නලින්දගේ_හෝමෝෆෝබියාව

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නලින්දගේ_හෝමෝෆෝබියාව

නලින්ද ජයතිස්ස ගේ හෝමෝෆෝබියාව



cartoon_homophobia.jpg


2015 දෙසැම්බර් 10 ඬේලි නිව්ස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස තමුන් LGBT ප‍්‍රජාවන්ගේ අයිතිවාසිකම් සඳහා තරයේ විරුද්ධ වන බවත්, සමලිංගිකත්වය වනාහි අස්වාභාවික දෙයක් ලෙසත් ප‍්‍රකාශ කරන ලදි.


මේ ඔහුගේ ප්‍රකාශයයි


" මම මුළුමනින්ම ස්ත‍්‍රී-පුරුෂ සමලිංගික, දෙමුහුන් ලිංගික හා පාර ලිංගික (LGBT) අයිතීන්ට විරුද්ධයි. මෙය මනුෂ්‍ය පැවැත්මට අවශ්‍ය නැහැ. අපට අනාගත පරපුරක් අවශ්‍ය යි. විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව මෙවැනි හැඟීම් ඇති වන්නේ ආතතීන්ගේ ප‍්‍රතිඵලයක් ලෙයි. මිනිසුන් ආතතිගත අවධීන් හෝ එවැනි පරිසරයක් තුළ කාලයක් ජීවත් වූ විට මෙවැනි අස්වාභාවික හැඟීම් ඇති වෙනවා. මෙවැනි චර්යාවන් අප වනාන්තර වල ජීවත් වූ අවධියේ දැක ගන්නට ලැබුනේ නැහැ. කෙසේ වුවත් ඔවුන්ව සිරගත කල විට මෙවැනි චර්යාවන් දක්නට ලැබෙනවා. මම විශ්වාස කරන්නේ පිරිමින් හා ගැහැණුන් අතර විවාහය පමණයි. සමලිංගික විවාහ අස්වාභාවිකයි. එය මානව වර්ගයාගේ පරිණාමයට විරුද්ධයි.”


වෛද්‍ය අධ්‍යාපනය ලද ජවිපෙ නායකයකු වන නලින්ද ජයතිස්ස ගේ හෝමෝෆෝබියාව තේරුම් ගත හැක්කේ කෙසේද ? ඩී.එස්.එම් වර්ගීකරණය (The Diagnostic and Statistical Manual of Mental Disorders (DSM) අනුව සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙසට දැන් සැලකෙන්නේ නොමැති බව වෛද්‍යවරයෙකු ලෙස ඔහු නොදැන සිටියේ නම් එය ඔහුගේ දැණුමේ ඌණතාවකි. ඔහුගේ වෛද්‍ය විද්‍යාත්මක දැණුම තවමත් යාවත්කාල වී නැත​. එය දැණුමේ ඌණතාවක් නොවේ නම් සංස්කෘතික පසුගාමීත්වය සමග බැඳුන තත්වයක් විය හැකිය​.


https://transyl2014.blogspot.ca/2016/06/blog-post_42.html

 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නලින්ද සිල්වා ගැන කියන්නෙ කියල නොමඟ යන විදිහට title එක දාපු නිසා කපපල්ල මුගෙ රෙප් :angry: :angry: