නාකි~පූසි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තරුණ යුවලක්, බැඳල වැඩි කාලයක් නැහැ. තවම ළමා ලපටිත් නැති නිසා ගෙදර සුරතලුන් දෙන්නෙක්ම ඇති කළා. ලස්සන මාල ගිරවෙකුය්, සෑහෙන්න වයසක පුසියෙකුය්.

    මේ දෙන්නට එක සති අන්ත සෙනසුරාදාවක සැන්දෑ කාලේ මිතුරු නිවසක උපන් දින සාදෙකට ඇරයුමක් ලැබිල තිබුන. ඉතින් පිටත් වෙන්න ලෑස්ති වෙලා, ගිරා කූඩුව ආරක්ෂාවටත් එක්ක රෙද්දකින් වහල, නාකි පුසිවත් ගෙයින් එලියට දැම්ම. මොකද මේ පූසි කොය් වෙලාවෙත් ට්‍රය්, ගිරවට වැඩේ දෙන්න. ගෙදර කව්රුත් නැති බව නොපෙනෙන්න, ගේ ඇතුලේ ලයිට් කීපෙකුත් පත්තු කරලා දැම්ම.

    හන්දියෙ ත්‍රී වීල් බුවෙකුට එන්න කියල තිබුනෙ, හයර් එක යන්න. පොරත් වෙලාවට ආව. දෙන්න ගෙයින් එලියට බැහැල දොර වහනකොටම, හොර පූසි ආයෙමත් ගෙට රිංගුව. නෝන නැග්ග ත්‍රී වීල් එකට, මහත්තය ආයෙමත් ගෙට ගියා, පුසිව අල්ලලා එලියට දාන්න. දැන් නෝන ත්‍රී වීල් එකේ වාඩි වෙලා ඉන්නවා මහත්තය එනකම්, ඩ්‍රයිවර් බුවා දන් නැහැනෙ මෙතන සීන් කෝන් එක, පොර බලනව නෝනගෙ මුණ දිහා කුතුහලෙන්. ත්‍රී වීල් කාරයොත් විස්වාස කොරන්න පුළුවන් කස්ටියක් නෙමේ කියල නෝනත් දන්නව. (ත්‍රී වීල් මල්ලිල ගැන ඕනෙ නං ඇන්ඩගෙන් දැන ගත්තැකි, ගොඩයත් සෑහෙන්න දන්නව) නෝනට ඕනෙ වුනා, ගෙදර රාත්‍රි කාලයෙ කව්රු හරි ඉන්නව කියල, ත්‍රී වීල් ඩ්‍රයිවර්ට පෙන්නුම් කොරන්න. එහෙම හිතල ඉන්න ගමන් ප්‍රකාශයක් නිකුත් කළා,”අපේ අම්ම ගමේ ඉඳල ඇවිල්ල ඉන්නව අද, මහත්තයට අමතක වෙලා අපේ අම්මට කියල එන්න, අපි පාටියකට යනව කියල, ඒකය් එයා ආපහු ගෙට ගියෙ. මහත්තය හරිම ආදරෙය් අපේ අම්මට”.

    විනාඩි පහකට විතර පස්සෙ, මහත්තය හති දාගෙන දුවගෙන ඇවිල්ල වාහනේට නැග්ග. ඩ්‍රයිවර් උන්නැහෙත් අර මොකද්ද එක ඇදල, වාහනේ ඉස්ටාර්ට් කොරල දැම්ම පාරට. මහත්තය ඒ අතරෙ කියනව නෝනට, “මන් ගේ පුරාම හොයල නාකිච්චිව හොයාගත්තෙ, ඒකි උඩ තට්ටුවට නැගල අපේ ඇඳ යට හැංගිලා ඔය චුට්ටට, මං කොස්සෙන් ගහල, ගහල, අමාරුවෙන් ඇදල අරන්, බෙල්ලෙන් උස්සන් ගිහින්, පිළිකන්නෙන් එලියට දැම්ම. වැඩේ තියෙන්නෙ ගිය වතාවෙ වගේ ආයෙත් එළවලු පාත්ති ටික හාරල, හැම තැනම කැත කරය්ද දන්නැහැ”

    ඉන්පසු ත්‍රී වීල් රථය තුල කෑලි කැපිය හැකි නිහැඬියාවක් රජයන්නට විය.