොඩ නඟා තිබේ.
    රබන් පදවල සරල පද විලාශය හා
    තාල ඒවායේ ආරක්ෂා කොට ඇත.


    ගම මහගේ දුවට බණින ගීය
    "තෙව දෙන්නෙත් නරියටයි,
    තෝව ගන්නෙත් නරියෙකුයි.
    "
    පහත සඳහන් රබන් පදය අනුව වේ.

    තෙලෙං බැද්දත් කොබෙයියා
    කිරෙන් බැද්දත් කොබෙයියා
    තෙලෙං බැද්දත් - කිරෙං බැද්දත්
    කොහොම බැද්දත් කොබෙයියා


    තෙවෙනි දර්ශනයේ මුල් කොටසේ
    ගී සංවාද කොටස් ජනප්‍රිය රබන් පදයක් වන.
    බොලං පොඩි නංගි ටිකක් හිටපං
    බුලත් විට කන්න ටිකක් හිටපං
    යන්න ඇසුරෙනි.

    ගම දුවගේ ගීත
    පහත සඳහන් රබන් පදය අනුව වේ.
    අඹ රඹුටන් ගස් දෙක යට - වලිකුකුලන් පස් දෙනයි
    උන්ට කන්න බත් දෙනකොට - අපිත් එක්ක ලස්සනයි

    ගම පවුල නෑගං විත් හඬගාන ගීය සඳහා
    පහත සඳහන් රබන් පදය සහාය විය.
    තරිකිට දෙබෝ කෝපි ලන්ද- දිරිකිට කඩාගෙන කුමන්ද
    ගෙන බූංජෝ ගිරා කැත්ත- මේකිගේ කොන්ඩේ කපන්ඩ

    අවසනායේදී සියල්ල ගයමින් නටන ගීය
    මේ අනුව වේ.
    තිත්ත කැකිරි පොතු නැන්දට දීපං - නිකං කැකිරි පොතු මාමට දීපං
    තිත්ත කැකිරි තිත්ත දෝ - තමුසෙට මම තිත්ත දෝ

    සමහර ගී රබන් පද කීපයක්
    එකමුතු කරගත් තාලයකට වේ.
    නරියා ප්‍රිතියෙන් කැලය පුරා නටන ගීය එවැන්නකි.
    දුං දුමටයි අඟුරු මොටයි
    මේ යන දුං කෝට්ටෙටයි
    රබං ගොඩ නංගි රබං ගොඩ නංගි
    රත් කොර කොර දෙයි
    වට කර ඉඳ ගහන රබං
    අපේ රිස්ස යයි
    තක දොං අපේ රිස්ස යයි.

    සව්දම් අනුව ලියැවුනු ගී දෙකක්ද
    මෙහි ඇතුළත් වේ.
    නරියා ගමදුවට ගයන්නේ
    මොණරිඳූ සව්දම අනුව ලියැවුණු එකකි.
    ඉර පායන කල මොණරිඳූ දෙදෙනෙක්
    ඉරට නැමී වඳිතෙයි
    මොණරිත් මොණරත් පිල් විදහාගෙන
    සූරිය රුකුඳ ගතෙයි
    රුඳ රුඳ රුකුඳත් රුකුඳ ගතෙයි

    නරියා බල්ලාට බිය වී ගයන ගීය
    ලුල් සව්දම ඇසුරෙනි.

    හං රොඩු හං රොඩු හං රොඩු ගොල්ලේ
    නාකි හමෙක් ඇත ගෙයි දොර මුල්ලේ
    තවත් එකෙක් ඇත අන්නසි ගොල්ලේ
    ඔන්න බලාපං ජොරනිසි ගොයියෝ
    ලුල්ලි වටයක් වලකට පැනලා
    වල බොර කර ගනි තෙයි
    ඒවා දැකලා කොල්ලෝ වටයක්
    වට්ටි අරං දුව තෙයි
    ලුලගේ සව්දම කොහොමද කීවොත්
    වරල ටිකක් පෙනෙතෙයි


    z.jpg


    නරියා ගමදුව සනසන ගීතය...

    කුමටද සොබනියෙ

    ගායනය - ජයශ්‍රී චන්ද්‍රජිත්

    කුමටද සොබනියෙ කඳුළු සලන්නේ හේතුව මම නොදනිම්
    ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
    මම ඔබ ගෙන යන්නම්
    ඔබ හට හැම සැප එහි දෙන්නම් කුමටද සොබනියෙ කඳුළු සලන්නේ හේතුව මම නොදනිම්
    ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
    මම ඔබ ගෙන යන්නම්
    කුමටද සොබනියෙ කඳුළු සලන්නේ

    සඳ පායන කල ගඟබඩ ඉදගෙන
    ඔබෙ හිස පීරන්නම් ඔබෙ හිස පීරන්නම් මල් පෙති විසිරුණු සුදුවැලි මතුපිට ඔබගෙන ඇවිදින්නම්
    ඔබ ගෙන ඇවිදින්නම්
    සොඳුරියෙ ආදරබස් දෙන්නම්
    සොඳුරියෙ ආදරබස් දෙන්නම් කුමටද සොබනියෙ කඳුළු සලන්නේ හේතුව මම නොදනිම්
    ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
    මම ඔබ ගෙන යන්නම්
    කුමටද සොබනියෙ කඳුළු සලන්නේ තණ අග දිලිසෙන පිනිකැට අරගෙන ඔබෙ ඇඟ දෝවන්නම්
    ඔබෙ ඇඟ දෝවන්නම්
    ඉර පායන විට පුබුදින මල්ගෙන
    ඔබෙ හිස සරසන්නම්
    ඔබෙ හිස සරසන්නම්
    කොමලියෙ ආදරබස් දෙන්නම්
    කොමලියෙ ආදරබස් දෙන්නම්

    DOWNLOAD SONG




    ගමදුවගේ ගීතය...

    ඇහැළ මලින් ගස් පිරිලා

    සමූහ ගායනා

    ඇහැළ මලින් ගස් පිරිලා
    බලන්න හරි ලස්සනයී
    අඹ රඹුටන් ජම්බු ඉදිල
    අද හැමතැන හරි හැඩයි
    ඇහැළ මලින්..

    දොඹ ගස් යට මල් හැලිලා
    සුවඳක් හැමතැන දැනෙයි
    වළිකුකුළන් හඬලන විට
    අහන් ඉන්න හරි හිතයි

    ඇහැළ මලින්..

    ගස්වල දළු සෙලවෙනකොට
    ඇඟට හරිම සීතලයි
    ඉගිලෙන අර සමනලයින්
    අල්ලන්නට බැරි හැඩයි

    DOWNLOAD SONG

     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mata school kale mathak una. nari beena town hall eke balanna gihin thamai mata mage wife palawenipaarata hamba une. adatath wife mama ekka bahin bas una welawata nariya kiyala baninne. e welawata hithe thiyana tharahath nethiwa yanawa. edaa oka baladdi echchara therumak thibbe nehe kasaada bendata passei nari beena therum giye.