බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩියේ නාගදීපයට ය. එය සිදුවූයේ බුද්ධත්වයෙන් වසර 5 කට පසුව එළඹුන එක් බක් මස අමාවක පොහොය දිනකදී ය. මේ වනවිට අප මහා ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තුංග සම්බුද්ධත්ව මහා මංගල්යරය සිදුවී වසර 2600 ක් ගතවී ඇත. එසේ නම් වර්තමානය වනවිට දෙවන ලංකාගමනය සිදුවී වසර 2595 ක් ගතවී තිබේ. ඉතින් ඉතා දීර්ඝ ඉතිහාසයක් මහා කාල පාශයකින් වැසී යාමේදී යම් සිදුවීමක් ඉතා නිවැරැදි ලෙස නිරවුල් කර ගැනීම ඉමහත් වූ අපහසු කාර්යයකි. ඒනිසා වංශ කතාවන්හි සටහන්, ඉතිහාසය විසින් රැගෙන ආ තොරතුරු, ජනශ්රැවති ඔස්සේ යම් නිරවුල් තැනකට එළඹීමට අපි උත්සාහ කරමු.
සම්බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව ත්රිීපිටකයේ සඳහන් නොවෙතත් ඉතා පැරැණි වංශ කතා වූ දීප වංශය, මහා වංශය සහ සමන්තපාසාදිකාව වැනි ග්රතන්ථයන්හි ඒ පිළිබඳ විස්තර සටහන් කර තිබේ.
ඒවාට අනුව බුදුන් වහන්සේ වැඩිය බව සඳහන් වන නාගදීපය නිශ්චිත එක් ස්ථානයක් නොවන බවත් එ දවස නාගදීපය යනු උතුරු ප්රනදේශයට අයත් වන වපසරියක් බවත් වියතුන් බහුතරයකගේ මතය වී තිබේ.
1936 වසරේදී හමුවූ ‘වල්ලිපුරම් රන් තහඩු ලිපිය’ මෙය සනාථ කළ හැකි සාක්ෂි යක් ඉතිරි කර තබා තිබේ. බ්රා හ්මී අක්ෂලරයෙන් ලියැවී ඇති එහි සිංහල අරුත වන්නේ ‘ යහපතක් වේවා, වසභ මහ රජුගේ රාජ්යා කාලයෙහි ඉසගිරි නම් ඇමැති නාගදීපය පාලනය කරමින් බඳකරඅතන නම් ගමෙහි පියංගුක තිස්ස විහාරය කරවන ලදී’ යන්නය. මෙය ලියා ඇත්තේ වසභ රජුගේ කාලයේ ය. (ක්රි . ව. 67 – 111) මේ පිළිබඳව ‘ නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය’ නමැති ග්ර න්ථයේ පුරාවිද්යා් චක්රබවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ මෙසේ පවසති.
“යාපනය එදා හඳුන්වා ඇත්තේ ‘නකදිව‘ හෙවත් ‘නාගදීපය’ යනුවෙනි. මෙය අඩු තරමේ අලිමංකඩත් උතුරට ඇති මුළු මහත් ප්රතදේශයම හැඳීන්වූ පොදු නාමය විය යුතුය. මුලින් දක්වා ඇති පරිදි අද නාගදීප යනුවෙන් හඳුනා ගන්නේ දිගටි කුඩා බිම් තීරයකි. මෙය මුහුදෙන් වටවූ කුඩා දූපතකි. මේ දූපත ‘ නයිනතිව්’ යනුවෙන් හැඳින්වේ. එහෙත් පුරාතන නාගදීපය එය පමණක් නොවන බව පැවසෙයි.
වංශකතාවල සඳහන් වන පරිදි නාගදීපයට බුදුන් වහන්සේ පැමිණියේ නාග ගෝත්රි කයන් වූ මහෝදර මාමත් චූලෝදර බෑණාත් යන ඥාති නා රජුන් අතර, මිණි පළඟක් නිසා හටගන්නට ගිය සංග්රා්මය නවතාලීමේ අරමුණෙනි. යුද්ධයට සැරැසී සිටි තැන අහසෙහි වැඩ සිටි බුදුන් වහන්සේ ධර්මය දේශනා කළහ. සමඟි වූ නාග ගෝත්රිනකයෝ යුද්ධයට නිමිත්ත වූ මිණි පළඟ බුදුන් වහන්සේ වෙතට පූජා කළහ. බුදුන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාම භූමියේ වූ කිරිපලු රුකට අරක් ගත් සමිද්ධි සුමන නම් වෘක්ෂ දේවතාවා ද මේ සාම සංචාරයට එකතුවී බුදුන් වහන්සේ වඩින විට ජේතවනාරාම පොළොවෙන් උදුරාගත් එම වෘක්ෂය සේසතක් මෙන් ඉහළා ගෙන පැමිණියේ ය.
බුදුන් වහන්සේ වෙත පූජා කළ මිණි පළඟ ද කිරිපලු රුක ද උන්වහන්සේ නැවත නා රජවරුන් වෙතටම තිළිණ කරමින් මෙසේ වදාළ සේක. “නාග රාජයෙණි! මාගේ පාරිභෝගික චෛත්යටය වඳිවු. නාගයනි ! එය තොපට වැඩ පිණිස ද සැප පිණිස ද වන්නේය.” සංග්රාගමයට සූදානම් වූ එම භූමියෙහිම කිරිපලු රුක පිහිටුවා මිණි පළඟ ද තබා නා රජවරුන් විසින් සෑයක් කළ බවත් එය කිරිපලු සෑය නොහොත් රාජායතන චෛත්යිය ලෙසින් ප්ර කට වූ බව ද කියවෙයි. මේ ‘රාජායතන චෛත්යූය’ ස්ථීර වශයෙන්ම පිහිටියා වූ තැන කොතැනදැයි යන ප්රරශ්නයට නිශ්චිත පිළිතුර තවමත් සොයාගෙන නොමැත.
පලාලී සිට කන්කසන්තුරේ මාර්ගයේ ගමන් කර යාපනයේ කදුරුගොඩ විහාරයට පැමිණිය හැක. මෙහි පාදාගෙන ඇති ස්තූප විස්සක් පමණ වේ. මෙහිදී හමුවූ පාත්රාය කැබැල්ලක ක්රි.. පූර්ව දෙවන සියවසට අයත් බ්රාතහ්මී අක්ෂමර සටහන් තිබෙන බව කියැවේ. දෙවැනි අග්බෝ රජතුමා (ක්රි’. ව. 64 – 614) නාග දිවයිනෙහි රාජායතන ධාතු ගෘහය කරවූ බව වංශ කතාවල දැක්වේ. මෙතැනදී පුරාවස්තු රාශියක් ද හමුවී ඇති නිසා එම භූමිය රාජායතන චෛත්ය් බව තිබූ ස්ථානය වියැ හැකි බව ඇතැමෙක් අනුමාන කරති.
ඒ කෙසේ වෙතත් අද අප වැඳුම් පිදුම් කරන නාගදීපය නමින් හඳුන්වන්නේ නයිනතිව් නැමැති දූපතින් වටවූ පුද බිමට ය. අද ලක්ෂන සංඛ්යාඳත වූ බහුතර බෞද්ධ ජනතාව බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිහිපත් කරන්නේ මේ පුද බිමේ සිටය.
1505 පෘතුගීසි ආක්රේමණයන්හිදී මෙහි තිබූ විහාරස්ථානය විනාශ වූ බවත් ඉන්පසු නාමශේෂව තිබූ මෙතැන 1930 වසරේදී චෛත්යනයක් ගොඩ නැගූ® බවත් සඳහන් වේ. කාලාන්තරයක් මිනිස් සන්තානයේ කා වැදුණු විශ්වාසයන් ද මුලින් උපුටා උදුරා දැමිය නොහැක. ධාතු ගර්භයක පූජා වස්තූන් සේ එය හද ගැබෙහි නිධන්ගතවීම නොවැළැක්විය හැකිය.
නා රජුන්ගේ යුද උණුසුම තුරන් කිරීමට බුදුන් වහන්සේ අහසේ ඵලක් බැඳ වැඩ හිඳිමින් ප්ර ථමයෙන් මහා අන්ධකාරයක් මැවූ බවත් ඉන් සටන්කාමීන් බියට පත්වූ බවත් කියැවෙයි. දෙවැනුව එම බිය තුරන් කිරීමට මහා ආලෝක කදම්භයක් විහිදුවාලීය. කෝපාවිෂ්ඨ අඳුරු පටලය ඉරා දැමූ ඒ අරුණාලෝකයට මුළු උතුරුකරයම ආලෝකවත් වූවා නොඅනුමානය.
එසේ නම් අප සැමට, ඒ අසමසම බුද්ධ රශ්මියේ උණුසුමෙන් ප්ර්භාස්වර වූ බිමෙක කොතැන සිට හෝ නමස්කාර කළත් අප මහා බුදු පියාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිහිපත් කර සිත් සතන් පිවිතුරු කර ගත හැකිය.
Credit goes to (Aape Urumee.අපේ උරැමේ)
Repostනම් සොරි
හොඳනම් සලකල යන්න..........
Last edited:



