Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නලින්ද සිල්වා අභාවප්‍රාප්ත වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අතර දේශන ශාලාවෙන් පිටතද යම් පරිවර්තනයක් සිදුවෙමින් තිබුණි. ආචාර්ය නලීන්ගේ පසු පස යන ගෝල බාලයන් පිරිසක් නිර්මාණය වෙමින් පැවතුනි. ඔවුන්ගෙන් කී දෙනෙක් තම ආචාර්යවරයාගේ දර්ශනය තේරුම් ගෙන තිබුණාදැයි මම නොදනිමි. එහෙත් ඔවුන්ට ඒකරාශී වන්නට "නලීන් සහ ජාතික චින්තනය" හොඳ වේදිකාවක් විය. ආචාර්ය නලීන් දේශන ශාලාව තුල යම් සිසුවෙකු වෙත ප්‍රහාරයක් එල්ල කල විට මෙම ගෝල බාල පිරිස එය දේශන ශාලාවෙන් පිටත ප්රතිරූපණය කරන්නට විය. මෙය මගේ දැඩි කලකිරීමට හේතු වුවත් ගුරුවරයෙකු ලෙස ආචාර්ය නලීන් වෙත තිබු ඇල්ම නම් අඩු නොවීය.

මේ අතර එක් දිනක් ව්‍යවහාර ගණිතය දේශනය අතරතුර ආචාර්ය නලීන් අමනුෂ්‍ය බලවේග පිළිබඳව කතා කිරීමට පටන් ගත්තේය.

"තමුසේ මොකද හොල්මන් අවතාර ගැන හිතන්නේ" ඔහු මා දෙසට ඇඟිල්ල දිගු කරමින් ඇසීය.

"ඕවා මහා පිස්සු මනස්ගාත සර්" මම කිසිවක් නොසිතාම උත්තර දුනිමි.

තරමක රෞද්‍ර මුහුණක් මවා ගත් ඔහු "තමුසේ කොහොමද එහෙම කියන්නේ" යැයි ඇසීය.

මට කිසිවක් සිතා ගත නොහැකි විය. එහෙත් එක වරම ඊට ටික කලකට පෙර අපේ ගෙදර ඇතිවූ කතා බහක් මතකයට ආවෙන් මම මෙසේ කියන්න පටන් ගතිමි. "ඇයි සර්, කාලෝ ෆොන්සේකයි, කොවුර් මහත්තයයි ඕපන් චැලේන්ජ් එකක් කලේ...." මට කිව හැකි වුයේ එපමණකි.

"ආ තමුසේ, තමුසේ තමයි එහෙනම් මේ බැච් එකේ ඉන්න හේතුවාදී ඒජන්තයා. තමුසෙගෙයි කාලෝ ෆොන්සේකගෙයි ඔළුගෙඩි දෙක අල්ලලා බිත්තියේ හප්පනවා, මේක ඇතුලේ ඔය හේතුවාදී උලව් අටවන්න ආවොත්". ඇස් ගෙඩි උලුප්පන් දත් මිටි කමින් ඔහු මහා හඬින් ගුගුලේය.

අන්ද මන්ද වූ මා කිසිවක් කියා ගත නොහැකිව බලා සිටියදී ඔහු විනාඩි පහක් පමණ එක දිගටම බැන වැදුනේය. ඔහු කතාව අවසන් කලේ මගේ දෙසට ඇඟිල්ල දිගු කර "ඔළු දෙකේ බූරුවා" යයි කියමිනි. එතැන් පටන් මම සරසවියේ සිසුවෙකුව සිටි මුළු කාලය තුලම ආචාර්ය නලින් ද සිල්වාගේ නිරන්තර අපහාස, උපහාස, ගර්ජනා වලට ලක් වුයෙමි.

එදා එම දේශන ශාලාවෙන් පිටතට පැමිණෙන විට මා ලේබල් කිහිපයකට පාත්‍ර වී සිටියේය. ගෝල බාලයන්ට ආචාර්ය නලීන්ගේ හේතුවාදී ලේබලය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොවිය. ඒ වෙනුවට ඔවුන් මුද්‍රණය කර තිබුනේ වෙනත් නාමකරණ කිහිපයකි. CID කාරයා, සිරිකොතෙන් පඩිගන්නා ඒජන්තයා, ආණ්ඩුවේ ඔත්තුකාරයා මින් කිහිපයකි.

