අතීතයේ සැක බිය දෙක තිබුණේය
තිස් වසරක්ම ඒ විදියට ගෙවුණේය
ඉන්පසු පැමිණි කාලය නම් හොඳ වීය
සැක බිය දෙකම සමුගත් බව දැනුණේය
නොසිතූ වෙලාවක සැක බිය යළි එන්නේ
රෝ බිය නොවේ මර බියනේ පැතිරෙන්නේ
‘මුර දෙවියන්ගෙ’ වැඩ කටයුතු වැඩි වෙන්නේ
ජන බිය හිඳින්නට ඒ අය වෙහෙසෙන්නේ
මේ ලෙස දිවිය කොතරම් කල් පවතීද
සැක බිය අතර යළි හැමදා තනිවේද
මේ දිවි ගමන වියපත්වී නවතීද
නැති නම් ඉතින් කවුරුන් හෝ නවතාද