නව රියෑදුරු බලපත්‍ර...

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    නව රියෑදුරු බලපත්‍ර...

    පැරණි රියෑදුරු බලපත්‍ර වෙනුවට ස්‌මාර්ට්‌ කාඩ්

    පැරැණි රියෑදුරු බලපත් ඇති සියලු රියෑදුරුන් සඳහා නව "ස්‌මාර්ට්‌ කාඩ්" රියෑදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක්‌ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

    රියෑදුරන්ගේ තොරතුරු එකම පරිගණක පද්ධතියකට ලබා ගැනීමේ අරමුණින් මෙම සේවාව ආරම්භ කර ඇති බවත් මේ සඳහා කැබිනට්‌ අනුමැතිය ලැබී තිබෙන බත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.

    මෙම පහසුකම් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාලයෙන් හා හම්බන්තොට සහ අනුරාධපුර යන ප්‍රාදේශීය කාර්යාලවලින් එක්‌ දින සේවාව යටතේ ලබාගත හැකි බවත් ඒ සඳහා එක්‌දින ගාස්‌තු අය නොකරන බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.

    ඊට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාලවලදී මේ සඳහා විශේෂ කවුළුවක්‌ විවෘත කර ඇති බවත් එහිදී ප්‍රමුඛතාව මත මෙම සේවා ලබාදීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම කීය.

    නව රියෑදුරු බලවත්‍ර ලබාගැනීමට පැමිණෙන රියෑදුරන් පැරැණි රියෑදුරු බලපත්‍රය, උප්පැන්න සහතිකය හා ජාතික හැඳුනුම්පතත්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය අනිවාර්යයෙන් රැගෙන ආ යුතු බවත් ඔහු කියා සිටියේය.

    ඒ අනුව වසර 2005 සිට 2009 සැප්තැම්බර් දක්‌වා නිකුත් කළ රියෑදුරු බලපත්‍ර සඳහා 2013 මාර්තු 01 සිට 2013 අගෝස්‌තු 31 දක්‌වාත් වසර 2000 ජනවාරි සිට 2004 දෙසැම්බර් දක්‌වා නිකුත් කළ රියෑදුරු බලපත්‍ර සඳහා 2013 සැප්තැම්බර් 01 සිට 2014 පෙබරවාරි 28 දක්‌වාත් වසර 2000 පෙර ලබාගත් රියෑදුරු බලපත්‍ර සඳහා වසර 2014 මාර්තු 01 සිට 2014 සැප්තැම්බර් 30 දක්‌වාත් නව රියෑදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.



    උපුටා ගැනීම දිවයින

     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    thawa aluth ekak o_O ?
    license.jpg

    meka gena dena kiyawanne ???
     

    thilina_88

    Member
    Jul 3, 2009
    56
    2
    0
    මේක ආණ්ඩුවට සල්ලි හොයන්න කරන වැඩක් sure එකටම. මොකද medical වලින් 700 ගානෙ කීයක් ද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    pissuda bang old licence eka kotiayak dennan kiwwath ain karanna epaa !!! aluth eke van ehema drive karannath case danawa. parana eka expire wenneth na. anduwe 1st priority eka salli kadaa ganna eka. anik dewal okkama secondary objectives.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    medicals ona tankakin ganna puluwanda mchn? monawada eke karanne blood test ekakda??apo mata penna be...man nan aluth ekata yanne ne old license eka ban karanakan....
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Mage Linces eka 2001 wala gathtye.....dan melo magulak pennaaa................!!! Police ekan alluwoth talk eka dala thamai berenne. oya kiyana kala satana anuwa man renew karanna oney.......වසර 2000 ජනවාරි සිට 2004 දෙසැම්බර් දක්‌වා නිකුත් කළ රියෑදුරු බලපත්‍ර සඳහා 2013 සැප්තැම්බර් 01 සිට 2014 පෙබරවාරි 28 දක්‌වාත්

    Apoi aniwaren renew karran oney machan.........mara wadayak......!!!
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    Mage Linces eka 2001 wala gathtye.....dan melo magulak pennaaa................!!! Police ekan alluwoth talk eka dala thamai berenne. oya kiyana kala satana anuwa man renew karanna oney.......වසර 2000 ජනවාරි සිට 2004 දෙසැම්බර් දක්‌වා නිකුත් කළ රියෑදුරු බලපත්‍ර සඳහා 2013 සැප්තැම්බර් 01 සිට 2014 පෙබරවාරි 28 දක්‌වාත්

    Apoi aniwaren renew karran oney machan.........mara wadayak......!!!
    matath oya sethema thamai.. mage DL eka issue kare 2003 July. eketh dan melo deyak hariyata penne naha..

    shape eke septermber wenakal idala aluth karaganna ona :D