නවුෆර් මවුලවි රටේ පළාත් 9 ටම ගහන්න හිටි බව හෙළිවේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මෙරට ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත කල්ලියේ දෙවැනියා නවූෆර් මවුලවි මෙම 2021 වසරේ දිවයිනේ සෑම පළාතකටම පහරදීමට සැලසුම් කර තිබූ නමුත් එම සැලසුම් ඉදිරියට ගෙන යැමට නොහැකි වී ඇතැයි අනාවරණය වේ. සැලසුම් මෙසේ ඉදිරියට ගෙනයෑමට නොහැකි වී ඇත්තේ නිසි නායකත්වයක් නොමැති වූ නිසා යැයිද අනාවරණය වී තිබේ. 2018 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ කණ්ඩායමේ නායක සහරාන්ට අවශ්‍ය වී තිබී ඇත්තේ මෙම නව ප්‍රහාර මාලාව කඩිනම් කිරීමට බව ද ආරක්ෂක විශ්ලේෂකයකු තහවුරු කර ඇත. ප්‍රහාරයේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ නවුෆර් මවුලව් සහ සහරාන් අතරේ පැවැති මතගැටුම් බව ද පැවසේ. නවුෆර් මවුලවී සම්බන්ධ නඩු විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

    මෙම 2021 වසරේ ප්‍රහාරයේ සැලසුම් බිඳ වැටී ඇත්තේ පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා මියගොස් හෝ අත්අඩංගුවේ පසුවීමත්, ත්‍රස්ත කල්ලියේ සෙසු සියලු සාමාජිකයන් පොලිස් බාරයේ පසු වීමත් නිසාය. නවුෆර් මවුලවිට අවශ්‍ය වී තිබුණේ පළාත් නවයටම පහරදී ඔවුන්ගේ ‘ඉස්ලාමික් ස්ටේට්' රාජ්‍යය ව්‍යාප්ත කිරීමට වූ නමුත් සහරාන්ට එය කඩිනම් කිරීමට අවශ්‍ය වූ බැවින් දෙදෙනා අතරේ මතගැටුම් නිර්මාණය වූ බව ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා ඩේලි මිරර් පුවත්පත සමග පැවැති සාකච්ඡාවකදී පවසා ඇත.


    2019 මාර්තු මාසයේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් පල්ලියට එල්ල වූ ප්‍රහාරය, සහරාන්ට ඔහුගේ ප්‍රහාර සැලසුම් ඉදිරියට ගෙන යෑමට පන්නරයක් වූ අතර ඒ අනුව පාස්කු දා ප්‍රහාරය සිදු විය. ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ සාක්ෂි අනුව පෙනී ගොස් ඇත්තේ පළාත් නවය ඉලක්ක කර ගනිමින් මෙම නිදහස් දින සැමරුම ඉලක්ක කර ගනිමින් ද දෙවැනි ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැලසුම් සකස් කර ඇති බවය. සහරාන් දෙවැනි ප්‍රහාර මාලාව ක්‍රියාවට නැවීමට බාර දී තිබුණේ ඔහුගේ සොහොයුරු සයිනි මවුලවිට බව අනාවරණය වී තිබේ. 2017 කාන්තන්කුඩි සූපි මුස්ලිම්වරුන්ගේ ගැටුමෙන් පසුව සහරාන් පලාගොස් සැඟවුණු පසු තවුහිද් ජමාත් කණ්ඩායමට නායකත්වය දුන්නේ ඔහුය.


    සයිනි සහ සහරාන්ගේ තවත් සොහොයුරකු වන රිස්වාන් නුවර ඇසළ පෙරහරට ද ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව හෙළි වී ඇත. කටුවාපිටිය දේවස්ථානයට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බකරු හස්තුන් ප්‍රහාර සැලසුම් කළ ස්ථාන පළමුව අන්තර්ජාලය හරහා ද පසුව එම ස්ථාන වෙත ගොස් ද පරීක්ෂා කර ඇත. දෙවැනි ප්‍රහාර රැල්ලට මඩකලපුවේ ජුදාස් තාදියස් දේවස්ථානය ද තෝරා ගෙන ඇත. දේවස්ථානය සම්බන්ධයෙන් සියලු සෝදිසි කිරීම් සිදු කර ඇත්තේ හස්තුන්ගේ බිරිඳ සාරා ජැස්මින් ය. ඇය අයි.එස්. සාමාජිකාවක වීමට පෙර මෙම දේවස්ථානයට පැමිණ ඇත. මෙම තොරතුරු අනාවරණය වුයේ පොලිසිය සහරාන්ගේ බිරිඳ හදියාගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදීය.

    දෙවැනි ප්‍රහාර රැල්ලෙන් විශාල ජීවිත හානියක් සිදුවන්නට ඉඩ තිබූ අතර, එය පාස්කු ප්‍රහාරයට වඩා බිහිසුණු එකක් වීමට ඉඩ තිබුණි. දෙවැනි ප්‍රහාර රැල්ලට අයත් සාමාජිකයෝ 2019 අප්‍රේල් 26 වැනි දින සයින්දමරුදු සමූහ සියදිවි නසාගැනීමෙන් මිය ගියහ. ඒ පොලිසිය සහ හමුදාව ඔවුන්ගේ අම්පාර ප්‍රදේශයේ ආරක්ෂිත නිවස වටලද්දී ය. වැටලීම් සිදු වූයේ අසල්වැසි මුස්ලිම් වැසියන්ගේ සහාය මත ඇයි ගුණරත්න කිවේය. සාරා ජැස්මින් සහ සියොන් පල්ලියේ බෝම්බකරුගේ බිරිඳ වන ෆෙරෝසා ඇතුළු 17 දෙනකු එදා රාත්‍රියේ සයින්දමරුදු ප්‍රදේශයේ සිට ඇත. කෙසේ නමුත් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා හැරීමට මොහොතකට පෙර සහරාන්ගේ බිරිඳ සාදියා සිය දියණිය සමඟ ශාලාවෙන් පිටව ගොස් තිබේ.


    සාරා ජැස්මින් සමුහ සියදිවි නසාගැනීමෙන් මියගොස් නැති බවට පැතිර යන කටකතා හේතුවෙන්, සාරා ජැස්මින් එදින රාත්‍රියේ ඝාතනය කළේද යන්න තහවුරු කිරීම සඳහා ඇයගේ මවගේ ඩී.එන්.ඒ. අනුව සයින්දමරුදු පිපිරීමේ සියලුම සිරුරු ගොඩගන්නා ලෙස පොලිසිය අධිකරණයට අයැදුම්පතක් ගොනු කර ඇති බව මහාචාර්ය ගුණරත්න මහතා පැවසීය. අධිකරණ අවසරය ලැබුණහොත් ඇයගේ මරණය යළි තහවුරු කිරීමට නිලධාරිහු එය නැවත පරික්ෂා කිරීමට සුදානමින් සිටිති. ප්‍රහාරයෙන් පසුව ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා මෙන්ම දෙවැනි ප්‍රහාර රැල්ල සැලසුම් කළ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ බවත්, සැකක්කරුවන්ට එරෙහිව බොහෝ තොරතුරු ලබා දුන්නේ තවත් ප්‍රහාරයක් අවශ්‍ය නැති මුස්ලිම් ප්‍රජාව බවත් මහාචාර්ය ගුණරත්න මහතා පැවසීය.

    ඇමෙරිකානු ජාතිකයන් 5 දෙනෙකු ඇතුළු 268 දෙනකුට මරු කැඳවූ ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට ද්‍රව්‍යමය ආධාර සැපයීම සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ලැබු ශ්‍රි ලංකිකයන් තිදෙනා අතර නවුෆර් ද සිටී. කඩිනම් අත්අඩංගුවට ගැනීම් සහ තීව්‍ර විමර්ශනවලින් අනතුරුව, හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ මණ්ඩලයේ බලධාරීන් විසින් ගන්නා ලද තීරණාත්මක ක්‍රියාමාර්ග හේතුවෙන් අද දිනයේදී ත්‍රස්තවාදී තර්ජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව මහාචාර්ය ගුණරත්න මහතා පැවසීය. “ඊළග පියවර විය යුත්තේ මුස්ලිම් නායකයන් සහ ඔවුන්ගේ සංවිධාන නියාමනය කිරීම සහ සලාෆි වහාබ්වාදය ශ්‍රී ලංකාව තුළ නැවත හිස එසවීම වැළැක්වීම සහතික කිරීමයි.” යැයි ද මහාචාර්ය ගුණරත්න පෙන්වා දී ඇත.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    ඇසල පෙරහැරට ගැහුවනම් මල කෙළියි අලින්ට පෑගිලත් මැරෙනවා එහෙනම්...

    නවුෆර් නානා ද මහා මොලකරු ?
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඇසල පෙරහැරට ගැහුවනම් මල කෙළියි අලින්ට පෑගිලත් මැරෙනවා එහෙනම්...

    නවුෆර් නානා ද මහා මොලකරු ?
    ලංකාවේ උන්ගේ බ්‍රාන්ච් එකක් තියනවා කියල ISIS දැනගෙන තියෙන්නේ බෝම්බ ගහල දවස් 3 කට පස්සේ . උන් මෙහෙ උන්ගෙන් බේරෙන්න බැරිම තැන තමයි වගකීම බාර අරන් තියෙන්නේ :lol: :lol:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    ලංකාවේ උන්ගේ බ්‍රාන්ච් එකක් තියනවා කියල ISIS දැනගෙන තියෙන්නේ බෝම්බ ගහල දවස් 3 කට පස්සේ . උන් මෙහෙ උන්ගෙන් බේරෙන්න බැරිම තැන තමයි වගකීම බාර අරන් තියෙන්නේ :lol: :lol:
    Koheda kiyala thibba mehen unta bala kara kiyala credit eka ganna kiyala
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඇසල පෙරහැරට ගැහුවනම් මල කෙළියි අලින්ට පෑගිලත් මැරෙනවා එහෙනම්...

    නවුෆර් නානා ද මහා මොලකරු ?
    එහෙනම්

    ආපහු සිවිල් යුද්ධයක්..

    සිංහලු vs තම්බි
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    ඕක මොකද්ද බන් ... රාජපක්ශල ලන්කාවටම කෙලියෙ ...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ඔය කොච්චර ගේම් ගැහුවත් ලෝකේ ඊලගට ලොකු කලීෆා එකක් හැදෙනවා . ඕම තමා ඉතිහාසය නැවත නැවත වෙලා තියෙන්නේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය කොච්චර ගේම් ගැහුවත් ලෝකේ ඊලගට ලොකු කලීෆා එකක් හැදෙනවා . ඕම තමා ඉතිහාසය නැවත නැවත වෙලා තියෙන්නේ
    LWFsQNz.gif
     
    • Love
    Reactions: Don GasCan