Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව වැනි බෝනික්කා . . .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව වැනි බෝනික්කා . . .

මා විවාහ වීමට සිටින තරුණිය සමග පෙම් බස් දෙඩීම සාමාන්‍ය දෙයකි. එවන් අවස්ථාවක ඇය බොහෝ සේ ඇලුම් කරන දෙයක් ගැන කතා කරන විට එය මා කෙතරම් අකමැති වුව ත් අසා සිටීමට සිදු වේ. එපමණක් නොව ඒ ගැන මා ද ඉතා උනන්දු බව ඇයට ඒත්තු ගැන්වීමට පවා කටයුතු කළ යුතු ය.

මෑතකදී එබඳු කතා බහක් ඇතිවූයේ බෝනික්කන් පිළිබඳව ය. මා දන්නා පරිදි ඇය කෙදිනකවත් බෝනික්කන් ගැන කතා කළේ නැත. සාමාන්‍යයෙන් වැඩි දෙනෙකු පිලිගනු ලබන සාම්ප්‍රදායික ගැහැනු ගති ඈ කෙරෙන් ප්‍රකට වූයේ කලාතුරකිනි. බෝනික්කන් ට ආශා කිරීමත් එයට ඇතුළත් යැයි මම විශ්වාස කරමි. කතා බහ ඇරඹුනේ උපන් දින තෑගි ගැන මතක් කිරීමෙනි. අතීතයේ ලැබූ උපන් දින තෑගි ගැන මම ඇගෙන් ඇසුවෙමි.

“ඔයාට පොඩි කාලෙ මොනවද උපන් දින වලට වැඩියෙන්ම ලැබුනෙ?” මම ඇසුවෙමි.

“තාත්තා හැම උපන් දිනයටම බෝනික්කෙක් දුන්නා. අන්තිමට දුන්න බෝනික්කට තමයි මම වැඩියෙන්ම කැමති. මට ඒ බෝනික්කා දුන්න දවසෙ එයාට අන්දලා තිබුණේ මම පොඩි කාලෙ ඇඳපු ගවුමක්”

ඇගේ පියා මෙලොව හැරගොස් බොහෝ කල් වුවත් මට ඒ ගැන එතරම් සිහි වුනේ නැත.

“හැම උපන් දිනයටම දුන්න නම් ඉතින් ගෙදර බෝනික්කො තිහක් විතර ඇති නේද?” මා එසේ ඇසුවේ ඇගේ වයසට සරදමක් කිරීමේ අටියෙනි.

නමුත් ඒ ප්රශ්නය ඇසීම කෙතරම් අඥානකමක් දැ යි හැඟුන විට ප්‍රමාද වැඩි ය.

ඇය මදක් සිනාසී මදෙස බලා, වචනයට නගන්නට බැරි කුමක් හෝ අමුතු හැඟිමක් යටපත් කරගෙන මෙන් පිළිතුරු දුන්නාය.

“නැහැ! අට දෙනයි ඉන්නෙ” අවසන් වචනය පැවසූයේ මගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා ගෙන ය.

ඒ වදන් පෙළෙහි පිටුපස තිබූ හැඟීම ක්ෂණයකින් මට අවබෝධ විය. පිය සෙනෙහස ඈ ලබා තිබුණේ වසර අටක් පමණි. මෙතෙක් කල් පිය සෙනෙහස නොඅඩුව ලැබූ මම එය අහිමි වූවකු ගැන මෙතරම් අනුවේදනීය වූ පළමු අවස්ථාව මෙය යි. එතෙක් වේලා ගත කළ සොඳුරු සැඳෑව මගේ එක් අඥාන වදනකින් අඳුරු වූවාදැ යි මට සිතුනි. ඇය කිසිවක් නොවූ පරිදි සිටින්නේ මා අස්වසාලීමට මෙනි.

ඇගේ මීළඟ උපන් දිනයට තෑගි කළ යුත්තේ කුමක් දැ යි මම සිතා ගතිමි. සෙල්ලම් භාණ්ඩ අලෙවි සැලකට ගොස් මම එහි අලෙවි සහායිකාවකගෙන් බෝනික්කෙකු ඉල්ලුවෙමි. ඇය මා අතට පත් කළේ නිල් වන් ඇස් ඇති ඉතා සිහින් සිරුරක් හා දිගු වරලසක් සහිත රූප සුන්දරියක් බඳු බෝනික්කෙකි. ඉන් මම විමතියට පත්වීමි.

“මේ මොකෙක් ද මේ?” මට කියැවිනි.

වෙළඳ සැලේ සිටි අනෙක් අයත් විමතියෙන් බැලූ බව මට මතකය. ටිකක් සැර වැඩි වුනත් මගේ අදහස නිවැරදිව හඳුනා ගත් අලෙවි සහායිකාව වහා මා අස්වසාලන සෙයින්,

“මේවා තමයි සර් දැන් ගොඩක් අය ගර්ල්ෆ්රෙන්ඩ්ස්ලට දෙන්නෙ. සර්ගෙ ගර්ල්, බාබි ඩෝල්ස් ලට කැමති නැද්ද?”

ලෝකය කෙතරම් වෙනස් වී ඇත්දැයි සිතූ මම ඇයට මෙසේ කීවෙමි.

“මම මේ හොයන්නෙ අවුරුදු නවයක ළමයෙක්ට දෙන්න දෙයක්”

අලෙවි සහායිකාව ටිකක් ඇතුළට ගොස් රාක්කයක තිබූ සෙල්ලම් බෝනික්කෙකු මා අතට පත් කළාය. මගේ පෙම්වතිය දම් පැහැයට ඇළුම් කළ හෙයින් එම වර්ගයෙන්ම දම් පැහැ ගවුමක් ඇඳ සිටින බෝනික්කෙකු මම සෙව්වෙමි. අලෙවි සහායිකාවගේ නොමඳ උත්සාහය නිසාම මා සෙවූ දෙය හමු විය.

පෙම්වතියට දෙන මුල්ම උපන් දින තෑග්ග කුමක්දැයි දැන ගැනීමට වැඩියෙන්ම උනන්දු වූයේ මගේ හොඳම මිතුරන් පිරිසයි. තෑග්ග දුටු ඔවුන් සියල්ලන්ම මා උපහාසයට ලක් කළේ මා උමතුවෙන් යැයි කියමිනි.

“උඹට පිස්සුද? දැන් කාලෙ කෙල්ලො ඕවට කැමති නැහැ” සියලු දෙනාගේ මතය විය.

කෙසේ වූවත් මා ගත් තීරණය නිවැරදි බව මම තරයේ විශ්වාස කළෙමි. උපන් දිනය දා ත්‍යාගය ද රැගෙන ඇගේ නිවසට මම ගියෙමි. මා එහි යන විට ඇගේ මවත් අයියාත් ඔහුගේ බිරිඳත් එහි සිටියහ. සුලුවෙන් වුවත් සාදයක් එහි සූදානම් කර තිබුණි. ඇය මගේ පැමිණීම ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි බව නොරහසකි. අප හඳුනාගැනීමෙන් පසු පැමිණි පළමු උපන්දිනය බැවින් එය එතරම් පුදුමයක් නොවෙ යි.

මා ඇයට ගෙනෙනු ලබන තිළිණය කුමක් දැ යි දැන ගැනීමට වැඩියෙන්ම උනන්දු වූයේ ඇගේ නෑනා යි. මද වේලාවකින් සිය නෑනාගේ ද උදව් ඇතිව අසුරනය ඉවත් කළ ඇය බෝනික්කා සියතට ගත්තාය.

සියල්ලන් නිහඬ විය.

ඇය බෝනික්කා දෙස මදක් බලා සිට ගෙතුලට දිව ගියේ අවුරුදු නවයක ගැහැණු දරුවකු ලෙසිනි. ඇගේ මව එදෙසට යෑමට තැත් කළත් එසේ නොකළාය. නෑනා ද කාමරයට දිව යාමට තැත් කළත් මව එසේ නොකරන ලෙසට ඉඟි කළාය. ගෙතුලින් ඉකි ගසන හඬක් ද නැගේ. මම ගල් ගැසී ගියෙමි. ඇගේ මව මදෙස බැලුවේ මා ගෙන ආ ත්‍යාගය අනුමත කරන්නාක් මෙනි.

“එයා ඒ අඬන්නෙ සතුටට පුතේ” මවගේ වදනින් මා ලද අස්වැසිල්ල දන්නේ මා පමණි.

“මෙයාගෙ තාත්තා නැති වුනාට පස්සෙ කොච්චරවත් බෝනික්කො ගෙනත් දෙන්න ඇහුවත් කියන්නෙ එයා ආස නෑ කියලා. එයා අද වෙනකන් හිටියෙ ආයෙමත් බෝනික්කො ගේන්නෙ නැහැ කියන අදහසින්” මව නැවතත් හඬ අවධි කළාය.

ඇය නැවත අප ඉදිරියට පැමිණියා ය. සැලුනු කඳුළු තවමත් එලෙසම ය. නමුත් දැන් මුවග ඇත්තේ යම් කිසි දෙයක් සපුරාගත් අන්දමේ සිනාවකි. සාමාන්‍යයෙන් ඇය මගෙන් ප්‍රාර්ථනා කරන දේ කුමක්දැයි වටහාගැනීම ඉතා දුෂ්කර ය. එය කිසි විටෙකත් මුවින් නොඉල්ලනී ය. වටහා ගැනීමට ප්‍රමාණවත් ඉඟි ලබා දීම පමණක් ඇය කරයි. පිය සෙනෙහසට සම කළ හැකි කිසිවක් ලොව නැත. නමුත් යුවතියක් පති කුලයට ගිය විට ඇය එතෙක් ලැබූ පිය සෙනෙහස කාගෙන් ලබන්නද? එය යම් තරමින් හෝ ඉටු කිරීමට මා සමත් වූවා සේ හැඟුනි. ඇගේ වචන වලින් එය මට තහවුරු විය.

“දැන් නව දෙනයි. ඉස්සරහට කාමරේ ඉඩ මදි වෙයි”

මදෙස ආදර බර බැල්මක් හෙලූ ඇය පැවසීය.

නිමි෴

සත්‍ය සිදුවීමක් ඇසුරිනි.

- ඉසුරු ප්‍රේමරත්න

මෙම කතාව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පළ කෙරෙන "Open Quarterly" සඟරාවේ දෙවන වෙළුමේ පළවූවකි. හිමිකම කතෘ සතුය.

