"නාගදීප" නම පාසල් පෙළපොතෙන් ඉවතට

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
"නාගදීප" නම පාසල් පෙළපොතෙන් ඉවතට

12376092_10153854333031934_2143412270964340547_n.jpg


"නාගදීප" නම පාසල් පෙළපොතෙන් ඉවත් කරයි. මෙසේ කර ඇත්තේ 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොතෙනි. 2016 පෙළපොත් වල මුද්‍රණය වන්නේ "නයිනතිව්" නැමැති දෙමළ නමයි.

"මහියංගනං නාගදීපං කල්‍යාණං පදලාංඡනං" නැමැති ගාඨාවෙන්ද, මහාවංසයෙන්ද නාගදීප නමේ ඉතිහාසය තහවුරුව තිබුණි. එහෙත් පසුකාලීනව භාවිතා වුණ දෙමළ නම වන "නයිනතිව්" යොදාගැනීමමගින් ඉහත සිංහල මූලාශ්‍ර රජය විසින් ප්‍රතික්ෂේප කළා වෙයි.

දෙමළ ඩයස්පෝරාව සහ දෙමළ සංධනය මීට මාස කිහිපයකට පෙර සිටම ඉල්ලා සිටියේ නාගදීන නම වෙනස් කිරීමටය. එය දැන් ඉටු වී තිබේ. ඉදිරියේදී අපට "නයිනතිව්" විහාරය ලෙසද නාගදීප විහාරය හැඳින්වීමට සිදුවෙනු ඇත. සිංහලයාගේ ඉතිහාසය රටේ අනාගත පරපුරට අහිමි වෙයි.

 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බොරු වෙන්න ඇති ..

රනිල්,my3 කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ කියලා තමයි හිතන් ඉන්නේ
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
බොරු වෙන්න ඇති ..

රනිල්,my3 කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ කියලා තමයි හිතන් ඉන්නේ

චම්පිකයි රතන හාමුදුරුවොයි වෙල් විදානෙයි ඉන්නව... :)
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
චම්පිකයි රතන හාමුදුරුවොයි වෙල් විදානෙයි ඉන්නව... :)

ඔව් ඒ උත්තමයෝ ඉන්නකම් ඕවා වෙන්නේ නැහැ :)

චම්පික කියන්නේ 2020 ජනාදිපති :dull: (පච රණවක හිතන් ඉන්නේ එහෙම )
 
  • Like
Reactions: cybernalin

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අධ්‍යාපනයේ බොදු ලකුණ මකාදැමීමේ මෙහෙයුම

    * ඉතිහාසය හා ජාතික වීරයන් පාසල් පොතෙන් ඉවතට
    * බෞද්ධ භික්‌ෂූන් යනු බුද්ධ හමුදාව නොවේ...
    * ඡේ. ආර්. ජනාධිපතිද සාහිත්‍යය හෙළා දුටුවේය...

    වසර දෙදහසකට අධික කාලයක්‌ තිස්‌සේ ශ්‍රී ලාංකේය ජනතාවගේ යහපත් සිතුම් පැතුම් හා ඇවතුම් පැවතුම් හැඩ සැකසුණේත්, දේශයේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණේත් බුදුදහම පදනම් කරගෙනයි. අද ශ්‍රී ලංකාවේ ඉතිහාසය නමින් හැදෑරීමට තිබෙන්නේ ඒ පිළිබඳ කතා පුවත යි. ජාතික වීරවරයන් ලෙස සමරන්නේ අපේ ශිෂ්ටාචාරය ගොඩනැඟêමට හා මාතෘභූමියේ ආරක්‍ෂාවට හා අභිවෘද්ධියට දිවි හිමියෙන් ඇප කැප වූ අපේ මුතුන් මිත්තන් පිරිස යි. යසගොස මුත්තන්ගේ එළියකි මුණුබුරන් හට යනුවෙන් කියමනක්‌ තිබේ. ඒ නිසා අපේ ජාතියේ ආධ්‍යාත්මය වූ බුදුදහමත් ඉතිහාසයත් හැදෑරීමට අපේ දරු දැරියන්ට පාසල් තුළ ඉඩ සලසා තිබේ. එහෙත් පාසල් අධ්‍යාපනය හා බැඳුණ බොදු ලකුණ මකා දැමීමේ සැලසුමක්‌ වත්මන් යහපාලන රජය යටතේ දියත් කරන්නට පිඹුරුපත් සැකසෙමින් පවතියි. එය සිදුවන්නේ පාසල් විෂයමාලා සංශෝධන තුළිනි. ඒ අනුව බුද්ධ ධර්මය අනෙකුත් ආගම් සමග බද්ධ කොට සර්වාගමික විෂයයක්‌ ලෙස පාසල් පොතට ඇතුළු කෙරේ. ඉතිහාසය හා ජාතික වීරවරයන්ගේ චරිත කථා ඉවත් කෙරේ. ඒ කටයුත්තට මැදිහත්ව සිටින්නේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලයයි. එහි අධ්‍යක්‍ෂ ජනරාල් 2015 දෙසැ. 15 දිවයින පුවත්පතට දුන් සාකච්ඡාවෙන් පැහැදිලි වෙයි.

    ඈත අතීතයේ පටන් අපේ රටේ පැවතුණේ බෞද්ධ සාරධර්ම හා ආකල්ප ජීවිතයට බද්ධ කර ගනිමින් විවිධ විෂය ක්‍ෂේත්‍රයන් ගැන දැනුම ලබා ගැනීමේ අධ්‍යාපනයේ ක්‍රමයකි. ඒ අනුව පුද්ගලයකුගේ දැනුම ඉස්‌මතු වුණේ ඔහුගේ යහපත් හැසිරීම් රටාවෙනි. මිනිසුන්ට, සතුන්ට පමණක්‌ නොව ගස්‌වැල්, ජලය වාතය ආදියෙන් සැදුණු පරිසරයට ආදරය කරන සමාජයක්‌ බිහිවුණේ බෞද්ධ ඉගැන්වීම්වල බලපෑමෙනි. පිළිමයක්‌ නෙළන, සිතුවමක්‌ අඳින කලාකරුවාගේ කායික හා මානසික සංයමය, සමබරතාවය හා තෘප්තිය ලැබුණේ බෞද්ධ අධ්‍යාපනයෙනි. සියලු ජාතීන්ට සමගියෙන් එක්‌ව කටයුතු කරන හා ජීවත්වන පරිසරයක්‌ මෙරට තිබෙන්නේ බුදුදහම පදනම් කරගත් සංස්‌කෘතියක්‌ සමාජයක්‌ පවතින බැවිනි. එහෙත් ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහු ආගමික රටක්‌ නොවේ.

    බෞද්ධ අධ්‍යාපනය විනාශ කිරීම ඇරඹුණේ අපේ මව්බිමේ ආගමික සහ දේශපාලන අරමුණු කරගත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගේ ක්‍රියාදාමයන් හේතුවෙනි. යටත් විජිතවල මිෂනාරි පාසල් ඇරඹීම ඒ සඳහා ක්‍රියාත්මක මෙහෙයුම යි. අපේ යටත් විජිතයන්හි මිනිසුන්ගේ හමේ පාට, රුධිරයේ වර්ණය කෙසේ වුවත් කමක්‌ නැත. අපට වුවමනා කරන්නේ අපේ සිතුම් පැතුම්වලට ගැළපෙන පිරිසක්‌ හදා ගැනීම යන්න ලෝඩ් මැකොලේ බ්‍රිතාන්‍ය පාලකයන්ට දුන් අධ්‍යාපන දර්ශනයයි. 1834 වසරේ දී ලංකාවේ පාසල් කොමිසම ක්‍රිස්‌තියානි පූජකවරයකුට පැවරුන අතර කොමිසමෙන් බෞද්ධ අධ්‍යාපන ආයතනවලට බාධක පැනවුණි. 1920 වසර දක්‌වා පාසල්වල ඉගැන්වූයේ බ්‍රිතාන්‍ය ඉතිහාසය යි. දෙමළ ජාතිකයෝ ලංකා ඉතිහාසය ඉගැන්වීමට විරුද්ධ වූහ. රටේ අවුරුදු දහස්‌ ගණනක අඛණ්‌ඩ ආධිපත්‍යයක්‌ පිළිබඳ තමන්ට පමණක්‌ උදම්විය හැකි සිංහලයන් හා සලකා බලන විට ලංකා ඉතිහාසය ඉගැන්වීමෙන් අප (දෙමළ ජනයා) සහ අපගේ යටගියාව හෑල්ලුවට පත්වෙයි. එය අපට අවමානයකි. ඒ. නැතෑනියල්? (1931 ඔක්‌තෝබර් 09 මෝනිං ස්‌ටාර් පත්‍රය)

    ලංකා ඉතිහාසය යනු බෞද්ධ ඉතිහාසය යි. ඒ නිසා මිෂනාරි පාසල්වලින් ඉතිහාසය විෂය ඉවත් කෙරුණි. කිසියම් ආගමකට අයත් සිසුන්ගේ සංඛ්‍යාව පහලොවකට වැඩි නම් එම පාසලේ සිසුන්ට ඔවුන්ගේ දෙමව්පියන් අදහන ආගම ඉගැන්විය යුතු යෑයි බෞද්ධයන් කළ උද්ඝෝෂණය නිසා යටත්විජිත භාර ලේකම්වරයා 1945 දෙසැම්බර් මස එය නීතියක්‌ ලෙස අනුමත කළේය. එහෙත් ක්‍රිස්‌තියානි පාසල්වල ප්‍රධානීහු එයට අකැමැති වූහ. එම නීතියෙන් ගැළවීමට ඔවුන් කළේ බුදුදහම වෙනුවට සදාචාරය නමින් විෂයයක්‌ හඳුන්වා දී ඒ යටතේ බයිබලයේ කරුණු බෞද්ධ දරුවන්ට ඉගැන්වීමයි. කිතුනුවකු වූ අධ්‍යාපන අධ්‍යක්‍ෂ හවුස්‌ අධ්‍යාපනයේ බොදු මුහුණුවර වැනසීමේ උපායක්‌ ලෙස ආගම ඉගැන්වීම පිළිබඳ තීරණ ගැනීමේ බලය පාසල් ප්‍රධානීන්ට පැවරුවේය. ඔහු එසේ කළේ බොදු දරුවන් බහුතරයක්‌ සිටින පාසල්වලට ක්‍රිස්‌තියානි විදුහල්පතිවරු පත් කරමිනි.

    අපේ රටේ ජාතික අධ්‍යාපනය යනු බෞද්ධ අධ්‍යාපනයම විය. යටත් විජිත යුගයේ ජාතියෙන් ගිලිහෙමින් පැවැති අධ්‍යාපනය නැවතත් දේශීය මුහුණුවරකට නැඹුරු වුණේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා හඳුන්වා දුන් නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය හේතුවෙනි. සිංහල භාෂාවෙන් උසස්‌ අධ්‍යාපනය ලබන්නට ගම්බද දරුවන්ට වාසනාව උදාවිය. ඉංග්‍රීසි මාධ්‍ය අහෝසි කිරීම නිසා බරපතල හානියක්‌ සිදුවුණා යෑයි කියන පිරිසක්‌ චෝදනා කළත් මව් බසින් ඉගෙනීමට ඉඩ ලැබීම නිසා සිදු වූ යහපත එයට වඩා විශාලය. එම අවස්‌ථා දෙමළ දරුවන්ට ද ලැබුණි.

    විෙද්‍යාaදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කෙරුණේ බෞද්ධ අධ්‍යාපනය තවදුරටත් තහවුරු කිරීමේ අදහසිනි. එහෙත් අද වන විට විදුදය හා විදුලකර සරසවිවල නම් ගලවා ඇත. විෙද්‍යාaදය විශ්වවිද්‍යාලය ආරම්භයේදී බෞද්ධ සංස්‌කෘතිය අනිවාර්ය විෂයයකි. එය අහෝසි කර ඇත. කලින් කලට කුමන්ත්‍රණකාරී ලෙස විෙද්‍යාaදය (ජයවර්ධන පුර) සරසවියෙන් බෞද්ධ විෂය ධාරාවන් කප්පාදු කෙරෙමින් පවතියි. කැම්පස්‌ කෲෂේඩ් ව්‍යාපාරය සරසවි සිසුන් ක්‍රිස්‌තියානියට හැරවීමේ යෙදී සිටියි. ඡේසුතුමා පිළිබඳ චිත්‍රපට පෙන්වමින් ක්‍රිස්‌තියානි පොත් පත් බෙදමින් ක්‍රිස්‌තියානිකරණයේ යෙදුණ කථිකාචාර්යවරියකට එරෙහිව 2004 නොවැම්බර් මස ජපුර සරසවි සිසුහු උද්ඝෝෂණයක්‌ ද කළහ.

    සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ක්‍රිස්‌තියානි ආයතනවල විරෝධතා නොසලකා පාසල් රජයට පවරා ගැනීම පාසල් අධ්‍යාපනය දේශීය මුහුණුවරකට පත්කිSමට ගත් අභීත පියවරකි. නමුත් බණ්‌ඩාරනායක එතුමියගේ 1970 සමගි පෙරමුණු රජයේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බද්යුද්දීන් මහමුද් ඉතිහාසය හා සාහිත්‍යය විෂයයන් පාසලෙන් ඉවත් කළේය. ඔහුගේ ක්‍රියාවෙහි නපුරු ප්‍රතිඵල අදත් අපි අත්විඳිමින් සිටිමු. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද සාහිත්‍යය හෙළා දුටුවේ ජීවන රටාවට වුවමනා නැතැයි හුවා දක්‌වමිනි. සාහිත්‍යය ඉගැන්වීම යනු රස වින්දනය හා භාෂා ඥානය ලබාදීම පමණක්‌ නොව දරුවන්ගේ ජීවිතවලට යහපත්ව ගොඩනැඟෙන්නට මාවතකි. මේ සියල්ල සිදු වුණේ උතුරේ දෙමළ දරුවන්ට ලංකා ඉතිහාස විකෘති කර උගන්වන පසුබිමක්‌ තුළය. වි. ජ. මු. ලොකු බණ්‌ඩාර මහතා සාහිත්‍ය පොත්පත් පාසල තුළට ගන්නට දැරූ වෙහෙස ගැන පැසසිය යුතුය. බහුතරයක්‌ බෞද්ධයන් වන අපේ පාසල් දරුවන්ගෙන් බුද්ධාගම ඈත්කරවීමේ තවත් ප්‍රයත්නයක්‌ එළි දුටුවේ අසූව දසකයේ රනිල් වික්‍රමසිංහ ඇමැතිවරයාගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව මගිනි. ආගම විෂය පාසලින් ඉවත් කොට පූජනීය ස්‌ථානවලින් ආගම හදාරා පාසලට ඉදිරිපත් කෙරෙන ව්‍යාපෘති වාර්තාවකට ලකුණු ලබාදෙන ක්‍රමයක්‌ එයින් යෝජනා කර තිබුණි. බුද්ධ ධර්මය පාසල් පොත්වල අන්තර්ගතය විකෘති කෙරෙන සැලසුම් ද වරින් වර දියත්ව ඇත. 1998 ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ නිකුත් කෙරුණු බුද්ධ ධර්මය ගුරු උපදෙස්‌ පොතක සත්ත්ව ගොවිපළක්‌ පවත්වාගෙන යැමට දැනුම ලබාදෙන බහුවිෂයික පැවරුමක්‌ තිබුණි. එය සත්ත්ව ඝාතන චුන්දසූකරිකයන් බිහි කරන පැවරුමකි. ඒ අතර, සායි බාබා ඇදහිල්ල බුද්ධ ධර්මය පෙළ පොතට ඇතුළත් කිරීමට ද ඔහුගේ අනුගාමික අධ්‍යාපන ඇමැති කෙනෙක්‌ වෙර දැරුවේය.