එවන විට මා සිරිකොත යනු කුමක්දැයි දැන සිටියේද නැත. "මොකක්ද මචං සිරිකොත කියන්නේ?" මා මිත්‍ර උපුල් ප්‍රනාන්දුගෙන් ඇසුවා තවම මතකය. ඇත්තෙන්ම එකල මට මේ ලේබල යම් ආශ්වාදයක් ගෙන දුනි. සමහරුන් මා සමග කතා කරන්නත් බිය ගතියක් දැක්වීම මට බෙහෙවින් විනෝදජනක විය. එහෙත් ඒ ලේබල් වල ඇති බියකරු බව තේරුම් ගැනීමට මට වැඩි කලක් නොගියේය. එජාප-ජවිපෙ භිෂණය රට වෙලාගත්තේය. වසර තුනකට සරසවි වැසී ගියේය.

ආචාර්ය නලීන් ද සිල්වා නිකම්ම නිකම් ගුරුවරයෙකු නොවෙයි. ඔහු පවුරු බිඳින්නෙකි. විද්‍යා විෂය උගෙන සරසවියට පිවිසෙන බොහෝ දෙනෙක් තමා වටා විශාල පවුරක් බැඳගෙන පැමිණෙන්නේය. ඒ පවුර තුල සිටින්නේ බටහිර විද්‍යාවේ වහලෙකි. ඒ වහලා බටහිර විද්‍යාව ගැනද කිසිවක් නොදනී. පළමු වසර මැද භාගය වන විට බොහෝ දෙනෙකුගේ මේ ස්වයං-සිර කුටිය නලින් ද සිල්වා කඩා බිඳ දමයි. මේ සමගම ඈත ක්ෂිතිජය දක්වා සිසුවාගේ නිම් වළලු පුළුල් වේ. මෙය ඉතා ආශ්වාදජනක අත්දැකීමකි. එහෙත් ඔහුගේ බොහෝ ගෝල බාලයෝ නලීන් කඩා දැමූ බටහිර-විද්‍යා පවුර වෙනුවට නලීන්ගෙන්ම ගල් වැලි සිමෙන්ති ඉල්ලා ගෙන ජාතික චින්තන පවුර බැඳ ගත්තෝය. මෙය අවාසනාවන්ත තත්වයකි.

නලීන් ද සිල්වා නැමැති ගුරුවරයා තුල තිබෙන දක්ෂතා සහ ව්‍යක්තභාවය අංශු මාත්රයකින්වත් නලීන් ද සිල්වා නමැති දාර්ශනිකයා තුල නොතිබීම ශෝචනීය වෙයි. කොපමණ රස කෑමක් වුවද, යමෙකු ඔබගේ උගුරට බලහත්කාරයෙන් ඔබා එය කුසට පිවිසෙන තුරු කොසු මිටකින් අනී නම් සිදුවන්නේ මහත් විනාසයකි. නලීන් ද සිල්වා මේ බව තේරුම් නොගනී. එසේම තමාගේ තරාතිරම, තමා ගැටෙන පුද්ගලයාගේ තරාතිරම මෙන්ම තමන් ගැටෙනා කාරණාවෙහි ඇති වැදගත්කම වැනි කරුණු ඔහු නොසලකයි. හොල්මන් අවතාර වැනි නොවටිනා මාතෘකාවක් වෙනුවෙන් තමා වැනි උගත් ආචාර්යවරයෙක් පළමු වසර සිසුවෙකු හා ගැටී ඔහුට අවලාද නැගීම කෙතරම් නිෂ්පල ක්‍රියාවක්දැයි ඔහු නොදකියි. මෙය මම නලින්ද සිල්වා නමැති චරිතය පුරාවටම දුටුවෙමි.

ආචාර්ය නලීන් ද සිල්වා කුමන ප්රහාරයන් එල්ල කලත් ඔහුට උපහාස වන අයුරින්වත් වචනයක් නොකීමට අපගේ සහ අපට ඉහල කණ්ඩායම්වල සිසු සිසුවියන් වග බලාගත්තේය. ඒ ඔහුට තිබු යම් ගෞරවයක් හේතුවෙනි. එහෙත් අපට පහල වසරේ සිසුවෙකු හා නලීන් අතර වූ සංවාදයකින් පසු මේ අයිස් කන්ද බිඳී ගියේය.

ඒ ගවේෂකයෝ මෙහෙයවන බදාදා කෑම පැයේ නලීන්ගේ දේශනයයි. ඔහු එවකට සිටි වාමාංශික නායකයන් නිර්දය ලෙස විවේචනය කරමින් සිටියේය.

"මේ වමේ නායකයෝ කියාගන්නා එවුන් එදා ඉඳන්ම වැඩ කලේ වල් බූරුවන් වගේ" ඒ නලීන් ද සිල්වාය.

අතුරු සිදුරු නැතිව පිරී තිබූ NBLT ශාලාවේ මැද හරියෙන්, අත ඔසවා සිසුවෙක් නැගී සිටියේය. උස, කාල වර්ණ දේහධාරී මේ සිසුවාගේ හැඩරුව සහ වාග් විලාශය මට ඉතා හොඳින් මතක මුත් ඔහුගේ නම මතක නැත (මතක අයෙක් ලියා දක්වන්න).

"ඉතින් සර්රුත් ඒ කාලේ හිටියේ ඒ ගොඩේ නේ" ඔහු කිසිඳු කලබලයක් නොමැතිව නිදිමත හඬින් කිව්වේය.

"ඔව් ඒක ඇත්ත. මාත් අවුරුදු 15කට කලින් හිටියේ එවුන් එක්ක තමයි. මම ඒක නැහැ කිව්වේ නැහැනේ" නලීන් ගුගුලේය.

"එතකොට සර් කියන්නේ මීට අවුරුදු 15ට කලින් සර්රුත් වැඩ කලේ වල් බූරුවෙක් වගේද?"

නලීන් තරමක් තිගස්සෙනු මට තාම මතකය. ටික වෙලාවක් සිසුවා දෙස බලා සිටි ඔහු "ඔව් එතකොට මාත් වැඩ කලේ වල් බූරුවෙක් වගේ තමයි" කියා මද හඬින් කිවේය.

තවමත් නිදිමත ගතියෙන්ම කතා කරන සිසුවා "එතකොට සර් තව අවුරුදු 15 කින් කිව්වොත් දැන් සර් වැඩ කරන්නේ වල් බූරුවෙක් වගේ කියලා සර්ගේ ගෝල බාලයන්ට වෙන්නේ මොකක්ද?"

චින්තන-අචින්තන වෙනසක් නොමැතිව මුළු මහත් ශාලාවම මහා හඬින් සිනාසෙන්න විය. මෙය යුගයක නිමාවක් සනිටුහන් කළේය.

ඉන්පසු ගත වූ වසර දෙක තුනේදී බොහෝ දේ සිදුවිය. ආචාර්ය නලීන් ද සිල්වා තම ගෝලයන් හරහා ක්‍රියාත්මක කල ක්‍රමවේදයන්ට එරෙහිව විද්‍යා පීඨයේ සිසු විරෝධය පෙළ ගැහෙන්න විය. මේ සටන්වලට සම්බන්ධ නොවී පසෙකට වී සිටි මා ඇතුළු මගේ මිතුරු පිරිසට පිඨයේ ශිෂ්‍ය නිලවරණය පැමිණෙන විට තව දුරටත් නිහඬව සිටිය නොහැකිවිය. ලේඛම් තනතුර සඳහා තරඟ කල මම එම සටනේ ප්‍රධාන කථිකයෙකු වූයෙමි. එතෙක් විද්‍යා පිඨයේ පාලනය කිසිඳු අභියෝගයකින් තොරව තමා වෙත නතු කරගෙන සිටි නලීන් ද සිල්වාට පක්ෂපාති කණ්ඩායම හමුවේ අපි ඉතා අඩු චන්ද පරතරයකින් පරාජය වූයෙමු. එය ජයග්‍රහණයේ ඇරඹුම විය (කාගේ ජයග්‍රහණයේ දැයි මට තවමත් නොතේරෙයි). ඊළඟ වසරේ මම කෙටි කලකට නලීන් විරෝධී පාර්ශවයේ නායකයා වුනෙමි. එවර චන්දය පැමිණෙන විට අපගේ දක්ෂ කථිකයන් කිහිප දෙනෙකුම අධ්‍යාපන කටයුතු වල සිරවී සිටියේය. එබැවින් එවර චන්දය ඉල්ලීමෙන් වැලකී සිටීමට අප තීරණය කල අතර නායකත්වයෙන් මම ඉවත් වුනෙමි. ඊළඟ අවුරුද්දේ නලීන් විරෝධී පිල ජයග්‍රහණය කළේය. ඉන්පසු ගතවූ දශක තුන තුල නලීන්වාදී පිරිසට එක වරක් හෝ චන්දය දිනා ගැනීමට නොහැකි වූ බව මගේ දැනීමයි.

ඊට පසු කාලයක එවකට උප කුලපතිව සිටි ජී එල් පීරිස් මහතාට පහත් වදනින් බැනවැදීම නිසා ආචාර්ය නලින්ද සිල්වා සරසවියෙන් නෙරපූ බව ආරංචි විය. එතැන් සිට පැවති රජයන්හි ජී එල් පීරිස් මහතා ඇමති මණ්ඩලයේ සිටින තාක් කල් නලීන් ද සිල්වා හට රැකියාව නොලැබෙන බවට කතාවක් පතුරුනි. මේ කතාව නිසා මම අවංකවම බලවත් සේ කනගාටුවට පත් වුනෙමි.

මා තරම් ආචාර්ය නලීන්ද සිල්වාගෙන් බැට කෑ මෙන්ම ඔහුට එරෙහිව ප්‍රසිද්ධියේ පීඨය දෙවනත් කල සිසුවෙක් තව සිටියා දැයි මම නොදනිමි. එහෙත් එතුමා ඉගැන්වූ විෂය දෙකටම මට ඉතා ඉහල සාමර්ථ තිබුණි. ඒ අතින් කොළඹ සරසවියේ බෝ පැල මෙන් සිටි සමහර උපාසක මහාචාර්යවරුන්ට සාපේක්ෂව මහාචාර්ය නලින්ද සිල්වා යනු සැබෑ මහත්මයෙකි.

මගේ අවංක මතය නම් නලීන් ද සිල්වා යනු අපතේ ගිය සම්පතක් බවයි. ස්වයං-අලෙවි (self-marketing) හැකියාවෙන් ඉතා දුර්වලවීමත්, සමහර අවස්ථාවල තමන්ට තමන් අවංක නොවීමත් මා ඔහුගේ දකින පැහැදිලි දුර්වලතාවයන්ය.

තමාගේ අදහස් නිර්මාණශීලි ආකාරයෙන් අන්‍යන්ට ඒත්තු ගැන්වීමට ඔහු අසමත්විය. තමා පමණක් හැමවිටම නිවැරදිය යන අධි-මානය ඔහුගේ ගමන ව්‍යාකූල කෙරීය. ඔහුගේ මතයට එරෙහිව යමෙක් අදහස් දක්වන විට ඔහුට සඟවා ගත නොහැකි කෝපයක් ඇති වන්නේද මේ නිසා විය හැක.

එසේම තමා සම්මතයෙහි පිහිටා කටයුතු කිරීමද ඔහුගෙන් අතපසු විය. තම දරුවන් ගේ පාසල සහ ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු, තමාගේ ගෝල බාලයන්ගේ පවා ජිවිත අවදානමෙහි වූ තීරණාත්මක අවස්තාවක තමා සප්ත වාර්ෂික නිවාඩුව සඳහා තෝරා ගත් රට, මෙන්ම තවත් නොයෙකුත් කාරණා වලදී ඔහු ගත් ක්‍රියාමාර්ග බොහෝ දෙනෙකුගේ නොපැහැදීමට හේතු විය. මේවා සාධාරණීකරණය කිරීමට ඔහු අපමණ තර්ක විතර්ක ඉදිරිපත් කළේය. තර්ක හිරවූ විට ශ්ලෝකයක් හෝ පවසා ගැලවීමට තරම් ඔහු දක්ෂ විය. එහෙත් තර්කයකින් දිනීම සහ හදවත් දිනීම කාරණා දෙකක් බව ඔහුට නොවැටහෙන්නට ඇත.

ලෝකයේ කොහේ සිටියත් මා පුවතක "නලීන් ද සිල්වා" නම දුටු කල්හිම එය ඔහුගේ වේවා, ඔහු ගැන ලියුවක් වේවා වහා කියවුයෙමි. එතුමාට ලිවීමෙන් තොරව ජීවිතයක් ඇතැයි මට නොසිතෙයි. එබැවින් ඔහු තව දුරටත් ලියනු ඇතැයි පතමි.

Chandima Gomes

------ Post added on [DATETIME="UT"]1714974788[/DATETIME]

[QUOTE="ewijesekara, post: 29792827, member: 561877"] මේ අතර දේශන ශාලාවෙන් පිටතද යම් පරිවර්තනයක් සිදුවෙමින් තිබුණි. ආචාර්ය නලීන්ගේ පසු පස යන ගෝල බාලයන් පිරිසක් නිර්මාණය වෙමින් පැවතුනි. ඔවුන්ගෙන් කී දෙනෙක් තම ආචාර්යවරයාගේ දර්ශනය තේරුම් ගෙන තිබුණාදැයි මම නොදනිමි. එහෙත් ඔවුන්ට ඒකරාශී වන්නට "නලීන් සහ ජාතික චින්තනය" හොඳ වේදිකාවක් විය. ආචාර්ය නලීන් දේශන ශාලාව තුල යම් සිසුවෙකු වෙත ප්‍රහාරයක් එල්ල කල විට මෙම ගෝල බාල පිරිස එය දේශන ශාලාවෙන් පිටත ප්රතිරූපණය කරන්නට විය. මෙය මගේ දැඩි කලකිරීමට හේතු වුවත් ගුරුවරයෙකු ලෙස ආචාර්ය නලීන් වෙත තිබු ඇල්ම නම් අඩු නොවීය. මේ අතර එක් දිනක් ව්‍යවහාර ගණිතය දේශනය අතරතුර ආචාර්ය නලීන් අමනුෂ්‍ය බලවේග පිළිබඳව කතා කිරීමට පටන් ගත්තේය. "තමුසේ මොකද හොල්මන් අවතාර ගැන හිතන්නේ" ඔහු මා දෙසට ඇඟිල්ල දිගු කරමින් ඇසීය. "ඕවා මහා පිස්සු මනස්ගාත සර්" මම කිසිවක් නොසිතාම උත්තර දුනිමි. තරමක රෞද්‍ර මුහුණක් මවා ගත් ඔහු "තමුසේ කොහොමද එහෙම කියන්නේ" යැයි ඇසීය. මට කිසිවක් සිතා ගත නොහැකි විය. එහෙත් එක වරම ඊට ටික කලකට පෙර අපේ ගෙදර ඇතිවූ කතා බහක් මතකයට ආවෙන් මම මෙසේ කියන්න පටන් ගතිමි. "ඇයි සර්, කාලෝ ෆොන්සේකයි, කොවුර් මහත්තයයි ඕපන් චැලේන්ජ් එකක් කලේ...." මට කිව හැකි වුයේ එපමණකි. "ආ තමුසේ, තමුසේ තමයි එහෙනම් මේ බැච් එකේ ඉන්න හේතුවාදී ඒජන්තයා. තමුසෙගෙයි කාලෝ ෆොන්සේකගෙයි ඔළුගෙඩි දෙක අල්ලලා බිත්තියේ හප්පනවා, මේක ඇතුලේ ඔය හේතුවාදී උලව් අටවන්න ආවොත්". ඇස් ගෙඩි උලුප්පන් දත් මිටි කමින් ඔහු මහා හඬින් ගුගුලේය. අන්ද මන්ද වූ මා කිසිවක් කියා ගත නොහැකිව බලා සිටියදී ඔහු විනාඩි පහක් පමණ එක දිගටම බැන වැදුනේය. ඔහු කතාව අවසන් කලේ මගේ දෙසට ඇඟිල්ල දිගු කර "ඔළු දෙකේ බූරුවා" යයි කියමිනි. එතැන් පටන් මම සරසවියේ සිසුවෙකුව සිටි මුළු කාලය තුලම ආචාර්ය නලින් ද සිල්වාගේ නිරන්තර අපහාස, උපහාස, ගර්ජනා වලට ලක් වුයෙමි. එදා එම දේශන ශාලාවෙන් පිටතට පැමිණෙන විට මා ලේබල් කිහිපයකට පාත්‍ර වී සිටියේය. ගෝල බාලයන්ට ආචාර්ය නලීන්ගේ හේතුවාදී ලේබලය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොවිය. ඒ වෙනුවට ඔවුන් මුද්‍රණය කර තිබුනේ වෙනත් නාමකරණ කිහිපයකි. CID කාරයා, සිරිකොතෙන් පඩිගන්නා ඒජන්තයා, ආණ්ඩුවේ ඔත්තුකාරයා මින් කිහිපයකි. එවන විට මා සිරිකොත