නාගානන්ද කොඩිතුවක්කු සහ අධිකරණය

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නාගානන්ද කොඩිතුවක්කු සහ අධිකරණය

    නාගානන්දකොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවේදනය කරනු ලැබුවේ මාර්තු 18 වෙනිදාය. පසුගිය වසර කිහිපය තුළ ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ දූෂණයට එරෙහිව හඬ නගන නීතිවේදියෙකු වශයෙනි.

    2015 මැයි 21 වෙනිදා එවක අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත් මළල්ගොඩ ඉදිරියේ පැවති නඩු විභාගයකදී නීතිඥවරයෙකුට නොගැලපෙන අයුරින් හැසීරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු වැරදිකරු බව අධිකරණය තීන්දු කළේය. ඔහුගේ හැසිරීම සලකා බලා, අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය පළුදු විය හැකි බැවින් ආචාර ධර්ම සංග්‍රහයේ 60 සහ 61 වගන්ති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඔහුට නීතිඥ වෘත්තියේ නියැලීම වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. අදාළ තීන්දුව ලබා දෙනු ලැබුවේ අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

    එමෙන්ම මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ද නාගානන්ද කොඩිතුවක්කු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

    නාගානන්ද සහ අධිකරණය
    නාගානන්ද කොඩතුවක්කු විසින් ගොනු කරන ලද නඩු මගින් චෝදනාවට ලක්වන පුද්ගලයන් අතර ජනාධිපතිවරයා, අගමැතිවරයා, නීතිපතිවරයා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්, හිටපු අග්‍ර විනිශ්චයකාරවරුන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කිහිපදෙනෙකු ද වෙති.

    එවැනි නඩු එකොළහක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද තවත් නඩු දෙකක් අභියාචනාධිකරණයේ ද පවරා තිබේ.

    එමෙන්ම ඔහු ප්‍රසිද්ධියේ ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විවේචනයට ලක් කළේය.

    ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂාව
    තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා බව කී ඔහු එවැනි අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසුරුවා හැරෙන බැවින් එම ආයතන සඳහා සුදුස්සන් පත් කෙරෙනු ඇති බව මාර්තු 15 වෙනිදා කොළඹ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ අධිකරණයේ ගරුත්වයට හානි කරන විදේශීය කුමන්ත්‍රණකරුවෙකු සහ ඔත්තුකරුවෙකු ලෙස ඇතැමුන් තමන්ට චෝදනා එල්ල කළ ද එකී චෝදනා ප්‍රතික්ෂේප කරන බව බව නාගානන්ද කොඩිතුවක්කු බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

    කවුද මේ නාගානන්ද කොඩිතුවක්කු?
    1978 වසරේදී රේගු නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ නාගානන්ද කොඩිතුවක්කු 2001 වසර වන විට රේගුවේ විමර්ශන අංශ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය.

    එවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ද සම්බන්ධ විමර්ශනයකදී එල්ලවූ ජීවිත තර්ජන හමුවේ 2001 සැප්තැම්බර් 21 වෙනි දින සිය පවුලේ සමාජිකයන් ද කැටුව රැකවරණ පතා බ්‍රිතාන්‍ය වෙත ගිය බව ඔහු පවසයි.

    ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන්ට ආරක්ෂාව සැලසීම සඳහා පොලීසියෙන් සහ හමුදාවෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් එවක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව ඔහුට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ හිමි වී තිබේ.

    බ්‍රිතාන්‍යයේදී බැරිස්ටර් විභාගය සමත්වී නීතීඥ වෘත්තිය ආරම්භ කළ ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2009 වසරේදීය.

    බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට
    යළි ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදෙස්ගත ශ්‍රී ලංකීක උගතුන් හා බුද්ධිමතුන් මෙන්ම එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ද තමන්ගෙන් ඉල්ලා සිටි බව නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහුට රේගු දෙපාර්තමේන්තුවේ රැකියාව නැවත නොලැබී ඇති අතර පසුව ඔහු ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තිය ආරම්භ කළේය.

    ඔහු විසින් නඩු ගොනු කිරීමෙන් අනතුරුව සමාජයේ වැඩි අවධානයක් යොමු වූ සිදුවීම් කිහිපයක් පහත දැක්වේ.


    විනිසුරුවන් "හත් දෙනෙකු" ඉවත් වූ නඩුව
    පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන්වන ලද තීරු බදු රහිත වාහන බලපත්‍ර නීති විරෝධී ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විධිමත් විමර්ශනයක් සිදු නොකරන බවට චෝදනා කරමින් නාගානන්ද කොඩිතුවක්කු විසින් 2017 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබීය. ඔහු පවසන පරිදි තීරු බදු රහිත වාහන බලපත්‍ර විකිණීම මගින් සිදුව ඇති බදු වංචාව රුපියල් බිලියන 07කි.

    'මන්ත්‍රී වාහන බද්ද බිංදුවයි - පොඩි මිනිසාට ලක්ෂ විස්සයි'
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් (ජනතා විමුක්ති පෙරමුණ හැර) නීතිවිරෝධී ලෙස සිය බලපත්‍ර විකුණා ඇති බව සඳහන් කරමින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හත් දෙනෙකු අදාළ නඩුව විභාග කිරීමෙන් ඉවත්ව ඇති බව නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

    අදාළ පෙත්සම මැයි 02 වෙනිදා යළි සළකා බැලීමට නියමිතය.

    විනිසුරුවන්ට එරෙහි විචේචන සහ නඩු පැවරීම
    හිටපු අග්‍ර විනිශ්චයකාරවරුන් මෙන්ම දැනට සේවයේ නිරත ඇතැම් විනිශ්චයකාරවරුන්ගේ නම් සඳහන් කරමින් නාගානන්ද කොඩිතුවක්කු අවස්ථා ගණනාවකදී ඔවුන්ගේ ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ විවවේචනය කළේය.