    චන්ද්‍රිකා බණ්‌ඩාරනායක පාලන සමයේ රාජ්‍ය නොවන සංවිධාන සහ සාමය වෙනුවෙන් පෙනීසිටි ආචාර්යවරු පිරිසක්‌ පාසල් පෙළ පොත් සකස්‌ කිරීම සඳහා නිර්දේශයක්‌ ඉදිරිපත් කර තිබුණි. සිංහල බෞද්ධ වෙනුවට බෞද්ධ යන වචනය බුද්ධ ධර්මය පොත්වලට යෙදිය යුතුය. අනගාරික ධර්මපාලතුමාගේ ජීවන චරිතය ජාතික සමගියට බාධාවකි. එය පෙළ පොත්වලින් ඉවත් කළ යුතුය. අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන්ගේ නමට මුලින් දෙමළ යනුවෙන් යෙදිය යුතුය. ලක්‌දිව රජවරු වෙහෙර විහාර සෑදූ බව කීමෙන් අන්‍යාගමික හා අන්‍ය ජාතික ළමුන්ගේ සිත් පෑරෙන නිසා එවැනි යෙදුම් ඉවත් කළ යුතුය. ලෝකය දෙවියකු විසින් මවන ලද්දක්‌ නොවේ යන මාතෘකාව සාකච්ඡා නොකොට බුද්ධ ධර්මය පොතෙන් ඉවත් කළ යුතු බව එම නිර්දේශවල දැක්‌වෙයි. ඉතා අප්‍රකට වූ එම වාර්තාව අනුව 2000 වසරේ 9 ශ්‍රේණියට නිකුත් කළ සිංහල පොතෙන් අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ඉවත් කෙරුණි. සිංහල දරුවන් තුළ පමණක්‌ ජාතිකාභිමානය වැඩීම සුදුසු නැත යන අදහසින් එස්‌. මහින්ද හිමියන්ගේ ලංකා මාතා කවි පෙළ පාසල් පොත්වලින් ඉවත් විය. බෞද්ධ සංස්‌කෘතික උරුමයන් ගැන කියෑවෙන මහගමසේකර මහතාගේ ප්‍රාර්ථනා ගීතය ද පාසල් පොතෙන් ගිලිහුණි. මේ ඒ සම්බන්ධයෙන් මතුවුණු විරෝධය නිසා 9 වසර පාසල් පොත නැවත සකස්‌ කිරීමට සිදුවුණි. උසස්‌ පෙළ විෂය වර්ගීකරණය මගින් බෞද්ධ ශිෂ්ටාචාරය හා බුද්ධ ධර්මය විෂයයන් කප්පාදු කිරීමක්‌ ද සිදු කර ඇත.

    රජයේ පාසල් වැසී යැමට සලස්‌වා සියලු සම්පත් සමග ඒවා මුල් අයිතිකාර අබෞද්ධ ආයතනවලට පැවරීමේ හා ආගමික නාමකරණයක්‌ ද තිබේ. ඒ සඳහා නිදසුන් රාශියකි. ඒ අතර, සම අවස්‌ථා පනත පාර්ලිමේන්තුවට ගෙන ආවේ ආනන්ද, ධර්මරාජ, විශාඛා වැනි බෞද්ධ පාසල්වල අනන්‍යතාව නැති කිරීමේ අරමුණෙනි. බණ්‌ඩාරනායක මහතාගේ රජය යටතේ භික්‌ෂූන් ගුරු සේවයට බඳවා ගැනීම, භික්‌ෂූන්ට යළිත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තැනක්‌ ලබාදීම සඳහා කෙරුණු විප්ලවයකි. ඒ ගැන පුද්ගල බද්ධ විවේචන තිබුණත් භික්‌ෂූන්ගෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සිදුවන්නේ වැදගත් සේවාවකි. 2013 වසරේ බුද්ධ ධර්මය විෂයයට 7000 ක පමණ ගුරු පුරප්පාඩුවක්‌ තිබුණි. බෞද්ධ ධර්මචාර්ය විභාගය සමතුන් ගුරු සේවයට බඳවා ගන්නට පසුගිය රජය පියවර ගත්තේ ශාසනාරක්‍ෂක මණ්‌ඩලයන්හි ඉල්ලීම අනුවයි. නමුත් රජයේ නිලධාරීන් ඔවුන් ගුරු සහායකයන් ලෙස නම් කිරීම නිසා ඇතැමුන් විවිධ විෂයභාර ගුරු භවතුන්ට ලිපි ලේඛන සකසා දෙන, රටහුණු සපයන, කළුලෑලි මකන පිරිසක්‌ බවට පත්කර ගෙන ඇති බව වාර්තා වෙයි.

    වෙළෙඳ සමාගම් පනත යටතේ ලියාපදිංචි කෙරුණ ජාත්‍යන්තර පාසල් බොහොමයක ආගම හා ඉතිහාසය විෂය නොමැති නිසා දරුවාගේ මවු බස, ආගම හා ලංකා ඉතිහාසය ඉගැන්වීමට පසුගිය ආණ්‌ඩුවෙන් නියම කෙරුණි. එය නිසි ලෙස ක්‍රියාත්මක වේ යෑයි කිව නොහැක. ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කොමිසම සැරසෙන්නේ යටත් විජිත යුගයේ සිට ඉතිහාසය පුරා පාලකයන් යත්න දැරූ පරිදි, ජාතික සංහිඳියාව නමැති මායාවකට මුවා වී, අපේ දරු දැරියන්ගේ සිත් සතන්වලින් ජාතිකාභිමානය, බොදු හැදියාව මකා දැමීමටයි. කොමිසමේ මූලිකයන් කියන පරිදි වීරයෙක්‌ හදන කොට සතුරෙක්‌ සෑදෙයි. අපි කාගෙන් හරි ඇහුවොත් දුටුගැමුණු කියල කියනවා. අපි කවුරුවත් රජතුමා හෝ එතුමාගේ ක්‍රියාවන් දැකලා නෑ. නීල් ආම්ස්‌ට්‍රොaන් මෑත ඉතිහාසයේ හඳට ගියා. නමුත් ඔහු වීරයෙක්‌ හැටියට අපි දකින්නේ නෑ. බහුතරයක්‌ සිංහල බෞද්ධයන්ගේ බදු මුදලින් ජීවිකාව පවත්වාගෙන යන, බටහිර ඊනියා සර්වාගමික සංකල්පවලින් හා ජාත්‍යන්තරවාදයෙන් හිස්‌ ඔලුව පුරවාගත් පුද්ගලයන්ට යහපාලනය යටතේ ඉස්‌මතු වීමට ඉඩ සැලසී තිබෙන්නේ සිංහල හා බෞද්ධ විරෝධී එන්. ජී. ඕ. නඩයක්‌ වත්මන් රජය පසුපස ක්‍රියාත්මක වීම හේතුවෙනි. වත්මන් ජනාධිපතිවරයා අභිභවන්ට සැරසෙන ජනතාවගෙන් ඈත්වුණ චරිත හා අරමුණු නැවත කරළියට පැමිණීම වැළැක්‌විය යුතුය.

    ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා හදන්නට උපදෙස්‌ දෙන නෝර්වේ රට ව්‍යවස්‌ථාවෙන්ම බලය තහවුරු ගත් මූලධර්මවාදී ක්‍රිස්‌තියානි රාජ්‍යයකි. අපේ පාලකයන් උජාරුවෙන් කතා කරන ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පාසල් අරඹන්නේ දෙවියන් වහන්සේ යටතේ එකම ජාතියක්‌ (ධබැ බ්එසදබ ඹබාeර ඨදා) ප්‍රතිඥාව කියවමිනි. 1955 වසරේ සිට දෙවියන් වහන්සේ විශ්වාසයි. ( ෂබ ඨදා ඇ එරමිඑ) යන වැකිය ඩොලර් නෝට්‌ටුවට යොදා ඇත. එය 1956 දී සිට ජාතියේ ආදර්ශ පාඨය යි. ජාතිය ගැන හා ආගම ගැන කථා කිරීමට, හැඟවීමට එරෙහිව දඬුවම් ලබාදෙන සංශෝධන නීති කෙටුම්පත් දෙකක්‌ දණ්‌ඩ නීති සංග්‍රහයට හා අපරාධ නඩු විධාන සංග්‍රහය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. එය නිර්වචනය කරගන්නේ කෙසේද? යන්න බරපතල ගැටලුවකි. කෙසේ වුවද, මෙය බටහිරයන් සතුටු කිරීමට හා සිංහල බෞද්ධයන් මර්දනය කිරීමට සිදු කෙරෙන්නක්‌ බව පැහැදිලිය. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදීම පිළිබඳ වගන්තිය හා ජාතික කොඩියේ සිංහ ලකුණ ඉවත් කිරීමට ද දැන් සැලසුම් සකස්‌ වෙයි. අන්‍යාගමික රාජ්‍යයක්‌ ලෙස ශ්‍රී ලංකාව ව්‍යවස්‌ථා ගත වෙනු ඇත. ඉහත සඳහන් පනත් සංශෝධන දෙකෙන් ද ඒ සඳහා ඉඩ සැලසෙයි.

    ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ අන්තවාදයක්‌ පවතින බවට පසුබිම නිර්මාණය කෙරුණේත් ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය දුන්නේත් මෙම අවශ්‍යතාව අනුව බව දැන් සිංහල බෞද්ධයන් තේරුම් ගත යුතු යි. 2000 වසරේ බැරි වුණ ව්‍යවස්‌ථාව මම සම්මත කරගන්නවා යෑයි 2015 ජනවාරි 08 වන දිනට පෙර චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය විහාර මහා දේවී උයනේ දී තැබූ අධිෂ්ඨානය ඉටු කර ගැනීමේ අරමුණින් එතුමිය වෙහෙසෙයි. බුද්ධ ධර්මය විෂය සර්වාගමික අච්චාරුවක්‌ කිරීම හා ඉතිහාසය හා ජාතික වීරයන් පාසලෙන් දොට්‌ට දැමීමත් එහි එක්‌ ප්‍රයත්නයකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට නම් මේ රටේ ජනතාව එබඳු ජනවරමක්‌ දුන්නේ නැත. දේශයට හා සංස්‌කෘතියට ෙද්‍රdaහී විදෙස්‌වලින් යෑපෙන එන්. ජී. ඕ. කාරයන්ට අපේ රට යට වන්නට ඉඩ නොදී ඔවුන්ගෙන් රට බේරා ගැනීම එතුමාගේ වගකීමකි.

    පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
    මහනුවර අස්‌ගිරි මහා විහාරවාසී
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ටොලමිට තේරෙන අපට නොතේරෙන නාගදීප සත්‍යය

    naga3.jpg

    නාගදීපය කිසියම් අර්බුදයකට තුඩු දී ඇති බව පෙනෙයි. එහි නම නයිනතිවු ලෙස වෙනස්‌ කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කෙනෙකු වූද නැසීගිය වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඥාතියකු වූද, එම්. කේ. ශිවාජිලිංගම් පවසා තිබේ. ඒ අතර එකී සන්ධානයේම හිටපු නායක සහ ත්‍රිකුණාමලේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් පවසන්නේ නාගදීබය ඒ නමින්ම තිබිය යුතු බවත් එය නයිනතිවු ලෙස වෙනස්‌ කිරීමට තමා විරුද්ධ බවත් ය. වසර 2015 ගැසට්‌ පත්‍රයේ දෙමළ පරිවර්තනය මගින් නාගදීපය හඳුන්වා දී ඇත්තේ නයිනතිවු ලෙස ය. එහිම සිංහල පිටපතෙහි එම නම නයිනතිවු ලෙස යොදා ඇත. මේ අනුව මේ දූපත දෙමළ ජනයාට නයිනතිවු බව ද සිංහලයන්ට නාගදීපය බවද පැහැදිලිය. මනිපල්ලවම් නමැති දෙමළ නමක්‌ ද මේ දූපතට තිබේ. බෞද්ධ ඉතිහාසයට අනුව මෙය බොදු පා පියුම් පහස ලැබූ බිමකි.

    බුද්ධත්වයට පත්වීමෙන් වසර හයකට පසු බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළ හැටිත්, එය උන්වහන්සේගේ දෙවැනි ලංකාගමනය බවත්, එහි විසූ චූලෝදර සහ මහෝදර යන ප්‍රාදේශීය නායකයන් දෙදෙනා මැණික්‌ පුටුවක්‌ සම්බන්ධයෙන් ඇති කරගත් ආරවුලක්‌ උන්වහන්සේ විසින් සමථයකට පත් කෙරුණු හැටිත්, මහා වංශයෙනි සඳහන් ය. ඉන්දියානු දෙමළ සාහිත්‍යයෙහි ඉහළම වකවානුව ලෙස සැලකෙන සංගම් යුගයට අයත් ග්‍රන්ථයක්‌ වන, වසර 2600 කට පෙර ඉන්දියාවේදී ලියන ලද මනිමේකලා නමැති වීර කාව්‍යයෙහි ද මෙකී මැණික්‌ පුටුව ගැන සඳහන් ය. චූලෝදර මහෝදර ආරවුල විස¹ භාග්‍යවතුන් වහන්සේ තම ගමන සිහිවනු පිණිස නාගදීප භූමියෙහි සිරිපා සටහනක්‌ ද පිහිටවූහයි මනිමේකලාවම කියයි. එපමණක්‌ද? එදාබුදු බණ ඇසූ චූලෝදර මහෝදර රජවරු පමණක්‌ නොව නාගදීප වැසි සමස්‌ත ප්‍රජාවම බෞද්ධයන් බවට පත්වූවාහුලු· රජවරු දෙදෙනා මැණික්‌ ආසනය බුදුනට පූජා කළහ. නාගදීපයෙහි අද ඇති චෛත්‍යය තනා ඇත්තේ එම මැණික්‌ ආසනය නිධන් කිරීමෙන් යෑයි උතුරෙහි මතයක්‌ පවතී. එහෙත් දකුණෙහි විශ්වාසය වන්නේ එම මැණික්‌ පුටුව කැලණි විහාරයෙහි වෙහෙර වහන්සේ තුළ තැන්පත් කර ඇති බවය. මෙය වඩාත් තර්කානුකූල පිළිගැනීමකි.

    daga1.jpg

    වර්ග සැතපුම් දෙක තුනකට වඩා විශාල නොවන ග්‍රාමසේවා වසම් 3 කින් සමන්විත වූ නාගදීපය පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයට දකුණු පසට වන්නට සැතපුම් කිහිපයක්‌ ඔබ්බෙන් ය. මෙහි සිට ඉන්දියාවට ඇති දුර සැතපුම් 35 කි. යාපනේ අර්ධද්වීපය සහ නාගදීපය අතර ගමනාගමනය සඳහා බෝට්‌ටු සේවයක්‌ තිබේ. එසේ වුවද ශ්‍රී ලංකාවේ මුල්ම සිතියම මෙයට වසර දෙදහසකට පෙර නිර්මාණය කළ ග්‍රීක උගතකු වන ක්‌ලෝඩියස්‌ ටොලමි නාගදීප දුපත ස්‌ථානගත කරන ලද්දේ යාපනේ අර්ධද්වීපයට දකුණින් ය. ඔහු එය නම් කර ඇත්තේ නාගදීබ ලෙස ය. ඒ පමණක්‌ නොව ඔහු සමස්‌ත යාපනයම හඳුන්වා ඇත්තේ නාගදීබ මාග්‍රාමම් ලෙස ය. සමහර විට මෙහි තේරුම මහා ගම්මානය හෙවත් දිස්‌ත්‍රික්‌කය විය යුතුය. ටොලමි එදා ශ්‍රී ලංකාව හඳුන්වන ලද්දේ ටැප්‍රොබානා (Taprobana) ලෙසය. ඔහු ලංකාවට අයත් ප්‍රධාන දූපත් 20 ක්‌ තම සිතියමෙහි පෙන්නුම් කර ඇත. ටොලමි සිතියමට අනුව එකල සිරිලක අඩුම ගණනේ කුඩා රාජ්‍ය 20 කින් සමන්විත වූ බව පෙනී යයි.

    ඉතිහාස කතාවලට අනුව මෙයට අවුරුදු 2500 කට පෙර නාගදීපය සහ යාපනය අර්ධද්වීපය යන දෙකෙහිම ජීවත් වුවෝ නාග ගෝත්‍රිකයෝ ය. නාග ගෝත්‍රිකයන් ඉන්දි යානු සම්භවයක්‌ ඇති ප්‍රජාවක්‌ වන අතර, හින්දු ඇදහිල්ල අනුගමනය කරමින් නාගයකුගේ ස්‌වරූපය ගත් දෙවියකු ඇදහීමට පුරුදුව සිටියහ. ඔවුන් කතා කළේ ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් වූද, පාලි සහ සංස්‌කෘත භාෂා පොදු ජනයාගෙන් ඈත් වූ පසු බිහි වූ ඉන්දියානු භාෂාවක්‌ බවට පත් වූද ප්‍රාකෘත භාෂාවෙනි. ධර්මාශෝක රජතුමා (ක්‍රි. පූ. 268 - 232) සෙල්ලිපි කොටවන ලද්දේ ද ප්‍රාකෘත භාෂාවෙනි. ලංකාවේ නාග ගෝත්‍රිකයන්ගේ හොඳම විදේශික මිතුරා වුයේ එවකට වෙනම රටක්‌ ලෙස පැවැති කේරල රාජධානියය. ඉතිහාස කතාවලට අනුව නාග ජනයා යාපනය සහ නාගදීපය ප්‍රදේශවල වාසය කරන කාලයේදී ලංකාවේ සෙසු කොටස්‌වල විසුවෝ යක්‍ෂ, රාක්‌ෂ සහ දේව යන මනුෂ්‍ය ගෝත්‍ර තුනය. ඔවුනතුරින් යක්‍ෂ ගෝත්‍රිකයෝ තායිලන්තය ලෙස හැඳින්වෙන භූමියෙහි ද එදා පැතිර සිටියහ. රක්‍ෂ ගෝත්‍රිකයන් සමඟ මැලේසියාවට සම්බන්ධයක්‌ තිබිණ. දේව යනු ගති පැවතුම්වලින් උසස්‌, ගුණවත්, සිල්වත් මනුෂ්‍ය කොට්‌ඨාසයකි. පසු කාලයේදී ලංකාවේ ප්‍රාදේශීය දෙවිවරුන් බවට පත් වූවෝ මෙකී දේව ගෝත්‍රිකයෝ යයි කියනු ලැබේ. රාම රාවන යුද්ධයෙන් පසු කේරළයේ මළබාරයට පැන ගිය දේව ගෝත්‍රිකයන්ගෙන් පැවත එන අය අදටත් එහි වෙසෙති.

    naga2.jpg

    යාපනයේ සහ නාගදිපයේ විසූ නාග ගෝත්‍රිකයන් අයත් වූවේ, එවකට ඉන්දියාවේ පැවති කුල හතෙන් එකක්‌ වූ දේශ සීමා ආරක්‍ෂා කරන්නන්ගේ කුලයට ය. ඉන්දියාවේ විසූ නාග ගෝත්‍රිකයන්ට ආරක්‍ෂා කර ගැනීම සඳහා පෞර රාජ්‍ය සිය ගණනක්‌ සහ දේශ සීමා එපමණටම වූ නමුත් යාපනයේ විසූ නාගයන්ට එවැනි කරදරයක්‌ නොවීය. එහෙත් චූලෝදර මහෝදර සටන මගින් පෙනී යන්නේ නාගදීපයෙහි කුඩා පෞර රාජ්‍ය දෙකක්‌ තිබෙන්නට ඇති බවය. විජයාගමනයෙන් පසු නාග ගෝත්‍රිකයන් ක්‍රමයෙන් පරිහානියට පත් වන්නට ඇති බව පෙනෙයි. ඒ අතර යාපනයේ ඉතිරිව සිටි නාග ගෝත්‍රික ප්‍රජාව ද නාගදීප දූපතටම සංක්‍රමණය වන්නට ඇතැයි සිතිය හැකිය. නාග ඇදහිල්ලෙන් ඉතිරි වූ අවසන් සලකුණ වන පෙන ගොබ හතක්‌ ඇති නාගයකුගේ පිළිරුවක්‌ අදටත් නාගදීපයේ නාගපුෂානි අම්මන් කෝවිලෙහි ඇත.

    නාගදීපය පිහිටි මුහුදු ප්‍රදේශය ඉන්දියානු සාගරයට අයත් මන්නාරම් බොක්‌කය. අතීතයේ පටන් නාගදීප දූපත ප්‍රසිද්ධව ඇත්තේ හක්‌ බෙල්ලන් වෙළෙඳාමටය. යාපනය නගරයෙන් කයිට්‌ස්‌ දූපතට ගොස්‌ එතැනින් පුන්කුඩුතිව් දුපතට යන අයට නාගදීපයට ජනයා ප්‍රවාහනය කරන ජැටිය හමුවෙයි. යුද සමයේදී නාවික හමුදාව විසිනුත්, අද පෞද්ගලික අංශය විසිනුත් පාලනය කරන බෝට්‌ටු සේවය මගින් නාගදීපයට ගමන් කළ හැකිය. පුරාණ රජමහා විහාරය සහ නාගපුෂානි අම්මන් කෝවිල ඊළඟට දැකිය හැකිය. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ විසින් නාග ගෝත්‍රික ආරවුල විස» තැන පුරාණ රජමහා විහාරය ඉදිකර ඇති බව විශ්වාස කෙරෙයි. එම අවස්‌ථාවේදී බුදුන් වහන්සේට පිදීම සඳහා මල් ගෙනවිත් ඇත්තේ නාගදීපයේ පිහිටි මල්ලාකම් සහ චුන්නාකම් යන ගම්මානවලින් බව පුරා වෘත්තවල සඳහන් වේ. බුදුන් වහන්සේ බැහැදැකීමට කැලණියේ සිට නාගදීපයට පැමිණ සිටි මණිඅක්‌�ත රජතුමා ඊළඟ ලංකාගමනයේදී කැලණියට වඩින ලෙස බුදුන්ට ආරාධණා කළ බව ද සඳහන්ය. බුද්ධාගමනයෙන් පසු නාගදීපය අවට පිහිටි පුවක්‌ගු දිවයින, ක- ආර දිවයින, මන්ද දිවයින යන ගම්මානවල වැසියන් බුද දහම වැළඳ ගත් බව ද කියෑවේ.

    වසර 2500 කට පෙර නාගදීපයේ ඉදිකළ බෞද්ධ විහාරය දේවානම්පියතිස්‌ස සහ දුටුගැමුණු මහරජවරුන් විසින් ප්‍රතිසංස්‌කරණය කර ඇත. අනතුරුව ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි හමුදාව නාගදීපය විහාරය වැඳීම සිංහලයන්ට තහනම් කළේය. ඉන් පසු එම ස්‌ථානය නටබුන් විය. 1931 දී එහි වැඩම කළ අම්බලන්ගොඩ රන්දොඹේ සෝමතිස්‌ස නායක හාමුදුරුවෝ, නාගයන් විසින් බුදුනට පුද කළ ද මැණික්‌ පුටුව නිධන්කර තැනූ චෛත්‍යය ලෙස සැලකෙන නටබුන් හඳුනාගෙන එතැන ප්‍රතිසංස්‌කරණය කරවූහ.

    නාගදීපයෙහි ඇති විශේෂත්වය වන්නේ එහි සිංහල බෞද්ධ මෙන්ම නාග බෞද්ධ ඉතිහාසයයි. නාගයෝ සිංලයෝ නොවෙති. වසර 2500 කට පෙර නාගදීපයේ වැසි නාගයෝ බෞද්ධයන් වී නාග බෞද්ධ ඉතිහාසයක්‌ ආරම්භ කළහ. ඒ වන විටත් එම භූමියේ නම නාගදීපය නොවන්නට හේතුවක්‌ නැත. ඉන් වසර 500 කට පසු ටොලමි පළමුවන ලංකා සිතියමේ නාගදීප නම 'නාගදීබ' යනුවෙන් සඳහන් කරන්නේ ඉතිහාසයේ සාක්‍ෂිවලට අනුවය.

    අනුර සොලමන්ස්‌
     
    • Like
    Reactions: cybernalin

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    කොහොමද බන් මුන් මෙහෙම කරන්නෙ කට්ටිය එකතු වෙලා දෑන්ම මොන හරි කරා නම් හරි දෑන්ම නෑත්නම් සිරි පාදේටත් ඔය ටික තාමා
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    SinhalaBuddhist කියන page එකේ දාන ඒවත් උබල විශ්වාස කරනවනෙ :lol: