නලා ජෙප්පා ඵළියට අැවිත් සමාව ඉල්ලයි..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ කොළඹ දක්වා පැමිණීමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

    අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් සැකකරු ට එවැනි ක්‍රියාවක් තුළින් රටට සිදුවන අපකිර්තීය සුළු කොට තැකිය නොහැකි බවට තරයේ අවවාද කර එම නියෝගය ලබා දී ඇත.

    කෙසේවෙතත් තම සේවාදායකයා පොලීසියට සිදුවු අපහසුතාවය සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා තිබේ.

    පසුගිය 27 වනදා රාත්‍රියේ බොරැල්ල ප්‍රදේශයේ දී අදාළ රථ පෙළට ගමන් කිරීම සඳහා මාර්ග කිහිපයක රථ ගමනාගමනය කෙටි කාලයක් සඳහා අත්හිටුවීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

    එයට විරෝධය පළ කරමින් පුද්ගලයෙකු අනෙක් රථ වාහන රියදුරන් පොලීසියට විරෝධතා දැක්වීම සඳහා පොළඹවමින් ඒ පිළිබඳ විඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබු බව පොලීසිය පැවසුවේය.

    ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වුවෙකි.

    නඩුව මැයි මස 12 වන දින යළි කැඳවනු ඇත.

    මේ අතර අදාළ සැකකාර තරුණයා අධිකරණයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තමා අතින් සිදුවු වරදට සමාව අයැද සිටියේය.

    “මගේ අතින් වරදක් සිදුවුණා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙනුත්, ශ්‍රී ලංකා පොලීසියෙනුත් මම සමාව ඉල්ලනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයටත්, ශ්‍රී ලංකා පොලීසියටත් මුහුණදීමට සිදුවු අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කරනවා.“

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    බැංකුව කැඩුනා සමාවෙන්න

    හම්බන්තොට වික්කා සමාවෙන්න
    සීනි ගෙන්නුවා සමාවෙන්න
    පොල්තෙල් ගෙන්නුවා සමාවෙන්න

    ඕවාට ඇප නෑ.... නඩු නෑ.... නඩුකාරසාවෝ නෑ...


    ලකේ පංකා නීතිය 😂
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ගොං බිජ්ජෙක්
    රටේ ඉන්න ඕන විදිහ දන්නෙ නැති
    :lol: :lol:
    ආවේගශීලී වෙලා බෑ ලංකාවෙ ජීවත් වෙනව නං
    ප්‍රායෝගික වෙන්න ඕනෙ
    වී අයි පී පලාත් සභා මංත්‍රී කෙනෙක් එක්ක වත් හරි වැරැද්ද අදාල නෑ තමුංට ඊට වඩා ලොකු කනෙක්ශන් එකක් නැත්තං

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    FB_IMG_1619788474731.jpg
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පිට රටක එකෙක් යනකොට මෙහෙම කරපු එක වැරදි.
    අනික මූ අවුරුදු 10ක් ඔස්ට්‍රෙලියා ඉදියා කියන්නේ දැන් Ausy Citizen වෙන්න ඇති.
    ලන්කාවෙ වීසා එකට කෙලවෙන හින්දා සමාව ඉල්ලුවද දන්නේ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads