නව දළු හේනද / නව දැලි හේනද

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නව දළු හේන ලෙසට පැරණි වි්‍යවහරයේ තියෙන්නේ.

    පැරැන්නන් යාතිකාවක් කරලා සියලු ජිවින් හේනෙන් පලවා හරිනවා. ඉන්පසුව හේන ගිනි ගහනවා.
    හේන ගිනි ගැහවම පස්සේ හේන ජිවින්ගෙන තොර කලාපයක් වෙනවා.

    පැරණි උදවිය ස්වභාවධර්මය සමග බද්ධව ගොවිතැන කරපු නිසා යම් කිසි එක භෝගයක් වගා කලොත් එම වගාවට අදාල පලිබෝධකයෝ වැඩිවෙලා පරසර සමතුලිතතාවය බිදිලා යනවා.

    අපේ පරිසරයේ පලිබෝධකයෝ වර්ග 9ක් ඉන්නවා. උන්ව කන්න විලෝපිකයෝ වර්ග 27 ක්ම ස්වාභාවිකවම පරසරයේ ඉන්නවා. මේ දෙය අපේ පැරැන්නන් හොදින් වටහාගෙන හිටියා. එම නිසා පරිසරයේ සමතුලිතතාවය පවත්වාගෙන හේනේ ගොවිතැන කරන්න අපේ පැරැන්නන් පරිසරයේ ඉන්න පලිබෝධකයෝ වර්ග 9 සහ උන්ව කන්න බලන් ඉන්න විලෝපිකයෝ වර්ග 27 නැවත හේනට කැදවිය යුතු බව දැනගෙන හිටියා. අන්න ඒ නිසා හේනේ අවම වශයෙන් පලිබෝධකයෝ වර්ග 9ක් ගෙන්වා ගත හැකි භෝග වර්ග 9 ක් සිටුවිය යුතු බව දැනගෙන හේනේ භෝග වර්ග 9ක්වගා කලා අන්න ඒ නිවා එම හේනට නවදළු හේන වශයෙන් ජනවහරට පැමිණියා.

    මේ කිරියේ අපේ රටට ඉතිහාසයට හා පැරැන්නන් වෙත ගරහන උන් කීයක් ඉන්නවාද? අන්න උන්ගේ කනට කනේ පාරක් වෙන්න මේ සටහන ඇතුලත් කරන්න හිතුවේ...

    සුර්‍ය කිරන වල තරංග ආයාමය පවා හදුනාගෙන, පෘථිවිය අංශක 23 1/2 ඇලව පවතින බව හදුනාගෙන, ඒ ඇලවීම මත ස්වාභාවික ප්‍රිස්මයක් ඇතිවන බව හදුනාගෙන, එම ස්වාභාවික ප්‍රිස්මය නිසා ඇතිවන මෝසම් හා සංවහන කාලගුණ තත්ත්වය හදුනාගෙන, සදේ පිහිටුමට අනුව ඇතිවන කාලගුණ වපර්‍යාස හදුනාගෙන, පරිසරයේ කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය වැනි එකි මෙකිනොකි චක්‍ර සියල්ල මැනවින් හදුනාගෙන, විද්‍යාත්මකව අපටත් වඩා හොදින් අපේ පැරැන්නන් පරිසර හිතකාමී කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගත කරපු අය..

    නන්දා මාලනිය විසින් ගයන

    ඉරැ දෙවියන්ගේ නෑයෝ සද දෙවියන්ගේ නෑයෝ...

    ගිතයෙන් කියවෙන්නේ අන්න ඒ විදියට ඉරෙන් හදෙන් වැඩ ගත්ත අපේ මහා විද්‍යාත්මක පැරැන්නන් ගැන... ඒ නිසා මේ රටට ජාතියට ආගමට ඉතිහාසයට පැරැන්නන් වෙත ගරහන්න එපා..

    මේ කරැණු මමත් අසා දැනගත්තේ තිලක් කන්දේගම මහතාගෙන්

    පහල තියන විඩියෝවේ 22:00 මිනිත්තුවේ ඉදන් බැලුවොත් නවදළු හේන ගැන එතුමා කියන දේ බලාගන්න පුලුවන්..

    විඩියෝව
    ------ Post added on Nov 19, 2023 at 7:43 PM
    මේ වීඩියෝ එක බැලුව
    නවයක් ගැනම කියන්නේ නෑ එකයි බැලුවේ

    අලුතින් ගිනි තියපු හේනක පිච්චිච්ච වැදිරි රූපයක් ගැන නේද කියන්නෙ..නවයක් නෑ
    අනේ මන්ද
    හරියට දන්න කෙනෙක් නෑ..

    හැබැයි බෝග වර්ග කිහිපයක් හිටෙව්වම ඔය පලිභෝද හානිය අඩු වෙන්න පුළුවන් කියල නම් හිතෙනවා.
    ------ Post added on Nov 20, 2023 at 10:50 AM
     
    • Like
    Reactions: kinkon

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    861
    504
    93
    නව = අලුත්
    දැලි = අලු ගෑවුනාම කොහෙහරි, දැලි ගෑවිලා කියනවා.

    නව දැලි හේන = ගිනි තියල ඉවර උනාම තියන අලුත් අලු ගෑවුන හේන.
     
    • Wow
    Reactions: Any.key