නවීන උපකරණ රැඳවියන් අතේ.. ( බලා දැනුවත් වෙන්&#

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නවීන උපකරණ රැඳවියන් අතේ.. ( බලා දැනුවත් වෙන්&#

    fsgf.jpeg

    VeNP7.jpg

    fshP.jpeg





    තවමත් ඒ අඳුරු ශාපය මෙරට පතුරුවන්න උත්සහ ගන්නන් සිටින බවට කදිම නිදසුනකි..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගත්ත තැන දාපං



    ඕකේ යටම තිබුණා "පචකීර්තිනේකවර්ණමාරකුළසූරිය" කියලා...
    ඒක උබ කැපුවේ මොකෝ.
    කීර්ති වර්ණකුළසූරිය කියන්නේ පිස්සෙක්
    මේක මන් ගත්තේ ඕකෙන් නෙවේ, මට ආපු මෙයිල් එකක් මේ.. ඔහොම්මමයි තිබ්බේ.. :yes::yes:
     
    Sep 24, 2011
    324
    113
    0
    මාධ්‍යකරුවන්ට වචන දෙක තුනක් සොලවා කළ හැකි හරඹ :sorry::oo::dull:


    කවුරුත් කතා නො කරන තහනම් විෂයන් තිබේ.

    කොටි සැකකරුවන් යනු එවැනි එක් විෂයකි. කොටි සංවිධානය මර්දනය කර දැන් වසර දෙකහමාර ඉක්මවා තිබේ. එහෙත්, විවිධ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ යයි සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෝ විශාල පිරිසක් තවමත් බන්ධනාගාරවල සිටිති.


    වසර බොහෝ ගණනක් තිස්සේ සිර ගෙවල්වල සිටින අය ද ඒ අතර වෙති. ඔවුන්ගෙන් ඇතැමෙකුට එරෙහිව නඩු පැවරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.



    ඔවුන් කර ඇති වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු ය. සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට අවස්ථාව ලබා දිය යුතු ය. නැතිනම් ඔවුන් නිදහස් කළ යුතු ය.



    කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පසු නායකයා වූ කේ.පී.ට හා කලක් නැගෙනහිර පළාතේ කොටි අණ දෙන නිලධාරියා වූ කරුණා අම්මාන්ට එරෙහිව ද නඩු පැවරිය යුතු ය. ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නො ගන්නේ නම් කොටි සංවිධානයේ පසුපෙළ සාමාජිකයන්ට කරන දඬුවම් යුක්ති සහගත වන්නේ නැත.



    දීර්ඝ කාලීනව රඳවා තබා ගන්නවා වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට පියවර ගත යුතු ය.



    අපට මෙම සටහන තබන්නට සිත් වුණේ පහත සඳහන් වන දිනමිණේ පළ වූ පුවත නිසා ය.



    ත්‍රී ජී දුරකථනයක් යනු අද දවසේ සාමාන්‍ය දෙයකි. එය යුද උපකරනයකැයි මෙම වාර්තාවේ සඳහන් වේ. චොකලට් පෙත්තක් වුණත් යුද උපකරණයක් ලෙස සලකන්නට පුළුවන්කමක් ඇති නිසා තර්කානුකූලව දිනමිණ පුවතේ අඩංගු කරුණ වැරදි නැත.



    අනෙක් පැත්තෙන්, ඕනෑම ජංගම දුරකථනයකින් පිටරට ඇමතුම් ලබා ගැනීමට පුළුවන. එහෙත්, මෙම පුවතේ සඳහන් වන්නේ කොටි සැකකරුවන් සමග තිබූ දුරකථනවලින්
    ජාත්‍යන්තරයට දුරකථන ඇමතුම් ගෙන ඇති බවයි.


    මෙම ප්‍රවෘත්තිය අප මෙහි උපුටා දක්වන්නේ වචන දෙක තුනක වෙනසකින් පුවතක් යම් අරමුණක් ඉටු කර ගැනීම වෙනුවෙන් භාවිතා කිරීම සඳහා නිදසුනක් ලෙස ය. මෙතැන නම් අරමුණ බිය ඇති කිරීම ය.


    එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සතුව තිබූ3G තාක්ෂණ යුද ජංගම දුරකථන 2ක් සොයාගැනේ
    බුද්ධිකා ඉඹුලාන
    පසුගිය 24දා මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ගේ ප්‍රකෝපකාරී හැසිරීම් නිසා උද්ගත වූ ගැටුම් අවස්ථාවේදී බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට ගෙන ගිය එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සතුව තිබූ 3G තාක්ෂණයෙන් යුත් යුද ජංගම දුරකතන 02 ක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්වී තිබේ.
    මේ එල්.ටී.ටී.ඊ. රැඳවියන් රඳවා සිටි කාමරයක සඟවා තිබී එම ජංගම දුරකථන හමුවී ඇති අතර ඇතිවූ කලබලය මධ්‍යයේ ඔවුනට ඒවා අදාල ස්ථානයෙන් රැගෙන යාමට නොහැකි වී ඇත. ජාත්‍යන්තරයට පවා ඇමැතුම් ලබාගත හැකි සබඳතා පහසුකම් ඇති මේ ජංගම දුරකථන පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ඒවායෙහි සිම් කාඩ්පත් රහස් පොලිස් පරීක්ෂණ සඳහා යොමු කර ඇත. ගැටුම සිදුවන අවස්ථාවේදී මැගසින් බන්ධනාගාරය තුළ එල්.ටී.ටී.ඊ. රැඳවියන් 180ක් වූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා ‘දිනමිණ’ ට කීය..
    http://w3lanka.blogspot.com/2012/01/blog-post_28.html
     
    Sep 24, 2011
    324
    113
    0
    නිකම්ම නිකන් 3G ෆෝන් එකක් යුධ උපකරනයක් කියන්නෙ ඇයි? :eek:
    මෙන්න අර ත්‍රස්තවාදියා යුධ උපකරනයෙන් තම සගයෙකුට උපදෙස් දෙන පිංතූරේ ඇත්ත කථාව..නිකන් බොරු කතවක් ඇතිකරලා ආයිත් මිනිස්සුන්ගේ හිත්වල බය ඇති කරනනඑක වැරදියි.


    http://www.metro.co.uk/home/567761-afghan-ex-taliban-succumbs-to-iphone-appeal

    mullahiphoneAP_450x300.jpg




    http://en.wikipedia.org/wiki/Abdul_Salam_Zaeef
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    නිකන් බොරු කතවක් ඇතිකරලා ආයිත් මිනිස්සුන්ගේ හිත්වල බය ඇති කරනනඑක වැරදියි.

    http://www.metro.co.uk/home/567761-afghan-ex-taliban-succumbs-to-iphone-appeal
    ඔච්චර රඟන්න ඕනේද බන් ඕකට , මෙයිල් එකකින් ආපු නිසා දැම්මේ.. මට ඉතින් මේක බන්ධනාගාර අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් කෝල් කරලා අහන්න බැනේ නේද..
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් හිර ගෙදර ජංගම දුරකතනයක් ලග තියෙනවා කියන්නේ සාමානය දෙයක්. ඇතුලේ ඉන්න එකෙක්ට කියක් හරි දුන්නනම් බඩුවක් හරි ගෙනල්ල ගහන එක එච්චර ප්‍රශ්නයක් නෙවේ.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ එතකොට අපි කරන රස්සාවත් දේශද්‍රෝහීනේ:shocked::sorry::sorry::confused:
    මම හෙටම ඉල්ලා අස් වෙනවා:growl::growl::growl:
    ගිහින් රජ ගෙදර වලන් හෝදන එක සැපයි මේ telecom engineering කරනවට වඩා :yes::yes::yes:;):eek:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    ඕක ලියපු මාධ්‍යවේදියා කියන හාදයා ජංගම දුරකතනයක් වත් අල්ලලා තියා දැකලවත් නැති හාදයෙක් වෙන්න ඕන.3G ජංගම දුරකතනකින් කරන්න පුළුවන් සරල සෙල්ලන්නේ ඔය.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Sep 24, 2011
    324
    113
    0
    ඔච්චර රඟන්න ඕනේද බන් ඕකට , මෙයිල් එකකින් ආපු නිසා දැම්මේ.. මට ඉතින් මේක බන්ධනාගාර අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් කෝල් කරලා අහන්න බැනේ නේද..

    මම කියපු හම දෙයක්ම ඔයාට කියපුව නෙවෙයි.. මම කිව්වේ මේවගේ මිනිස්සුන්ට භීතියක් ඇතිකරන්න ප්‍රවුත්ති මවන මාද්‍යවේදීන්ටයි.. ඔයට නෙවෙයි.. මම දැක්ක ඔය කියලා තියෙනවා කලින්ම මේක ඔයාට මේල් එකකින් ලැබුනු එකක් කියල.. දිනමිණේ අයට මම කිව්වේ..
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මචෝ. මේක සිරාවට පලකරපු එකක් නෙවෙයි.
    ජෝක් එකක් වගේ..
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    ගත්ත තැන දාපං



    ඕකේ යටම තිබුණා "පචකීර්තිනේකවර්ණමාරකුළසූරිය" කියලා...
    ඒක උබ කැපුවේ මොකෝ.
    කීර්ති වර්ණකුළසූරිය කියන්නේ පිස්සෙක්

    මෙන්න කීර්ති වර්ණකුළසූරිය ගේ තවත් පචයක්
    ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන්…