නස්රුදින්ගේ කතා - කියනකොට එහෙමයි - කරනකොට ම&am
වැස්ස හෝ ගාලා වහිනවා. අගා අකිල් හෙවණකට දුවන්න ගත්තා.
මිනිහ තමයි මුළු නගරෙම උන්නු බොරු උපාසකයා.
"පෙනේද මේ මිනිහ දෙවියන්ගේ සීමාවෙන් දුවන හැටි. වැස්ස කියන්නෙ දෙවියන් ගෙන් එන ආශිර්වදයක්. ඒක දෙවියන් විසින් මවන ලද හැම දේටම දෙවියන් එවන ආශිර්වදය. උඹ වගේ දෙවියන්ට කැප වුණු මිහිහෙක් මේ දේව ජලය ඇගේ ගෑවෙනවට බයෙන් ඔහොම දුවන කොට දෙවියන් වහන්සෙට හොමව හිතෙයිද?" නස්රුදින් ඈත තියාදිම කෑ ගැහුවා.
අගා අකිල්ට තමන්ගෙ උපාසක කම රැක ගන්න ඕනෑ වුණා. "ෂා! මං ඒ විදියට කල්පනා කළේ නෑ නෙ" කියල තමන්ටම කියා ගත් අගා හෙමින් හෙමින් වැස්සේ තෙමෙමින් යන්න ගියා. අන්තිමේදී හෙම්බිරිස්සාවකුත් හැදුණා.
පස්සෙන් දා මිනිහට හොදටම උණ. මිනිහ මුළු ඇගම පොරෝණයකින් වහගෙන ජනේලයෙන් පාර බලන් උන්නා.
එදාත් වැස්ස! මෙන්න නස්රුදින් වැසි පොද අතරින් මහ හයියෙන් දුවනවා. "ඇයි, තමුසෙ ඔය දේවශිර්වාදය පිළිගන්නෙ නැතුව ඔහොම දුවන්නෙ? පෙනේද මේ මිනිහ දෙවියන්ට අපහාස කරන හැටි" අගාත් ආපිට කිව්වා.
"ආ! ඒක උඹට තේරිලා නෑ. මේ දේව ජලය මගෙ දෙපා වලින් අපිරිසිදු වෙනවට මම කැමති නෑ" යි, කී නස්රුදින් නො නැවතීම දිව්වා.

Last edited: