නලින් ඇද්ද ලමා කුල කතාව-ලැජ්ජයි නේහ්!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    481094901_10221955272350646_8495323289709278634_n.jpg


    උගුරට හොරා බෙහෙත් කෑ යුතු නැත. මේ එළියට ඇවිත් තියෙන්නේ ලංකාවේ සමස්ත සමාජය වසා තිබෙන මජර කුලවාදයේ ප්‍රකාශනය හා ව්‍යවහාරයයි.

    ‘ළමාරත්න’ බහුතරයකට කිසිදු වැදගැම්මක් නැති නමුත්, ‘ළමා’ යන්න දකුණුට, ලංකාවේ වැඩිම වලව් පිහිටි බලපිටිය සිට මාතර දක්වා කලාපයට බරපතල කතාවකි.

    මාර්ටින් වික්‍රමසිිංහගේ ගම්පෙරළිය පොතේ ජිනදාස ළමාහේවා චරිතයේ සමාජ, ආර්ථික දේශපාලන පදනම මතකද? ජිනදාස ‘ළමා’ හේවා යනු මුහුදු නොයන ‘කරාව ප්‍රභු සමාජය’ නියෝජනයයි.

    නලීන් ගේ අම්මා තාත්තා දුන් නම ‘නැලිගම අසේල නලීන් ලාල් ප්‍රේමදාස’ බව සමාජ මාධ්‍ය හි පළ කර තිබුණි. (එය සත්‍යදැයි නොදන්නෙමි./සමාවන්න.) බානගල තොටුපල ලඟ ඔහුගේ නිවස තිබූ බව සමාජ මාධ්‍ය කියයි. ඔහු නලීන් හේවගේ ව්‍යවහාර නාමය කර ගත්තා ද, නැත්තම් ‘පත්තරේ දමා වෙනස් කර ගත්තාද? කියා මා දන්නේ නැත. සැබවින්ම එහි කිසිදු සමාජ දේශපාලන වැදගැම්මක් නැත.

    නලීන්ගේ කතාව නිර්ධය විවේචනය එල්ල වන්නේ, ‘දකුණේ ගාල්ලේ කරාව ප්‍රඡාව’ විසිනි. විශේෂයෙන්ම ඔහුට ඡන්දය 270,000 ක් දුන් ජනතාවමය. මෙය අහම්බයක් නොවේ. බහුතරය කරාව ප්‍රභු සමාජය හා ගොවිගම යි!

    නලීන්ගේ කතාවට ආචාර්ය හර්ෂ සිල්වා (අම්බලන්ගොඩ) මැදිහත් නොවන්නට මෙය කිසිවෙකුත් ගණන් ගන්නේ නැත. නලීන් වැරදි බව පුවත්පත් සාකච්ඡාවක් පවත්වාම කීවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය (ගාල්ල) මහත්මියයි. ලිඛිතවම එයට විරෝධය දැක්වූයේ, ගාල්ලේ පාසල් ගිය කෞෂල්‍යා ආරියරත්නයි. ගාල්ලේම තුන් දෙනෙකි! මිනිසුන්‍ගේ කුලය අවමානයට, ගර්භාවට ලක් නොකිරීම ශිෂ්ඨ සමාජයක ලක්ෂණයයි. එය සිදුවන වන එයට සවිඥානිකව ප්‍රතිචාර දැක්වීම මනුෂ්‍ය ස්වභාවයයි.

    අලි මදිවට හරක් ලෙස, ගාල්ලේ බහුතර ගොවිගම කුල සමාජය වහා රෝහිණී කුමාරි විජේරත්න ගේ පැත්ත ගෙන ඇත. උඩරට ප්‍රභු සමාජයේ මහජන නියෝජනය වන රෝහිණීට ‘කුල කතාවක්’ ඇදගැනීමෙන් නලීන් තමන්ට අපහාස කරන බව උඩරට ජනසමාජයම සිතයි.

    අනෙක් අතට මේ කිසිවක් නොසලකන බහුතර පුරවැසියන්, මේ නම් ගම් මාරු කරමින් කරන කුල කතා නාඩගම කුමක්දැයි සිතයි. රටේ ඇති තරම් ප්‍රශ්න තිබිය දී, උපාධිධාරියෙකු අය වැය ගැන, රාජ්‍යකරණය ගැන වචනයක් නොකියා කුල මල ඇදගෙන නටන නාඩගම කුමක්දැයි විස්සෝප වෙයි.

    මෑත ඉතිහාසයේ දේශපාලනඥයෙකු මුහුණ දෙන කර්කශම වූ විවේචනය නලීන් ට එල්ල වන්නේ මේ ‍සමාජයේ බලහත්කාරයෙන් දිය යට ගිල්වා ඇති රබර් බෝලයක් වැනි ‘කුල කතාව’ නිසාය. තිස්සකුට්ටිගේ වම්බටුව මෙන් නොව, එය මිනිසුන්ගේ ආත්මයට බැදී ඇති නිසාය.

    දකුණේ කෙනෙකු, ‘ළමා’ පටලවා ගැනීම ම කරාව පටලවා ගැනීමකි. විශේෂයෙන්ම තමන්ට උපතින් නොලැබුණු ‘හේවගේ’ කෑල්ලක් අමුණා ගත්තේ යැයි කියන කෙනෙකු කරාව ප්‍රභු සමාජය පටලවා ගැනීම සවිඥානික ක්‍රියාවකි. කලා උපාධිධාරියෙකු ගම්පෙරළියේ ජිනදාස ‘ළමා’හේවා ‍නොවේ නම්, ගාමිණී ෆොන්සේකා ට කෝට් ඇන්ද ‘ළමාහේවා’ හෝ දැන සිටිය යුතුය. නැතිනම්, රෝහිණී ගේ තර්කයට පිළිතුරු දෙන්නට ආර්ථික විද්‍යාව හෝ දැන සිටිය යුතුය.

    ‘ළමාරත්න’ යනු අමු කුණුහරුපයක් නොවේ. නමුත්, රටේ නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ බලාපොරොත්තුව ‘කුණුහරුපයක් බවට පත් නොකරන්නට’ නලීන්ලා වග බලාගත යුතුය.

    මිනිසා ශිෂ්ඨාචාරයේ පරිනාමය වූ ව ද, ‘මජර සිත’ යටපත්ව සැඟවී පවතින්නේ යැයි කියති. එය ඕනෑම මොහොතක, පීඩනයක් ලෙස එළියට පනින්නේය. ‘ළමාරත්න’ කතාව සමාජයේ සෑම ස්ථරයකම නිග්‍රහයට, පරිභවයට, කෝපයට හේතුවී ඇත්තේ ඒ නිසාය.

    ප.ලි. – ‘ළමාරත්න’ කියව්වේ මන්ත්‍රීතුමියගේ ළමා තර්කයක් ඉදිරිපත් කළ නිසා යැයි අද නලීන් හේවගේ නැවත මාධ්‍ය ප්‍රකාශයක් කර ඇත. එම වීඩියෝවේ ‘ළමාරත්න’ නැත. කියන්නේ ‘ළමා කවිරත්න’ යක් ගැනය! සීනි හකුරු හදන්නට මිනිස්සු කිතුලේ නගින්නේ නැත! කුල මල ඇදගන්නේ නැතුව දැන්වත් ගාල්ලට වැඩක් කළොත් හොඳය.

    රජිත් කීර්ති තෙන්නකෝන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රජිත් කීර්ති තෙන්නකෝන්

    mu ilapu governor post eka dila thibbanam mewa liyanne naha
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    උෟ ඉගෙනගත්ත කිව්වට අමු නූගත් ගොනෙක් වගේ කථා කරන්න ගියහම..අර මේකේ පිටරටවල් වල ඉඳන් රට හදන සමහර JVP ඉංජිනේරුවෝ වගේ..😅

     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උෟ ඉගෙනගත්ත කිව්වට අමු නූගත් ගොනෙක් වගේ කථා කරන්න ගියහම..අර මේකේ පිටරටවල් වල ඉඳන් රට හදන සමහර JVP ඉංජිනේරුවෝ වගේ..😅


    ammo meka :ROFLMAO: 🤌