[QUOTE="Phone Hora, post: 20467322, member: 557363"] [b]නව වැනි බෝනික්කා . . .[/b] [LEFT][COLOR=#1D2129][FONT=helvetica][FONT=Arial Narrow][SIZE=4][COLOR=DarkGreen] මා විවාහ වීමට සිටින තරුණිය සමග පෙම් බස් දෙඩීම සාමාන්‍ය දෙයකි. එවන් අවස්ථාවක ඇය බොහෝ සේ ඇලුම් කරන දෙයක් ගැන කතා කරන විට එය මා කෙතරම් අකමැති වුව ත් අසා සිටීමට සිදු වේ. එපමණක් නොව ඒ ගැන මා ද ඉතා උනන්දු බව ඇයට ඒත්තු ගැන්වීමට පවා කටයුතු කළ යුතු ය. මෑතකදී එබඳු කතා බහක් ඇතිවූයේ බෝනික්කන් පිළිබඳව ය. මා දන්නා පරිදි ඇය කෙදිනකවත් බෝනික්කන් ගැන කතා කළේ නැත. සාමාන්‍යයෙන් වැඩි දෙනෙකු පිලිගනු ල[/COLOR][/SIZE][/FONT][FONT=Arial Narrow][SIZE=4][COLOR=DarkGreen]බන සාම්ප්‍රදායික ගැහැනු ගති ඈ කෙරෙන් ප්‍රකට වූයේ කලාතුරකිනි. බෝනික්කන් ට ආශා කිරීමත් එයට ඇතුළත් යැයි මම විශ්වාස කරමි. කතා බහ ඇරඹුනේ උපන් දින තෑගි ගැන මතක් කිරීමෙනි. අතීතයේ ලැබූ උපන් දින තෑගි ගැන මම ඇගෙන් ඇසුවෙමි. “ඔයාට පොඩි කාලෙ මොනවද උපන් දින වලට වැඩියෙන්ම ලැබුනෙ?” මම ඇසුවෙමි. “තාත්තා හැම උපන් දිනයටම බෝනික්කෙක් දුන්නා. අන්තිමට දුන්න බෝනික්කට තමයි මම වැඩියෙන්ම කැමති. මට ඒ බෝනික්කා දුන්න දවසෙ එයාට අන්දලා තිබුණේ මම පොඩි කාලෙ ඇඳපු ගවුමක්” ඇගේ පියා මෙලොව හැරගොස් බොහෝ කල් වුවත් මට ඒ ගැන එතරම් සිහි වුනේ නැත. “හැම උපන් දිනයටම දුන්න නම් ඉතින් ගෙදර බෝනික්කො තිහක් විතර ඇති නේද?” මා එසේ ඇසුවේ ඇගේ වයසට සරදමක් කිරීමේ අටියෙනි. නමුත් ඒ ප්රශ්නය ඇසීම කෙතරම් අඥානකමක් දැ යි හැඟුන විට ප්‍රමාද වැඩි ය. ඇය මදක් සිනාසී මදෙස බලා, වචනයට නගන්නට බැරි කුමක් හෝ අමුතු හැඟිමක් යටපත් කරගෙන මෙන් පිළිතුරු දුන්නාය. “නැහැ! අට දෙනයි ඉන්නෙ” අවසන් වචනය පැවසූයේ මගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා ගෙන ය. ඒ වදන් පෙළෙහි පිටුපස තිබූ හැඟීම ක්ෂණයකින් මට අවබෝධ විය. පිය සෙනෙහස ඈ ලබා තිබුණේ වසර අටක් පමණි. මෙතෙක් කල් පිය සෙනෙහස නොඅඩුව ලැබූ මම එය අහිමි වූවකු ගැන මෙතරම් අනුවේදනීය වූ පළමු අවස්ථාව මෙය යි. එතෙක් වේලා ගත කළ සොඳුරු සැඳෑව මගේ එක් අඥාන වදනකින් අඳුරු වූවාදැ යි මට සිතුනි. ඇය කිසිවක් නොවූ පරිදි සිටින්නේ මා අස්වසාලීමට මෙනි. ඇගේ මීළඟ උපන් දිනයට තෑගි කළ යුත්තේ කුමක් දැ යි මම සිතා ගතිමි. සෙල්ලම් භාණ්ඩ අලෙවි සැලකට ගොස් මම එහි අලෙවි සහායිකාවකගෙන් බෝනික්කෙකු ඉල්ලුවෙමි. ඇය මා අතට පත් කළේ නිල් වන් ඇස් ඇති ඉතා සිහින් සිරුරක් හා දිගු වරලසක් සහිත රූප සුන්දරියක් බඳු බෝනික්කෙකි. ඉන් මම විමතියට පත්වීමි. “මේ මොකෙක් ද මේ?” මට කියැවිනි. වෙළඳ සැලේ සිටි අනෙක් අයත් විමතියෙන් බැලූ බව මට මතකය. ටිකක් සැර වැඩි වුනත් මගේ අදහස නිවැරදිව හඳුනා ගත් අලෙවි සහායිකාව වහා මා අස්වසාලන සෙයින්, “මේවා තමයි සර් දැන් ගොඩක් අය ගර්ල්ෆ්රෙන්ඩ්ස්ලට දෙන්නෙ. සර්ගෙ ගර්ල්, බාබි ඩෝල්ස් ලට කැමති නැද්ද?” ලෝකය කෙතරම් වෙනස් වී ඇත්දැයි සිතූ මම ඇයට මෙසේ කීවෙමි. “මම මේ හොයන්නෙ අවුරුදු නවයක ළමයෙක්ට දෙන්න දෙයක්” අලෙවි සහායිකාව ටිකක් ඇතුළට ගොස් රාක්කයක තිබූ සෙල්ලම් බෝනික්කෙකු මා අතට පත් කළාය. මගේ පෙම්වතිය දම් පැහැයට ඇළුම් කළ හෙයින් එම වර්ගයෙන්ම දම් පැහැ ගවුමක් ඇඳ සිටින බෝනික්කෙකු මම සෙව්වෙමි. අලෙවි සහායිකාවගේ නොමඳ උත්සාහය නිසාම මා සෙවූ දෙය හමු විය. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13659111_802930089808765_4046448582650375386_n.jpg?oh=c4a6d61336d99e49421fa74cd9a8aca6&oe=581D55AE[/IMG] පෙම්වතියට දෙන මුල්ම උපන් දින තෑග්ග කුමක්දැයි දැන ගැනීමට වැඩියෙන්ම උනන්දු වූයේ මගේ හොඳම මිතුරන් පිරිසයි. තෑග්ග දුටු ඔවුන් සියල්ලන්ම මා උපහාසයට ලක් කළේ මා උමතුවෙන් යැයි කියමිනි. “උඹට පිස්සුද? දැන් කාලෙ කෙල්ලො ඕවට කැමති නැහැ” සියලු දෙනාගේ මතය විය. කෙසේ වූවත් මා ගත් තීරණය නිවැරදි බව මම තරයේ විශ්වාස කළෙමි. උපන් දිනය දා ත්‍යාගය ද රැගෙන ඇගේ නිවසට මම ගියෙමි. මා එහි යන විට ඇගේ මවත් අයියාත් ඔහුගේ බිරිඳත් එහි සිටියහ. සුලුවෙන් වුවත් සාදයක් එහි සූදානම් කර තිබුණි. ඇය මගේ පැමිණීම ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි බව නොරහසකි. අප හඳුනාගැනීමෙන් පසු පැමිණි පළමු උපන්දිනය බැවින් එය එතරම් පුදුමයක් නොවෙ යි. මා ඇයට ගෙනෙනු ලබන තිළිණය කුමක් දැ යි දැන ගැනීමට වැඩියෙන්ම උනන්දු වූයේ ඇගේ නෑනා යි. මද වේලාවකින් සිය නෑනාගේ ද උදව් ඇතිව අසුරනය ඉවත් කළ ඇය බෝනික්කා සියතට ගත්තාය. සියල්ලන් නිහඬ විය. ඇය බෝනික්කා දෙස මදක් බලා සිට ගෙතුලට දිව ගියේ අවුරුදු නවයක ගැහැණු දරුවකු ලෙසිනි. ඇගේ මව එදෙසට යෑමට තැත් කළත් එසේ නොකළාය. නෑනා ද කාමරයට දිව යාමට තැත් කළත් මව එසේ නොකරන ලෙසට ඉඟි කළාය. ගෙතුලින් ඉකි ගසන හඬක් ද නැගේ. මම ගල් ගැසී ගියෙමි. ඇගේ මව මදෙස බැලුවේ මා ගෙන ආ ත්‍යාගය අනුමත කරන්නාක් මෙනි. “එයා ඒ අඬන්නෙ සතුටට පුතේ” මවගේ වදනින් මා ලද අස්වැසිල්ල දන්නේ මා පමණි. “මෙයාගෙ තාත්තා නැති වුනාට පස්සෙ කොච්චරවත් බෝනික්කො ගෙනත් දෙන්න ඇහුවත් කියන්නෙ එයා ආස නෑ කියලා. එයා අද වෙනකන් හිටියෙ ආයෙමත් බෝනික්කො ගේන්නෙ නැහැ කියන අදහසින්” මව නැවතත් හඬ අවධි කළාය. ඇය නැවත අප ඉදිරියට පැමිණියා ය. සැලුනු කඳුළු තවමත් එලෙසම ය. නමුත් දැන් මුවග ඇත්තේ යම් කිසි දෙයක් සපුරාගත් අන්දමේ සිනාවකි. සාමාන්‍යයෙන් ඇය මගෙන් ප්‍රාර්ථනා කරන දේ කුමක්දැයි වටහාගැනීම ඉතා දුෂ්කර ය. එය කිසි විටෙකත් මුවින් නොඉල්ලනී ය. වටහා ගැනීමට ප්‍රමාණවත් ඉඟි ලබා දීම පමණක් ඇය කරයි. පිය සෙනෙහසට සම කළ හැකි කිසිවක් ලොව නැත. නමුත් යුවතියක් පති කුලයට ගිය විට ඇය එතෙක් ලැබූ පිය සෙනෙහස කාගෙන් ලබන්නද? එය යම් තරමින් හෝ ඉටු කිරීමට මා සමත් වූවා සේ හැඟුනි. ඇගේ වචන වලින් එය මට තහවුරු විය. [SIZE=5] “දැන් නව දෙනයි. ඉස්සරහට කාමරේ ඉඩ මදි වෙයි” මදෙස ආදර බර බැල්මක් හෙලූ ඇය පැවසීය. [/SIZE][/COLOR][/SIZE][/FONT][FONT=Arial][SIZE=1][COLOR=Gray]නිමි෴ සත්‍ය සිදුවීමක් ඇසුරිනි. - ඉසුරු ප්‍රේමරත්න මෙම කතාව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පළ කෙරෙන "Open Quarterly" සඟරාවේ දෙවන වෙළුමේ පළවූවකි. හිමිකම කතෘ සතුය.[/COLOR][/SIZE][/FONT] [/FONT][/COLOR][COLOR=#1D2129][FONT=helvetica][COLOR=#90949C][FONT=Arial][SIZE=1][COLOR=Gray] [/COLOR][/SIZE][/FONT] [/COLOR][/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom