නව යුධ හමුදාපති දේශපාලන පත්වීමක් නොවන හැ
යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාව ලෙස සිටි මේජර් ජනරාල් ක්රිෂාන්තද සිල්වා නව යුද හමුදාපති ලෙස පත්කිරීම ආන්දෝලනාත්මක සිදුවීමක් වූ බව ප්‍රසිද්ධ කරුණකි.
කෙසේ වුවත් යුද හමුදාපති පුටුව සඳහා පැවැති තරගයෙන් මාණ්ඩලික ප්‍රධානියාව සිටියදී හදිසියේ රුසියාවේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස පත්කර යෑවූ මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා කවුරුත් පුදුමයට පත්කරවමින් යුද හමුදාපති පුටුවේ වාඩි විය.
මෙම පත්වීම හුදෙක් දේශපාලනමය පත්කිරීමක් ලෙස පෙන්වාදීමට ඇතැම්හු උත්සාහ කළහ. එය එසේ නොවන සුදුස්සාට සුදුසු තැන හිමිවීමක් බව අපි සාක්ෂි සහිතව පෙන්වා දෙන්නෙමු.
හිටපු යුද හමුදාපති, ජෙනරාල් දයා රත්නායකගේ සේවා දිගුව සහ හමුදාපති නිල කාලය ඉකුත් 21 වැනිදා අවසන් විය. ඒ ඔහුට පෙබරවාරි 22 වැනි දිනට වයස අවුරුදු 57 ක් සම්පූර්ණ වීම නිසාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ නව රජය පත් වූ පසු ත්‍රිවිධ හමුදාපතිවරුන් ඉවත් නොකර ඔවුනට සේවා දිගු ලබා නොදී නියමිත කාලය සම්පූර්ණ වූවිට විශ්‍රාම යෑවීමේ තීරණයක් ගන්නා ලදී. ඒ අනුව ජෙනරාල් දයා රත්නායකට මෙම 21 වැනිදා විශ්‍රාම යැමට සිදු විය.
එසේම ඔහුගෙන් පසු සිදුකරන හමුදාපති පත්කිරීම ජ්‍යෙෂ්ඨත්වයට අනුව කිරීමටද රජය තීරණය කළේය.
එහිදි ඊළඟ ජ්‍යෙෂ්ඨත්වයේ සිටි මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා ලුතිනන් ජෙනරාල් නිළයට උසස් කර නව යුද හමුදාපති ලෙස පත්කරන ලදී. 2013.08.01 දින යුද හමුදාපති ධුරයට එවක මේජර් ජෙනරාල්වරයකු වූ දයා රත්නායක පත්කරන විට මේජර් ජෙනරාල් ක්‍රිශාන්තද සිල්වා සිටියේ මේජර් ජෙනරාල් රත්නායකට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළිනි.
ලුතිනන් ජෙනරාල්, යුදහමුදාපති ධුරයට පත් පත් වූ පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටි මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා යුද හමුදාවේ දෙවන තනතුර වන මාණ්ඩලික ප්‍රධානි (Cයසැෙ දෙ sඒෙ) තනතුරට පත් විය. ඔහුට එම තනතුරේ වැඩි කාලයක් සිටීමට ඉඩ නොතබමින් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි මේජර් ජෙනරාල් සිල්වා රුසියාවේ නියෝජ්‍ය තනාපති වශයෙන් පත්කරන ලදී.
ඔහු දැරූ මාණ්ඩලික ප්‍රධානි තනතුරට ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ සිටි මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පත් කළේය. ඒ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරු කිහිප දෙනකු සිටියදීය. මේජර් ජෙනරාල් සමරසිංහ මේවනවිටත් මාණ්ඩලික ප්‍රධානි තනතුරේ කටයුතු කරයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශපාලනීකරණයට ලක්කර තිබූ යුද හමුදාව ඉන් මුදාගැනීමේ වගකීම වත්මන් රජයට පැවරී ඇත. එහි ප්‍රථම පියවර ලෙස පසුගිය රජය විසින් බිඳ දමා තිබූ ජ්‍යෙෂ්ඨත්වයට අනුව ඉහළ තනතුරු පිරිනැමීමේ සම්ප්රදාය නැවත ස්ථාපිත කිරීමට පියවර ගනිමින් නව යුද හමුදාපතිවරයා පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වයට ප්‍රමුඛත්වය දෙන ලදී.
ඒ අනුව ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වාට සාධාරණය ඉටු වී ඔහුට යුද හමුදාපති ධුරය හිමි විය. ජ්‍යෙෂ්ඨත්වයට අමතරව එම තනතුර දැරීමට ඔහු සතුව තිබූ සෙසු සුදුසුකම් මෙසේ විය.
1980 පෙබරවාරි මස 6 වැනි දින යුද හමුදා සේවයට බැඳුණු ලුතිනන් ජෙනරාල් සිල්වා 1981 ජුලි 18 වැනි දින 2 වන ලුතිනන්වරයෙක් ලෙස 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය වෙත අනුයුක්තව රාජකාරි ඇරඹු අතර, 1985 දී කපිතාන් නිළයටත්, 1989 දී මේජර් නිළයටත්, 1994 දී ලුතිනන් කර්නල් නිළයටත්, 1997 දී කර්නල් නිලයටත්, 2003 දී බ්‍රිගේඩියර් නිළයටත්. 2009 නොවැම්බර් 30 වැනි දින මේජර් ජෙනරාල් නිළයටත් උසස්වීම් ලද හෙතෙම 2015 පෙබරවාරි මස 22 වැනි දින ලුතිනන් ජෙනරාල් නිළයටත් පත් විය.
වසර 35 ක කිර්තිමත් යුද හමුදා සේවයක් හිමි ලුතිනන් ජෙනරාල් ද සිල්වා 2013 අගෝස්තු මස 1 වැනි දින යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වන අතර, 2014 මැයි මස 16 දින සිට රුසියාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති තනතුරට පත්වීමත් සමඟම විදේශගත විය.
මාණ්ඩලික සහ ප්‍රධාන උපදේශක තනතුරු ගණනාවක් හොබවා ඇති ලුතිනන් ජෙනරාල් ද සිල්වා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බළසේනාවේ සේනා විධායක තනතුර ද හොබවන ලදී.
එමෙන්ම ලුතිනන් ජෙනරාල් ද සිල්වා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥපති ධුරයද හොබවා ඇති අතර ඉංජිනේරු බළසේනාධිපති 512 සහ 562 වන පාබල බළසේනාවන්හි බළසේනාංකාධිපති වශයෙන්ද කටයුතු කර ඇත.
මීට අමතරව යුද හමුදා මූලස්ථාන යුද සේවා ලේකම්, අධ්යක්ෂ ක්‍රියාන්විත, අතිරේක යුද සේවා ලේකම්, අධ්යක්ෂ සැලසුම්, පිරිස් පාලන අධ්යක්ෂ මණ්ඩලයේ කර්නල් (පාලන) මෙන්ම මාණ්ඩලික නිලධාරී තනතුරු ගණනාවක් හොබවා ඇත.
එමෙන්ම ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක හා ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කර ඇති අතර, දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාලයේ ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ කීර්තිමත් නිලධාරියෙකු වන ලුතිනන් ජෙනරාල් ද සිල්වා 6 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බළකායේ අණදෙන නිළධාරී වශයෙන් කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ බලාකාධිපති වශයෙන් ද කටයුතු කර ඇත.
ලුතිනන් ජෙනරාල් ද සිල්වා එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදීන්ගෙන් මවුබිම මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී කටයුතු කරනු ලබන සේවය වෙනුවෙන් රණවික්‍රම පදක්කම (ආර්ඩබ්ලිව්පී) සහ උත්තම සේවා පදක්කමෙන් (යූඑස්පී) පිදුම් ලබා ඇත.
දේශීය සහ විදේශීය පාඨමාලාවන් රැසකට සහභාගිවී ඇති ලුතිනන් ජෙනරාල් ද සිල්වා ඔහුගේ පළමු විදේශීය පාඨමාලාව ලෙස පාකිස්තානයේ රිසල්පූර ඉංජිනේරු හමුදා විද්‍යාලයේ තරුණ නිලධාරී පාඨමාලාවට සහභාගි වී ඇත.
එක්සත් රාජධානියේ යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සහ චීනයේ නංජින් උසස් අණ විද්‍යාලයේ උපාධිධාරියකු වන ලුතිනන් ජෙනරාල් ද සිල්වා ඉන්දුනීසියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේද උපාධිධාරියකු වේ.
ඊට අමතරව ලුතිනන් ජෙනරාල් ද සිල්වා ඉන්දියාවේ මොවු සංග්රාම විද්‍යාලයේ උසස් අණ පාඨමාලාවටද පූනෙයි ඉංජිනේරු හමුදා විද්‍යාලයේ බෝම්බ නිෂ්ක්‍රීය පාඨමාලාවට ද පකිස්තානයේ රිසාල්පූර් ඉංජිනේරු හමුදා විද්‍යාලයේ ඉංජිනේරු කණ්ඩායම භාර නිලධාරි පාඨමාලාව ද ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායිහි ආසියා පැසිපික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ උසස් විධායක ආරක්ෂක සහයෝගිතා පාඨමාලාවද හදාරා ඇත.
ජ්‍යෙෂ්ඨත්වයට සහ දක්ෂතාවයට නිසි තැන හිමිවීමේ ප්‍රතිඵලයක් ලෙස ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා යුද හමුදාපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ සිය අදහස් දක්වා සිටියේය.
ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 21 වන යුද්ධ හමුදාපතිවරයා ලෙස මෙම පණිවුඩය නිකුත් කරනු ලබන්නේ ඉමහත් ආඩම්බරයෙන් හා නිහතමානී තෘප්තියකිනි.
වසර 35 ක් වන මාගේ හමුදා ගමන් මගෙහි මා හට ළඟාවිය හැකි ඉහළම සංධිස්ථානය වන යුද හමුදාපති ධුරයේ උත්තරීතර වගකීම මා හට පැවරීම වෙනුවෙන් ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මාගේ ගෞරවණීය කෘතඥතාව පුදකිරීමට කැමැත්තෙමි.
http://www.divaina.com/2015/02/28/feature01.html