    ඔහු විසින් සංවිධානය කරන ලද රැස්වීම්, මාධ්‍ය සාකච්ඡා සහ රූපවාහිනී වැඩසටහන්වලදී ඉදිරිපත් කරන අදහස් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් මෙන්ම ඉන් අධිකරණය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වීමට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සමාජිකයන් අදහස් දක්වා තිබුණි.

    මොහාන් පීරිස්ට එරෙහිව 'දූෂණ පරීක්ෂණයක්'
    මොහාන් පීරීස්, කේ ශ්‍රීපවන්, ප්‍රියසාද් ඩෙප්, විජිත් මළල්ගොඩ සහ ඊවා වනසුන්දර යන විනිශ්චයකාරවරුන්ට එරෙහිව තමන් නඩු පවරා ඇති බව නාගානන්ද කොඩිතුවක්කු බීබීසී සිංහල සේවයට පැවසීය.


    මහින්ද සහ ජනාධිපතිවරණය
    මහින්ද රාජපක්ෂට තෙවෙනි වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි බව පවසමින් නාගානන්ද කොඩිතුවක්කු 2014 වසරේදී අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළේය.

    ඔහු එහිදී අධිකරණයෙන් ඉල්ලා තිබුණේ අදාළ නඩුව විභාග කර අවසන් වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙසය. කෙසේ වෙතත් 2015 ජනවාරී 08 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී නාගානන්ද කොඩිතුවක්කු එම නඩුව ඉල්ලා අස් කර ගත්තේය.

    ඔහු එහිදී මාධ්‍ය වෙත කියා සිටියේ ජනාධිපතිවරණය පරාජයට පත්වන බව එවක ආණ්ඩුවේ ප්‍රධානීන් අවසන් මොහොතේ දැනගත් බැවින් මෙතෙක් විභාගයට නොගත් නඩුව හදිසියේ ම විභාගයට ගැනීම සඳහා බල කෙරී ඇති බවකි.

    උපක්‍රමශීලි පියවරවක් ලෙස තමා අදාළ නඩුව ඉල්ලා අස් කර ගනිමින් මහින්ද රාජපක්ෂට පරාජය වීමට ඉඩ සැලසූ බව ඔහු පවසයි. එම නඩු ගොනුව කලක් සඟවා ගෙන සිටි බවට ඔහු විනිශ්චයකාරවරයාට ද චෝදනා කළේය.

    නීතිපතිට එරෙහිව නඩු පැවරීම
    නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය අභියෝගයට ලක් කරමින් ඔහු චූදිතයෙකු ලෙස නම් කර නාගානන්ද කොඩිතුවක්කු විසින් නඩු කිහිපයක්ම ගොනු කරනු ලැබ ඇත.

    පළාත් සභා ඡන්දය පැවැත්වීම කල් දැමිය හැකි බව පවසමින් ව්‍යවස්ථාදායකයට වැරදි උපදෙස් දීම, බැඳුම්කර වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සහ ධූරයේ ගරුත්වයට හානි වන ලෙස තනතුර අවභාවිත කිරීම එම චෝදනා අතර වේ.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාගය තවමත් අවසන් වී නැත.

    ෆාම් තෙල් කන්ටේනර් නිදහස් කිරීම
    මිනිස් පරිභෝජනයට නුසුදුසු ෆාම් තෙල් කන්ටේනර් 24 ක් ශ්‍රී ලංකාවට අනයනය කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු විසින් 2018 වසරේ දී අභියාචනාධිකරණයේ නඩුවක් පවරන ලදි.

    එම කන්ටේනර් නිදහස් නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබියදී එම කන්ටේනර් නිදහස් කර ඇති බවට පසුව මාධ්‍ය වාර්තා පළවිය. ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමු වූ අතර ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ ඇති තෙල් වර්ග පරීක්ෂාවක් ද සිදු විය.


    විල්පත්තු වන සංහාරය
    විල්පත්තු ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි විලත්තියිකුලම් රක්ෂිතයේ සිදුවන බව පැවසෙන වන විනාශය සම්බන්ධයෙන් රට තුළ විශාල වශයෙන් කතාබහක් ඇති විය.

    එහිදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට ද බරපතල චෝදනා එල්ල විය.

    නාගානන්ද කොඩිතුවක්කු විසින් ඊට අදාළ නඩුවක් අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබූ අතර එය මාර්තු 22 වෙනිදා යළි විභාගයට ගැනීමට නියමිතය.

    https://www.bbc.com/sinhala/sri-lanka-47624576


    ඇත්තටම මේ පොර රටට දැනෙන වැඩක් ඔහුගේ වෘත්තීය මට්ටමෙන් කරලා කියලා හිතෙනවා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,070
    113
    Fake news, Fake lawyers, Fake doctors, Fake media. This is a person who sought cheap popularity, using profession not knowing its limitations and ethics and even the law. Though his applications to the court were popular all of them are doomed to fail in law. He is lucky that only 3 year suspension.
    In a much less violation SC removed a person's name from the register(banned for life).
     
    • Like
    Reactions: akshalikas

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මූ ගේම දෙන්න හදන්නේ, ගෝඩ් ෆාදර් සෙට් එකකට....ඉක්මන් වුනා වැඩී...කිරිපිටි ගේම වගේ ඔහේ වන වනා ඉඳලා බ්ලාස්ට් කරන්න ඕනේ....
     
    • Like
    Reactions: akshalikas

    Similar threads