යනු කුමක්දැයි දැන සිටියේද නැත. "මොකක්ද මචං සිරිකොත කියන්නේ?" මා මිත්‍ර උපුල් ප්‍රනාන්දුගෙන් ඇසුවා තවම මතකය. ඇත්තෙන්ම එකල මට මේ ලේබල යම් ආශ්වාදයක් ගෙන දුනි. සමහරුන් මා සමග කතා කරන්නත් බිය ගතියක් දැක්වීම මට බෙහෙවින් විනෝදජනක විය. එහෙත් ඒ ලේබල් වල ඇති බියකරු බව තේරුම් ගැනීමට මට වැඩි කලක් නොගියේය. එජාප-ජවිපෙ භිෂණය රට වෙලාගත්තේය. වසර තුනකට සරසවි වැසී ගියේය. ආචාර්ය නලීන් ද සිල්වා නිකම්ම නිකම් ගුරුවරයෙකු නොවෙයි. ඔහු පවුරු බිඳින්නෙකි. විද්‍යා විෂය උගෙන සරසවියට පිවිසෙන බොහෝ දෙනෙක් තමා වටා විශාල පවුරක් බැඳගෙන පැමිණෙන්නේය. ඒ පවුර තුල සිටින්නේ බටහිර විද්‍යාවේ වහලෙකි. ඒ වහලා බටහිර විද්‍යාව ගැනද කිසිවක් නොදනී. පළමු වසර මැද භාගය වන විට බොහෝ දෙනෙකුගේ මේ ස්වයං-සිර කුටිය නලින් ද සිල්වා කඩා බිඳ දමයි. මේ සමගම ඈත ක්ෂිතිජය දක්වා සිසුවාගේ නිම් වළලු පුළුල් වේ. මෙය ඉතා ආශ්වාදජනක අත්දැකීමකි. එහෙත් ඔහුගේ බොහෝ ගෝල බාලයෝ නලීන් කඩා දැමූ බටහිර-විද්‍යා පවුර වෙනුවට නලීන්ගෙන්ම ගල් වැලි සිමෙන්ති ඉල්ලා ගෙන ජාතික චින්තන පවුර බැඳ ගත්තෝය. මෙය අවාසනාවන්ත තත්වයකි. නලීන් ද සිල්වා නැමැති ගුරුවරයා තුල තිබෙන දක්ෂතා සහ ව්‍යක්තභාවය අංශු මාත්රයකින්වත් නලීන් ද සිල්වා නමැති දාර්ශනිකයා තුල නොතිබීම ශෝචනීය වෙයි. කොපමණ රස කෑමක් වුවද, යමෙකු ඔබගේ උගුරට බලහත්කාරයෙන් ඔබා එය කුසට පිවිසෙන තුරු කොසු මිටකින් අනී නම් සිදුවන්නේ මහත් විනාසයකි. නලීන් ද සිල්වා මේ බව තේරුම් නොගනී. එසේම තමාගේ තරාතිරම, තමා ගැටෙන පුද්ගලයාගේ තරාතිරම මෙන්ම තමන් ගැටෙනා කාරණාවෙහි ඇති වැදගත්කම වැනි කරුණු ඔහු නොසලකයි. හොල්මන් අවතාර වැනි නොවටිනා මාතෘකාවක් වෙනුවෙන් තමා වැනි උගත් ආචාර්යවරයෙක් පළමු වසර සිසුවෙකු හා ගැටී ඔහුට අවලාද නැගීම කෙතරම් නිෂ්පල ක්‍රියාවක්දැයි ඔහු නොදකියි. මෙය මම නලින්ද සිල්වා නමැති චරිතය පුරාවටම දුටුවෙමි. ආචාර්ය නලීන් ද සිල්වා කුමන ප්රහාරයන් එල්ල කලත් ඔහුට උපහාස වන අයුරින්වත් වචනයක් නොකීමට අපගේ සහ අපට ඉහල කණ්ඩායම්වල සිසු සිසුවියන් වග බලාගත්තේය. ඒ ඔහුට තිබු යම් ගෞරවයක් හේතුවෙනි. එහෙත් අපට පහල වසරේ සිසුවෙකු හා නලීන් අතර වූ සංවාදයකින් පසු මේ අයිස් කන්ද බිඳී ගියේය. ඒ ගවේෂකයෝ මෙහෙයවන බදාදා කෑම පැයේ නලීන්ගේ දේශනයයි. ඔහු එවකට සිටි වාමාංශික නායකයන් නිර්දය ලෙස විවේචනය කරමින් සිටියේය. "මේ වමේ නායකයෝ කියාගන්නා එවුන් එදා ඉඳන්ම වැඩ කලේ වල් බූරුවන් වගේ" ඒ නලීන් ද සිල්වාය. අතුරු සිදුරු නැතිව පිරී තිබූ NBLT ශාලාවේ මැද හරියෙන්, අත ඔසවා සිසුවෙක් නැගී සිටියේය. උස, කාල වර්ණ දේහධාරී මේ සිසුවාගේ හැඩරුව සහ වාග් විලාශය මට ඉතා හොඳින් මතක මුත් ඔහුගේ නම මතක නැත (මතක අයෙක් ලියා දක්වන්න). "ඉතින් සර්රුත් ඒ කාලේ හිටියේ ඒ ගොඩේ නේ" ඔහු කිසිඳු කලබලයක් නොමැතිව නිදිමත හඬින් කිව්වේය. "ඔව් ඒක ඇත්ත. මාත් අවුරුදු 15කට කලින් හිටියේ එවුන් එක්ක තමයි. මම ඒක නැහැ කිව්වේ නැහැනේ" නලීන් ගුගුලේය. "එතකොට සර් කියන්නේ මීට අවුරුදු 15ට කලින් සර්රුත් වැඩ කලේ වල් බූරුවෙක් වගේද?" නලීන් තරමක් තිගස්සෙනු මට තාම මතකය. ටික වෙලාවක් සිසුවා දෙස බලා සිටි ඔහු "ඔව් එතකොට මාත් වැඩ කලේ වල් බූරුවෙක් වගේ තමයි" කියා මද හඬින් කිවේය. තවමත් නිදිමත ගතියෙන්ම කතා කරන සිසුවා "එතකොට සර් තව අවුරුදු 15 කින් කිව්වොත් දැන් සර් වැඩ කරන්නේ වල් බූරුවෙක් වගේ කියලා සර්ගේ ගෝල බාලයන්ට වෙන්නේ මොකක්ද?" චින්තන-අචින්තන වෙනසක් නොමැතිව මුළු මහත් ශාලාවම මහා හඬින් සිනාසෙන්න විය. මෙය යුගයක නිමාවක් සනිටුහන් කළේය. ඉන්පසු ගත වූ වසර දෙක තුනේදී බොහෝ දේ සිදුවිය. ආචාර්ය නලීන් ද සිල්වා තම ගෝලයන් හරහා ක්‍රියාත්මක කල ක්‍රමවේදයන්ට එරෙහිව විද්‍යා පීඨයේ සිසු විරෝධය පෙළ ගැහෙන්න විය. මේ සටන්වලට සම්බන්ධ නොවී පසෙකට වී සිටි මා ඇතුළු මගේ මිතුරු පිරිසට පිඨයේ ශිෂ්‍ය නිලවරණය පැමිණෙන විට තව දුරටත් නිහඬව සිටිය නොහැකිවිය. ලේඛම් තනතුර සඳහා තරඟ කල මම එම සටනේ ප්‍රධාන කථිකයෙකු වූයෙමි. එතෙක් විද්‍යා පිඨයේ පාලනය කිසිඳු අභියෝගයකින් තොරව තමා වෙත නතු කරගෙන සිටි නලීන් ද සිල්වාට පක්ෂපාති කණ්ඩායම හමුවේ අපි ඉතා අඩු චන්ද පරතරයකින් පරාජය වූයෙමු. එය ජයග්‍රහණයේ ඇරඹුම විය (කාගේ ජයග්‍රහණයේ දැයි මට තවමත් නොතේරෙයි). ඊළඟ වසරේ මම කෙටි කලකට නලීන් විරෝධී පාර්ශවයේ නායකයා වුනෙමි. එවර චන්දය පැමිණෙන විට අපගේ දක්ෂ කථිකයන් කිහිප දෙනෙකුම අධ්‍යාපන කටයුතු වල සිරවී සිටියේය. එබැවින් එවර චන්දය ඉල්ලීමෙන් වැලකී සිටීමට අප තීරණය කල අතර නායකත්වයෙන් මම ඉවත් වුනෙමි. ඊළඟ අවුරුද්දේ නලීන් විරෝධී පිල ජයග්‍රහණය කළේය. ඉන්පසු ගතවූ දශක තුන තුල නලීන්වාදී පිරිසට එක වරක් හෝ චන්දය දිනා ගැනීමට නොහැකි වූ බව මගේ දැනීමයි. ඊට පසු කාලයක එවකට උප කුලපතිව සිටි ජී එල් පීරිස් මහතාට පහත් වදනින් බැනවැදීම නිසා ආචාර්ය නලින්ද සිල්වා සරසවියෙන් නෙරපූ බව ආරංචි විය. එතැන් සිට පැවති රජයන්හි ජී එල් පීරිස් මහතා ඇමති මණ්ඩලයේ සිටින තාක් කල් නලීන් ද සිල්වා හට රැකියාව නොලැබෙන බවට කතාවක් පතුරුනි. මේ කතාව නිසා මම අවංකවම බලවත් සේ කනගාටුවට පත් වුනෙමි. මා තරම් ආචාර්ය නලීන්ද සිල්වාගෙන් බැට කෑ මෙන්ම ඔහුට එරෙහිව ප්‍රසිද්ධියේ පීඨය දෙවනත් කල සිසුවෙක් තව සිටියා දැයි මම නොදනිමි. එහෙත් එතුමා ඉගැන්වූ විෂය දෙකටම මට ඉතා ඉහල සාමර්ථ තිබුණි. ඒ අතින් කොළඹ සරසවියේ බෝ පැල මෙන් සිටි සමහර උපාසක මහාචාර්යවරුන්ට සාපේක්ෂව මහාචාර්ය නලින්ද සිල්වා යනු සැබෑ මහත්මයෙකි. මගේ අවංක මතය නම් නලීන් ද සිල්වා යනු අපතේ ගිය සම්පතක් බවයි. ස්වයං-අලෙවි (self-marketing) හැකියාවෙන් ඉතා දුර්වලවීමත්, සමහර අවස්ථාවල තමන්ට තමන් අවංක නොවීමත් මා ඔහුගේ දකින පැහැදිලි දුර්වලතාවයන්ය. තමාගේ අදහස් නිර්මාණශීලි ආකාරයෙන් අන්‍යන්ට ඒත්තු ගැන්වීමට ඔහු අසමත්විය. තමා පමණක් හැමවිටම නිවැරදිය යන අධි-මානය ඔහුගේ ගමන ව්‍යාකූල කෙරීය. ඔහුගේ මතයට එරෙහිව යමෙක් අදහස් දක්වන විට ඔහුට සඟවා ගත නොහැකි කෝපයක් ඇති වන්නේද මේ නිසා විය හැක. එසේම තමා සම්මතයෙහි පිහිටා කටයුතු කිරීමද ඔහුගෙන් අතපසු විය. තම දරුවන් ගේ පාසල සහ ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු, තමාගේ ගෝල බාලයන්ගේ පවා ජිවිත අවදානමෙහි වූ තීරණාත්මක අවස්තාවක තමා සප්ත වාර්ෂික නිවාඩුව සඳහා තෝරා ගත් රට, මෙන්ම තවත් නොයෙකුත් කාරණා වලදී ඔහු ගත් ක්‍රියාමාර්ග බොහෝ දෙනෙකුගේ නොපැහැදීමට හේතු විය. මේවා සාධාරණීකරණය කිරීමට ඔහු අපමණ තර්ක විතර්ක ඉදිරිපත් කළේය. තර්ක හිරවූ විට ශ්ලෝකයක් හෝ පවසා ගැලවීමට තරම් ඔහු දක්ෂ විය. එහෙත් තර්කයකින් දිනීම සහ හදවත් දිනීම කාරණා දෙකක් බව ඔහුට නොවැටහෙන්නට ඇත. ලෝකයේ කොහේ සිටියත් මා පුවතක "නලීන් ද සිල්වා" නම දුටු කල්හිම එය ඔහුගේ වේවා, ඔහු ගැන ලියුවක් වේවා වහා කියවුයෙමි. එතුමාට ලිවීමෙන් තොරව ජීවිතයක් ඇතැයි මට නොසිතෙයි. එබැවින් ඔහු තව දුරටත් ලියනු ඇතැයි පතමි. [HEADING=1][URL='https://www.facebook.com/chandima.gomes.71?__cft__[0]=AZUDUtJ36n4GVUjg4qZ3LnFTefunuoegDJsugNaHWpQMw0E24agJ90oEc8Jcm95pUm6kHG6j1eL8JM7jtWgffTi49MFlq0SUdYhNZ13h510eHT3Q_LAS5N2_oYpt5kl5YSMZN-ivVyJgy4TeJK9I4ci_B5oN6cOzrx6mj9ImwXG0oA&__tn__=-UC%2CP-R'][B]Chandima Gomes[/B][/URL][/HEADING] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1714974788[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom