නව දූෂණ විරෝධී පනතේ බලතල ප්‍රකාරව ජනපති-අගමැති ඇතුළු ලක්ෂ 1 1/2කට වත්කම් පෙන්වන්න වෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මාධ්‍ය හිමිකරුවන් - මාධ්‍යවේදීනුත් ඒ අතර

    ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දේශපාලනඥයන්ගේද, රාජ්‍ය සේවයේ නියුතු එක්ලක්ෂ පනස් දහසක් (150,000) පමණ වන මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සැලසුම් කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි.

    2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 86
    image_fe2aa2d655.jpg

    පසුගියදා සම්මත කළ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ බලතල ප්‍රකාරව මෙම තීන්දුව ගෙන ඇත. මෙම පනතේ 80(1) වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාතේ ආණ්ඩුකාරවරුන් ඇතුළු පනත මගින් ප්‍රකාශයට පත්කර ඇති ක්ෂේත්‍ර 31කට අයත් තැනැත්තන් විසින් සිය වත්කම් හෝ බැරකම් ප්‍රකාශ අල්ලස් දූෂණ කොමිසමට සෑම වසරකම මාර්තු 31දාට පෙර සැපයිය යුතුය.

    මෙහි විශේෂත්වයක් වන්නේ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ සහ ප්‍රධානීන්ගේත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කොමිසමට බලය පවරා තිබීමයි. ඒ අනුව ප්‍රවෘත්ති පත්‍ර ආඥා පනතේ 2 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයක් කර ඇති පුවත්පත් හිමිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද, 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 වැනි වගන්තිය යටතේ බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද යට කී ලෙස වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුය. මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ සැපයීමේදී වත්කම් බැරකම් ප්‍රකාශ කරන්නා සැමියා නම් බිරිඳ සහ දරුවන්ද, බිරිඳ නම් සැමියා සහ දරුවන්ගේ සහ ඔවුන් සමඟ පොදු නිවෙසක ජීවත් වන වෙනත් තැනැත්තන්ගේ වත්කම් බැරකම්ද ලබා දිය යුතු බව පනතේ දැක්වේ.

    මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොණික ක්‍රමවේදය හරහා අල්ලස් දූෂණ කොමිසමට ලබා දිය යුතු බවට ප්‍රතිපාදන සලසා තිබේ. එහෙත් ඊට අදාළ තාක්ෂණික මෙහෙයුම සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය වෙයි. නමුත් ඒ සඳහා අල්ලස් කොමිසමට ප්‍රතිපාදන මෙතෙක් ලැබී නැති බවද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

    කෙසේ හෝ පනතේ දක්වා ඇති නිශ්චිත දිනයට අල්ලස් දූෂණ කොමිසම වෙත වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වන තැනැත්තන්ට මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ නඩු පවරනු ලැබිය හැකිය. අධිකරණයේදී සිදුකෙරෙන ලඝු නඩු විභාගයකදී වරද ඔප්පු වුවහොත් රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසරක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කරන්නට අධිකරණයට මෙම පනතින් බලය පවරා ඇත.

    - https://www.deshaya.lk/article/40/පුවත්/25049/ජනපති-අගමැති-ඇතුළු-ලක්ෂ-1-1/2කට-වත්කම්-පෙන්වන්න-වෙයි
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,284

    Hamuge car eke price ekath dagena palayan
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොණික ක්‍රමවේදය හරහා අල්ලස් දූෂණ කොමිසමට ලබා දිය යුතු බවට ප්‍රතිපාදන සලසා තිබේ. එහෙත් ඊට අදාළ තාක්ෂණික මෙහෙයුම සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය වෙයි.
    එතනත් ගැහිල්ල වගේ
     
    Sen-lu

    Well-known member
  • මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොණික ක්‍රමවේදය හරහා අල්ලස් දූෂණ කොමිසමට ලබා දිය යුතු බවට ප්‍රතිපාදන සලසා තිබේ. එහෙත් ඊට අදාළ තාක්ෂණික මෙහෙයුම සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය වෙයි. නමුත් ඒ සඳහා අල්ලස් කොමිසමට ප්‍රතිපාදන මෙතෙක් ලැබී නැති බවද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය
    🙏
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කළු සල්ලි සුදු කරන්නෙ යාළුවො සෙට් එකනෙ ඉතිං කාටවත් ගැටළුවක් නැ :rofl: