නව ව්‍යවස්ථාව ගැන විද්වත් සාකච්ඡාවක් 

Oct 4, 2017
231
13
0
නව ව්‍යවස්ථාව ගැන විද්වත් සාකච්ඡාවක් 

Jayampathy-Wickramaratne-full-kit4.jpg


ජාතික ගැටළුවට සහ සංවර්ධනයට තිරසාර විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට යන, මේ වන විට අතුරු වාර්තාවක්ද නිකුත් වී තිබෙන යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් හෙට ඉරිදා (08) ලන්ඩන්හි හැරෝ ප්‍රදේශයේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවේ ප්‍රධාන ආරාධිත කථිකයා වන්නේ නව ව්‍යවස්ථාව සඳහා තාක්ෂණික උපදෙස් ලබා දෙන එම මෙහෙයුම් මණ්ඩලයද නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා ය. ලංකාවෙන් පිටත ජීවත් වන දෙමළ ජනතාව හෙවත් Non Resident Tamils of Sri Lanka (NRTSL) හි සංවිධානයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව හැරෝහි La Massala, 436 Alexandra Avenue, Harrow, HA2 9TW දරණ ස්ථානයේ උදේ 10.30 සිට සවස 3.30 දක්වා පැවැත්වෙන අතර දිවා ආහාරය සැපයේ. නව ව්‍යවස්ථාව පිළිබඳ තිබෙන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා කැමැති ඕනෑම අයෙකුට මීට සහභාගී වන ලෙස සංවිධායක වරු වන NRTSL සංවිධානය ඉල්ලා සිටිති. 

ලංකා ඊ නිව්ස් -2017.ඔක්.07,  පෙ.ව‍‍.8.45
http://lankaenews.com/news/6460/si
 

Similar threads